කටුනායක අධි ආරක්ෂිත කලාපය ඩ්‍රෝන කැමරාවකින් රූගත කළ පිරිසක් අල්ලයි
කටුනායක අධි ආරක්ෂිත කලාපයේ ඩ්‍රෝන කැමරාවකින් රූගත කිරීමක් සිදු කරමින් සිටි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඊයේ (03) රාත්‍රි 8.00ට පමණ කටාන දමින්නගහවත්ත ප්‍රදේශයේ නිසි අවසරයකින් තොරව කටුනායක අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ගුවන් තොටුපළ ඩ්‍රෝන කැමරාවකින් පටිගත කරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඊයේ (03) රාත්‍රි 8.00ට පමණ කටාන දමින්නගහවත්ත ප්‍රදේශයේ නිසි අවසරයකින් තොරව කටුනායක අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ගුවන් තොටුපළ ඩ්‍රෝන කැමරාවකින් පටිගත කරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පන්දුව ගෙලේ වැදීම නිසා දිමුත් කරුණාරත්න රෝහල් ගත කරයි
ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඕස්ටේ‍්‍රලියාව සමග දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දරුණු අනතුරකට මුහුණපෑවා. ඒ, පැට් කමින්ස් යැවූ බවුන්සර් පන්දුවක් ගෙල පිටුපස වැදීමෙන්. පන්දුව වැදුණු විගස දිමුත් කරුණාරත්න බිම වැතුරුණු අතර ඔහු මිනිත්තු 30 කට ආසන්න කාලයක් එලෙස වැතිරී සිටියා. පසුව වෛද්‍යවරු පරීක්‍ෂා කිරීමෙන් පසු ඔහු රෝහල්ගත කිරීමටයි පියවර ගත්තේ.
පන්දු යැවීමේ ඉරියව් නිවැරදි දැයි බලන්න අකිල ධනංජය ඉන්දියාවට
සැකකටයුතු පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් තහනමකට ලක්වූ ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජය සිය පන්දු යැවීමේ ඉරියව්ව යලිත් නිවැරදි කර ගැනීමෙන් අනතුරුව පරීක්ෂණයකට මුහුණ දීම සඳහා අද (01) ඉන්දියාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ ක්‍රීඩා විශේෂ ඒකකයේ දී මෙම පරීක්ෂණය පැවැත්වෙන අතර එහිදී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් යලිත් වරක් නිවැරදි වී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමසා බැලෙනු ඇති.

කන්තලේ පාසල් වල ළමා අපචාර වන බවට චෝදනා
ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පාසල් තුළ ළමා අපචාර සිදුවන බවට නම් හෙළි නොකළ ගුරුවරුන් පිරිසක් සිය පුවත්පතට දැනුම්දී ඇතැයි රාවය පුවත්පත වාර්තා කර තිබේ.
බොහෝ සිද්ධීන් පිළිබඳ නිසි ලෙස වාර්තා වීමක් සිදු නොවන හෙයින් අපචාරවලට ලක්වූ සිසුන්ට බලවත් අසාධාරණයක් මෙන්ම ඔවුන්ගේ අනාගතය කෙරෙහි එම සිද්ධි අහිතකර ලෙස බලපාන බවත් අදාළ ගුරුවරුන් පවසා තිබේ.
බොහෝ සිද්ධීන් පිළිබඳ නිසි ලෙස වාර්තා වීමක් සිදු නොවන හෙයින් අපචාරවලට ලක්වූ සිසුන්ට බලවත් අසාධාරණයක් මෙන්ම ඔවුන්ගේ අනාගතය කෙරෙහි එම සිද්ධි අහිතකර ලෙස බලපාන බවත් අදාළ ගුරුවරුන් පවසා තිබේ.
පවුඩර් වර්ගයක් රටින් ගෙන්වීම නවතයි
පිළිකා කාරක ඇස්බැස්ටොස් ඇති බවට තහවුරු වීමෙන් පසු ළදරුවන් සඳහා භාවිතා කරන පවුඩර් වර්ගයක් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත ළදරු නිෂ්පාදනය ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලබයි.
දැනට වෙළඳපොලේ පවතින තොග විකිණිමට අවසර ලබාදී ඇති අතර අලුතින් ආනයනය කිරිම තාවකාලිකව නතර කර තිබේ.
මෙම ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත ළදරු නිෂ්පාදනය ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලබයි.
දැනට වෙළඳපොලේ පවතින තොග විකිණිමට අවසර ලබාදී ඇති අතර අලුතින් ආනයනය කිරිම තාවකාලිකව නතර කර තිබේ.