gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිය ආදරණීයයන් සමග "ෂේන්" උපන්දිනය සමරුවේ මෙහෙමයි - (PHOTOS)

කියන්න යන්නේ කවුරුත් ගොඩක් ආදරය කරන ඔහු ගැනයි..

ඉතින් ඔන්න ඔහුගේ 22 වැනි උපන්දිනය පසුගිය දවසක තිබුණා.. ඒ වෙනුවෙන් අපූරු සාදයක් සූදානම් කරන්න ශේන්ගේ අම්මා, තාත්තා වගේම සහෝදරියත් අමතක කරලා තිබුණේ නැහැ..

ඒ වගේමයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් ශේන්ගේ උපන්දිනයට සුබපැතුම් එක්කරන්න අමතක කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ ඔහුගේ ඒ ලස්සන දවස හැඩවෙලා තිබුණු අපූරුව..

මෙහෙම කෙනෙක් කරා කියලා හිතන්නවත් බැහැ... ශාරුක්ට ආ තර්ජනාත්මක ඇමතුම ගැන කරුණු රැසක් එළියට!

ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පසුගියදා දුරකථන ඇමතුමකින් මරණීය තර්ජන එල්ල වී තිබුණා.

එහිදී ඇමතුම ලබාගත් පුද්ගලයා සඳහන් කර ඇත්තේ, ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් තමන්ට අවශ්‍ය බවත් අදාල මුදල නොගෙවන්නේ නම් මාරක ප්‍රතිවිපාකයකය මුහුණ දීමට සිදුවන බවයි.

මේ අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සිද්ධියට අදාල දුරකථනයේ හිමිකරුවා සොයාගෙන ඇති බවයි.

ඔහු රායිපූර්හි නීතිඥයෙකු බවයි එරට පොලිසිය සඳහන් කර ඇත්තේ.

අදාල නීතීඥයා පොලිසියට සඳහන් කර ඇත්තේ එම දුරකථනය, මරණ තර්ජනය එල්ල කිරීමට දින 03කට පෙර තමා අතින් අස්ථානගත වූ බවත් ඒ පිළිබඳව තමන් පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇති බවයි.

කෙසේනමුත් මෙම නීතීඥවරයා මීට පෙර ශාරුක් ඛාන්ගේ චිත්‍රපට දෙබසකට එරෙහිව විරෝධතා ඉදිරිපත් කළ පුද්ගලයෙකු බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.

මේවන විට ඉන්දීය පොලිසිය අංශ රැසක් ඔස්සේ පරීක්ෂණ කටයුතු අරඹා ඇති අතර, මෙම දුරකථනය සොරකම් කරන ලද්දක් ද, හිතාමතා භාවිත කිරීමක් ද නැතහොත් විශාල කුමන්ත්‍රණයක කොටසක් ද යන්න පිළිබඳව අවධානය යොමු කර ඇති බවද ඉන්දීය මාධවල සඳහන්. 

ට්‍රම්ප් දිනූ නිසා රට අතාරින බව එලොන් මස්ක් ගේ සංක්‍රාන්ති ලිංගික දියණිය කියලා!

ඇමරිකාවේ ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩියෙන්ම උදව් කළ අය අතර කෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් සිටින නමුත් ඔහුගේ දියනියක ඔහුට විරුද්ධව මත පළ කර තිබේ.

මස්ක්ට සිටින දරුවන් සයදෙනාගෙන් එක් අයෙක් වන විවියන් විල්සන්ය. ඇය එලොන් මස්ක්ගේ ඈත්ව සිටින්නියක වන අතර සංක්‍රාන්ති ලිංගික තැනැත්තියකි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක්සත් ජනපද මැතිවරණ ජයග්‍රහණයෙන් පසු, විවියන් විල්සන්, එක්සත් ජනපදයෙන් පිටව යාමට ඇති තම අභිප්‍රාය ප්‍රකාශ කරමින් රටේ තම අනාගතයක් නොදකින බව පවසා සිටියාය. මෙයට හේතුවන්නේ සංක්‍රාන්ති ලිංගිකයින් ගැන ට්‍රම්ප් දරන මතයට ඇය අකමැති නිසාය.

මස්ක් ඇය කරන ප්‍රකාශ ගණනකට ගෙන නැත.

"වේක් මනස් වෛරසය විසින් මරා දැමූ" බව මස්ක් එක් වරක්  විවියන් ගැන ප්‍රකාශ කර තිබුණි.

සංක්‍රාන්ති ලිංගිකයකු වන ඇය  2022 වසරේ සිට තම පියාගෙන් ඈත්ව සිටියි. බදාදා දින ඇය මෙටා හි ත්‍රෙඩ්ස් හි මෙකී අදහස් පළ කළාය. "මම මෙය සෑහෙන කලක සිට සිතා සිටියා, නමුත් ඊයේ දිනය එය මට තහවුරු කළා. මම මගේ අනාගතය එක්සත් ජනපදයේ නොදකිනවා," යැයි ඇය ලියා තිබුණි.

විවියන් ඇමරිකාවෙන් පිටව යාමට ඇති සිය සැලසුම් ප්‍රකාශ කිරීමෙන් පසු, මස්ක් X හි පණිවිඩයක් තබමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

"වේක් මනස මගේ දරුවා මරා දැමුවා," යැයි ඔහු ට්වීට් පණිවිඩයක නැවත සඳහන් කළේය.

විවියන් තම පියාගේ පෝස්ටුවේ තිර රුවක් ත්‍රෙඩ්ස් හි බෙදාගනිමින් තවදුරටත් දොස් පවරා තිබුණි.

ඔයා කැමති කෙනෙක් ළඟට යන්න.. ඒකට ඔයාට නිදහස තියෙනවා.. ගෙදර ගැටලුව ලිහාගන්නට සැමියා තුන්වෙනි පාර්ශ්වයකින් උදව් ඉල්ලයි!

ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය ගොඩක් සාර්ථකව ගෙවී ගිය එකක්..

ඒත් මෑතකදී ඉඳන් තමන්ගේ බිරිඳ තමන්ගෙන් එන්න එන්නම ඈත් වෙන බවක් දැණුන සැමියා මේ ගැන හිටියේ ගොඩක් කලකිරීමෙන්..

ඔහු රජයේ ඉහළ පෙළේ නිලධාරියෙක්.. බොහෝ දෙනෙක් හොඳින්ම දන්නා හඳුනන චරිතයක්.. ඒ නිසාම සමාජය අතරේ ගැවසෙන කොට වඩා පරිස්සම් වෙන්න ඔහු කටයුතු කළේ දෙපාරක් නොසිතාමයි... ඇගේ බිරිඳගෙන් ලබන්න බැරිවෙන ආදරය ඔහු වෙන කොහෙන් නම් ලබාගන්නද..? මේ ගැන ඒ සැමියා හිටියේ ලොකු පසුතැවීමකි... මේ නිසාම ඔහු මානසික වශයෙන් විවිධ බිඳවැටීම් වලට ලක්වුණා..

කාලයක් තිස්සේ depressionවලට වගේම අධි රුධිර පීඩනයටත් ඔහු ප්‍රතිකාර ලබා ගත්තා.. බෙහෙත්වලින් සුව කරන්න බැරි ගොඩක් දේවල් අපේ ජීවිතවල තියෙනවා කියලා දැනුණු මේ පුද්ගලයා, ටික දවසකින් හොයාගෙන යන්නේ මනෝ උපදේශකවරියක්.. ඇගේ බිරිඳ පවසන අරුම පුදුම කතා ගැන ඔහු එකිනෙකට මේ උපදේශකවරියට කියන්න පටන් ගත්තා..

"මිස්, මම ගොඩක් කාර්ය බහුල කෙනෙක්.. රාජකාරී ඇරුනම මට මටම කියලා කිසිම විදිහක පෞද්ගලික ජීවිතයක් තිබුණෙ නැහැ.. අපිට අවුරුදු 16ක දුවෙක් ඉන්නවා.. මට වයස 45යි.. බිරිඳට 43යි.. මෑතක ඉඳලා අපි දෙන්නගෙ අතර ගොඩක් ප්‍රශ්න.. ඇය මාත් එක්ක ලිංගිකව එක් වෙන්න කැමැත්තක් දක්වන්නේ නැති තරම්.. මේක මට මහ වදයක්.. එයා කියනවා ඕනම නම් ඔයා වෙන කෙනෙක් හොයාගන්න ඒක මට කිසි ප්‍රශ්නයක් නෙමෙයි කියල.. ඒත් මම ඉන්න සමාජ තත්වෙ, ආශ්‍රය කරන මිනිස්සුත් එක්ක මං කොහොමද එහෙම දෙයක් කරන්න හිත හදාගන්නේ.. ඇයි මේක මගේ බිරිඳට නොතේරෙන්නෙ?"

ඔහු එක දිගට එක පෙළට පැවසුවේ මෙන්න මේ වගේ කතාවක්.. ඉතින් මේ ගැන සවන් දුන්න මනෝඋපදේශකවරියට මේකට හරිම පිළිතුරක් ලබා දෙන්න නම් ඔහුගේ බිරිඳ සම්බන්ධ කරගන්නම වුණා.. ඒත් ඇය මේ හැම දෙයක්ම ප්‍රතික්ෂේප කළා.. උත්සාහය අත් නොහැරි මනෝ උපදේශකවරිය දිනක් කෙසේ හෝ ඇයව සම්බන්ධ කරගත්තා.. පවුලේ ගැටලුව ඇතිවෙන්න හේතුව දෙදෙනා සමගම කතා කරලා තීරණය කරනවා කියලා හිතාගෙන හිටපු මේ මනෝ උපදේශකවරියට, බිරිඳගෙන් ලැබුනේ මෙන්න මේ වගේ පිළිතුරක්..

"එයාට හැම වෙලාවෙම ඔෆිස් එක විතරයි.. මාව ඕන වෙන්නෙම හරි කලාතුරකින්. ඒ විතරක් නෙවෙයි කොයි වෙලාවෙ බැලුවත් යකෙක් වගේ මගේ ඇඟට කඩාගෙන පනිනවා.. එයාට වෙන ගොඩක් දේවල්වලට හරියටම පලි මම වගේ තමයි එයා හැසිරෙන්නේ.. ඉතින් මම කොහොමද මේ දේවල් ඉවසන්නේ.. මම ඒකයි දැන් මෙයත් එක්ක වැඩි කතාබහක් නැතිව ජීවත් වෙන්නේ... ඉවසලා ඉවසලා බැරිම තැනයි මං මේ තීරණය ගත්තේ.."

සැමියාගේ ඉල්ලීම මත බිරිඳත් එක්ක කොහොම හරි කතා කරන්න තීරණය කර මනෝ උපදේශකවරිය මෙතැනදී ඔවුන්ට පැන නැගිලා තියෙන ප්‍රශ්නය ගැන හරියටම.. එක් එක් කාලවලට මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන්නේ වෙනස් වෙනස් අත්දැකීම්වලට.. සමහරවිට අපි ලබන ඒ අත්දැකීම් ගොඩක් නීරස වෙන්න පුළුවන්. කොයි තරම් ආදරය කරත් කොයිතරම් විවාහ දිවියේ එකට කාලය ගෙව්වත්, ආදරයක් රැඳෙන්නැති තැන්වල පවුල් ජීවිතයක් නීරස වෙනවා කියන එකට, මේ හොඳ නිදසුනක්..

ප්‍රේම සම්බන්ධය නැවැත්තුවා කියා තුවක්කු දෙකකුයි පිහි දෙකකුයි අරගෙන කෙල්ල උස්සන්න කොල්ලා ඇවිල්ලා!

ප්‍රේම සම්බන්ධය අවසන් කළා යැයි උරණවී, තුවක්කු දෙකක් පිහි දෙකක් රැගෙන 21හැවිරිදි පෙම්වතිය පැහැරගැනීමට ගිය 22 හැවිරිදි පෙම්වතෙක් ඊයේ (08) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේදී පෙම්වතිය බලහත්කාරයෙන් පැහැරගන යෑමට තැත් කළ මෙම පෙම්වතා ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක්,පිහි දෙකක් හා වෙඩි බෙහෙත් සමග වලස්මුල්ල පොලිසිය අලුයම එකට පමණ අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය යාපිටකන්ද ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

අත්අඩංගුවට පත් තරුණයා වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක සමග වසරක පමණ කාලයක් ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව තරුණිය මෙම ප්‍රේම සබඳතාවය නවත්වා තිබේ.

එකවරම තරුණිය ප්‍රේම සබඳතාවය නැවැත්වීම හේතුවෙන් උරණ වූ පෙම්වතා යකඩ බට ආධාරයෙන් සකස් කරන ලද ගල් කටස් ප්‍රමාණයේ ගිනි අවි දෙකක් , පිහිදෙකක් හා වෙඩි බෙහෙත් ප්‍රමාණයක්ද සමඟ වලස්මුල්ල පිහිටි තරුණියගේ නිවසට පැමිණ තරුණියව බියගන්වා පැහැරගෙන යෑමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේදී තරුණිය හා නිවැසියන් විසින් මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකාර පෙම්වතා අපරාධ වලට සම්බන්ධ හෝ ආරක්ෂක අංශවලට සම්බන්ධ බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී නොමැත.

සැකකාර පෙම්වතා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර වලස්මුල්ල පොලිස්ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.(දිනමිණ)

දින දෙකක් ආදායම් බලපත්‍රය නිකුත් නොකරයි

වාහන ආදායම් බලපත්‍රය බස්නාහිර පළාත තුළ එළඹෙන (13) සහ (14) දෙදින නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සදහන් කරයි.

දඩ අයකිරීමකින් තොරව වාහන ආද‍ායම් බලපත්‍ර ගැනීමේ අවසන් දිනය නොවැම්බර් මස (13) සහ (14) වන අවස්ථාවලදී මැතිවරණය අවසන්ව රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර නිකුත් කරන බවද සදහන් කරයි.

පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

සිසුවෙක් පාසලට ඇතුළත්කර ගන්න අමුතු විදිහේ ඉල්ලීමක්.. රාගම විදුහල්පතිනියකට වැඩ වැරදුනු හැටි මෙන්න

දරුවෙක් පාසලකට ඇතුළත් ක‍රන්න මව්පියන් ගොඩක් හීන දකිනවා..

ඒත් ඒ හීන හැබෑකරගන්න යන පාර ඒ තරම් සුන්දර එකක් වෙන්නේ නැහැ කියන එක ගොඩක් අම්මලා තාත්තලා අත්දැකීමෙන් දන්නා දෙයක්.. 

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.. මේ කතාව ඇසෙන්නේ රාගම ප්‍රදේශයෙන්... තමගේ දරුවාට හොඳ පාසලක් ලබාදෙන්න අම්මලා තාත්තලා හීන දැක්කත් ඒ හීන හිතන්නේවත් නැති වෙලාවක පැහැරගන්න මේ වගේ විදුහල්පතිවරුන්ට පුළුවන්..

ඉතින් මේ අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන එක අවශ්‍ය කාරණයක්.. රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලා සිටි බව කියන රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් ගැණයි මේ කතාව..

මේ පිළිබඳව අදාල පාර්ශ්ව පැමිණිලි කිරීමෙන් පසුව ඊට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය ක්‍රියාත්මක වුණා... කෙසේ වෙතත්, ඇය අවසානයේ අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා...

2025 අධ්‍යයන වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීම සඳහායි ඇය මෙලෙස අල්ලස් ලබාගෙන තිබෙන්නේ.. කෙසේ වෙතත් දරුවකු ඇතුළත් කිරීමට රු:150,000ක අල්ලසක් ගත් සිද්ධියට අත්අඩංගුවටගත් රාගම පාසලක විදුහල්පතිනිය ලබන 22 දක්වා රිමාන්ඩ්කර තිබෙනවා...

සාරංග දිනක්ෂි ආදරය දෙදරා ගිහින්ද..? ඇත්තටම දැන් දිනක්ෂි වෙනස් වෙලා..මොකක්ද මේ සාරංග කියන ඇත්ත!

ඔන්න ආයෙමත් සාරංග – දිනක්ෂි පෙම්වතුන් වෙලා. කසාද බැඳලා චූටි දුවෙකුත් ඉන්න මේ දෙන්න කොහොමද ආයෙමත් පෙම්වතුන් වෙලා තියෙන්නේ.

රන්දික විජේමාන්න අධ්‍යක්ෂණය කරන ලද රුහුණගේ සඳමාලා නිෂ්පාදනය කළ ‘විශ්ම’ සිනමා නිර්මාණය හරහා තමයි මේ දෙන්නා ආයෙමත් පෙම්වතුන් වෙලා තියෙන්නේ.

රිදී තීරයේ පෙම්වතුන් වුණ සාරංග -දිනක්ෂි විශ්ම රූගත කරන කාලයේ සැබෑවටම පෙම්වතුන් නෙමෙයිලු. හිතින් මේ සම්බන්ධව සාරංග සිදු කර ඇති සාකච්ඡාවක් තමයි මේ...

විශ්ම සමග සාරංගව රිදී තිරයෙන් දකින්න ලැබෙනවා?
ඔව්. ටිකක් කාලයකට කලින් කරපු චිත්‍රපටයක්. හැබැයි දැන් තිරගත වෙන්න ටික කාලයක් ගතවෙලා තියෙනවා. නමුත් සිනමා පටයක් තිරගත වෙනවා කියන්නේම සතුටට කාරණාවක්නේ. මේක පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් චිත්‍රපටයක්.

විශ්ම සාරංගට සමානද?
ඒ ගැන කියන්න ගියොත් සිනමා නිර්මාණයේ කතාව පොඩ්ඩක් විතර එළියට එනවා. ඉතිං ඒක නිසා මම පොඩ්ඩක් විතර කැමැතියි චරිතය ගැන කියන්නේ නැතිව ඉන්න. හැබැයි මට ලැබුණු වෙනස් විදිහේ චරිතයක්.

සාරංගට විශ්මව මුණගැසුණේ කොහොමද?
මෙහි අධ්‍යක්ෂ රන්දික තමයි අපිට මේ චිත්‍රපටයට ආරාධනා කළේ. ඔහුගේ සහ නිෂ්පාදකවරයාගේත් කලුඳුල් සිනමා නිර්මාණය. රන්දික අපි කලින් හඳුනාගෙන හිටපු හොඳ සංස්කාරකවරයෙක්. බොහොම සතුටින් භාරගත්තු සිනමා නිර්මාණයක්. හැබැයි තිරගත වෙන්න ටිකක් කල් ගියා.

විශ්ම හින්ද සාරංග – දිනක්ෂි තිරයේදී එකට මුණගැසෙනවා නේද?
ඔව්. දිනක්ෂි එක්ක චිත්‍රපටයක රඟපාන්නේ පළමු වතාවට. ඇත්තටම ඒකත් අලුත් අත්දැකීමක්. දිනක්ෂිත් මේ චිත්‍රපටයේ ටිකක් වෙනස් චරිතයක්. මොකද ටික කාලයකට කලින් කරපු චිත්‍රපටයක්නේ.

එතකොට දිනක්ෂිව කසාද බැඳලද?
නැහැ. විශ්ම රූගත කරන කාලයේ මම දිනක්ෂිව කසාද බැඳලා නැහැ.

දෙන්න එකට රඟපානකොට මොනවගේ අභියෝගයන්ද තිබුණේ?
එහෙම ලොකුවට අභියෝග කියල දෙයක් තිබුණේ නැහැ. නිර්මාණය ඇතුළේ චරිත ගොඩනඟාගන්න අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා සමග කතාබහ කරලා චරිතවලට අවශ්‍ය විදිහට වටපිටාව හදාගත්තෙ අධ්‍යක්ෂවරයා සංස්කාරක වරයෙකුන් හින්දා. ඔහුට අදහසක් තිබුණා චිත්‍රපටය ගලාගෙන යන ආකාරය පිළිබඳව.

විශ්ම නරඹලා දිනක්ෂි මොනවද කිව්වේ?
එයත් හරි සතුටු වුණා. නිර්මාණයක් කරලා සෑහෙන කාලයක් තියාගෙන ඉන්නවාට වඩා අපිත් කැමැති පුළුවන් තරම් ඉක්මනට තිරගත වෙන එකට. ඒ හින්දා අපි සතුටු වුණා කාලයක් ගිහිල්ලා හරි තිරගත වීම පිළිබඳව.

දිනක්ෂි දැන් වෙනස් වෙලාද?
ඇත්තටම ඔව්. එතකොට නම් මීට වඩා ටිකක් කෙට්ටුයි. එයාගේ මට වඩා සෑහෙන වෙනසක් වෙනවා චිත්‍රපටයේ.

(උපුටා ගැනීමක්)

"දැකලා තියෙනවද වැටි වැටී වුණත් ආයෙමත් ජීවිතේ නැගිටින ගැහැනු" ඇයත් අන්න ඒ වගේ.... (PHOTOS)

උදාරි කෞශල්‍යයා උදය කුමාර අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ජනප්‍රිය තාරකාවක් කිව්වොත් හරි.. ඒවගේම ඇය හොඳ ව්‍යාපාරික කාන්තාවක්.. 

කලාවට අමතරව ව්‍යාපාර වලින් ඇය ඇගේ ජීවිතයේ ගොඩනගා ගන්න ගොඩක් මහන්සි වෙනවා..

ඒ විතරක් නෙවෙයි ඇය වගේම ඒ වෙනුවෙන් කැපවුණු පිරිසක් උදාරි වටා සිටීමත් ඇත්තෙන්ම ඇයට සතුටට එක් කරුණක් වෙන්න ඇති.. පසුගිය දිනක උදාරිට තමන්ගේ ජීවිතයේ තවත් එක් වැදගත් සම්මානයක් හිමිවුණා..

තමන්ගේ පුංචි පුංචි උත්සාහයන් අද වෙනකොට මේ විදිහට සාර්ථක වෙනවා දැක්කම ඇයට විතරක් නෙමෙයි ඇයත් එක්ක සේවය කරන හැම කෙනෙක්ටම සතුටක් ගෙන දෙන කාරණයක් වෙන්න ඇති..

ඇය ඒ ගැන මෙන්න මේ විදිහට ඇගේ මුහුණු පොතේ සටහන් කිහිපයක්ම පළ කරලා තිබුණා..

“ගිහි ජීවිතේ මගේ ආදරණීය බිරිඳ, අද… යශෝධරා” “ආදරය කියන්නෙම කැපකිරීමක්…” – සැමියා ලියූ සංවේදී සටහන

පහුගිය දවස් වල මුහුණු පොතේ හරි අපූරූ සටහනක් හුවමාරු වුණා.

ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියන එක ප්‍රායෝගිකව පෙනවපු අවස්ථාවක් ඒ. මේ කියන්න හදන්නේ ඒ ආදරණීය කතාව ගැනයි.

මේ කතාවේ කතා නායකයා නුවන් ඒකනායක.නුවන්ගේ බිරිද අයේශා.දෙන්නා හරිම ආදරෙන් සමගියෙන් හිටිය ආදරණීයම,ලස්සනම ජෝඩුවක් කියලා තමයි දෙන්නා ගැන දන්න අය කියන්නේ.

දෙන්නාගේම හීන තිබුනා. දෙන්නාම දෙන්නාට උදව් කරා හීනවල පියාඹන්න.

අයේශා කාලයක් පුරාවටම පාරමිතා පුරන්න ඇති සසර කෙටි කරගන්න නිවන් මග සොයා යනන්න …

ඇගේ ඒ උතුම් ප්‍රාර්ථනාවට නුවන් , මේ ජිවිතේ ඇය වෙනුවෙන් ඔහුට කරන්න පුලුවන් ලොකුම පරිත්‍යාගය කරලා තිබ්බා.

ඒක, ආදරණීය සැමියෙක් හදවතින්ම කළ ආශිර්වාදයක්. ඔහුගෙන් එහෙම ආශිර්වාද ලත් බිරිඳ, තීරණයක් අරන් තිබුණා ගිහි ජීවිතය හැරයන්න.

”ආදරය කියන්නෙම කැපකීරිමක්…” කියන කියමන සනාථ කරමින් මේ ආදරණීය සැමියා සිය ආශිර්වාදය ඇයට ලබාදී තිබුණා.

දැන් ඇය ‘යශෝධරා මෙහෙණින් වහන්සේ’

මේ මෙහෙණින් වහන්සේ, වෙනුවෙන් ඔහු තබන ලද සටහන…

”ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

ගිහි ජීවිතේ මගේ ආදරණීය බිරිඳ, අද යශෝධරා නමින් මහණ වූ වගයි.

තෙරුවන් සරණයි…”

නුවන් වගේ සැමියෙක් ගිහි ජිවිතේ ලබන්න ඇය හරිම වාසනාවන්ත බවයි හැමෝම පවසන්නේ.

ආදරේ කියන්නේ පරිත්‍යාගයක් නම් නුවන් ඒ වෙනුවෙන් ඔහුට කරන්න පුලුවන් උපරිම කැපකිරිම කරපු කෙනෙක්.

සැබැ ආදරය තමන් ආදරේ කරන කෙනාගේ සතුටට කියන එක අහලා තියෙන කතාවක්. අත්හැරීම තුලින් පවා ආදරේ පෙන්වන්න පුලුවන්.

දැන් ඔහුත් ඇයත් මංපෙත් දෙකක…

යශෝදරා මෙහෙණින්වහන්සේට ඈ පැතු උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න වීර්‍යය ලබේවා !

මේ තරම් සල්ලි.. හිතාගන්නවත් බැහැ.. හදිස්සියෙම කෝටිපතියන් වූ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමකට වැඩ වරදින ලකුණු!

සංගීත කණ්ඩායමේ ඒ තරම් සාමාජිකයින් පිරිසක් නැති වුණත්, ඔවුන් කලකට ඉහතදී අතිශ්‍යය ජනප්‍රිය වූ පිරිසක්..

ඒ විතරක් නෙවෙයි, මේ ජනප්‍රියත්වය පසුපස කිසියක් සැඟවුණු කතාවක් තිබෙනවාද..?

ඔවුන් ලබන ආදායම එක්ක ඒ ගැන මතුවෙන්නේ සැකයක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. මේ කතාවට අදාල පිරිස යාපනය, වවුනියාව ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙනවා..

හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තුන් දෙනෙකු යාපනයේ කෝපායී පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා...

පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනෙකු එකතු වී සංගීත කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණුම්වලට රුපියල් කෝටි ගණනින් මුදල් බැර වන බව වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති බවයි සඳහන් වෙන්නේ..

වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශය වෙනත් පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරගෙන යාමේදී මේ ගායක ගායිකාවන් තුන් දෙනාට රුපියල් කෝටි ගනනින් මුදල් ලැබෙන බව පෙනී ගොස් තිබෙනවා..

ගායික ගායිකාවන් තුන් දෙනාගෙන් එක් අයෙකු වවුනියාවේද, දෙදෙනෙකු යාපනයේද නිසා වවුනියාව පොලීසිය මේ සම්බන්ධයෙන් කෝපායී පොලීසිය දැනුවත්කර ඇති බව සඳහන්..

පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණවලදී මේ ගායික ගායිකාවන් තුන් දෙනා ඉතාම කෙටි කාලයකදී කෝටිපතියන් බවට පත්ව ඇති නිසා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබෙනවා..

මේ තුන් දෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කොට ඇත්තේ කවර හේතූන් මතද යන්න හෝ මුදල් බැර කළ පුද්ගලයින් පිළිබදව සම්පූර්ණ විස්තරයක් ප්‍රකාශ කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බව සඳහන්..

මේ නිසා පොලීසිය යාපනය අධිකරණයෙන් ලබා ගත් රැදවුම් නියෝගයක් මත ඔවුන් තිදෙනා රදවාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබනවා..

ත්‍රිරෝද රථ - බස් අන­තු­රින් නහ­යෙන් කටින් ලේ ගල­මින් සිටි තරු­ණි­ය මියගිය හැටි

 
බොල්ගොඩදී බස් රථ­යක් සහ ත්‍රිරෝද රථ­යක් ගැටී­මෙන් සිදු වූ අන­තු­ර­කින් නුවන්ති ඉඳු­නිල් හෙට්ටි­ආ­රච්චි නමැති 24 හැවි­රිදි තරුණියක අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණි.
“මම නැගි­ටලා බලන විට දුටුවා දුව ත්‍රිරෝද රථ­යෙන් එළි­යට විසි­වෙලා බිම වැටිලා ඉන්නවා. පසුව මමත් සැමි­යාත් දුව උස්සලා ගත්තා. ඇගේ නහ­යෙන් කටින් ලේ ආවා. ඇය කතා කළේ නෑයි  අන­තු­රින් මිය­ගිය තරු­ණි­ය­ගේ මරණ පරී­ක්ෂ­ණ­යේදී ඇගේ මව ඉන්ද්‍රානි විජේ­සිංහ මහ­ත්මිය සාක්ෂි දෙමින් පැව­සු­වාය.

මේ මරණ පරී­ක්ෂ­ණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂණ උසා­වි­යේදී පැවැති අතර බණ්ඩා­ර­ගම පොලි­සියේ පො.කො.(29100) විජේ­වීර නිල­ධා­රියා විසින් සාක්ෂි විම­සීම කළේය.

මෙසේ මිය­ගොස් ඇත්තේ නො.64, රයි­ග­ම්තු­ඩුව, බණ්ඩා­ර­ගම ලිපි­නයේ පදිංචි හෙට්ටි­ආ­ර­ච්චිගේ නුවන්ති ඉඳු­නිල් හෙට්ටි­ආ­රච්චි නමැති 24 හැවි­රිදි ඇඟ­ලුම් ආය­ත­න­යක රැකි­යාව කළ තරු­ණි­යකි.

මෙහිදී තව­දු­ර­ටත් සාක්ෂි දුන් සාක්කි­කා­රිය මෙසේ ද පැව­සු­වාය.

“මම රැකි­යා­වක් කරන්නේ නෑ. මගේ විවා­හක සැමියා හේරත් මුදි­ය­න්සේ­ලාගේ රොහාන් කුමා­ර­සිරි යන අයයි. මා මුලින් විවාහ වී සිටියේ හෙට්ටි­ආ­ර­ච්චිගේ නුව­න්පාල යන අය සම­ඟයි. මිය­ගිය නුවන්ති ඉඳු­නිල් හෙට්ටි­ආ­රච්චි ඔහු­ගේත් මගේත් දරුවා. මිය­ගිය දුවගේ තාත්තා වන නුව­න්පාල යන අය දැනට අවු­රුදු 24කට පමණ ඉහ­තදී මිය­ගියා. මම ඉන්ප­සු­වයි හේරත් මුදි­ය­න්සේ­ලාගේ රොහාන් කුමා­ර­සිරි යන අය සමඟ විවාහ වුණේ. අප දෙදෙනා විවාහ වී දැනට අවු­රුදු 23ක්. මටත්, ඔහු­ටත් දුවෙ­කුයි, පුතෙ­කුයි සිටි­නවා. මිය­ගිය දුව අවි­වා­හ­කයි.

ඇය බොඩි­ල­යින් ආය­ත­නයේ රැකි­යාව කර­නවා. ඇයට කිසිදු අස­නී­ප­යක් තිබුණේ නෑ. පසු­ගිය 4 වැනි දින මමත්, මගේ සැමි­යාත්, මිය­ගිය දුවත් සැමි­යාට අයිති ත්‍රිරෝද රථ­යෙන් මාල­මුල්ල පන්ස­ලට ගියා. ඒ ගියේ උදේ 8.30ට විතර. අපි තුන්දෙනා උදේ 10.00 ට විතර පන්ස­ලට ගියා. අපි ගියේ වෙලා­වක් බලා ගැනී­ම­ටයි. ඒ වැඩ ඉවර වෙලා අපි පාන­දුර මුහුදු වෙර­ළට ගියා, මුහුදු වැලි අර­ගෙන එන්න. අපි වැලිත් අර­ගෙන ආපසු ගෙදර එන්න පිටත් වුණා. ත්‍රිරෝද රථය පද­වා­ගෙන ආවේ මගේ සැමියා. අපි ගෙදර එන්න පිටත් වෙන විට උදේ 10.30 විතර ඇති. අපි බොල්ගොඩ නිරෝමි එක දිහාට එන විට අපි අපේ පැත්තෙන් ඉස්ස­ර­හට ආවා. ඒ සම­ඟම ඉදි­රි­යෙන් බස් රථ­යක් ආවා. ඒ පැමිණි බසයේ ඉස්ස­රහ අපේ ත්‍රිරෝද රථයේ දුව සිටි පැත්තේ පිටු­පස වැදුණා.

ඒ සමඟ ත්‍රිරෝද රථය පෙර­ළුණා. මාව ඉස්ස­ර­හට වැටුණා. පසුව මම නැගි­ටලා බැලුවා. එවිට මම දුටුවා දුව ත්‍රිරෝද රථ­යෙන් එළි­යට විසි­වෙලා බිම වැටිලා ඉන්නවා. පසුව මමත්, සැමි­යාත් දුවව උස්සලා ගත්තා. ඇයගේ නහ­යෙන් කටින් ලේ ආවා. ඇය කතා කළේ නෑ. ඒ සම­ඟම පාරේ පැමිණි වෑන් රථ­යක් නතර කර දුවව දමා­ගෙන බණ්ඩා­ර­ගම රෝහ­ලට ආවා. රෝහ­ලෙන් මූලික ප්‍රති­කාර ලබා දී හොරණ රෝහ­ලට ගිලන් රථ­යෙන් එව්වා. මමත් ගිලන් රථ­යෙන්ම ආවා. රෝහ‍ලේදී ප්‍රති­කාර ලබා දුන්නා. එසේ ප්‍රති­කාර ලබා­දෙන අත­ර­දීම දුව මිය­ගියා.

හේරත් මුදි­ය­න්සේ­ලාගේ රොහාන් කුමා­ර­සිරි (52) මහතා-

මගේ ත්‍රිරෝද රථ­යෙන් බිරි­යත්, දුවත් සමඟ මාල­මුල්ල පන්ස­ලට ගියා. හාමු­දු­රු­වන් හමු වී ගෙදර ආරක්ෂා කරන වැඩක් කතා කර­ගෙන ආපසු එන්න ආවා. එසේ එද්දී හාමු­දු­රු­වන් මුහුදු වැලි ඉල්ලපු නිසා අපි පාන­දු­රට ගොස් මුහුදු වැලිත් අර­ගෙන ආවා. එසේ එද්දී බොල්ගොඩ පාලම පසු­කොට බණ්ඩා­ර­ගම දෙසට එන විට මම මගේ පැත්තේ අයි­නෙන් ආවා. එසේ එන විට ලංගම බස් රථ­යක් වේග­යෙන් මගේ පැත්තට ආවා.

මම තවත් වමට කපලා පාරෙන් පිට­ටම ගත්තා. එසේ ගනිද්දී වේග­යෙන් ආව බස් රථය මගේ ත්‍රිරෝද රථයේ දුව සිටි පිටු­පස පැත්තේ වැදුණා. වැදිලා ත්‍රිරෝද රථය පෙර­ළුණා. මම ත්‍රිරෝද රථ­යෙන් බැස බලන විට දුව එළියේ වැටිලා හිටියා. මම ඉක්ම­නට දරුවා ඔස­වා­ගෙන ආපු වාහ­න­යක් නව­ත්වා­ගෙන බණ්ඩා­ර­ගම රෝහ­ලට ගෙනාවා. රෝහ­ලට ඇතුළු කොට ප්‍රති­කාර ලබාදී ගිලන් රථ­යෙන් හොරණ රෝහ­ලට මාරු කර එව්වා. අපිත් ඒ සම­ඟම හොරණ රෝහ­ලට ආවා. හොරණ රෝහ­ලට ඇතුළු කළ පසු වෛද්‍ය­වරු බලා ප්‍රති­කාර දුන්නා. ඒ වන­විට දරුවා කතා කළේ නෑ. නහ­යෙන් කටින් ලේ ආවා. වෛද්‍ය­වරු අපට පැව­සුවා දරුවා මිය­ගොස් ඇති බවට.

මෙහිදී සාක්ෂි දුන් බස් රථයේ රියැ­දුරු වන අජිත් කෝනාර (48) -

‘මම ලංගම රිය­දු­රෙක් වශ­යෙන් වසර 19ක සිට බස් රථ­යක වැඩ කර­නවා. මේ බස් රථය ධාව­නය කරන්නේ දින­පතා බණ්ඩා­ර­වෙ­ල­ළින් ගමන් වාරය ආරම්භ කර පාන­දු­රට පැමිණ, නැවත බණ්ඩා­ර­වෙළ දක්වා ධාව­නය කර­නවා. මම දින 20ක් බස් රථය ධාව­නය කර­නවා. පසු­ගිය 04දා බණ්ඩා­ර­වෙල සිට පාන­දුර දක්වා ගමන් කරද්දී උදේ 11.00ට පමණ බොල්ගොඩ ප්‍රදේ­ශ­යේදී පාරේ වම් අත පැත්තේ මාර්ග සංව­ර්ධ­නය අධි­කා­රියේ සංව­ර්ධන කට­යු­ත්තක් සඳහා මාර්ග බාධක යොදා තිබුණා. එම ස්ථාන­යේදී මම මගේ දකුණු පැත්තෙන් බස් රථය ධාව­නය කළා. ඒ ස්ථානයේ මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යෙන්, එන දිශාව අනුව නව­ත්වන වාහන හැසි­ර­වී­මක් කළේ නෑ. එම නිසා මම ඉදි­රි­යෙන් වාහන නැති නිසා බස් රථය දකුණු පැත්තෙන් ධාව­නය කළා. එම දුර ප්‍රමා­ණය මීටර් 12ක් පමණ ඇති. මම එන­තුරු යතු­රු­පැදි දෙකක් දකුණු පැත්තේ නව­ත්වා­ගෙන තිබුණා. මම බස් රථය ඉදි­රි­යට ගමන් කර මාර්ග බාධ­කය පසු­කර වමට හර­වන විට­දීම එක­ව­රම ත්‍රිරෝද රථ­යක් යතු­රු­පැදි දෙක ඉස්සර කර­ගෙන ඉදි­රි­යට ආවා. බස් රථය දුටු සැනින් ත්‍රිරෝද රථය ඔහුගේ වම්අත පැත්තට ගත් අතර

එසැ­නින්ම මගේ බස් රථයේ දකු­ණු­පස වැදී පෙරළී ගියා. මම බස් රථය එතැ­නම නවතා බැස බලන විටදී තුවා­ල­ක­රුව, පැමිණි වාහ­න­යක දමා­ගෙන හොරණ දෙසට ගෙන ගියා. බස් රථය එහෙ­මම නතර කර­ගෙන සිටින විටදී මද වේලා­ව­කින් බණ්ඩා­ර­ගම පොලි­සිය එතැ­නට ආවා.

පැමිණි නිල­ධා­රින් ස්ථානය පිළි­බඳ සට­හන් දමා­ගෙන මාවත් බස් රථ­යත් පොලි­සි­යට රැගෙන ගියා. ඉන් අන­තු­රුව බණ්ඩා­ර­ගම රෝහ­ලට මාව ඉදි­රි­පත් කළා.

වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට ගෙන ගියා. මේ සම්බ­න්ධ­යෙන් කීමට ඇත්තේ මෙප­ම­ණයි. පසුව දැන­ගත්තා ත්‍රිරෝද රථයේ පිටු­පස ගමන් කළ කාන්තා­වක් මිය­ගොස් ඇති බවට.

මේ පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය හොරණ දිස්ත්‍රික් මහ රෝහ­ලේදී පැවැත්වූ අතර බස් රථය සහ ත්‍රිරෝද රථය අන­තු­රට ලක්වී­මෙන් ත්‍රිරෝද රථයේ පිටු­පස ගමන් කළ අයගේ ශරීර අභ්‍ය­න්තර ඉන්ද්‍රි­ය­යන්ට සිදුවූ බර­ප­තළ තුවාල නිසා අභ්‍ය­න්තර රුධිර වාහ­නය වීම මත මේ මර­ණය සිදුවී ඇති බව හොරණ හදිසි මරණ පරී­ක්ෂක සාම විනි­සුරු සුමේධ ගුණ­ව­ර්ධන මහතා විසින් නිග­ම­නය කළේය.

( හල්තොට  - විනීතා මානෙල් ගමගේ)

බිලියන 10කට පොලු තියා රටින් පැන්නා කියන ධම්මික ආපහු එද්දි කොටුවෙයි – පිළිගන්න එයාපෝර්ට් එකට ගිය සුරංගනීවත් අල්ලයි

මැලේසියාවේ සිට අද උදෑසන මෙරටට පැමිණි ධම්මික කුමාර රණසිංහ නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් බිලියන 10කට අධික පිරමිඩ මුදල් වංචාවක් සම්බන්ධයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවක් මධ්‍යයේ මෙම පුද්ගලයා මීට වසරකට පෙර රටින් පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔහු පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණි ඔහුගේ බිරිඳ වන 42 හැවිරිදි සමුද්‍රා සුරංගනී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිය සැමියාගේ ව්‍යාපාරයේ මූල්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සුරංගනී මෙම වංචාවට සම්බන්ධ බැංකු ගිණුම් කිහිපයක් කළමනාකරණය කරමින් සිට තිබේ.

ධම්මික කුමාර රණසිංහ කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික පාසලක් පවත්වාගෙන ගොස් ඇති බවත්, ඒ හරහා තැන්පත්කරුවන් 2500කට අධික පිරිසක් රවටා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම යුවළ වංචනික ගනුදෙනු කළමනාකරණය කිරීම සඳහා ප්‍රධාන බැංකු තුනක් හරහා බැංකු ගිණුම් 11ක ජාලයක් භාවිත කර ඇති බව පැවැසේ.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත භාරදී තිබේ.

ඊට අමතරව ඔවුන්ගේ වත්කම් සහ මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන්ද නීතිවිරෝධී වත්කම් කොට්ඨාශය වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

හිතාගන්නවත් බැරි මොහොතක ඇයට මේ මොකද්ද වුණේ...? කොල්ලෙක් නිසා වෙච්ච දෙයක්.. සමාජමාධ්‍ය ක්‍රියාකාරිණියකගේ වීඩියෝවක් සමාජය කළඹයි

මේ කියන්න යන්නේ සමාජමාධ්‍යවල බොහෝ දෙනාගේ අවදානය යොමුවූ පුවතක්..

මේ සිද්ධියට සම්බන්ධ වරදකරු වයස අවුරුදු 10ක කෙනෙක් කියලා ඔබ විශ්වාස කරනවාද..? 

කවුරුත් විශ්වාස නොකරන මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්.. වැඩිමහල් කාන්තාවකට මේ වගේ දෙයක් කරන්න ඔහුට එකපාරටම හිතුනේ ඇ‍යි..?

වයස අවුරුදු 10ක් වන පිරිමි ළමයෙක් තමාට අතවර කළ බවට කාන්තාවක් විසින් චෝදනා කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා...

ඇය බැංගලෝර්හි වීදියක ඇවිද යමින් සිටියදී අදාළ පිරිමි දරුවා විසින් තමාගේ පියයුරු ස්පර්ශ කළ බවටයි ඇය චෝදනා එල්ල කර ඇත්තේ..

අදාළ දරුවා පැමිණ තමාට 'හායි' කියා ආචාර කළ බවත්, පසුව එම ස්ථානයෙන් ඉක්මනින් පලා යාමට පෙර ඇයව අනිසි ලෙස ස්පර්ශ කළ බවත් ඇය පවසනවා..

සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් යොමු කරමින් සංවේදීව ඇය සඳහන් කර සිටින්නේ බැංගලෝරයේ වීදිවල කාන්තාවන්ට ආරක්ෂාව නොමැති බවයි..

මේ වන විට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වෙනවා..

නේහා බිස්වාල් නම් මෙම තරුණිය රාජකාරී අවසන් වී නිවස බලා යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ..

කෙසේ වෙතත් මෙම සිදුවීම වන අවස්ථාවේ ඇය වීඩියෝවක් පටිගත කරමින් සිට ඇති අතර මෙම සිදුවීමද තම කැමරාවේ සටහන්ව ඇති බවයි ඇය සඳහන් කර සිටින්නේ..

මෙම සිදුවීමෙන් පසුව පිරිමි ළමයා පැන යාමට උත්සාහ කර ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් තමාට ඔහුව අල්ලා ගැනීමට හැකි වූ බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ..

"අනේ, මටත් බත් කටක් කවන්නකෝ.." - 23 හැවිරිදි මේ තරුණ කෙල්ල ඔහු කළ ඉල්ලීම කොහොම නම් දරාගන්න ඇතිද?

ගමක ඉඳලා කොළඹ ආපු ඇයට මේ කළ ඉල්ලීමේ බරක් පතලක් නම් ඒ තරම් දැනෙන්නේ නැතුව ඇති..

ඒත් ඒ මහළු මිනිසා ඇයට කළ දේ කොහොම නම් මේ තරුණ කෙල්ල දරාගන්නද..? 

මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවිරිදි අයකු ගේ ඉල්ලීම මත ඇය ඔහුට බත් කටක් කවා ඇති අවස්ථාවේ අතවරයට ලක් කරන ලදැයි කියන සිද්ධියකින් පසුව බත් පත දමා දිව ගොස් පෙම්‍වතා සමග පැමිණ පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පිළියන්දල පොලිසිය සදහන් කරනවා...

මෝස්තර නිරූපණ ශිල්පි ඩිප්ලෝමා උපාධිය (fashion dssiging degree) හදාරන 23 හැවිරිදි පැමිණිලිකාර සිසුවියට සිය ඩිප්ලෝමාවට අවශ්‍ය ව්‍යාපෘතියක් සඳහා බතික් කර්මාන්තය සම්බන්ධයෙන් හැදෑරීම සඳහා සිය පෙම්වතා හරහා පිළියන්දල ප්‍රදේශයේ බතික් වැඩපොළකට ගොස් ඇති අතර,මෝස්තර නිරූපණ ශිල්පය පිළිබඳ තොරතුරු හැදෑරීම සඳහා සිසුවිය දින කීපයක් එම ස්ථානයට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා..

සිසුවිය එහි යාමේදී දහවල් ආහාරය සඳහා කෑම පාර්සලයක්ද රැගෙන ගොස් තිබූ අතර ආයතනයේ පිටුපස කොටසේ සිට ආහාර ගනිමින් සිටියදී එම ස්ථානයට පැමිණි බතික් කර්මාන්තශාලාවේ හිමිකරු වූ 80 හැවිරිදි පුද්ගලයා සිසුවිය අමතා " දුවේ මටත් බත් කටක් කවන්නකෝ" යැයි පවසා ඇය අසලට පැමිණ සිටි බව පොලිසිය ඇය පවසා තිබුණා..

දුර බැහැර ප්‍රදේශයක පදිංචි වූ සිසුවියට එකවරම සිය ආතා සිහි වී ඇය කිසිදු පැකිලීමකින් තොරව ඔහුට සිය බත් පතෙන් බත් කටක් කවා ඇතත්, මඳ වේලාවකදී "අනේ දුවේ රසම රසයි දුවේ, තවත් කටක් කවන්නකෝ"යැයි පවසමින් සිසුවිය අසලටම පැමිණි ඔහු සිසුවියගේ ලැම පෙදෙස පිරි මදින්නට තැත් කිරීමත් සමඟම සිසුවිය බත් පත ද එම ස්ථානයේ දමා සිය අත් බෑගයද රැගෙන වහා එම ස්ථානයෙන් පිටවී නවාතැන්පොළට පැමිණ සිය පෙම්වතාට ඒ බව දන්වා තිබුණා.. ඉන් අනතුරුව‍යි
දෙදෙනාම එක්ව මේ ගැන පොලිසියට පැමිණිලි කර ඇත්තේ..

බිරිඳට සැමියා ගැන සැකයක් ඇති වෙලා.. යන්න ගිය ගමනත් පසෙක තබා බසයක් පස්සේ එළවාගෙන ගිය බිරිඳ අවසානයේ හිතාගන්න බැරි තැනකින් නවතියි

ඔවුන්ගේ පවුලේ කියන්න තරම් ලොකු ආරවුලක් නොතිබුණත්, ගෙදර හැම වැඩක් ගැනම බිරිඳ හිටියේ විමසිල්ලෙන්, ඒ වගේම සැකයෙන්...

ඒත් දවසක් කොළඹට යාමට බස් රථයට ගොඩ වු සැමියා අතරමඟට ටිකට් ගැනීමෙන් කුතුහලයට පත් බිරියට එදින රාජ්‍ය සේවයට යාමට නොහැකිව, අතේ තිබුණු මුදලට තට්ටු වු පුවතක් රජරටට හා වයඹට මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණා..

ඇය රාජ්‍ය සේවයේ නියැලෙන විවාහක කාන්තාවක්... සැමියා රාජ්‍ය සේවයේ සිට නිසි වයසට පෙර වන්දි ලබාගෙන ඉවත්ව ගිය අයෙක්..
දියණියන් දෙදෙනා විවාහ වී සිටින නමුත් බාල පුතු කොළඹ ප්‍රදේශයේ සේවය කරනවා..

මේ නිසා නිවසේ සියලු‍ දෙනා ඔහු ගැන නිතරම කරුණු විමසමින් පසු වන්නේ ඔහු පවුලේ බඩ පිස්සා නිසායි..
පෙර දින රාත්‍රියේ දී පුතුට හිටි හැටියේ අසනීප වුණා.. මේ නිසා ඔහුට පසුදින වෘත්තිය පුහුණුවට යාමට බැරි.. ඒ බව දත් බිරිය සිය සැමියාට පුතා බලන්නට යන ලෙසට උපදෙස් දුන්නා..
සැමියා ගමන යන්නට අදිමදි කළා.. ඒ ඔහු අතේ පිච්චියක් නැති නිසාය.

“සල්ලි නැති වුණාට කමක් නෑ. මම සල්ලි දෙන්නම්. ඔයාට තියෙන්නේ යන්න විතරයි. ”ඇය සැමියාගේ ගමනට අවැසි ඇඳුම් පවා පිළිවෙළකට සකසා දුන්නාය.
ඇයට නිවාඩු ගැනීමට බැරි නිසා සිය සැමියා මෙසේ ගමන යන්නේය. ඔහු කොළඹට යන්නේද ඇය සේවයට යන බස් රථයේම ය.
සැමියා ඉදිරි දොරටුවෙන් නැග වාඩි වුණේය. බිරිය පිටුපසින් නැග ඉදිරියට පැමිණ සිටියා..


ඒ අතරේ බස් රථයේ කොන්දොස්තර මහතා ටිකට් පත් නිකුත් කරන්නට විය. සැමියා කොළඹට ටිකට් ගත්තේ නැත. ඔහු අතරමඟට මුදල් ගෙවා ටිකට් පතක් ගත්තේය.
ඒ සැණින් බිරිය ඉදිරි දොරටුවෙන් බිමට බැස්සාය. ඒ ඇය සේවය කරන ආයතනයට යාම සදහාය.

බසයෙන් බැසගත් ඇයට සැමියා ගැන සැකයක් ඇති විණි. ඒ තමා සල්ලි දීලත් සැමියා කොළඹට ටිකට් ගන්නේ නැතිව අතරමඟට ටිකට් පතක් ගත් බව ඇසුණු නිසාය.
ඇය සේවයට යාම පසෙක තැබුවාය. කුලියට ත්‍රී රෝද රථයක් ගෙන බස් රථය පසු පස ලු‍හු බැන්දාය. ඒ ඔහු ටිකට්පත ගත් සීමාව ඇය හොදාකාරවම දන්නා වු බැවිනි.
ටික දුරක් ගිය ඇයට සැමියා බසයෙන් බැස එතැන ඉන්නවා දැක ගන්නට හැකි වුණි.

“ඇයි තමුසේ කොළඹ පුතා බලන්න යන්නේ නැද්ද? මොකටද මෙතැනින් බැස්සේ.” ඇය පුපුර පුපුරා යන කේන්තියෙන් විමසුවාය.
“යකෝ මම ගාව වාඩි වුණ එකාට හොරි වාගේ. කොච්චරවත් කහනවා. මගේ ගෑවුණොත් ඉවරයි. ඒකට බයේ තමයි මම බැස්සේ. මම ඊ ළග බසයෙන් කුරුණෑගලට ගිහිල්ලා. ඒ හරහා කොහොම හරි පුතා බලන්න යන්නම්.”සැමියා සිනා සෙමින් කීවා..
කුලී රථ රියැදුරාටත් ඇයටත් කාරණාව වැටහිණි..

එහෙත් ආපසු යන ඇයට ත්‍රී රෝද රථයට ගාස්තුව ලෙසට රුපියල් 1500කට වැඩි මුදලක් ගෙවීමට සිදු විණි.. ඒ මදිවට හොදටම පමා වු නිසා සේවා ස්ථානයට යාමට ද බැරි විය..
මීට වඩා නිවාඩු දාලා මං කොළඹ ගියා නම් ඒක ලාබයි කියලා තමා කරගත් ගොන්කම මෙනෙහි කර කර ඇය ත්‍රී රෝද රථයට ගොඩ වු සීමාවෙන් බැස ගෙදරට යාම සදහා තවත් බසයක් එනතුරා එතැන රැදී සිටියාලු‍.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka