gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ට්‍රම්ප් දිනූ නිසා රට අතාරින බව එලොන් මස්ක් ගේ සංක්‍රාන්ති ලිංගික දියණිය කියලා!

ඇමරිකාවේ ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩියෙන්ම උදව් කළ අය අතර කෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් සිටින නමුත් ඔහුගේ දියනියක ඔහුට විරුද්ධව මත පළ කර තිබේ.

මස්ක්ට සිටින දරුවන් සයදෙනාගෙන් එක් අයෙක් වන විවියන් විල්සන්ය. ඇය එලොන් මස්ක්ගේ ඈත්ව සිටින්නියක වන අතර සංක්‍රාන්ති ලිංගික තැනැත්තියකි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක්සත් ජනපද මැතිවරණ ජයග්‍රහණයෙන් පසු, විවියන් විල්සන්, එක්සත් ජනපදයෙන් පිටව යාමට ඇති තම අභිප්‍රාය ප්‍රකාශ කරමින් රටේ තම අනාගතයක් නොදකින බව පවසා සිටියාය. මෙයට හේතුවන්නේ සංක්‍රාන්ති ලිංගිකයින් ගැන ට්‍රම්ප් දරන මතයට ඇය අකමැති නිසාය.

මස්ක් ඇය කරන ප්‍රකාශ ගණනකට ගෙන නැත.

"වේක් මනස් වෛරසය විසින් මරා දැමූ" බව මස්ක් එක් වරක්  විවියන් ගැන ප්‍රකාශ කර තිබුණි.

සංක්‍රාන්ති ලිංගිකයකු වන ඇය  2022 වසරේ සිට තම පියාගෙන් ඈත්ව සිටියි. බදාදා දින ඇය මෙටා හි ත්‍රෙඩ්ස් හි මෙකී අදහස් පළ කළාය. "මම මෙය සෑහෙන කලක සිට සිතා සිටියා, නමුත් ඊයේ දිනය එය මට තහවුරු කළා. මම මගේ අනාගතය එක්සත් ජනපදයේ නොදකිනවා," යැයි ඇය ලියා තිබුණි.

විවියන් ඇමරිකාවෙන් පිටව යාමට ඇති සිය සැලසුම් ප්‍රකාශ කිරීමෙන් පසු, මස්ක් X හි පණිවිඩයක් තබමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

"වේක් මනස මගේ දරුවා මරා දැමුවා," යැයි ඔහු ට්වීට් පණිවිඩයක නැවත සඳහන් කළේය.

විවියන් තම පියාගේ පෝස්ටුවේ තිර රුවක් ත්‍රෙඩ්ස් හි බෙදාගනිමින් තවදුරටත් දොස් පවරා තිබුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka