gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අනේ, මටත් බත් කටක් කවන්නකෝ.." - 23 හැවිරිදි මේ තරුණ කෙල්ල ඔහු කළ ඉල්ලීම කොහොම නම් දරාගන්න ඇතිද?

ගමක ඉඳලා කොළඹ ආපු ඇයට මේ කළ ඉල්ලීමේ බරක් පතලක් නම් ඒ තරම් දැනෙන්නේ නැතුව ඇති..

ඒත් ඒ මහළු මිනිසා ඇයට කළ දේ කොහොම නම් මේ තරුණ කෙල්ල දරාගන්නද..? 

මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවිරිදි අයකු ගේ ඉල්ලීම මත ඇය ඔහුට බත් කටක් කවා ඇති අවස්ථාවේ අතවරයට ලක් කරන ලදැයි කියන සිද්ධියකින් පසුව බත් පත දමා දිව ගොස් පෙම්‍වතා සමග පැමිණ පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පිළියන්දල පොලිසිය සදහන් කරනවා...

මෝස්තර නිරූපණ ශිල්පි ඩිප්ලෝමා උපාධිය (fashion dssiging degree) හදාරන 23 හැවිරිදි පැමිණිලිකාර සිසුවියට සිය ඩිප්ලෝමාවට අවශ්‍ය ව්‍යාපෘතියක් සඳහා බතික් කර්මාන්තය සම්බන්ධයෙන් හැදෑරීම සඳහා සිය පෙම්වතා හරහා පිළියන්දල ප්‍රදේශයේ බතික් වැඩපොළකට ගොස් ඇති අතර,මෝස්තර නිරූපණ ශිල්පය පිළිබඳ තොරතුරු හැදෑරීම සඳහා සිසුවිය දින කීපයක් එම ස්ථානයට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා..

සිසුවිය එහි යාමේදී දහවල් ආහාරය සඳහා කෑම පාර්සලයක්ද රැගෙන ගොස් තිබූ අතර ආයතනයේ පිටුපස කොටසේ සිට ආහාර ගනිමින් සිටියදී එම ස්ථානයට පැමිණි බතික් කර්මාන්තශාලාවේ හිමිකරු වූ 80 හැවිරිදි පුද්ගලයා සිසුවිය අමතා " දුවේ මටත් බත් කටක් කවන්නකෝ" යැයි පවසා ඇය අසලට පැමිණ සිටි බව පොලිසිය ඇය පවසා තිබුණා..

දුර බැහැර ප්‍රදේශයක පදිංචි වූ සිසුවියට එකවරම සිය ආතා සිහි වී ඇය කිසිදු පැකිලීමකින් තොරව ඔහුට සිය බත් පතෙන් බත් කටක් කවා ඇතත්, මඳ වේලාවකදී "අනේ දුවේ රසම රසයි දුවේ, තවත් කටක් කවන්නකෝ"යැයි පවසමින් සිසුවිය අසලටම පැමිණි ඔහු සිසුවියගේ ලැම පෙදෙස පිරි මදින්නට තැත් කිරීමත් සමඟම සිසුවිය බත් පත ද එම ස්ථානයේ දමා සිය අත් බෑගයද රැගෙන වහා එම ස්ථානයෙන් පිටවී නවාතැන්පොළට පැමිණ සිය පෙම්වතාට ඒ බව දන්වා තිබුණා.. ඉන් අනතුරුව‍යි
දෙදෙනාම එක්ව මේ ගැන පොලිසියට පැමිණිලි කර ඇත්තේ..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka