gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිලියන 10කට පොලු තියා රටින් පැන්නා කියන ධම්මික ආපහු එද්දි කොටුවෙයි – පිළිගන්න එයාපෝර්ට් එකට ගිය සුරංගනීවත් අල්ලයි

මැලේසියාවේ සිට අද උදෑසන මෙරටට පැමිණි ධම්මික කුමාර රණසිංහ නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් බිලියන 10කට අධික පිරමිඩ මුදල් වංචාවක් සම්බන්ධයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවක් මධ්‍යයේ මෙම පුද්ගලයා මීට වසරකට පෙර රටින් පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔහු පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණි ඔහුගේ බිරිඳ වන 42 හැවිරිදි සමුද්‍රා සුරංගනී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිය සැමියාගේ ව්‍යාපාරයේ මූල්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සුරංගනී මෙම වංචාවට සම්බන්ධ බැංකු ගිණුම් කිහිපයක් කළමනාකරණය කරමින් සිට තිබේ.

ධම්මික කුමාර රණසිංහ කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික පාසලක් පවත්වාගෙන ගොස් ඇති බවත්, ඒ හරහා තැන්පත්කරුවන් 2500කට අධික පිරිසක් රවටා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම යුවළ වංචනික ගනුදෙනු කළමනාකරණය කිරීම සඳහා ප්‍රධාන බැංකු තුනක් හරහා බැංකු ගිණුම් 11ක ජාලයක් භාවිත කර ඇති බව පැවැසේ.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත භාරදී තිබේ.

ඊට අමතරව ඔවුන්ගේ වත්කම් සහ මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන්ද නීතිවිරෝධී වත්කම් කොට්ඨාශය වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka