රට බංකොලොත් කරන්න මාර සැපක්නෙ විඳලා තියෙන්නෙ... රනිල් රජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වාහන ගාලුමුවදොර පිටියට ගොඩ ගහයි (VIDEO)

රනිල් රජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වාහන ගාලුමුවදොර පිටියට ගොඩ ගහයි

පාර්ලිමේන්තුව තව දවස් දෙකකින් විසුරුවා හරී? ජනාධිපති අනුරගෙන් ඉඟියක්! VIDEO

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවරදී ප්‍රකාශ කළා.

ජරාජයෙන් නාමල් ඉගෙනගත් පාඩම! VIDEO

 
ජනාධිපතිවරණයේදී තමන් සහ තම පක්ෂය ලැබූ පරාජය පිළිබඳ නැවත සමාලෝචනයක් සිදුකර ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජ පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙරට පවතින ඉන්ධන ගැන ලැබුණ අලුත්ම ආරංචිය...

 
මෙරට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින්. ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතින බවයි, ඔහු සඳහන් කර ඇත්තේ.

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි

 
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ. ලාංකිකයන් අපේක්ෂා කරන නව යුගය බිහිකිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන්වේ.

(අංජුල මහික වීරරත්න)



නව ආරක්ෂක ලේකම් සම්පත් තුරේකොන්තා…

 
නව ආරක්ෂක ලේකම් වශයෙන් එයා වයිස් මාෂල් සම්පත් තුරේකොන්තා මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවි සෙනවිරත්න…

 
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙන්ම පත් කිරීම සිදුකර ඇත.

වන්නි තැපැල්… සජිත් දිනුම්..

 
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.
වන්නි දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය මෙසේය.

සජිත් ප්‍රේමදාස – 4899
රනිල් වික‍්‍රමසිංහ – 4257
අනුර දිසානායක – 2092

ත‍්‍රිකුණාමලය තැපැල්.. අනුර දිනුම්..

 
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය මෙසේය.

අනුර දිසානායක – 5480
සජිත් ප්‍රේමදාස – 4537
රනිල් වික‍්‍රමසිංහ – 3630

ගාල්ල තැපැල්.. අනුර උඩින්ම

 
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය මෙසේය.

අනුර දිසානායක – 25892
සජිත් ප්‍රේමදාස – 5338
රනිල් වික‍්‍රමසිංහ – 7226
නාමල් රාජපක්ෂ – 836

පොලොන්නරුව තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය… අනුර විශාල පරතරයකින් දිනුම්..

 
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය මෙසේය.

අනුර දිසානායක – 11768
සජිත් ප්‍රේමදාස – 4120
රනිල් වික‍්‍රමසිංහ – 2762
නාමල් රාජපක්ෂ – .188

මොණරාගල තැපැල්.. අනුර දිනුම්..

 
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.
මොණරාගල දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය මෙසේය.

අනුර දිසානායක – 14050
සජිත් ප්‍රේමදාස – 5733
රනිල් වික‍්‍රමසිංහ – 3401

හම්බන්තොට තැපැල්.. අනුර උඩින්ම දිනුම්..

 
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය මෙසේය.

අනුර දිසානායක – 14481
සජිත් ප්‍රේමදාස – 3397
රනිල් වික‍්‍රමසිංහ – 2505
නාමල් රාජපක්ෂ – 819

පලමු ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න.. මාලිමාවට දැවැන්ත ජයක්..

 
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය මෙසේය.

අනුර දිසානායක – 19185 (60.8%)
සජිත් ප්‍රේමදාස – 4675 (14.8%)
නාමල් රාජපක්ෂ – 500 (1.5%)

චමරි ලොකු රහසක් හෙළිකරයි... දෑසට කඳුළක් ආපු චමරිගේ සංවේදී කතාව (VIDEO)

චමරි ලොකු රහසක් හෙළිකරයි.. දෑසට කඳුළක් ආපු චමරිගේ සංවේදී කතාව

නම හා හැඳුනුම්පතේ සුළු වැරදීම් තිබුණත් ඡන්දය දෙන්න පුළුවන්!

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ හැඳුනුම්පත් අංකය හෝ නාමයෙහි සුළු වෙනස් කමක් පැවතීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඇතැම් ඡන්ද දායකයින් අලුත් හැදුනුම්පත ලබා ගෙන තිබුණද පැරණි හැඳුනුම්පත් අංකය යටතේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නිකුතුව ඇතිබව එම කොමිෂන් සභාව පවසයි.

එවැනි අවස්ථාවල ක්‍රියා කලයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු මධ්‍යස්ථාන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

යම් පුද්ගලයකුගේ නමෙහි සුළු වෙනසක් සිදුවුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස උපදෙස් ලබාදි ඇතිබව වැඩිදුරටත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

හොර ඡන්ද දාන්න ගියොත් වැඩ වරදී… වසරක සිරදඬුවම් සමග ලක්ෂ 2ක දඩයක්!

හොර ඡන්ද දැමීමට ගොස් වරදකරු වන අයකුට සිර දඬුවම් සහ දඩ මුදල් නියම කිරීමට හැකි බව අතිරේඛ මැතිවරණ කොමසාරිස් (නීති) චින්තක කුලරත්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ හොර ඡන්ද දැමීමට වරදකරු වන පුද්ගලයෙකුට වසරක සිරදඬුවමක් හෝ රු. ලක්ෂ දෙකක දඩයක් නියම කිරීමේ බලය මහාධිකරණය සතු බවයි.

ඇතැම් විට වරදකරුට එම දඬුවම් දෙකම පැනවීමේ හැකියාව වුවද පවතින බවයි, චින්තක කුලරත්න ප්‍රකාශ කළේ.

''මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න මට වුවමනා නැහැ....'' - වොල්ගා කල්පනී

නිතර නිතර නිර්මාණවලින් හෝ සමාජ මාධ්‍යයෙන් දකින්න නොලැබුණත් සිය ජනප්‍රියත්වය නොනැසී පවත්වාගෙන යාමට සමත්කම් දක්වන සොඳුරු තාරකාවකි, ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී.

නිර්මාණ කිහිපයකින් ම එකවර දකින්න ලැබෙන නිළියන්ට සාපේක්ෂව වොල්ගා යන්නේ හිමින් ගමනක් බව පැහැදිලියි.

නමුදු ඈ ඊට ලබන ප්‍රතිචාර සහ ඇගයුම් අතිමහත්.

ඒ ගැන පහුගිය දවසක වොල්ගා මේ විදියට සිය අදහස් දක්වලා තිබුණා.

''මූලිකම දේ මම කාර්යබහුල වෙන්න කැමති නැහැ.

අපි තන්හාවට, ආසාවට, පෙරේතකමට හැමදෙයක්ම භාරගත්තොත් එක වැඩක්වත් හරියට කරන්න වෙන්නෙ නැහැනෙ.

එක වැඩක් කළාම ඒක හරියට කරල එතැනින් ඉවර කරන්න පුළුවන්. මගේ විදිහ ඒකයි.

අද අපි දකිනව මොන දෙයක් හරි කරල ජනප්‍රිය වෙන්න හදන අයව.

එහෙම නැතිව හිමින් ගමනක් යන එක හොඳයි කියලයි මම ඉස්සර ඉඳන් හිතුවෙ.''

''මම වැඩ ගොඩක් කළේ නැති වුණාට ප්‍රේක්‍ෂකයො මා හැමදාම ඒ තැන තිබ්බා.

මම ජනයාට ප්‍රියයි කියල දන්නව, නමුත් ක්‍ෂේත්‍රයට ආපු දවසෙ ඉඳන්ම ජනප්‍රියත්වය පසුපස ගියේ නැහැ.

ජීවිතයෙදිත් එහෙමයි, අපිට ලැබෙන්න තියෙන දේවල් ලැබෙනව, නොලැබෙන දේවල් මගහැරෙනව.

ඒ නිසා මධ්‍යස්ථ ගමනක් යන එක හොඳයි.''

නිර්මාණවලින් විතරක් ම නෙවෙයි, ඇය අනෙක් තාරකාවන්ට සාපේක්ෂව සමාජ මාධ්‍ය තුළ ද එතරම් සක්‍රීය නොවුණු චරිතයක්...

''ඇත්තටම මම සෝෂල් මීඩියා ගැන දන්නෙ නැහැ.

ඒ නිසා නොදන්න දේවල් කරන්න යන්නෙ නැහැ.

පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න මට වුවමනාත් නැහැ.''

(උපුටාගැනීම | මීවිත | මහේෂ් එදිරිසිංහ)

එයා වැඩ කරන්නේ ඉතාලියේ එයා එහේ පදිංචි වෙලා ඉන්නේ.... අවුරුද්දකට සැරයක් මායි දරුවයි බලන්න එනවා - අංජුලා රාජපක්ෂ

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා මෑතකදී අතිශයින් ජනප්‍රිය වුණු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි අංජුලා රාජපක්ෂ කියන්නේ.දෙවනි ඉනම ටෙලි නිර්මාණයේ අමීෂා කියන චරිතය ඇය නිරූපණය කළා. ඒ වගේම මේ දවස්වල විකාශය වන ටෙලි නිර්මාණ කිහිපයකම ඇය රංගනයෙන් දායකත්වය දක්වනවා.

පසුගිය කාල සීමාවේදී නම් අමීෂා කලා කටයුතු වලින් ටිකක් ඈත් වෙලා තමයි හිටියේ. ඒකට හේතුව ඇය උතුම් මව් පදවිය ලැබීමත් සමඟම ආදරණීය පුංචි පුතත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න තීරණය කිරීමයි.වර්තමානය වන විට ඇය නැවතත් කලා කටයුතුවලට පූර්ණ අවධානය යොමු කරලා තියෙනවා.

ඒ වගේම අංගුලාගේ ආදරණීය සැමියා ගැන කතා කරද්දි ඔහුත් ඇයට කලා කටයුතුවලට ඉහලින්ම සපෝර්ට් එක දෙන සපෝටිව් ෆාර්ට්නර් කෙනෙක්.ඇයගේ ආදරණීය සැමියා ජීවත් වෙන්න විදෙස්ගත වෙලා. ඒ සම්බන්ධයෙන් ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මගේ හස්බන්ඩ් රංග වීරකෝන්. එයාව මට මුණගැහෙද්දිත් එයා ජීවත් වුණේ ඉතාලියේ. විවාහ වුණා කියලා එයාට එහේ වැඩ දාලා එන්න බැහැ. මට එහේ යන්න බැහැ. මගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටසක් තියෙනවා. මගේ තාත්තා නැති වුණා. අම්මා ඉන්නේ මාත් එක්ක. ඒ නිසා රංග අවුරුද්දකට සැරයක් ලංකාවට එනවා අපිව බලලා යන්න. එයා එහේ පදිංචිය. එයා නැතුව මම දරුවා එක්ක ලංකාවේ ජීවත් වෙනවා.”

ඉතින් ඒ සියලු දේවල් එක්ක ඇය ගත කරන ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

සුරූපි නිළි සංජනා ගමආරච්චි කෝටිපති සැමියාට දුන්න සුපිරිම සර්ප්‍රයිස් එක (PHOTOS)

සංජානා ගමාආරච්චි කියන්නේ ජනප්‍රියම රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරණීය චරිතයක්. ඇය පසුගිය දිනවල BMW එකක් නිසා ගොඩක් සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වුණු චරිතයක්. 

 ඇය කොහොම වුණත් ඉතාම කඩවසම් කෝටිපති තරුණයෙක් සමග තමයි විවාහා ගිවිස ගත්තේ. ඇයගේ විවාහා ගිවිස ගැනීමත් වෙනත් රටක සිදුවුණු නිසා බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණා.

ඉතින් ඇය මේ වන විට සිය සැමියා සමග ඉතාම ආදරණීය ජීවිතයක් ගතකරනවා.

ඉතින් සැමියගේ උපන්දිනය පසුගිය දවසක පැවැත්වුණාං ඒ වෙනුවෙන් සංජානා ඉතාම ආදරණීය්ස් සර්ප්‍රයිස් එකක් එයාගේ සැමියා වෙනුවෙන් ලබා දීලා තිබුණා. බලන්න්කෝ ඒ දෙන්නගේ ආදරේ..  

“ආසායි ඉතිං, පුතෙකුට ආසයි..”- සත්තකින්ම ගැහැනියකට ලැබෙන්න ඕන මේ වගේ ශක්තිමත් පිරිමි හිතක්!

ඔවුන් වටා ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නවා..

අද වෙනකොට ඒ කවුරුත් මාධවීට වගේම කසුන්ට ආශිර්වාද කරන්නේ ඒ දෙන්නාගේ පුංචි පැටියා වෙනුවෙන් කිව්වොත් හරි..

කසුන්, ඔහු ගොඩක් ශක්තිමත් පිරිමියෙක්..

තමන්ගේ බිරිඳට තාත්තෙක් වගේ ආදරය කරන්න හැම ස්වාමියෙක්ටම බැහැ..

ඒත් ඔහු ඒ යුතුකම්, වගකීම් අකුරටම ඉටු කරනවා..

මෙන්න බලන්නකෝ මාධවී , කසුන්ගේ ආදරය මොනතරම්ද කියලා වැටහෙන ඔවුන් දෙදෙනාගේ රසිකාවියක් ඒ ලස්සන ආදර කතාව ගැන මෙන්න මේ විදිහට මුහුණුපොතට කවියක් එකතු කරන්න හිතලා..

ඇත්තටම හිතලා බැලුවොත් ගැහැනියකට ලැබෙන්න ඕන මේ වගේ ශක්තිමත් පිරිමි හිතක්..

Madhavee Anthony යනු
බය වී සිටි මනුස්ස
දුවකි, කාන්තාවකි.
අඩුම තරමේ
කොණ්ඩය පාට පාට කිරීමට බය වුනා ය.
අනිකා වෙනුවෙන්
ඇගෙ තිබූ ආසාවල් සියල්ල යට කෙරුවා ය.
” දරුවෙක් හදන්නෙ නැද්ද තවම ?”
නිවේදනයන්, පුවත්පත් වර්තාකරුවන් අහද්දී,
” ආසායි ඉතිං , පුතෙකුට ආසායි”
මෙවැනි දෑ ඇය කියද්දි
හරිම ලැජ්ජැවෙන් බිම බලා ගත්තා
සහ
ඒ ඇස් නැටවුනා, දිලිසුනා ය.
ඒ තුළ බලාපොරොත්තුවක් තිබුනද
එහි විසදාගත නොහැකි
දෙගඩියාවක් චකිතයක්
ඒ හිතේ තිබුණි.
” ආර්ථිකය හදාගෙන ඉන්න ඕනෙ ” ඇගේ කිවා ය.
එය කීයා දීමට තරම්
ශක්තිමත් හදවතක්
ඇයට ළං වුවාය.
ඒ Kasun Mahendra Heenatigala
ඇය අදින ඇදුමේ පවා වෙනසක් දකි.
ඒ සියල්ල ඇයට කිරීමට
ඉඩ සලසා දෙන්නෙ
ඔහු ය.
” කසුන් ආසයි මං විලාසිතා කරනවට. එහෙම හොයන්න හමුවීම මගෙ භාග්‍යයක්. වාසනාවක්”
ඇයට හිතට එකගව
ඇය කැමති දේවල් දැන් කරන්නීය.
මෙයත් එලෙස දැමු පෝට් එකකි.
ඇයට හිමි ලෝකය
අහිමිවිම්, කැපකිරීම්
පසුව ලැබුනාම
එහි තිබෙන සතුට
වචනයට පෙරළිමට අමාරු ය.
තව කෙනෙකුට
මෙය විහිලුවක් වන්න පුලුවන.
එහෙත්
මෙහි පසුපස තිබෙන කතාව දෙන්නෙ
ඇයම පමණි.
බොහෝ කාලයක්
නැතිවිම් හා නැති කිරීම්
අතර සිටි ඇයට
නව පනක් කසුන් දී
එය සිය ගුණයකින් භුක්ති විදින්නිය.

මං අවුරුදු ගාණක් කෙනෙක්ට ආදරය කරා…හැබැයි එයා බොරු කරා… තවමත් කනිකඩ ඇය කියන කතාව

විවිධ ටෙලි නිර්මාණවල කතාබහට ලක් කළ හැකි චරිත නිරූපණය කරපු ආදරණීය කලාකාරිනියක් තමයි  නිර්ධා උයන් හේවා කියන්නේ.ඇය කලාවට එන්නේ අවුරුදු විසිපහකට කලින්.

නිතරම පුංචි තිරය තුල දැක බලාගන්න හැකියාව නැති වුණත් ඇයගේ ඒ දක්ෂතාවය සහ රූපකාය නිසාම බහුතරයක් ප්‍රේක්ෂකයන්ට තාමත් ඇයව මතකයි.ඇය කලාවෙන් ඈත් වෙලා නෑ හොඳ නිර්මාණ ලැබුණොත් විතරයි ඇය කලාවට සම්බන්ධ වෙන්නේ.

මෑතකදී චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වී ඒ වැඩ කටයුතු අවසන් කරා කියලත් සඳහන්.කොහොම නමුත් ඇයට ගැලපෙන චරිතයකට හරි වටිනාකමක් දීලා ආරාධනා කරොත් ඇය නැවතත් රඟපෑමත් එක්ක කාර්යබහුල වෙයි කියලා ඇය සඳහන් කළා.

නේදා තාමත් තනිකඩ ජීවිතයක් ගතකරන්නේ ඇය විවාහ වෙලා නෑ. හැබැයි ඇයගේ ජීවිත කාලය පුරාවටම ඇය ආදරය විඳලා තියෙනවා.එය අවස්ථාවන්වලදී සිද්ධ වෙච්ච යම් යම් හිත් රිදවීම් නිසා තමයි අද වන විටත් ඇය තනිකඩව ජීවත් වෙන්නේ.ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම ගොඩක් ආදරේ දෙන කෙනෙක්. මම අවුරුදු ගණනාවක් කෙනෙකුට ආදරේ කළා. නමුත් ඒ ආදරේ මට අහිමි වුණා. ගොඩක් විශ්වාස කරපු කෙනෙක් ඒ විදිහට බොරුවක් කරනවා කියන්නේ ඕන කෙනෙක් බොරු කරන්න පුළුවන්. ඒත් එක්ක මට මිනිස්සු විශ්වාස කරන්න අමාරුයි. මම ගොඩක් අවංක කෙනෙක් නිසා රැවටෙනවා වැඩියි. ඉතිං ආදරේ කරලා ඉමෝෂනල් වෙලා ලෙඩ ගොඩක් හදාගන්නේ ඇයි කියලා 2014 ඉඳලා පෙම්වතියක් නොවි තනිකඩව ඉන්නවා. කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ.”

ඇය දරාගත් ඔහු එක්ක ගෙවෙන කාලය මොන තරම් නම් සුන්දර ඇතිද?

ශලනි තාරකා, ඇය පුංචි තිරයත්, රිදී තිරයක් තුළින් බොහෝ දෙනෙක්ගේ ආදරය නොමදව දිනාගත්ත රංගන ශිල්පිනියක්.

ඒ විතරක් නෙවෙයි, ශලනිගේ පෞද්ගලික තොරතුරු නිසාත් සමහර වෙලාවට ඇය ගොඩක් දෙනෙක් අතර හරි ජනප්‍රියයි.

ඉතින් ඒ කියන්න යන්නෙ ශලනි ගැන අලුත්ම කතාව.

හැමෝටම මතක ඇතිනේ ශලනිගේ විවාහය ගැන.

ඇත්තටම ඒක ගොඩක් විචිත්‍රවත් අවසක් වුණා.

අගෝස්තු මාසයේ පැවැත්වෙනු ඇගේ විවාහ උත්සවය සිදුවෙලාත්, දැන් නොදැනීම වසරක් ගෙවිලා අවසානයි.

ඉතින් ඒ සතුට සමරන්න ශලනි පසුගිය දවසක ගිහිල්ල තිබුණේ ඔහු ළඟට.

හරිම ආදරණීය විදිහට වගේම වෙනස් වෙනස් තැන්වල ඇවිදින ගමන් මේ දින කිහිපය සතුටින් සමරන්න, ශලනි වගබලාගෙන.

මෙන්න බලන්නකෝ ඒ ලස්සන දවස් අතරතුර ඇය ඇගේ සමාජමාධ්‍යට එක් කරලා තිබුණු ඡායාරූප කිහිපයක්.

“මම රෝහලේ නම කියන්නේ නෑ එහේ ඇතමුන්ගේ නොසැලකිල්ලෙන් මට තාත්තා නැති වුනා…” – හැඩූ කදුලින් විනූ කියයි (VIDEO)

ඇය සුරූපී දියණියක්.

ඉතින් ඒ තාත්තාට මොන තරම් නම් ආඩම්බර ඇතිද මේ දියණිය ගැන.

මලක් වගේ ඇය රකින්න, ඒ තාත්තත් දිවා රෑ නැතුව වෙහෙසෙන්න ඇති.

ඉතින් ඇය මේ දුක කොහොම නම් දරාගන්නද?

දුවෙක්ට මේ දුක කොච්චර බර වැඩි වුණත් තාත්තා කෙනෙක්ගේ හයිය, ඒ ආත්මයේ ශක්තිය ඇයටත් ඇගේ ජීවිතයේ ඉස්සරහට යන්න පාර කියාවි.

රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් ලෙස කාගෙත් හද දිනූ හුරුබුහුටි විනූ පෙරේරාගේ සංවේදී වෙමින් එක්තරා වැඩසටහනකට එක්වෙමින් සිය පියාට සිදු වූ අසාධාරණය ගැන අදහස් දක්වා සිටියා.

අද සිට ගමනාගමන කටයුතු ඇන හිටී... ජනතාවට විශේෂ දැනුම්දීමක්!

ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ අද දිනයේ සිට බස්රථ ධාවනය සියයට 50කින් පමණ අඩු වනු ඇති බවයි.

එමෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ බස් රථ ධාවනය තවදුරටත් පහත වැටෙනු ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.

මැතිවරණ කටයුතු සඳහා බස් රථ යෙදවීම සහ බස් රථ සේවකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා ගැනීම ආදී කාරණා ඊට හේතුවන බවද එතුමා වැඩිදුරටත් පැවසීය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 1,358ක් පමණ මැතිවරණ රාජකාරී සඳහා වෙන්කර ඇති අතර පොලිස් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ගමනාගමන් කටයුතු සඳහා බස් රථ 175ක් ලබා දී ඇති බවයි.

කෙසේවෙතත් දුර ගමන් සේවා සඳහා අවශ්‍යතාව පරිදි හැකි පමණ බස් රථ යෙදවීමට පියවර ගන්නා බවද ඔහු මාධ්‍ය වෙත පැවසීය.

රාජකීය දෛවඥයා සුමනදාස අබේගුණවර්ධන දිනන අපේක්ෂකයා නම්කරයි

සුමනදාස අබේගුණවර්ධන කියූ සැණින් අපේ මතකයට එන්නේ ‘රාජකීය දෛවඥයා’ කියන විශේෂණ පදය. ඊට හේතුව වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු ජ්‍යොතිෂ කටයුතු ඔහුගේ අතින් සිදුවීමයි. මැතිවරණයකට නාමයෝජනා භාරදීමේ පටන්, රාජපක්ෂ පවුලේ මුණුබුරන්ට රන්කිරි කටගාන නැකැත දක්වා සියලු සුබ මුහුර්තයන් සාදාදුන් මේ සුවිශේෂ ජ්‍යොතිෂවේදියා මේ දිනවල ගතකරන්නේ තරමක් නිහඬ ජීවිතයක්. සමාජ මාධ්‍ය අද තරම් ප්‍රචලිතව නොතිබූ මීට වසර 15කට පමණ ඉහතදී ජාතික රූපවාහිනිය ඇතුළු ප්‍රධාන රූපවාහිනී නාලිකා රාශියක නිරන්තර දක්නට ලැබුණු සුමනදාස අබේගුණවර්ධන අද වන විට එම විද්‍යුත් නාලිකාවල දකින්නට නොලැබෙන තරම්. එසේ වුවද ජනාධිපතිවරණ උණුසුමෙන් රටම ගිනියම් වෙමින් පවතින මොහොතක අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් ජයගන්නා අපේක්ෂකයා පිළිබඳ පැහැදිලි අනාවැකි ඉදිරිපත් කර ඇති ආකාරය යූටියුබ් නාලිකා කිහිපයකදී දැකගන්නට ලැබුණා. පහත පළවන්නේ යූටියුබ් නාලිකා තුනක් මෙම රාජකීය දෛවඥයා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා තුනකදී රටේ මීළඟ ජන නායකයා පිළිබඳ ඔහු පළකළ අනාවැකිය.

Hela Rahas යූටියුබ් නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී පළවූ අදහස්…

අපේ රටේ ඊළඟ නායකයා ගැන අනාවැකියක් කියන්න ඔබතුමාට පුළුවන්ද?

මම හරි සතුටුයි ඒ අනාවැකියට. ආර්ථික අතින් අපේ රට අද ගොඩක් පහළට වැටිලා තියෙන්නේ. අඬන්න බැරිකමට හිනාවෙන කට්ටිය අද ගොඩක් ඉන්නේ. මේ රට ආර්ථික අතින් ගොඩගන්න පුළුවන් නායකයා මම හඳුනාගෙන තියෙන්නේ. මේ දවස්වල ඉස්කෝලවලට බස් බෙදන මහත්තයෙක් ඉන්නේ, ඉස්පිරිතාවලට බෙහෙත් දෙන මහත්තයෙක් ඉන්නේ. එතුමා තමයි ඒ නායකයා.

ඔබතුමාගෙ වචනයෙන්ම කියන්න ඒ කවුද?

1967 ජනවාරි මාසේ බොහොම වාසනාවන්ත දවසක උපත ලබාපු සජිත් ප්‍රේමදාස මහත්තයා.

ඔබ විශ්වාසයෙන්ම කියනවද ඔහු රටේ ජනාධිපති වෙනවා කියලා?


අනිවාර්යයෙන්ම 09 වැනි ජනාධිපති එතුමා තමයි. මැතිවරණයක් තිබ්බා නම් 08 වැනි ජනාධිපති වෙන්නෙත් එතුමා.

ඔබතුමා කොහොමද එහෙම කියන්නේ, දැන් මේ වෙද්දී රැල්ලක් හැදිලා තියෙනවනේ ජනතා විමුක්ති පෙරමුණට?

ඒ ගැන මම වැඩිය කතා කරන්නේ නෑ. මම මේ කියන කතාව අද මිනිස්සු විශ්වාස නොකළට, කුමන හෝ මැතිවරණයක් තියලා, ඊට පහුවදා පාන්දර වෙද්දී මිනිස්සු කියයි ‘යකෝ සුමනදාස මහත්තයා වයසට ගියත් තාම අනාවැකි වැඩකරනවා නේ’ කියලා. එදාට තමයි ඕක තේරෙන්නේ. ඒ වෙද්දී මිනිස්සුන්ගේ ගෞරවය බොහොම ඉහළින් මට එනවා. මම මෙහෙම කියන්නේ නිකන්ම නෙවෙයි. බොහොම බලගතු රාජ යෝගයක් එතුමාට තියෙනවා. ගජකේෂරී කියලා. එතුමාට ඒ වාසනාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, පහුගිය මැතිවරණයෙන් එතුමා පරාජය වුණා. අපි විශේෂ සමීක්ෂණ පවත්වනවා. එතුමා පරාජය වුණා කියලා දුකට මේ රටේ හතර දෙනෙක් දිවි නසාගත්තා. ඒ දිවි නසාගත්තේ සජිත් මහත්තයගේ කට්ටිය නෙවෙයි. සජිත් මහත්තයගේ තාත්තා ඉඩම් දීපු, ගෙවල් දීපු අයගෙන් හතර දෙනෙක් තමයි දිවි නසාගත්තේ. මේ රටේ කවදාවත්ම පර්චස් 10ක්වත් හිමි කරගන්න බැරිව හිටපු අයට රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඉඩම් දුන්නා. මේ ආත්මෙදී කවදාවත් තමන්ගෙයි කියලා ගෙයක් හිමි කරගන්න බැරි අයට රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගෙවල් දුන්නා. අද වෙද්දී ඒ ප්‍රේමදාස මහත්තයා හේතුවෙන් ලක්ෂ 30ක විතර ජනතා රැල්ලක් සජිත් මහත්තයාට වටේ කැරකෙනවා.
අපේ රට යූ.එස්.ඒ. නෙවෙයි, යූ.කේ. නෙවෙයි. කැනඩාව නෙවෙයි ඔස්ටේ්‍රලියාවත් නෙවෙයි. ඒ වගේ රටවල දුප්පත් මිනිස්සු ඉන්නේ 20%ක් විතර. අපේ රටේ දුප්පත් අසරණ අය 75%ක් විතර දැන් ඉන්නවා. තුන්වේල හොඳට කන අය ඉන්නේ 25%ක් විතර. මගේ සමීක්ෂණය අනුව. ඒ අනුව අපේ රටට පත්වෙන්න ඕනේ දුප්පතුන්ගේ දහඩිය සුවඳ හඳුනන, දුප්පතුන්ගේ ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙන නායකයෙක්. ඒක ජානවලින්ම ආපු නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ.

අපේ රටේ අනාගතය කොයි වගේ වේවිද? ඔබතුමාගේ අනාවැකිය මොකක්ද ඒ සම්බන්ධයෙන්?

2025 දක්වාම සුබ තත්ත්වයක් පේන්නේ නෑ. අයි.එම්.එෆ්. එකෙන් බිලියන 2.9ක් ගත්තා කියලා ඕක ඉතින් ලොකු දෙයක් නෙවෙයි. එදා යුද්ධය ආරම්භ වෙද්දී හිටපු ජේ.ආර්. මහත්තයට ඒ යුද්ධය අවසන් කරන්න බැරි වුණා. ප්‍රේමදාස මහත්තයටත් බැරි වුණා. චන්ද්‍රිකා මැතිනියටත් බැරි වුණා. නමුත් ඒ වෙලාවේ මම හොඳට බැලුවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වැඩේට දක්ෂයි. ඒ නිසා මම එතුමා එක්ක හිටියා. ආර්ථික අතින් අපේ රට ගොඩගන්න පුළුවන් හොරකම් නොකරපු, හොරකම් කරන්නේ නැති නායකයෙක්ට. සජිත් ප්‍රේමදාස කියන්නේ ඒ වගේ නායකයෙක්. ඉන්දියාවේ ඉන්න මගේ ඉහළම පෙළේ ජ්‍යොතිෂවේදීනුත් ඒක අනුමත කරනවා.

TNL TV යූටියුබ් නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී පළවූ අදහස්…

ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මැතිවරණවලින් බලයට එන්නේ මේ ජරාජීර්ණ දේශපාලනයේ ඉන්න පැරැණි නායකයොමද, එහෙම නැත්නම් අලුත් තරුණ නායකයෙක්ද?

අලුත්ම කෙනෙක් නෙවෙයි, දේශපාලන ක්ෂේත්‍රයේ දැනට ඉන්න කෙනෙක්. අවුරුදු 55ක් වගේ වයස කෙනෙක්. මම දේශපාලනය ගැන වැඩිය කතාකරන්න යන්නේ නෑ. මොකද දේශපාලනඥයෝ ගැන කතාකරන්න ගිහින් මම තරම් දුක් පීඩා වින්ද කෙනෙක් ලෝකෙම නෑ. නමුත් අපි ඒවා ඉවසගෙන හිටියා. හිටපු නායකයන්ගෙ වැරැද්දෙන් තමයි එහෙම වුණේ. මගේ අතින් වැරැද්දක් නොවී තමයි මම ඒ නින්දා අපහාස වින්දේ. ලෝකෙ කිසිම රටක ජ්‍යොතිෂවේදියකුට කාටූන් ඇඳලා නෑ. මට කාටූන් 300ක් විතර වැදුණා. නමුත් මම ඒකට හරි සතුටුයි. අන්තිමට කාටූන් එකක් නැති දවසට මට කන්නත් බෑ, නින්ද යන්නෙත් නෑ. සමහර කාටූන්වල තියෙනවා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයා මගේ කකුල් දෙක පිරිමදිනවා. කෝටි ගානක් දුන්නත් ඕක කරගන්න බෑනේ. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයට වැඩ භාරගන්න නැකැත හැදුවෙත් මම.

ඔබතුමා කියනවා 2025 වෙනකොට ජනාධිපතිවරණයක් පවත්වයි, ඒ ජනාධිපතිවරණයෙන් අවුරුදු 55ක් විතර වයස අපේක්ෂකයෙක් ජනාධිපති විදියට තේරී පත්වෙයි කියලා. එතකොට රාජපක්ෂවරුන්ට මොකද වෙන්නේ?

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය හරි ළෙන්ගතුයි. හරි පුදුමාකාර එකක්. හරි ආදරණීයයි. ඒක හින්දා ඒ රාජපක්ෂ බළකාය සම්පූර්ණයෙන්ම නැතිකරන්න බෑ. ඒක අදත්, මේ මොහොතෙත් මේ රටේ ජනතාවගෙන් මිලියන 3කටත් වැඩි ගානක් ඒගොල්ලන්ට ඡන්ද තියෙයි කියන එක තමයි මගේ දේශපාලන දැනුම අනුව මට අවබෝධ වෙන්නේ. මොකද ඒගොල්ලො ජනතාවත් එක්ක බොහොම ආදරෙන් හිටියේ.

බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරයා කවුරු වේවිද කියන කාරණාව කෙරෙහි. ඔහු අවුරුදු 55ක පමණ කෙනෙක් කියලා ඔබතුමා කියනවා. අපේ රටේ දේශපාලනයේ ඉන්නේ ඒ වගේ චරිත කිහිපයයි. මේ අය අතරින් වැඩියෙන්ම ඉදිරියෙන් ඉන්නේ කවුද?

ඩී.සේ.ගේ පුතා ඩඩ්ලි මේ රටේ සිවු වරක් රාජ්‍ය නායකයා වුණා. බණ්ඩාරනායක මැතිනියගේ පුතාට ඒ තැනට එන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ 21 වැනි සියවසේ මුල් දශකයේ ජනාධිපති වෙනවා කියලා මම අනාවැකිය කිව්වේ 1982දීයි.

එහෙනම් ඔබතුමාට තව අවුරුදු දෙකකින් ජනාධිපති වෙන්නේ කවුද කියන එක කියන්න බැරිකමක් නෑනේ?

මේ දවස්වල ඉස්කෝලවලට බස් එහෙම බෙදන මහත්තයෙක් ඉන්නේ. ඒ මහත්තයා කියලා කිව්වොත් නිවැරැදියි. ඒ මහත්තයගේ කේන්දරේ තරම් බලගතු කේන්දරයක් මම දැකලා නෑ. ඩී.එස්. සේනානායක මහත්තයා උපන්නේ 1884 ඔක්තෝබර් 20 වැනිදා. එතුමාත් මිථුන ලග්නයේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා 1949 මාර්තු 29 වැනිදා වගේ මට මතක. එතුමා දක්වාම කිසිම රාජ්‍ය නායකයෙක්ගේ ගජකේෂරී කියන යෝගය නෑ. මොකක්ද ගජකේෂරී කියන්නේ? චන්ද්‍රයා ඉන්න තැනින් හත්වැන්නේ බ්‍රහස්පති උච්චව සිටීමෙන් තමයි මේ ගජකේෂරී කියන යෝගය ආරම්භ වෙන්නේ. ඒක තමයි කතාව.

Life Traveler යූටියුබ් නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී පළවූ අදහස්…

මේ රටේ ජ්‍යොතිර්වේදියෝ ප්‍රතික්ෂේප කරපු කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. නමුත් අද වන විට ඔහු ජනාධිපතිවරයා බවට පත්වෙලා. මේක ඔබතුමා දැක්කේ නැද්ද?

අපි ඉතින් දේශපාලනයෙන් ඈත් වෙලා හිටියේ. ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරයෙක් ලෝකයේ ප්‍රථම වතාවට තමයි මෙහෙම ජනාධිපති වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් රාජපක්ෂවරුන්ට හිතවත් කෙනෙක් මේ රටේ පාර්ලිමේන්තුවේ හිටියේ එච්චරයි. ඉතින් එතුමාට මේක දීලා ගියා. ඒකනේ ඇත්ත කතාව. යම් ගෙදරකට හොරු පැන්නොත් ඉස්සෙල්ලාම ටෙලිෆෝන් එකෙන් කතා කරන්නේ ඒ ගෙදරට ආරක්ෂාව දෙන්න පුළුවන් කෙනාට. එහෙම දෙයක් එතැන සිද්ධ වුණේ.

හැබැයි අපට ඇහෙන කතාව තමයි සජිත් ප්‍රේමදාස මහත්තයට කතා කළා, ෆොන්සේකා මහත්තයට කතා කළා. නමුත් ඒ අය භාරගත්තේ නැති නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේකට කරගැහුවේ කියන කාරණාව?

නෑ නෑ. බුද්ධිමත් අය ඒ කතාව විශ්වාස කරන්නේ නෑ. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයා කැමැති වෙන්නේ නෑනෙ බැසිල් මහත්තයා මෙහෙයවන ආණ්ඩුවක් භාරගන්න. ෆොන්සේකා මහත්තයා කැමැති වෙන්නෙත් නෑ. සජිත් මහත්තයා බොහොම හොඳ බුද්ධිමත් නායකයෙක්. 1967 ජනවාරි 12 වැනිදා එතුමා උපත ලැබුවේ. බොහොම බලගතු ගජකේෂරී කියලා යෝගයක් එතුමාට තියෙනවා. එතුමත් මේ රටේ අනාගතේදී රාජ්‍ය නායකයෙක් වෙනවා. මේ රටේ දුප්පත් අසරණ අහිංසක ජනතාවට අසීමිත සේවයක් කරපු රාජ්‍ය නායකයා එතුමාගේ පියාණන්. එතුමාගේ පියාණන් මම දන්නවා. මගේ පියාණන්ගේ හොඳ මිත්‍රයෙක්. නොබෝ කාලයකින් මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වීමට සජිත් ප්‍රේමදාස මහත්මයාට වාසනාව තියෙනවා.

මීළඟ ජනාධිපතිවරණයේදී කවුරු ජනාධිපති වෙයි කියලද ඔබ හිතන්නේ?

දැන් මට වුවමනාව තියෙන්නේ දේශපාලනඥයො එක්ක සම්බන්ධ වෙලා වැඩකරන්න නෙවෙයි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මගේ සේවාදායකයො ඉන්නවා. දැන් අපි ජීවත් වෙච්ච කාලෙ වැඩියි. අපට ජීවත් වෙන්න තියෙන්නේ තව බොහොම කෙටි කාලයක්. සමහර විට පැය ගානක් වෙන්න පුළුවන්, දවස් ගානක්, මාස ගානක් වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රභාකරන් 2009 මැයි මාසේ 18 සහ 23 වැනිදා අතර මියයන බව කියපු මම දන්නවා මම මියයන දවසත්. නමුත් මට වුවමනාව තියෙන්නේ දෙස් විදෙස්වල ඉන්න මගේ විශාල සේවාදායකයන් පිරිසට බොහොම ගෞරවනීය සේවයක් ලබාදීමටයි.

ඔබතුමා හිතන විදියට මේ වෙනකොට දේශපාලන කරළියේ ඉන්න රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ කියන කේන්දර හතරෙන් බලගතුම කේන්දරය තියෙන්නේ කාටද?

මට ඇත්ත කියන්න සිද්ධවෙනවා. 1967 ජනවාරි 12 වැනිදා පස්වරුවේ උපත ලබපු කෙනා. ඊළඟ ජනාධිපති ගැන මම දැන් නොකියා කිව්වා. මේක ඉතින් හිතාගන්න පුළුවන්.

ඒ සජිත් ප්‍රේමදාස මහත්මයාද?

ඔව්. මොකද මේ රටේ දුප්පත් ජනතාව සතුටින් ඉන්නවා දකින්න අපි හරි ආසයි. ඒක වෙන්නම ඕනෙ දෙයක්. එතුමාගේ තාත්තා ඉන්න කාලේත් මේ රටේ ජනතාව හරිම සතුටින් හිටියා.

හංගපු සල්ලි එළියට ගන්න මන්තරයක් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දාලලු! කව්ද මේ අපේක්ෂකයා?

රටේ ජනතාවගෙන් සොරාගෙන සඟවා ඇති මහා ධනස්කන්ධය එළියට ගන්නා ක්‍රමවේදය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

අද ඇය අපේ පුංචි රටේ දහසක් ජීවිතවලට ජීවය දෙනවා... අම්මා නැති දරු තුන්දෙනාට ලොකු අම්මා වෙච්ච කුඩම්මා! කියවලාම බලන්න

මේ කතාව මට දකින්න ලැබුණේ සමාජ මාධ්‍යයෙන්. ඒත් මේ කතාව කියවගෙන යද්දී මගේ ඇස්වලට කඳුළු ඉනුවේ ඉබේටමයි. මේ කතාවෙන් කියැවෙන්නේ කුඩම්මා කෙනෙක් ගැන. ඇයව දකින්න තියෙනවා නම් කොයිතරම් වාසනාවක්ද කියලා හිතුණු වාර අනන්තයි. ඇගේ දියණිය අද වෛද්‍යවරියක් වෙලා අපේ පුංචි රටේ රෝහලක දහසක් ජීවිතවලට ජීවය දෙනවා. ඒ දියණිය කියන කතාව මෙහෙමයි. 

කුඩම්මා….

‘මම දැන් දොස්තර කෙනෙක්. රජයේ ඉස්පිරිතාලයකට අලුතින් පත්වුණේ. මගේ පවුලේ අක්කයි, අයියයි, මායි විතරයි. අම්මා නැති වෙනකොට ලොකු අක්කට වයස 8යි. අයියට 6යි. මට 5යි. තාත්තට රස්සාවක් කරගෙන අපි තුන්දෙනාගේ වැඩකටයුතු කරගන්න බැරිකම නිසා නෑයන්ගේ බලකිරීමක් මත තවත් කසාදයක් කරගත්තේ අපේ අනාගතය ගැන හිතලාය. අපේ පවුලට අලුතෙන් එක්වුණු සාමාජිකාව තමයි කුඩම්මා.’

‘ඒත්, අපි තුන්දෙනාටම කුඩම්මව පේන්න බැහැ. මන්ද, අපේ අම්මට වඩා ලස්සනත් නැහැ. අපිට අම්මා තරම් වටින්නෙත් නැහැ. එයාගේ අහිංසක පෙනුමක් තිබුණට, අපි එයාට සමීප වුණේ නැහැ. නමුත් එයා අපිට සැර ගතියක් පෙන්නුවේ නැහැ. අපි එයාගේ හිත රිද්දූ අවස්ථා බොහෝමයි. නමුත් එයා ඒවා ඉවසා හිත දරාගෙන හිටියේ කොහොමද මන්දා. හවස තාත්තා ගෙදර ආවාම කේළාම් කිව්වෙත් නැහැ. අම්ම කෙනකුගෙන් ඉටුවිය යුතු රාජකාරිය එයා එලෙසින්ම කිසි අඩුපාඩුවක් නැතිව සුහද සිතින් ඉටුකෙරුවා.’
‘අපි තිදෙනාම එකාට එකා පරයමින් හොඳට ඉගෙන ගත්තා. ගෙදර වැඩ, අපේ වැඩ සේරම කෙරුවේ කුඩම්මා. කුස්සියේ පැත්තකටවත් අපිට එන්න දුන්නේ නැහැ. අපිට කියල වැඩක් කරන්න දුන්නේ ඉස්කෝලේ වැඩ විතරයි. අපි ඉස්කෝලේ යනකොටත්, ගෙදරින් බැහැරව කොහේ ගියත් කුඩම්මා අපි පස්සෙන්මයි. අපේ අකැමැත්ත නිසා එයා අපෙන් බැණුම් අහන වාර අනන්තයි. නමුත් ඒවා සේරම ඉවසාගෙන අපිව බලාකියා ගත්තේ මල් වගේ.’

‘කුඩම්මාට දරුවෙක් හදාගන්න බැරි කාරණේ ගමේ හැමෝම කීවේ ‘වඳ ගැහැනියක්’ කියලා. ඒ කටකතා ඉවසගෙන හදවතින් හැඬූ වාර ගණන බොහෝමයක් ඇති.’


‘අපි ටික ටික ලොකු වෙනකොට කාලය ගෙවී ගිහින්. අක්කයි, අයියයි උසස් පෙළ සමත්වෙලා කැම්පස් යන කාලෙදී තාත්තා අසනීප වෙලා හිටියේ. කුඩම්මා තාත්තව ගොඩ දාගන්න ගත්ත උත්සාහය අපිට අද වගේ මතකයි. නමුත් එයින් ඵලක් වුණේ නැහැ. තාත්තා සදහටම අපෙන් සමුගත්තා. ඉන් පසු අපේ ගෙදර ආර්ථිකය දවසින් දවස කඩාවැටුණා. ගම වටේ නෑයන් හිටියට ඔවුන්ගෙ කිසි උපකාරයක් ලැබුණේ නැහැ.’


‘කුඩම්මා හොඳ ගොවි පවුලක කෙනෙක්. කුඩම්මට තිබුණා ගොඩින්, මඩින් දේපළ. ඒ සේරම අපේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා කොටසින් කොටස වික්කා. අපිට හොඳට ඉගැන්නුවා. කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ. කිසි කෙනකුට ණය වෙන්න හෝ කිසිවකුගෙන් අතපා ජීවත්වෙන්න තරමට අපිව පත්කළේ නැහැ.

කාලයේ ඇවෑමෙන් අපි තිදෙනා කුඩම්මව ටිකෙන් ටික තේරුම් ගන්නකොට කුඩම්මා අපිට ටිකක් අහිංසක සැරගතියක් පෙන්නුවේ අපේ අනාගතේ ගැන හිතල වෙන්න ඇති. ප්‍රේම සබඳකම් තහනම්. කොහේ ගියත් කුඩම්මා අපේ පස්සෙන්මයි. ක්‍රමයෙන් අපිට කුඩම්මා ගැන ඇතිවුණේ නිමක් නැති ආදරයක් සහ ගෞරවයක්. අපි එයාට ගෞරව කළා.’


‘අයියගේ උපාධියත් සමග කැනඩාවේ ආයතනයක උප කළමනාකාර තනතුරකට රැකියාවක් ලැබුණා. එයා රට ඉන්නකොට එයාට මනාලියක් තේරුවේ අපේ කුඩම්මා. දැන් අයියයි නෑනයි රට ඉන්නේ. එයාලට දැන් බබෙකුත් ඉන්නව.’

‘ලොකු අක්කගේ උපාධියට නවසීලන්තයේ වැඩිදුර ඉගෙනුම ලබන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. එහේ ගිය වෙලාවේ ලංකාවේ කෙනෙක් විවාහ වෙන්නට කුඩම්මාගෙන් අවසරය ඉල්ලුවා. නමුත් කුඩම්මා ඒ පුද්ගලයා ගැන තොරතුරු සොයාබලා එයාලගේ විවාහයට අවසර දුන්නා. එයාල ලංකාවට ඇවිත් විවාහ වෙලා ආයෙත් රට ගියා. දැන් මායි, කුඩම්මයි ගෙදර තනිවෙලා.’


‘අයියා ලංකාවට නිවාඩුවට ඇවිත් යන දවසේ කුඩම්මගේ නළලේ කැලල සිඹලා වැඳල තමයි යන්නේ.’

‘අපි පොඩිකාලේ දවසක් අයියා සරුංගලයක් හදන්න යනකොට කුඩම්මා එක්ක කේන්ති ගිහින් අතේ තිබුණු පිහියෙන් දමලා ගැහුවා. කුඩම්මගේ නළලේ වැදිලා මැහුම් හතරක් දැම්මා. ඒ දවස්වල අපේ තාත්තාටවත් කිව්වේ නැහැ. නාන කාමරේ ලිස්සල වැටුණා කියලයි කිව්වෙ.’

‘කුඩම්මා එයාගේ ජීවිත කාලයම අපි වෙනුවෙන් කැප කළා. රට්ටුන්ගෙන් නොහොබිනා ඇනුම්පද ඇහුවා. ඊට පසු කාලයක මට දැනගන්න ලැබුණා කුඩම්මා ‘වඳ ගැහැනියක්’ නොවන බව. තාත්තත් එක්ක කතා කරලා තීරණයක් ගත්තලු දරුවෙක් හදාගන්නේ නැහැයි කියලා. අපි තුන්දෙනා එයාට හොඳටම ඇති කියලා.’

‘ඇගේ කැපකිරීම මහමෙරක් තරණය කිරීමට අපිට රුකුලක් වුණා. කුඩම්මාවරුන් අතරේ අපේ කුඩම්මා දේවතාවියක්. ඇයට පන්සල් ගිහින් නිවනට යන්නට පෙරුම් පුරන්න අවශ්‍යතාවක් තිබේද….?’

‘දැන් ඇය වයසයි. මම කසාද බඳින වයසේ වුණත්, මට කසාදයක් ගැන හිතන්න බැහැ. මගේ කුඩම්මව දාල මම කොහේ යන්නද? අපිට පණ දුන් ඒ දේව මාතාව කිසිම අඩුපාඩුවක් නැතිව ඇස් දෙකේ තියන් මම හොඳින් බලාගන්නවා. ඇය නිරෝගීව විවේක සුවයෙන් කාලය ගතකරනවා.’ යනුවෙන් ඇය කියා තිබුණේ මවුපියන් විදියට දරුවන්ට යුතුකම් ඉෂ්ට කරනකොට ගුණ නැණ දෙකෙන් යුතු දරුවන් මේ ලෝකෙට දායාද කරනකොට පෙරළා දරුවන්ටද මවුපියන් ගැන හැඟීමක් පහළ වීම නොවැළැක්විය හැකි දෙයක්. ඔවුන්ද තමන්ව රැක්ක ඒ අම්මාව ජීවිත පරදුවට තියලා රැකගන්නවා. මේ කතාව සමාජයට මහත් ආදර්ශයක් ගෙන දුන්නා. සමහර විට පෙර ආත්මයක මේ දරුවන්ගේම අම්මා වන්නට ඇති.

අම්මා කෙනෙක් කියන්නේ කවුද? මේ කතාව අහලා හදවතට මහ පුදුමාකාර වේදනාවක් සමග උප උපන් ආත්මවල මේවාගේ අම්මලා නැති දරුවන්ට මෙවැනි අම්මලා ලැබෙන්න කියලා මටත් හිතුණු වාර අනන්තයි. මේ කුඩම්මෙක් නෙවෙයි සැබෑම අම්මා කෙනෙක්. මොකද අම්මා කියන ඒ වචනෙට සාධාරණයක් කරන්න පුළුවන් මේ වගේ අම්මලාට විතරයි කියලා මට හැඟුණා. බුදුරජාණන් වහන්සේ පවා මේ බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ සමාජය යහපත් කරන්නටයි. දරුවකුට ආදරේ දෙනවා කියන්නේ මේ ලෝකේට බිහිකරන එකවත් කන්න බොන්න දෙන එකවත් නොවන බව ඇගේ කතාව මේ සමාජයට කියලා දුන්නා. දරුවෙක්ට ගුණධර්ම කියා දීලා පාප ක්‍රියාවලින් මුදවලා හොඳින් උගන්නලා සුදුසු කාලයේ විවාහ කර දීම වගේම තමන් සතු දායාද සමසේ දරුවන් අතර බෙදාදීමද එහි දක්වා තිබෙනවා. ඒ වගේම එලෙස මවුපියන්ගේ වගකීම ඉෂ්ට කළ සත්පුරුෂ දරුවන්ද පෙරළා තමන්ගේ යුතුකම් ඉෂ්ට කිරීමට යොමු වෙන්නේ නිතැතින්මයි. එකිනෙකාගේ වගකීම් යුතුකම් ඉෂ්ට වෙනකොට සමාජය හරි ලස්සනයි. මිනිස්සුන්ට ජීවිතය විඳවන්නේ නැතිව විඳින්න පුළුවන් වන්නේ එතකොටයි.

තමන්ගේ කුසින් වදාපු දරුවන්ව මහපාරේ දාලා යන අම්මලා ඉන්න මේ රටේ මේ කුඩම්මා කෙනෙක් නෙවෙයි කට පුලා ‘අම්මා’ කියන්න දරුවන්ට හදවතට හැඟෙන අම්මා කෙනෙක්. උදේ හවස මල් තියලා වඳින්න ඕනේ මෙවැනි අම්මලාට. මෙවැනි දරුවන් ලැබෙන්නෙත් මෙවැනි මවුපියන් ලැබෙන්නෙත් පෙර කළ පිනක් නිසාමයි.

ඇය කුසින් දරුවෝ නොවැදුවත් ඇගේ යුතුකම ඉෂ්ට කරලා ලස්සන මල් තුනක් මේ ලෝකෙට ආරක්ෂා කරලා දායද කරන්න කැපවුණා. ඉන්න ටික කාලේ යුතුකම් ඉෂ්ට කළොත් ඕනෙම කෙනකුට සතුටෙන් දෑස් පියාගන්න පුළුවන්. මේ අම්මාට මේ දරුවන් තිදෙනා වෙනුවෙන් ඇගේ ජීවිතය කැපකළ ටිකම ඇති නිවන් දකින්න. ඇය තමන්ගේ සතුට දරුවන් වෙනුවෙන් කැප කළ අම්මා කෙනෙක්. අම්මා කියන්නේ පාරමිතා පුරණ තැනැත්තියක්මයි. ඒ නිසාමයි මවුපියන්ව ‘බුද්ධෝ විය මාතා’ ‘බුද්ධෝ විය පිතා’ කියා හඳුන්වන්නේ….


නිලන්ති රේණුකා

ජාතික කණ්ඩායමට ඇතුළත් වුණු ඩිල්ෂාන්ගේ දියණිය ලිමංසා ගැන ඇසෙන ආන්දෝලනාත්මක කතාව මෙන්න

ඔහු රටක් ආදරය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්.. ඒ විතරක් නෙවෙයි, පියාගේම අඩිපාරේ යන  ආදරණීය දුවක් ඇයට ඉන්නවා.. 

ලිමන්සා තිලකරත්න බොහෝ දෙනෙක් ඇය ගැන මේ දවස්වල කතා කරනවා.. ඒ ඇය වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න සමත් වුණු නිසා..

ඒත් ඒ ගැන බොහෝ දෙනෙක් සතුටු වුණත් ඇයට ලැබුණ ඒ අවස්ථාව ගැන බොහෝ දෙනා විවිධ විවේචනාත්මක මත ඉදිරිපත් කළා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගමාලාවක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙරට හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්න තෝරාගැනීම සිදුවූයේ නියමිත උපමාන අනුව බවත්, ඇගේ දුර්ලභ පන්දු යැවීමේ ආකාරය ඊට හේතු වූ බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හේමන්ත දේවප්‍රිය ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ කිසිදු පාසලකට ක්‍රීඩා කර නැති ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ලිමන්සා 19න් පහළ ජාතික කාන්තා පිලට තෝරා ගැනීමට එකම හේතුව ඇය ඩිල්ෂාන්ගේ දියණිය වීම බවටත්, ක්‍රිකට් බලධාරීන්ගේ බලපෑම් මත ඇය කණ්ඩායමට ඇතුළත් කර ඇති බවයි..

ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටි ක්‍රීඩිකාවක ශ්‍රී ලංකාවේ සංචිතයකට තෝරා ගැනීමෙන් මෙරට දුෂ්කරතා රැසක් මැද පුහුණුව ලැබූ ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් වූයේ දැයි සොයා බැලිය යුතුව ඇතැයි ද, ඩිල්ෂාන්ගේ දියණියගේ ක්‍රීඩා හැකියාවත්, ඇය මෙරට පාසල් අධ්‍යාපනය ලබා තිබේදැයි විමසා බැලිය යුතුව ඇතැයි ද ප්‍රශ්න කරන මෙරට කාන්තා ක්‍රිකට් පුහුණුකරුවන් රැසක් ලිමන්සා තිලකරත්න සංචිතයට තෝරා ගැනීමේදී අනුගමනය කරනු ලැබූ උපමාන කවරේදැයි බලධාරින් විසින් ප්‍රකාශ කළ යුතුව ඇතැයි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා..

“ජාතික කණ්ඩායමක් තේරීමේදී අපට උපමාන තිබෙනවා. ඒ අනුව තමයි සංචිතය තෝරන්නේ. අදාළ තරගවාරයේ දැක්වූ දස්කම්වලට අනුව පාසල්වලින් හොඳම ක්‍රීඩිකාවන් ගන්නවා. ඊළඟට දිස්ත්‍රික් ටැලන්ට් සර්ච් එකක් කරනවා. ඒ කියන්නේ පාසල්, ක්‍රීඩා සමාජ හා පෞද්ගලික ඇකඩමි වගේ. පස්සේ පළාත් සංචිතයෙනුත් හොඳම ක්‍රීඩිකාවන් තෝරා ගන්නවා. අපි පළාත් 5ක තෝරා ගැනීම් ස්ථාන හතරක පැවැත්වෙනවා. දඹුල්ල, කුරුණෑගල, කොළඹ හා ගාල්ල වශයෙන්. ඒ අනුව ක්‍රීඩිකාවන් 38 දෙනකුගේ මූලික සංචිතයක් ගොඩනැඟුවා. ඩිල්ෂාන්ගේ දුව එතකොට නිවාඩුවට ඇවිත් හිටියා. එයා කාන්තා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුවීම්වලදී ‘නෙට් බෝලර්’ කෙනෙක් විදිහට කටයුතු කළා. එයා දකුණත් පිට දඟපන්දු යවන්නියක්. හරිම දුර්ලභ පන්දු යවන්නියක්. ගුග්ලිත් දානවා. අපේ ජාතික කාන්තා ටීම් එකේවත් එහෙම ක්‍රීඩිකාවක් නෑ. බංග්ලාදේශ ටීම් එකේ එහෙම පන්දු යවන්නියන් තුන්දෙනෙක්ම ඉන්නවා. දැන් නම් රශ්මිව හදාගෙන යනවා. ඒකයි අපි ‘චයිනමන්’ ශෂිනි ගිම්හානි වේලාසනින්ම ජාතික කණ්ඩායමට ගත්තේ. ඉතින් මේ වගේ දුර්ලභ හැකියාවක් ඇති ක්‍රීඩිකාවක් දැක්කම අපි ඉක්මනට ප්‍රමෝට් කරනවා.” හේමන්ත දේවප්‍රිය එසේ කීවේය.

ලිමන්සාගේ දුර්ලභ පන්දු යැවීමේ දස්කම් සම්බන්ධව තේරීම් කමිටු ප්‍රධානියා එසේ කීවද 19න් පහළ කාන්තා ක්‍රිකට් පුහුණුකරුවන් රැසක්ම විමසා සිටියේ ‘එයා ඔච්චර පොටෙන්ෂල් නම් ඇයි පුරවැසිභාවය තිබිලත් ඔස්ට්‍රේලියාවට ගහන්න බැරිවුණේ’ කියාය.

ලිමන්සාට දුර්ලභ පන්දු යැවීමේ හැකියාවක් තිබුණද, ඇය සංචිතයට ඇතුළත් කිරීම නියමිත ක්‍රියාපටිපාටියට අනුව සිදුවිය යුතු බැවින් ඇය දිස්ත්‍රික් හා පළාත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවිය යුතු බවට දැනුම්වත් කර තිබූ බව ද තේරීම් කමිටු ප්‍රධානියා කියා සිටියේය.

“දිස්ත්‍රික්, පළාත් දෙකම හොඳට කරලයි ලිමන්සා සංචිතයට ආවේ. අපි සිලෙක්ටර්ස්ලා පස් දෙනෙක් ඉන්නවා. පුහුණුකරුවන් ඉන්නවා. හැමෝම බලලයි සංචිතය තෝරන්නේ. 19න් පහළ සංචිතයට ලිමන්සා වගේ තව එක්කෙනයි ඉන්නේ. එයා නුවර මහමායා බාලිකාවේ අෂේනි තලගුණේ.” හේමන්ත දේවප්‍රිය කීවේය.

ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් යුතු සංචිතය 16 දක්වා ඉහළ දමා ඇත්තේ ලිමන්සා තිලකරත්න සංචිතයට ඇතුළත් කිරිමට බවට චෝදනා එල්ල වී තිබේ.

“අපිට ක්‍රීඩිකාවන් 16ක් යවන්න පුළුවනි. පහුගිය කාලයේ ඔස්ට්‍රේලියාවෙන් ආපු යොවුන් කාන්තා කණ්ඩායමෙත් ක්‍රීඩිකාවන් 16ක් හිටියා. ඔස්ට්‍රේලියාවේ තුන්කොන් තරගාවලියට එන නවසීලන්ත සංචිතයටත් ක්‍රීඩිකාවන් 16ක් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. අනික ඔස්ට්‍රේලියාව එක්ක අත්සන් කරපු අවබෝධතා ගිවිසුමට අනුව අපිට ක්‍රීඩිකාවන් 16 දෙනකුට අවසර ලැබිලයි තිබුණේ.” කාන්තා තේරීම් කමිටු ප්‍රධානියා එසේ කියා සිටියේය.

දෙදෙනෙකුට ජීවත් වෙන්න අවයව දන් දී අවසන් ගමන් ගිය සුභන්‍යා: අවයව දන් දෙන්න කැමැත්තකින්ම ඉඳලා

ඇය නමින් ආර්.ජී. සුභන්‍යා වීරකෝන්. 21 හැවිරිදි ඈ අවිවාහක තරුණියක්.

කෑගල්ල ගලිගමුව පාතබාගේ, අමුහේන්තැන්න ග්‍රාමයේ පදිංචිව සිටි සුභන්‍යා, පහුගිය දවසක අවාසනාවන්ත ලෙස ජීවිත ගමන නිමා කරන්නේ මොළයේ ලේ ගැලීමක් නිසා මොළය මිය යාම හේතුවෙන්.

ජීවිතය හරිහැටි පටන් ගන්නත් මත්තෙන් මෙයාකාරයෙන් අවසන් ගමන් ගිය ඇය, තවත් ජීවිත දෙකක් ජීවත් කරවන්න හයියක් වෙලයි නේන ගමන් යන්නේ.

ඒ, ඇගේ ශරීර අවයව කොටස් රෝගීන් දෙදෙනකුට දන් දීමෙන්.

එලෙස සුභන්‍යාගේ ශරීර අවයව කොටස් සාර්ථකව බද්ධ කළ අදාළ රෝගීන් දෙදෙනා ඉතා සුවයෙන් කල් ගෙවන බවයි කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා සඳහන් කර තිබුණේ.

ආර්.ජී ධර්මදාස සහ එච්.පී තිලකාවතී මවුපිය යුවළට දාව ගැහැනු දරුවන් තිදෙනෙකු ම සිටින පවුලක බාල ම දියණිය ලෙස උපත ලද සුභන්‍යා ඉගෙනීමටද දස්කම් පෑ දියණියක්.

කොබ්බෑවල කීර්තිරත්න මහා විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉහළ ලෙස සමත් වුණු ඇය ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න ඇතුළත්ව තිබුණේ කෑගලු බාලිකා විද්‍යාලයට.

විශ්වවිද්‍යාල වරම් අහිමි වුවද සුභන්‍යා, ඉගෙනීමේ වුවමනාව අතැර නෑ. ඒ අනුවයි ඇය ජපන් පාඨමාලාවක් සහ ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරීමට තෝරාගන්නේ.

එහෙම ඉගෙනුම් කටයුතු කරන ඇය ඉකුත් 09 වැනිදා පෙරවරුවේ හිසේ කැක්කුමක් හේතුවෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව කරන ලද පරීක්ෂණවලදී අනාවරණයව ඇත්තේ සුභන්‍යාගේ හිසේ අධික ලෙස රුධිර වහනය වීමක් සිදුව ඇති බවක්.

පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඇයව ජීවත් කිරීමට මහත් පරිශ්‍රමයක් යෙදුව ද 13 වැනිදා ඇගේ මොළය මිය ගොස් ඇති බවට සනාථ කරගෙන.

ඒ අනුවයි දියණියගේ තත්ත්වය සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කර අවසන, ඇගේ අක්මාව වකුගඩු දෙක සහ ඇස් දෙක ඉවත් කරගැනීමට කටයුතු කර ඇත්තේ.

කෑගල්ල මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක වෛද්‍ය ධනුෂ්ක ජයතිලක මහතා සඳහන් කර තිබුණේ, එම අවයවවලින් දැනට අක්මාව හා එක වකුගඩුවක් පසුගිය  (14) රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර ඇති බව.

මියගිය සිය දියණිය ගැන මව කියූ කතාවයි මේ,

''මට ගැහැනු දරුවන්ම තුන් දෙනෙක් ඉන්නවා.

ලොකු දුවලා දෙන්නා විවාහ වෙලා වෙනම පදිංචිව ඉන්නේ. බාල සුභන්‍යා වීරකෝන් දුව අප දෙන්නත් එක්ක ගෙදර ඉන්නවා.

දුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. වේලාව බලපුහාම කිව්වා ජීව විද්‍යා විෂය ඉගෙන ගන්න කියලා. පස්සේ දුව උසස් පෙළ ජීව විද්‍යා විෂය ඉගෙන ගන්න කෑගලු බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.

ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටියත් විශ්වවිද්‍යාලයට යන්න තේරුණේ නෑ.

ඊට පස්සේ ජපන් යන්න ඕනෑ කියලා කුරුණෑගල ජපන් පාඨමාලාවක් හදාරමින් සිටියා. ඉංග්‍රීසි පාඨමාලාවක් ද ගලිගමුවේ හදාරමින් සිටියා.

දුව නිතර ආගමික වැඩවලට නැඹුරු වෙලා හිටියා. සිල් ගන්නවා.

කලින් ලොකු දුවට සුභන්‍යා දුව කියලා තියෙනවා අවයව දන් දෙන්න ඕනෑ කියලා. මට ලොකු දුව කිව්වේ සුභන්‍යා දුව මියගියාට පස්සේ.

කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරු අපට කරුණු කාරණා පැහැදිලි කර දුන්නා.

අප කැමති වුණා දුවගේ අවයව දන් දෙන්න. දැන් ඒ අවයව දෙදෙනකුට බද්ධ කරලා හොඳට ඉන්නවා කියලා දැන ගන්න ලැබුණා...''

(උපුටාගැනීම | දිනමිණ)

කෝ දෙනවා කියපු ලක්ෂ 3යි, බයික් එකයි..? දෑවැද්දක් කළ හදියක්.. දහසක් හීන පොදි බැඳගෙන කුලගෙට ආ ඇයට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න

දෑවැද්ද නම් දෑවැද්ද.. ඒකේ ආයේ වචන දෙකක් නැහැ.. ඔහු හිතන්න ඇත්තේ එහෙම..

ඒත් ඇත්තටම දුවෙක් දීග දෙනකොට දෑවැද්දක් ඕනම ද..? දැන් දැන් වෙද්දී ඒ සංකල්පය ටික ටික ඈත් වුණත් සමහර වෙලාවට තවමත් මේ වගේ කතා ඉඳහිට අහන්න ලැබෙනවා.. මේ සංවේදී කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්..

දෑවැද්ද ලෙස බයිසිකලයක් සහ රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා නොදීම නිසා සැමියා විසින් සිය බිරිඳ පහර දී මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා..

ඉන්දියාවේ බයිකෙඩා ගම්මානයේ පදිංචි සුන්දර් මීට වසර දෙකකට පෙර මීනා සමඟ විවාහ වී ඇති අතර, එතැන් සිට ඇයගෙන් දෑවැද්ද ඉල්ලා තිබෙනවා..

මේ සම්බන්ධයෙන් ඔහු ඇයට හිරිහැර කිරීමට පවා පුරුදුව සිටි බව ඇය සිය පියාට පවසා ඇති බවයි වාර්තා වෙන්නේ..

මීනා නැවතී සිට ඇත්තේ සොහාර්කාහි පිහිටි ඇගේ පියාගේ නිවසේයි..

සුන්දර් සෑම දිනකම ඇය බැලීමට ගොස් ඇති අතර, එම නිවසේදී ආහාර පවා ලබා ගන්නා බවයි පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ..

ඔහු ඊයේ රාත්‍රියේද ඇයව බැලීමට ගොස් ඇයව සිය නිවසට රැගෙනවිත් ඇති අතර, එහිදී ඔහු දෑවැද්ද සම්බන්ධයෙන් ඇය හා ගැටී ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ..

දෑවැද්ද සකසා ගැනීමට නොහැකි වීම නිසා ඔහු ඇයට පොලුවලින් පහර දී ගෙල මිරිකා මරා දමා එම ස්ථානයෙන් පලා ගොස් තිබෙන බව පැවසේ..

ඝාතනය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට දන්වා ඇති අතර, පසුව කාන්තාවගේ පවුලේ අය පොලිසියට පැමිණ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තිබෙනවා..

ඒ අනුව, ඇයගේ පවුලේ අයගේ පැමිණිල්ල මත පොලිසිය නඩුවක් පවරා ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ..

"කොල්ල කෑමට වාහනය ගෙන ඇත්තේ කුලී පදනමට... මීට පෙරත් අතුරුගිරියේ ස්පා ආයතනයක් කොල්ල කාලා... මිස්සක සන්දීප් ආගිය අතක් නෑ..." - මෙන්න අලුත්ම ස්පා ගේම්...

දෙකටන ප්‍රදේශයේ එක්තරා නිවෙසකට රැස්වූ තරුණයන් පිරිසක් කිසියම් රහසිගත සාකච්ඡාවක නිරතවෙමින් සිටියහ. 

මේ පිරිසට නායකත්වය දුන්නේ මිස්සකය. මිස්ක ඇතුළු පිරිස කිසියම් අපරාධයක් සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටියහ.

අපේ අතේ සතේ නැහැ. මෙහෙම ජීවිතයක් වැඩක් තියෙනවද? ඉන්න ටික කාලෙ ජොලියෙ ඉන්න ඕනෙ. ඒකට යහමින් සල්ලි තියෙන්න ඕනෙ. ඒ නිසා අපි එකතුවෙලා සල්ලි හොයන්න බලමු.

මිස්සක සිය සගයන්ට යෝජනා කළේය. මේ තරුණ පිරිස මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහිව සිටි අය වූහ. හරිහමන් රැකියාවක් නොතිබූ නිසා මොවුන්ට මත්ද්‍රව්‍ය මිලදී ගැනීම බරපතළ ගැටලුවක් විය. සල්ලි හොයන කෙටි මාර්ග ගැන මොවුන් සිතන්නේ ඒ නිසාය. මුදල් හොයන මාර්ග ගැන එකිනෙකා විවිධ අදහස් ඉදිරිපත් කළහ.

මසාජ් සෙන්ටර් හැම තැනම තියෙනවා. උන්ට මාර ඉන්කම් එකක් තියෙන්නෙ. මසාජ් සෙන්ටර් දෙක තුනකට පැනගත්තොත් අපට ලේසියෙන් සල්ලි හොයාගන්න පුළුවන්.

සන්දීප් යෝජනා කළේය. ඒ යෝජනාවට තරුණයන් වැඩි දෙනෙකු කැමැත්ත පළ කළහ.

ඒක ඇත්ත ස්පාවල ඉන්න උන් හොඳට හම්බ කරනවා. ස්පාවලට එන උන්ගෙ දත් සෙට් එකම ගලවලා තමයි උන් යවන්නෙ. අපි ඒ වැඩේට අතගහමු…

මිස්සක සන්දීප්ගේ යෝජනාව අනුමත කළේය.

මේ වැඩේට අපට හොඳ වාහනයක් තියෙන්න ඕනෙ. අපි කා ළඟවත්  වාහන නැති නිසා හොඳ එකක් හොයාගන්න ඕනෙ.

ස්පා කොල්ලකෑමට අවශ්‍ය වාහනයක් හොයා ගන්න ආකාරය ගැන කවුරුත් සිතන්නට වූහ.

“වාහන කුලියට දෙන තැනකින් එකක් ගමු. ස්පාවල ඉන්න කෙල්ලො බය කරන්න මගේ ළඟ හොඳ කඩුවක් තියෙනවා. ඒක ලෑස්ති කර ගන්න පුළුවන්…”මිස්සක සිය සගයන්ට කීවේය. වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනයකින්  මෝටර් රථයක් ලබා ගැනීමේ කාර්ය සන්දීප්ට භාර දුන්නේය. පසුගිය 08වැනිදා රාත්‍රියේ සිය සැලසුම ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කරගත් තරුණයන් පිරිස දෙකටන නිවෙසින් පිටව ගියහ.

වෘත්තියෙන් වාහන පින්තාරුකරුවකු වූ මිස්සක පදිංචිව සිටියේ දෙකටනය. මිනිස් ඝාතනයක ප්‍රධාන සැකකරුවකු වූ මොහු කලක් බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්ව සිටින අයෙකි. බන්ධනාගාරයේදී විවිධ අපරාධකරුවන් ඇසුරු කළ මිස්සක අපරාධ විද්‍යාව පිළිබඳව උපාධියක් ලබාගෙන බන්ධනාගාරයෙන් පිට වුණේය.

අපරාධ පිළිබඳව ලැබූ දැනුම නිසා අපරාධ කිරීමට ඔහු තුළ කිසිදු බියක් තිබුණේ නැත.

මිස්සකගේ උපදෙස් මත දෙල්ගොඩ ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනයකට ගිය සන්දීප් දින දෙකකට මෝටර් රථයක් ලබා ගත්තේය. එක් දිනක් සඳහා රුපියල් 4500/=ක මුදලක් ලබාදෙන පොරොන්දුව මත ලබාගත් මෝටර් රථය දෙකටන නිවස වෙත රැගෙන ආවේය.

''නුවර පාරේ ඕනෙ තරම් ස්පා තියෙනවා.රෑ 12.00න් පස්සෙ අපි වැඩේට බහිමු. ස්පා තුන හතරක් සුද්ද කළාම අපිට හොඳ ගාණක් හොයාගන්න පුළුවන් වෙයි.''මිස්සක සිය සගයන්ට කීවේය. කථිකා කරගත් පරිදි 08වැනිදා රාත්‍රියේ සියලු දෙනා දෙකටන පිහිටි නිවෙසට රැස්වූහ. ස්පා කොල්ලකෑම සඳහා අවශ්‍ය කරන කඩුවක් සහ පොලු ම`ුගුරු කීපයක් ඔවුන් රැගෙන ආහ.

මිස්සක සන්දීප් ඇතුළු තරුණයන් 07 දෙනෙක් මේ අපරාධය සඳහා යෑමට සූදානමින් සිටියහ. එදින මධ්‍යම රාත්‍රියේ පිරිස දෙකටන සිට යක්කල ප්‍රදේශය වෙත පැමිණියේය. ඒ වනවිට පිරිස හොඳ පදමට මත්ද්‍රව්‍ය පානය කර සිටියහ. ඇතැමුන් පියවි සිහිය ඉක්මවා ගොස් සිටියේය. ඒ වනවිට මධ්‍යම රාත්‍රිය ද ගෙවී යමින් තිබුණේය. මිස්සක ඇතුළු පිරිස ගමන් ගත් මෝටර් රථය යක්කල බැලුම්මහර ප්‍රදේශයේ එක්තරා සම්බාහන මධ්‍යස්ථානයක් අසල නතර කළේය.

“මෙතන හොඳයි වගෙ වැඩ පටන් ගන්න. සන්දීප් උඹ ඇතුළට ගිහින් බලලා වරෙන් කව්ද ඉන්නෙ කියලා. පිරිමි ඉන්නව නම් වැඩේ අත ඇරලා දාමු.”මිස්සක සිය සමීපතම සගයාවූ සන්දීප්ට නියෝග කළේය. මෝටර් රථය ප්‍රධාන මාර්ගයේ නතර කර තිබියදී ඉන් බැසගත් සන්දීප් සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වුණේය.

මෙම සම්බාහන මධ්‍යස්ථානය රාත්‍රිය පහන් වනතුරු විවෘත කර තබන එකකි. එහි කළමනාකාරවරයා වූයේ කාන්තාවකි. සන්දීප් යන විට එහි සිටියේ කාන්තාවන් 05 දෙනෙකු පමණි. සම්බාහන ආයතනය පරීක්ෂා කළ සන්දීප් ආපසු මෝටර් රථය වෙත දිව ආවේය.

''මචං… එතන කිසි ප්‍රශ්නයක් නැහැ වගෙ. ගෑනු ටිකක් ඉන්නෙ. අපිට ලේසියෙන් වැඩේ කර ගන්න පුළුවන්… දැන්ම යමු…'' සන්දීප් කීවේය.

''රයිට් එහෙනම් අපි බහිමු වැඩේට එකෙක්වත් බය වෙන්න එපා… ගිය ගමන් කෙල්ලගෙ බෙල්ලට කඩුව තියලා උන්ගෙ සල්ලි රත්තරන් බඩු සේරම ගනිල්ලා මතක තියාගන්න ඕනෙ උන් ළඟ තියන ෆෝන් ටික ගන්න…''මිස්සක සිය සගයන්ට කීවේය. සැනෙකින් ක්‍රියාත්මක වූ පිරිස මෝටර් රථයෙන් බැස සම්බාහන මධ්‍යස්ථානය වෙත දිව ගියහ.

තම පහස ලබා ගැනීමට ගනුදෙනුකරුවන් පිරිසක් එන බව සිතූ සම්බාහන මධ්‍යස්ථානයේ තරුණ කාන්තාවන් ඒ සඳහා සූදානම් වූහ. එහෙත් සිදු වුණේ කිසිවකුත් නොසිතූ දෙයකි.

''එකෙක්වත් කෑගහන්න එපා. දඟලන්න හදන්න එපා. කපනවා උඹලගෙ බෙලි. දණ ගහපියව් මෙතන…''තියුණු මුවහත් කඩුව ලෙලවමින් මිස්සක කෑගැසුවේය. සම්බාහන මධ්‍යස්ථානයේ තරුණ කාන්තාවන් දැඩි ලෙස භීතියට පත් වූහ. කර කියා ගන්නට දෙයක් නොමැතිව ඔවුන් අසරණ වූහ.

“දීපියව් තොපි ළඟ තියන සල්ලියි රත්ත්‍රං බඩු ටිකයි…”මිස්සකගේ නියෝග මත සන්දීප් ඇතුළු සගයන් සම්බාහන ආයතනයේ සිටි තරුණ කාන්තාවන් සතු මුදල්, රන් ආභරණ, ජංගම දුරකථන සියල්ල ඇතුළු සම්බ සකල මනාවම කොල්ල කෑහ.

“සන්දීප් ඔය සීසීටීවී කැමරාවයි මොනිටර් එකයි ගලවගනින්. පොලිසිය ඒවායෙන් තමයි අපිව අල්ල ගන්නෙ…”මිස්සකගේ උපදෙස් මත සන්දීප් සම්බාහන ආයතනයේ තිබූ සීසීටීවී කැමරා පද්ධතියම ගලවා ගත්තේය.

''අනේ අපට කරදර කරන්න එපා… අපි දුක් මහන්සියෙන් කීයක් හරි හම්බ කරගන්නෙ. අපි හොයාගන්න මේ සොච්චම අරගෙන කරදර නොකර යන්න.''ස්පා එකේ සිටි කෙල්ලන් ආයාචනා කරන්නට වූහ.

තරුණ කාන්තාවන් මේ ස්පා ආයතනවල සේවයට එන්නේ කරන්නට දෙයක් නැති කමටය. අනන්ත වූ දුක්ඛ දෝමනස්සයන්ට මැදිව දුක් විඳින අහිංසක කාන්තාවන් මේ රැකියාව කරන්නේ දැඩි පිළිකුලෙන් යුතුවය. තම දරුවන්ගේ කුස පුරාවාලන්නට උන්ට අධ්‍යාපනයක් ලබා දෙන්නට කිසියම් මුදලක් උපයා ගන්නට මේ ජරාජීර්ණ වූ රැකියාවට මොවුන් පෙළඹී සිටිති.

කාමුක පිරිමින්ගේ පහත් ආශාවන් සන්තර්පනය කර දුක් මහන්සියෙන් උපයා ගත් සේසතම කොල්ල කා ගත් මිස්සක ඇතුළු මැරයන් ආපසු යන්නට සූදානම් වූහ.

“ඒයි මෙතන මරු කෑලි ටිකක් ඉන්නවනෙ. දෙතුන් දෙනෙක් අරන් ගියොත් අපට ජොලියක් දාන්න පුළුවන්.”සන්දීප් යෝජනා කළේය. ඒ වනවිට මිස්සක ද තරුණ කතුන් දෙස ගිජු බැල්මක් හෙළමින් සිටියේය.

“උඹට නොකිව්වට මටත් ඒකම හිතුනා මරු කෑලි දෙකක් ඉන්නවා. අපි අරගෙන යමු… දැන් සල්ලිත් තියනවනෙ…”මිස්සක ද සන්දීප්ගේ යෝජනාවට කැමති වුණේ ය. ඒ වනවිට මේ පාපතරයන් සියලු දෙනා සිටියේ අසිහියෙන් යුතුවය. මත්ද්‍රව්‍ය පානය කර ඔවුන්ගේ සිහිය විකල් වී තිබිණි.

“උඹලා කෑගහන්න හදන්න එපා. කලබල කරන්නෙ නැතිව අතන තියන කාර් එකට නැගපල්ලා, අපිට තියනවා උඹලා එක්ක පොඩි ගනුදෙනුවක් කරන්න…''මිස්සක ස්පා ආයතනයේ සිටි සුරූපී තරුණියන් දෙදෙනෙකු වෙත කඩුව අමෝරමින් කෑගැසුවේය.

“අනේ අයියෙ අපට කරදර කරන්න එපා. සල්ලි අරන් යන්න. අපිට මෙහෙම ඉන්න දෙන්න. අපිට බයයි…”අහිංසක තරුණියන් හඬා වැළපුණේය. එහෙත් ඒ පාපතරයන්ගේ අනුකම්පාව ලබා ගැනීමට ඔවුන්ට හැකි වුණේ නැත.

මිස්සක සන්දීප් ඇතුළු මැරයන් ස්පා ආයතනයේ සිටි සුරූපිම තරුණියන් දෙදෙනා බලහත්කාරනේ ඇදගෙන ගොස්  මෝටර් රථයට දමා ගත්හ.

අපි වෙන දවසක ඉතුරු ස්පාවලට පනිමු. අද මේ වැඩේ කරලා ඉමු. මෙහෙම චාන්ස් එකක් ආයෙ ලැබෙන්නෙ නෑනෙ.

මෙන්න අලුත්ම ගේම..සැපයි…සල්ලියි…දෙකම එකට කොල්ලකන ස්පා ගේම්මිස්සක සගයන්ට කීවේය. කුඩා  මෝටර් රථය පොල් පැටෙව්වාක් මෙන් විය. මිස්සක ඇතුළු 7 දෙනාට අමතරව ස්පා ආයතනයේ තරුණියන් දෙදෙනා ද මෝටර් රථය තුළ වූහ. ඒ වනවිට අහිංසක තරුණියන් දෙදෙනා අන්ත අසරණව සිටියහ. ව්‍යාඝ්‍රයන් රැලකට මැදිවූ මුව පොව්වන් දෙන්නෙකු සේ අසරණව සිටි තරුණියන් දෙදෙනාට හඬා වැළපෙනවා හැරෙන්නට කරන්නට වෙනත් දෙයක් ඉතිරිව තිබුණේ නැත.

දැඩි කාම පිපාසාවෙන් සිටි පාපතරයන් පිරිස මෝටර් රථය තුළදී මේ අහිංසක තරුණියන් දෙදෙනාට විවිධ ලිංගික අතවර කරමින් සිය පහත් ආශාවන් සන්තර්පනය කර ගත්හ.

මෝටර් රථය දෙකටන ප්‍රදේශය වෙත ඉගිල ගියේය.

“මං දන්න ගෙයක් තියනවා දෙකටන. ඒ ගෙදර ඉන්න එකා හැමදාම රෑට හොඳටම බීලා නිදා ගන්නවා. මිනිහා විතරයි ගෙදර ඉන්නෙ. අපි එහෙට යමු…”මිස්සක සිය සගයන්ට කීවේය. පාපතරයන් රංචුව රැගත් මෝටර් රථය දෙකටනට එනවිට අලුයම 2.00ට පමණ වී තිබුණේය.

දෙකටන පාලු නිවෙසට යනවිට එහි හිමිකරු සිටියේ සුව නින්දේය. දෛනිකව අධික ලෙස මත්පැන් පානය කිරීම ඔහුගේ පුරුද්දක් විය. එදින ද පියවි සිහිය යනතුරු මත්පැන් පානය කර ඔහු නිදා සිටියේය.

“ඔය කෙල්ලො දෙන්න අරගෙන සද්ද නොකර වරෙල්ලා… ගෙදර අයිති එකා ඇහැරුණොත් අපට යන්න වෙනවා.මිස්සක සිය පාපතර සගයන්ට කීවේය. තරුණියන් දෙදෙනාගේ ගෙලට කඩුව තබා තර්ජනය කළ සන්දීප් ඔවුන් නිවෙස තුළට රැගෙන ගියේය.

“තොපි දෙන්නා කෑ ගැහුවොත් මෙතනම බාවනවා. දන්නවනෙ අපේ හැටි. මිස්සක අයිය හත් අට දෙනෙක් බාවලා හිරේ ගිහින් ආව එකෙක්. ඒ නිසා එයාට උඹල දෙන්නා ලොකු නෑ.”සන්දීප් තරුණියන්ගේ කනට කර එසේ කියමින් තර්ජනය කළේය.

ඒ පාපතරයන් එදින රැය පහන් වන තුරුම සුරූපී තරුණියන් දෙදෙනා මාරුවෙන් මාරුවට සමූහ දූෂණයට ලක් කළහ. පාපතරයන්ගේ පහත් කාමුක ආශාවන් සන්තර්පනය කරගැනීමට ඉඩ දී නිහඬව සිටිනවා හැරෙන්නට තරුණියන් දෙදෙනාට තවත් කළ යුතු යමක් ඉතිරිව තිබුණේ නැත. මත්ද්‍රව්‍ය පානය කර විකල් වූ මනසින් සිටි පාපතරයන් රැල රැය පහන් වන තුරුම අහිංසක තරුණියන් දෙදෙනා සිය ග්‍රහණයට ගනිමින් සිය ආශාවන් ඉටුකර ගත්හ.

9වැනිදා අලුයම නිවෙස් හිමියා හදිසියේම අවදි වුණේය. ඒ වනවිට නිවස තුළ හත්අට දෙනකු සිටිනු දැක දැඩි ලෙස කෝපයට පත් වුණේය. මිස්සක නිවෙස් හිමියාගේ මිතුරකු වුව ද තමන්ට නොදන්වා මේ ආකාරයට නිවස තුළට පැමිණීම බලහත්කාර කමක් ලෙස ඔහුට සිතුණේය.

“උඹලා කාගෙන් අහල ද මේ ගෑනු අරන් ගෙට රිංගුවෙ. බැහැපියව් එළියට නැත්නම් මං පොලිසියට කෝල් කරනවා.”නිවෙස් හිමියාගේ ගෝරනාඩුව එන්න එන්නම වැඩි විය. තවදුරටත් මේ නිවසේ රැඳී සිටීම අවදානම් බව තේරුම් ගත් මිස්සක සිය සගයන් සමග නිවසින් පිට වුණේය.

''අපි මෙතැනින් මාරු වෙමු. මේකා පොලිසියට කිව්වොත් සේරම ඉවරයි. අපි යමු අපේ ගෙදර. මේ කෙල්ලො දෙන්නව කොහෙහරි තියා ගන්නත් ඕනෙ.''මිස්සක කීවේය. ඒ වනවිට තරුණියන් දෙදෙනා දැඩි ලෙස පීඩනයට ලක්ව අන්ත අසරණ වී සිටියේය. රැය පහන් වනතුරුම විකෘති මානසිකත්වයෙන් සිටි පාපතරයන්ගේ විවිධ හිංසනයන්ට ලක්වෙමින් සිටි අහිංසක තරුණියන් දෙදෙනාට හඬා වැටෙනවා ඇරෙන්න කළ යුතු වෙනත් යමක් ඉතිරිව තිබුණේ නැත.

තරුණියන් දෙදෙනා නැවත මෝටර් රථයට දමා ගත් මිස්සක ඇතුළු සහචරයන් පිරිස කඳුබොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් වෙත ආහ.

ඒ නිවසේ මිස්සක දන්නා හඳුනන කාන්තාවක් විය. සිදුවූ සියල්ල මේ කාන්තාවට පැවැසූ මිස්සක තරුණියන් දෙදෙනා රඳවාගන්නා ලෙස ඇයට උපදෙස් දුන්නාය.

මුන් දෙන්නා පැනලා යන්න හදයි හොඳට බලා ගනින්. අපි ඒවට උඹට ගෙවනවා.මිස්සක ඇතුළු පිරිස තරුණියන් දෙදෙනා කාන්තාවට භාරදී නිවසින් පිටව ගියහ.

''අනේ අක්කෙ අපිට යන්න දෙන්න අපි පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ. ඔයත් ගෑනියෙක්නෙ. අපි දෙන්නා වැටිලා ඉන්න අසරණ කම ගැන ටිකක් හිතන්නකො.තරුණියන් දෙදෙනා කාන්තාව ඉදිරියේ හඬා වැටෙමින් තමන් නිදහස් කර යවන ලෙස ඉල්ලා සිටියෝය.

''උඹලට පිස්ස ුද මිස්සක අයියගෙ නියෝගවලට පිටින් මට යන්න බැහැ. මාත් ගෑනියෙක් තමයි. ඒත් මට උඹලට වැඩිය මිස්සක අයියා ලොකුයි. ඒ නිසා මෙතන ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව පාඩුවේ හිටපල්ලා.''කාන්තාව තරුණියන් දෙදෙනාට තර්ජනය කළාය. ඔවුන් දෙදෙනා කාමරයක හිර කළ කාන්තාව මිස්සකගෙන් පණිවිඩයක් ලැබෙන තුරු බලා සිටියාය.

ඒ වනවිට මිස්සක ඇතුළු සහචරයන් පිරිස කඳුබොඩ නගරයට පැමිණ සිටියහ.

“මිස්සක අයියෙ අපි මේ කෙල්ලො දෙන්නා දවස් දෙක තුනක් තියා ගමු. අපිට ෆුල් ජොලියක් දාන්න පුළුවන් අනික මේ වගේ චාන්ස් එකක් හම්බ වෙන්නේ නෑනෙ.”එකකු මිස්සකට යෝජනා කළේය.

‘උඹට පිස්සුද? මුන් දවස් දෙක තුනක් තියා ගත්තොත් හොඳට හිටියි. හෙට වෙද්දි පොලිසිය අපි පස්සෙ පන්නයි. මේ වැඩේ කළාට දැන් තමයි මටත් ඒකෙ බරපතළ කම තේරෙන්නෙ. අපි එළිවෙද්දි කෙල්ලො දෙන්නව අත අරිමු. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා.’

මිස්සක සිය සගයන්ට කීවේය. ඒ වනවිට මේ පාපතරයන් පිරිස ස්පා ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 4කට ආසන්න වටිනාකමෙන් යුත් මුදල් සහ රන් ආභරණ කොල්ලකා ගෙන තිබිණි. මේ අතර තරුණියන් සතු ක්‍රෙඩිට් කාඩ් පත් කීපයක් ද ඔවුන් රැගෙන ගොස් තිබුණේය.

වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දී මිස්සක සගයන් කීප දෙනකු ද සමග කඳුබොඩ නිවස වෙත ආවේය.

කෝ අර කෙල්ලො දෙන්නා දීපං අපි උන්ව කොහෙට හරි ඇරලවනවා. උන් දෙන්නව බලා ගත්තට උඹට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් දෙනවා. ඕන කරන බඩුවක් මුට්ටුවක් ගනින්.

කොල්ලකන ලද ක්‍රෙඩිට් කාඩ්පතක් කාන්තාව අත තැබූ මිස්සක තරුණියන් දෙදෙනා ද රැගෙන  මෝටර් රථයෙන් පිටව ගියේය.

වැලිවේරිය නගරය වෙත තරුණියන් දෙදෙනා රැගෙන ආ පාපතරයන් පිරිස ඔවුන් දෙදෙනා මෝටර් රථයෙන් බැස්සුවෝය.

“මේ නංගි උඹලට හොඳින් කියන්නෙ මේ වෙච්ච දේවල් ගැන පොලිසියට එහෙම කියලා තිබුණොත් උඹලට යහතින් ඉන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකුත් නොවුණ විදිහට සද්ද බද්ධ නතර කරලා ඉඳපල්ලා.තරුණියන් දෙදෙනාට තර්ජනය කළ මිස්සක මෝටර් රථයේ නැගී පලා ගියේය.

09 වැනිදා උදෑසන වනවිට මුළු යක්කලම ගිනිගෙන තිබුණේය. බැලුම්මහර ප්‍රදේශයේ ස්පා ආයතනයකට සන්නද්ධ කණ්ඩායමක් කඩාවැදී එහි දේපොළ කොල්ල කා තරුණියන් දෙදෙනෙක් පැහැරගෙන යෑමේ සිද්ධිය ප්‍රදේශයම උණුසුම් කරවීමට සමත් විය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, පොලිස් අධිකාරි චින්තක පීරිස් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ යක්කල පොලිස් ස්ථානාධිපති අතුල ගමගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රභාෂ්වර ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළහ.

කොල්ලයටත් වඩා තරුණියන් දෙදෙනා පැහැරගෙන යෑම ඉතාම බරපතළ සිදුවීමක් විය. ඒ වනවිට පැහැරගෙන ගිය තරුණියන් පිළිබඳ කිසිදු තොරතුරක් නොවීය.

මේක හොඳට ඕගනයිස් වෙලා දුන්න ගේම් එකක්. අපි ස්පා එක අවට සී.සී.ටී.වී. චෙක් කරන්න ඕනෙ ටෙලි ෆෝන් ඩීටේල්ස් ගන්න.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා යක්කල පොලිසියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

09වැනිදා පෙරවරුවේ පැහැර ගැනීමට ලක්වූ තරුණියන් දෙදෙනා යක්කල පොලිසිය හමුවේ පෙනී සිටියහ. ඔවුන් දෙදෙනා හඬා වැටෙමින් තමන්ට අත්විඳීමට සිදුවූ බිහිසුණු සිදුවීම් සියල්ල එකින් එක හෙළි කරන්නට වූහ.

පොලිස් අධිකාරි චින්තක පීරිස් මහතා ද ඒ වනවිට යක්කල පොලිසිය වෙත පැමිණ සිටියේය. කෙසේ හෝ මෙම පාපතරයන් කල්ලිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ඒ වනවිට පොලිසිය ගනිමින් සිටියේය

මේ සාහසික අපරාධය කළ පාපතරයන් පිළිබඳ මුල්ම තොරතුර ලැබෙන්නේ ඔය අතර තුරදීය. ස්පා ආයතනයේ සිටි තරුණියකගේ ක්‍රෙඩ්ට් කාර්ඩ් පතක් කොල්ල කල්ලිය විසින් රැගෙන ගොස් තිබිණි.

ඒ ක්‍රෙඩිට් කාර්ඩ් පත උපයෝගී කරගෙන කිසියම් පුද්ගලයකු දොම්පේ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලකින් වොඩ්කා මත්පැන් බෝතලයක් මිලදී ගත් බවට කෙටි පණිවිඩයක් එම ක්‍රෙඩිට් කාර්ඩ් පත හිමි තරුණියගේ ජංගම දුරකථනය වෙත ලැබුණේය.

මේ සෙට් එක දොම්පේ ඒරියා එකේ කරක් ගහනවා ඇති. දැන්ම ටීම් එකක් දොම්පෙට යවන්න. ප්‍රමාද වුණොත් අපිට මුන්ව කොටු කර ගන්න බැරි වෙනවා. පොලිස් අධිකාරි චින්තක පීරිස් යක්කල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඒ මොහොතේම දොම්පේ නගරය වෙත පිටත් කර යැවීමට කටයුතු කළේය.

උප පොලිස් පරීක්ෂක ප්‍රභාෂ්වර ඇතුළු නිලධාරීන් දොම්පේ ප්‍රදේශයට යනවිට සංවිධානාත්මක පිරිස එම ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් සිටියහ. මේ පාපතරයන් කල්ලිය පිළිබඳව පොලිසිය දොම්පේ ප්‍රදේශය පීරමින් තොරතුරු සොයන්නට වූහ.

මේ අතරතුර දෙල්ගොඩ නගරයේ සතොස අලෙවි සලෙන් භාණ්ඩ මිලදී ගත් බවට කෙටි පණිවිඩයක් නැවත එම ක්‍රෙඩිට් කාඩ්පත හිමි තරුණියගේ ජංගම දුරකථනය වෙත ලැබුණේය.
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඒ පිළිබඳව උප පොලිස් පරීක්ෂක ප්‍රභාෂ්වරට දැනුම් දුන්නේය. පොලිස් කණ්ඩායම දෙල්ගොඩට එද්දී එම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා අතුරුදන්ව සිටියේය.

ඒ වනවිට යක්කල පොලිසියේ ස්ථානාධිපති අතුල ගමගේ සහ උප පොලිස් පරීක්ෂක ප්‍රභාෂ්වර තම පෞද්ගලික ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන් මෙම සංවිධානාත්මක කල්ලිය පිළිබඳ තොරතුරු රැසක් ලබාගෙන සිටියහ. මේ පිරිස භාණ්ඩ මිලදී ගත් සුපිරි වෙළෙඳසල්වල සීසීටීවී පරීක්ෂා කර ඔවුන්ගේ ඡායාරූප පවා ලබා ගැනීමට පොලිසිය සමත්ව සිටියහ. සතොසෙන් භාණ්ඩ මිලදී ගෙන තිබුණේ කාන්තාවන් දෙදෙනෙකු විසින්ය. සීසීටීවී දර්ශනවල සිටි එම කාන්තාවන් දෙදෙනාගේ ඡායාරූප ලබාගත් පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී නගරය පීරන්නට වූහ.

“මුන් දෙන්නා තවම ටවුන් එකේ ඉන්න ඕනෙ. පනින්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි ප්‍රමාද වෙන්න හොඳ නෑ”ප්‍රභාෂ්වර සිය නිලධාරීන්ට කීවේය. පොලිසියේ සැලසුම සාර්ථක විය. කාන්තාවන් දෙදෙනා නගර මධ්‍යයේ සිටියදී සොයා ගැනීමට හැකි විය. පොලිස් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී දැඩි විරෝධයක් පළකර සිටියහ.

“මොකට ද අපිව අල්ලන්නෙ අපි මේ කිසිදේකට සම්බන්ධ නැහැ. අපි යනවා මානව හිමිකම් එකට”කාන්තාවන් කෑගසන්නට වූහ. එහෙත් පොලිස් නිලධාරීන් සන්තකයේ සීසීටීවී දර්ශනවල ඡායාරූප පෙන්වීමෙන් පසු කාන්තාවන් දෙදෙනා නිසොල්මන් වූහ.

“කොහෙද ස්පා කොල්ලෙට සම්බන්ධ අය ඉන්නේ? අපිට උන් ඉන්න තැන පෙන්වපල්ලා. නැත්නම් වැඩ වරදින්න පුළුවන්”පොලිස් නිලධාරීන් ගෝරනාඩු කරන්න වූහ. අවසානයේ කාන්තාවන් දෙදෙනා ඔවුන් නවාතැන් ගෙන සිටි නිවස වෙත පොලිස් නිලධාරීන් රැගෙන ගියහ. කාන්තාව මිස්සක ගැන සියලු තොරතුරු හෙළි කළාය.

ඒ නිවසේ සිටි ස්පා කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ.

“තමුන් මිස්සක එක්ක තියන සම්බන්ධය මොකක්ද? තමුන් කවුද?”පොලිසිය මිස්සකගේ නිවසේ සිටි කාන්තාවන්ගෙන් ප්‍රශ්න කරන්නට වූහ.

“සර් මම නයිට් ක්ලබ්වල වැඩ කරනවා. සන්දීප් මගෙ හොඳ යාළුවෙක්. එයා තමයි මාව මිස්සක අයියගෙ ගෙදර නතර කළේ. පස්සෙ මිස්සක අයියා මට යන්න දුන්නෙ නැහැ. එයා මාව තියාගෙන ඉන්නවා. මේක මිස්සක අයියගෙ අයියගෙ නෝනත් දන්නවා. එයා මිස්සක අයියට තියන බව නිසා සද්ද නැතිව ඉන්නවා. මට කන බොන දේවල් පවා ගෙනත් දෙන්නෙ මිස්සකගෙ නෝනා…”කාන්තාව තම පැටිකිරිය පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියාය.

මේ අතර යක්කල පොලිසියේ නිලධාරීන් මිස්සක පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වා තිබුණේය.

මිනීමැරුමට අමතරව තවත් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් මිස්සකගේ ගිණුමට බැර වී තිබිණි.

මීට මාස කීපයකට උඩදී අතුරුගිරිය ප්‍රදේශයේද මේ ආකාරයටම ස්පා ආයතනයකට කඩාවැදී මුදල් කොල්ලකා තරුණියන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියකටද මිස්සක ඇතුළු පිරිස සම්බන්ධ වූ බව හෙළි විය.

මේ වනවිට මිස්සක සන්දීප් ඇතුළු පාපතරයන් සිව්දෙනා ආගිය අතක් නැත. පොලිසිය ඔවුන් ලුහුබඳිමින් සිටිය ද ඒ කිසිවකු පිළිබඳ තොරතුරක් නොමැත.

මෙවැනි අපරාධ කරන පාපතරයන්ට නිදහසේ සිටීමට කෙසේවත් ඉඩදිය යුතු නැත. තම අම්මා, බිරිඳ,සහෝදරියන් නොහඳුනන මෙවැනි පාපතරයන්ට නිසි දඬුවම් ලබාදිය යුතුය.
හේමන්ත රන්දුණු

“කැමරාව ඉස්සරහ ඉන්නේ එක විනාඩියක් විතරයි…කෝටියක් හොයනවා ඒ විනාඩියට…” – ලංකාවම දන්න සුරූපී නිලිය වැඩ වරද්දාගෙනද?

මිනිස්සුන්ට අනුව ගොඩක් වෙලාවට  ලංකාවේ දැන් ඉන්න ජනප්‍රිය අය ගොඩක්ම කරන්නෙ අපි හිතනවට වඩා වෙනස් දේවල්.. 

හැබැයි එක හරි නෑ කියන්නත් අපිට අයිතියක් නෑ… කොහොම වුණත් අන්තිමට සමහර අය සමහරක් තැන්වල සෑහෙන අසරණ වෙනව…

‘මම දන්නවා මේ කතාව ෆීල්ඩ් එකේ කවුරුත් දන්නවා වුණාට සාමාන්‍ය මිනිස්සු විශ්වාස කරන් නෑ. මම මේ ටෙලි කෲ එකක වැඩ කරන කෙනෙක්. ගොඩක් වෙලාවට මට මුණ ගැහෙනවා ජනප්‍රිය චරිත…’

‘තිරේට ලස්සන වුණාට එයාලා ඇත්තටම එහෙම නෑ. එතන එක නිළියක් හිටියා. එයා ගොඩක් හිට්. මියුසික් වීඩියෝ වල තමා වැඩිපුරම ඉන්නෙ. මිනිස්සුත් හරි ආදරෙයි..’

‘ඒත් එයාගේ හැංඟිච්ච ජීවිතයක් තියනවා. කිව්වට අදහන්න බැරි වෙයි. එයා හැමදාම වගේ ජනප්‍රිය අසභ්‍ය වෙබ් සයිට් එකක ලයිව් වීඩියෝ කරනවා. ඒත් ගොඩක් එයාට ඉන්නෙ පිටරට ෆෑන්ස්ලාලූ. මූණ අඳුරගන්න බැරිවෙන්න වෙස් මූණක් දාගෙනලූ වැඩේ කරන්නෙ. මම දන්න විදිහට එයාගේ බෝයි එහෙමත් මේකට සපෝට්…’

‘මම දවසක් ජෝක් එකට වගේ එයාට ඕවා ගැන කිව්වම, මට මරු කතාවක් කිව්වා, ‘කවුරු වුණත් හැම රෙද්දම කරන්නෙ සල්ලි හොයන්නනේ. ඉතින් ඒකට පොඩ්ඩක් කැමරාව ඉස්සරහා ආතල් එකක් දෙන උන් ඉන්නවා. ඒක ඉතින් උන්ගේ හපන්කම. උන්ට පුලුවන් එක විනාඩියකින් කෝටි ගාණක් හොයන්න!!’

‘ඒ දේවල් ගැන එයා හොඳට දන්න බව මට තේරුණා. ඒත් මම ආයෙම ඒවා හාරා අවුස්සන්න ගියේ නෑ…’

‘හැබැයි තව දෙයක්.. ඕවා ඉතින් ඒ ෆීල්ඩ් එකේ අයට මැජික් නෙවේ. අනිවාර්‍ය දේවල් වගෙ එයාලා මේවා සලකන්නෙ… නිළියක් වුණාම සුඛෝපභෝගී ව ඉන්න එපැයි. ඒක ලේසි නෑ…’

පත්‍රිකාවේ කතිරය හෝ 1,2,3 වැරදීයාමෙන් අවලංගුවිය හැකි අවස්ථා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්!

2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ඡන්දය භාවිතා කරන අන්දම පැහැදිලි කරමින් මැතිවරණ කොමිසම මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙයි.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් තිදෙනෙකුට වඩා තරග කරන බැවින් ඡන්ද දායකයින්ට තමාට කැමති අපේක්ෂකයා සඳහා සෘජුව ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ කැමති අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වෙයි.

එක් අපේක්ෂකයෙකු සඳහා පමණක් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම්, ඡන්ද දායකයින්ට අදාළ අපේක්ෂකයාගේ නම සහ ලකුණු සඳහන් තීරුව ඉදිරියේ ඇති කොටුව තුළ කතිර ලකුණු (X) යොදන්න හැකිය.

එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි දෙනෙකුට ඡන්දය ලබා දෙන්නේ නම් කැමැත්තේ අනුපිළිවෙල මත අපේක්ෂකයින්ගේ නම් සහ ලකුණු ඉදිරියෙන් ඇත තීරුවේ 1,2,සහ 3 ලෙස තම මනාපය ප්‍රකාශ කළ හැකියි.

මනාප ප්‍රකාශකළ හැකි උපරිම ගණන 3කි.

මැතිවරණ කොමිසම මගින් නිකුත් කළ ඇති පහත උපදෙස් පත්‍රිකාව මගින් ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න තවදුරටත් පැහැදිලි කරගත හැකි වනු ඇත.

*කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය ලකුණු කර නොමැති වීම.
*එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහා ඡන්දය ලකුණු කර ඇති විට
*එක් අපේක්ෂකයෙකුට 1 හා තවත් අපේක්ෂකයෙකුට (X) සලකුණු ඇති විට
*දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් ලකුණු කර ඇති විට
*ඡන්ද දායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා ඇත්නම් හෝ ඇඳ ඇති විට
*1 හැර වෙනත් ලකුණු සමග 2,3 මනාප ලකුණු කර ඇති විට
*1,2,3ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇති විට.

ඡන්දදායක ඔබේ, ඡන්දය අවලංගු ඡන්දයක් ලෙස සටහන් වීමට හේතු විය හැකියි.

තංගල්ල-මිදිගම-දෙහිවල-රස්නායකපුර නාඳුනන තුවක්කුකරුවෝ ජීවිත 4ක් බිලිගනිති!

තංගල්ල, දෙහිවල, රස්නායකපුර සහ මිදිගම ප්‍රදේශවල දී සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් සිවු දෙනකු ඝාතනයට ලක්ව තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම මිනිස් ඝාතන හතරම පෞද්ගලික ආරවුල් සහ පාතාල ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මෙම ඝාතන කිසිවකට දේශපාලන සම්බන්ධයක් නොමැති බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.

දෙහිවල කළුබෝවිල සරණංකර පාරේ හෝටලයකට පෙරේදා (18දා) රාත්‍රි කඩාවැදුණු පාතාල අපරාධකරුවන් දෙදෙනකු එම හෝටලයේ හිමිකරුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ නායගම් විශ්වනාදන් නමැති 33 හැවිරිදි දෙදරු පියෙකි.

පෙරේදා රාත්‍රි 10.45ට පමණ යතුරුපැදියකින් පැමිණි පාතාල මිනීමරුවන් දෙදෙනකු හෝටලය ඉදිරිපිට එය නතර කර එක් අයකු එහි ගොස් ඇත.

දුම්වැටියක් මිලදී ගන්නා මුවාවෙන් එහි ඇතුළු වූ පාතාල අපරාධකරු හෝටල් හිමියාට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඝාතනයට ලක්වූ හෝටල්හිමියා පාතාලයට හෝ අපරාධ කිසිවකට සම්බන්ධ නැති බව පොලිසිය පවසයි.

මීට දින කීපයකට පෙර ගොනාකෝවිලේ කුඩු අසංකගේ ගෝලයකු කොස්මල්ලී නමැති පාතාල නායකයාගේ ගෝලයන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.

එසේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අවමඟුලට හෝටල්හිමියා විසින් කෑම පාර්සල් 400ක් ලබා දී තිබිණි. එම කෑම ලබාදී තිබුණේ ඩුබායිහි සැඟවී සිටින කුඩු අසංකගේ නියෝගය මත බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

කුඩු අසංකගේ ගෝලයාගේ අවමඟුලට කෑම ලබාදීම සම්බන්ධයෙන් පළිගැනීම සඳහා කොස්මල්ලීගේ ගෝලයන් විසින් හෝටල් හිමියා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

මේ අතර මාතර මිදිගම ප්‍රදේශයේ මාළු වෙළෙඳසලකට ඊයේ (19දා) පෙරවරුවේ යතුරුපැදියකින් කඩාවැදුණු පාතාල මැරයන් දෙදෙනකු විසින් මාළු ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි කැළුම් චතුරංග නමැති අයෙකි.

ඩුබායිහි සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මිදිගම චූටි නමැති පාතාල නායකයාගේ නියෝගය මත ඔහුගේ ගෝලයන් විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මාළු මිලදී ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනකු ද තුවාල ලබා ඇති අතර ඔවුහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතර ඊයේ අලුයම කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ ආපන ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි තරුණයකු ඝාතනයට ලක් විය.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ රස්නායකපුර තම්මුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා ආපන ශාලාව තුළ වෙඩි වැදී බරපතළ තුවාල සහිතව වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කර තිබිණි.

එහෙත් ඔහු රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇත. ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා රස්නායකපුර පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

තංගල්ල, නලගම, පොල්තවාන හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවකු විසින් 33 හැවිරිදි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නලගම විහාරන්දෙණිය තංගල්ල ලිපිනයේ පදිංචිව සිටි හේවාමාලගේ දේශාන් එරංද නමැති අයෙකි.

වෘත්තියෙන් ගව පාලනයේ නිරතව සිටි මෙම පුද්ගලයා පෙරේදා සවස ගවයන් රැගෙන ඒමට දෙමටවැව ප්‍රදේශයට ගොස් ආපසු නොපැමිණි නිසා ඒ පිළිබඳව නිවැසියන් පරීක්ෂා කර ඇත.

එහිදී මෙම පුද්ගලයා වෙඩි වැදී බරපතළ තුවාල ලබා වැටී සිටිනු දැක නිවැසියන් විසින් රෝහල්ගත කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් පසු මොහු මියගොස් ඇත. බෝර 12 පතරොම් තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.තංගල්ල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, දිලිප් එන්. ජයසේකර සහ පින්සිරි ආරියරත්න, වැලිගම – ලලිත් පද්මසිරි, සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්,