gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරිඳට සැමියා ගැන සැකයක් ඇති වෙලා.. යන්න ගිය ගමනත් පසෙක තබා බසයක් පස්සේ එළවාගෙන ගිය බිරිඳ අවසානයේ හිතාගන්න බැරි තැනකින් නවතියි

ඔවුන්ගේ පවුලේ කියන්න තරම් ලොකු ආරවුලක් නොතිබුණත්, ගෙදර හැම වැඩක් ගැනම බිරිඳ හිටියේ විමසිල්ලෙන්, ඒ වගේම සැකයෙන්...

ඒත් දවසක් කොළඹට යාමට බස් රථයට ගොඩ වු සැමියා අතරමඟට ටිකට් ගැනීමෙන් කුතුහලයට පත් බිරියට එදින රාජ්‍ය සේවයට යාමට නොහැකිව, අතේ තිබුණු මුදලට තට්ටු වු පුවතක් රජරටට හා වයඹට මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණා..

ඇය රාජ්‍ය සේවයේ නියැලෙන විවාහක කාන්තාවක්... සැමියා රාජ්‍ය සේවයේ සිට නිසි වයසට පෙර වන්දි ලබාගෙන ඉවත්ව ගිය අයෙක්..
දියණියන් දෙදෙනා විවාහ වී සිටින නමුත් බාල පුතු කොළඹ ප්‍රදේශයේ සේවය කරනවා..

මේ නිසා නිවසේ සියලු‍ දෙනා ඔහු ගැන නිතරම කරුණු විමසමින් පසු වන්නේ ඔහු පවුලේ බඩ පිස්සා නිසායි..
පෙර දින රාත්‍රියේ දී පුතුට හිටි හැටියේ අසනීප වුණා.. මේ නිසා ඔහුට පසුදින වෘත්තිය පුහුණුවට යාමට බැරි.. ඒ බව දත් බිරිය සිය සැමියාට පුතා බලන්නට යන ලෙසට උපදෙස් දුන්නා..
සැමියා ගමන යන්නට අදිමදි කළා.. ඒ ඔහු අතේ පිච්චියක් නැති නිසාය.

“සල්ලි නැති වුණාට කමක් නෑ. මම සල්ලි දෙන්නම්. ඔයාට තියෙන්නේ යන්න විතරයි. ”ඇය සැමියාගේ ගමනට අවැසි ඇඳුම් පවා පිළිවෙළකට සකසා දුන්නාය.
ඇයට නිවාඩු ගැනීමට බැරි නිසා සිය සැමියා මෙසේ ගමන යන්නේය. ඔහු කොළඹට යන්නේද ඇය සේවයට යන බස් රථයේම ය.
සැමියා ඉදිරි දොරටුවෙන් නැග වාඩි වුණේය. බිරිය පිටුපසින් නැග ඉදිරියට පැමිණ සිටියා..


ඒ අතරේ බස් රථයේ කොන්දොස්තර මහතා ටිකට් පත් නිකුත් කරන්නට විය. සැමියා කොළඹට ටිකට් ගත්තේ නැත. ඔහු අතරමඟට මුදල් ගෙවා ටිකට් පතක් ගත්තේය.
ඒ සැණින් බිරිය ඉදිරි දොරටුවෙන් බිමට බැස්සාය. ඒ ඇය සේවය කරන ආයතනයට යාම සදහාය.

බසයෙන් බැසගත් ඇයට සැමියා ගැන සැකයක් ඇති විණි. ඒ තමා සල්ලි දීලත් සැමියා කොළඹට ටිකට් ගන්නේ නැතිව අතරමඟට ටිකට් පතක් ගත් බව ඇසුණු නිසාය.
ඇය සේවයට යාම පසෙක තැබුවාය. කුලියට ත්‍රී රෝද රථයක් ගෙන බස් රථය පසු පස ලු‍හු බැන්දාය. ඒ ඔහු ටිකට්පත ගත් සීමාව ඇය හොදාකාරවම දන්නා වු බැවිනි.
ටික දුරක් ගිය ඇයට සැමියා බසයෙන් බැස එතැන ඉන්නවා දැක ගන්නට හැකි වුණි.

“ඇයි තමුසේ කොළඹ පුතා බලන්න යන්නේ නැද්ද? මොකටද මෙතැනින් බැස්සේ.” ඇය පුපුර පුපුරා යන කේන්තියෙන් විමසුවාය.
“යකෝ මම ගාව වාඩි වුණ එකාට හොරි වාගේ. කොච්චරවත් කහනවා. මගේ ගෑවුණොත් ඉවරයි. ඒකට බයේ තමයි මම බැස්සේ. මම ඊ ළග බසයෙන් කුරුණෑගලට ගිහිල්ලා. ඒ හරහා කොහොම හරි පුතා බලන්න යන්නම්.”සැමියා සිනා සෙමින් කීවා..
කුලී රථ රියැදුරාටත් ඇයටත් කාරණාව වැටහිණි..

එහෙත් ආපසු යන ඇයට ත්‍රී රෝද රථයට ගාස්තුව ලෙසට රුපියල් 1500කට වැඩි මුදලක් ගෙවීමට සිදු විණි.. ඒ මදිවට හොදටම පමා වු නිසා සේවා ස්ථානයට යාමට ද බැරි විය..
මීට වඩා නිවාඩු දාලා මං කොළඹ ගියා නම් ඒක ලාබයි කියලා තමා කරගත් ගොන්කම මෙනෙහි කර කර ඇය ත්‍රී රෝද රථයට ගොඩ වු සීමාවෙන් බැස ගෙදරට යාම සදහා තවත් බසයක් එනතුරා එතැන රැදී සිටියාලු‍.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka