gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රේම සම්බන්ධය නැවැත්තුවා කියා තුවක්කු දෙකකුයි පිහි දෙකකුයි අරගෙන කෙල්ල උස්සන්න කොල්ලා ඇවිල්ලා!

ප්‍රේම සම්බන්ධය අවසන් කළා යැයි උරණවී, තුවක්කු දෙකක් පිහි දෙකක් රැගෙන 21හැවිරිදි පෙම්වතිය පැහැරගැනීමට ගිය 22 හැවිරිදි පෙම්වතෙක් ඊයේ (08) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේදී පෙම්වතිය බලහත්කාරයෙන් පැහැරගන යෑමට තැත් කළ මෙම පෙම්වතා ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක්,පිහි දෙකක් හා වෙඩි බෙහෙත් සමග වලස්මුල්ල පොලිසිය අලුයම එකට පමණ අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය යාපිටකන්ද ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

අත්අඩංගුවට පත් තරුණයා වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක සමග වසරක පමණ කාලයක් ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව තරුණිය මෙම ප්‍රේම සබඳතාවය නවත්වා තිබේ.

එකවරම තරුණිය ප්‍රේම සබඳතාවය නැවැත්වීම හේතුවෙන් උරණ වූ පෙම්වතා යකඩ බට ආධාරයෙන් සකස් කරන ලද ගල් කටස් ප්‍රමාණයේ ගිනි අවි දෙකක් , පිහිදෙකක් හා වෙඩි බෙහෙත් ප්‍රමාණයක්ද සමඟ වලස්මුල්ල පිහිටි තරුණියගේ නිවසට පැමිණ තරුණියව බියගන්වා පැහැරගෙන යෑමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේදී තරුණිය හා නිවැසියන් විසින් මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකාර පෙම්වතා අපරාධ වලට සම්බන්ධ හෝ ආරක්ෂක අංශවලට සම්බන්ධ බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී නොමැත.

සැකකාර පෙම්වතා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර වලස්මුල්ල පොලිස්ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.(දිනමිණ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka