gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට ගමනාගමන කටයුතු ඇන හිටී... ජනතාවට විශේෂ දැනුම්දීමක්!

ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ අද දිනයේ සිට බස්රථ ධාවනය සියයට 50කින් පමණ අඩු වනු ඇති බවයි.

එමෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ බස් රථ ධාවනය තවදුරටත් පහත වැටෙනු ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.

මැතිවරණ කටයුතු සඳහා බස් රථ යෙදවීම සහ බස් රථ සේවකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා ගැනීම ආදී කාරණා ඊට හේතුවන බවද එතුමා වැඩිදුරටත් පැවසීය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 1,358ක් පමණ මැතිවරණ රාජකාරී සඳහා වෙන්කර ඇති අතර පොලිස් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ගමනාගමන් කටයුතු සඳහා බස් රථ 175ක් ලබා දී ඇති බවයි.

කෙසේවෙතත් දුර ගමන් සේවා සඳහා අවශ්‍යතාව පරිදි හැකි පමණ බස් රථ යෙදවීමට පියවර ගන්නා බවද ඔහු මාධ්‍ය වෙත පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka