gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාරංග දිනක්ෂි ආදරය දෙදරා ගිහින්ද..? ඇත්තටම දැන් දිනක්ෂි වෙනස් වෙලා..මොකක්ද මේ සාරංග කියන ඇත්ත!

ඔන්න ආයෙමත් සාරංග – දිනක්ෂි පෙම්වතුන් වෙලා. කසාද බැඳලා චූටි දුවෙකුත් ඉන්න මේ දෙන්න කොහොමද ආයෙමත් පෙම්වතුන් වෙලා තියෙන්නේ.

රන්දික විජේමාන්න අධ්‍යක්ෂණය කරන ලද රුහුණගේ සඳමාලා නිෂ්පාදනය කළ ‘විශ්ම’ සිනමා නිර්මාණය හරහා තමයි මේ දෙන්නා ආයෙමත් පෙම්වතුන් වෙලා තියෙන්නේ.

රිදී තීරයේ පෙම්වතුන් වුණ සාරංග -දිනක්ෂි විශ්ම රූගත කරන කාලයේ සැබෑවටම පෙම්වතුන් නෙමෙයිලු. හිතින් මේ සම්බන්ධව සාරංග සිදු කර ඇති සාකච්ඡාවක් තමයි මේ...

විශ්ම සමග සාරංගව රිදී තිරයෙන් දකින්න ලැබෙනවා?
ඔව්. ටිකක් කාලයකට කලින් කරපු චිත්‍රපටයක්. හැබැයි දැන් තිරගත වෙන්න ටික කාලයක් ගතවෙලා තියෙනවා. නමුත් සිනමා පටයක් තිරගත වෙනවා කියන්නේම සතුටට කාරණාවක්නේ. මේක පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් චිත්‍රපටයක්.

විශ්ම සාරංගට සමානද?
ඒ ගැන කියන්න ගියොත් සිනමා නිර්මාණයේ කතාව පොඩ්ඩක් විතර එළියට එනවා. ඉතිං ඒක නිසා මම පොඩ්ඩක් විතර කැමැතියි චරිතය ගැන කියන්නේ නැතිව ඉන්න. හැබැයි මට ලැබුණු වෙනස් විදිහේ චරිතයක්.

සාරංගට විශ්මව මුණගැසුණේ කොහොමද?
මෙහි අධ්‍යක්ෂ රන්දික තමයි අපිට මේ චිත්‍රපටයට ආරාධනා කළේ. ඔහුගේ සහ නිෂ්පාදකවරයාගේත් කලුඳුල් සිනමා නිර්මාණය. රන්දික අපි කලින් හඳුනාගෙන හිටපු හොඳ සංස්කාරකවරයෙක්. බොහොම සතුටින් භාරගත්තු සිනමා නිර්මාණයක්. හැබැයි තිරගත වෙන්න ටිකක් කල් ගියා.

විශ්ම හින්ද සාරංග – දිනක්ෂි තිරයේදී එකට මුණගැසෙනවා නේද?
ඔව්. දිනක්ෂි එක්ක චිත්‍රපටයක රඟපාන්නේ පළමු වතාවට. ඇත්තටම ඒකත් අලුත් අත්දැකීමක්. දිනක්ෂිත් මේ චිත්‍රපටයේ ටිකක් වෙනස් චරිතයක්. මොකද ටික කාලයකට කලින් කරපු චිත්‍රපටයක්නේ.

එතකොට දිනක්ෂිව කසාද බැඳලද?
නැහැ. විශ්ම රූගත කරන කාලයේ මම දිනක්ෂිව කසාද බැඳලා නැහැ.

දෙන්න එකට රඟපානකොට මොනවගේ අභියෝගයන්ද තිබුණේ?
එහෙම ලොකුවට අභියෝග කියල දෙයක් තිබුණේ නැහැ. නිර්මාණය ඇතුළේ චරිත ගොඩනඟාගන්න අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා සමග කතාබහ කරලා චරිතවලට අවශ්‍ය විදිහට වටපිටාව හදාගත්තෙ අධ්‍යක්ෂවරයා සංස්කාරක වරයෙකුන් හින්දා. ඔහුට අදහසක් තිබුණා චිත්‍රපටය ගලාගෙන යන ආකාරය පිළිබඳව.

විශ්ම නරඹලා දිනක්ෂි මොනවද කිව්වේ?
එයත් හරි සතුටු වුණා. නිර්මාණයක් කරලා සෑහෙන කාලයක් තියාගෙන ඉන්නවාට වඩා අපිත් කැමැති පුළුවන් තරම් ඉක්මනට තිරගත වෙන එකට. ඒ හින්දා අපි සතුටු වුණා කාලයක් ගිහිල්ලා හරි තිරගත වීම පිළිබඳව.

දිනක්ෂි දැන් වෙනස් වෙලාද?
ඇත්තටම ඔව්. එතකොට නම් මීට වඩා ටිකක් කෙට්ටුයි. එයාගේ මට වඩා සෑහෙන වෙනසක් වෙනවා චිත්‍රපටයේ.

(උපුටා ගැනීමක්)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka