gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ගිහි ජීවිතේ මගේ ආදරණීය බිරිඳ, අද… යශෝධරා” “ආදරය කියන්නෙම කැපකිරීමක්…” – සැමියා ලියූ සංවේදී සටහන

පහුගිය දවස් වල මුහුණු පොතේ හරි අපූරූ සටහනක් හුවමාරු වුණා.

ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියන එක ප්‍රායෝගිකව පෙනවපු අවස්ථාවක් ඒ. මේ කියන්න හදන්නේ ඒ ආදරණීය කතාව ගැනයි.

මේ කතාවේ කතා නායකයා නුවන් ඒකනායක.නුවන්ගේ බිරිද අයේශා.දෙන්නා හරිම ආදරෙන් සමගියෙන් හිටිය ආදරණීයම,ලස්සනම ජෝඩුවක් කියලා තමයි දෙන්නා ගැන දන්න අය කියන්නේ.

දෙන්නාගේම හීන තිබුනා. දෙන්නාම දෙන්නාට උදව් කරා හීනවල පියාඹන්න.

අයේශා කාලයක් පුරාවටම පාරමිතා පුරන්න ඇති සසර කෙටි කරගන්න නිවන් මග සොයා යනන්න …

ඇගේ ඒ උතුම් ප්‍රාර්ථනාවට නුවන් , මේ ජිවිතේ ඇය වෙනුවෙන් ඔහුට කරන්න පුලුවන් ලොකුම පරිත්‍යාගය කරලා තිබ්බා.

ඒක, ආදරණීය සැමියෙක් හදවතින්ම කළ ආශිර්වාදයක්. ඔහුගෙන් එහෙම ආශිර්වාද ලත් බිරිඳ, තීරණයක් අරන් තිබුණා ගිහි ජීවිතය හැරයන්න.

”ආදරය කියන්නෙම කැපකීරිමක්…” කියන කියමන සනාථ කරමින් මේ ආදරණීය සැමියා සිය ආශිර්වාදය ඇයට ලබාදී තිබුණා.

දැන් ඇය ‘යශෝධරා මෙහෙණින් වහන්සේ’

මේ මෙහෙණින් වහන්සේ, වෙනුවෙන් ඔහු තබන ලද සටහන…

”ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

ගිහි ජීවිතේ මගේ ආදරණීය බිරිඳ, අද යශෝධරා නමින් මහණ වූ වගයි.

තෙරුවන් සරණයි…”

නුවන් වගේ සැමියෙක් ගිහි ජිවිතේ ලබන්න ඇය හරිම වාසනාවන්ත බවයි හැමෝම පවසන්නේ.

ආදරේ කියන්නේ පරිත්‍යාගයක් නම් නුවන් ඒ වෙනුවෙන් ඔහුට කරන්න පුලුවන් උපරිම කැපකිරිම කරපු කෙනෙක්.

සැබැ ආදරය තමන් ආදරේ කරන කෙනාගේ සතුටට කියන එක අහලා තියෙන කතාවක්. අත්හැරීම තුලින් පවා ආදරේ පෙන්වන්න පුලුවන්.

දැන් ඔහුත් ඇයත් මංපෙත් දෙකක…

යශෝදරා මෙහෙණින්වහන්සේට ඈ පැතු උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න වීර්‍යය ලබේවා !
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka