gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එයා වැඩ කරන්නේ ඉතාලියේ එයා එහේ පදිංචි වෙලා ඉන්නේ.... අවුරුද්දකට සැරයක් මායි දරුවයි බලන්න එනවා - අංජුලා රාජපක්ෂ

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා මෑතකදී අතිශයින් ජනප්‍රිය වුණු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි අංජුලා රාජපක්ෂ කියන්නේ.දෙවනි ඉනම ටෙලි නිර්මාණයේ අමීෂා කියන චරිතය ඇය නිරූපණය කළා. ඒ වගේම මේ දවස්වල විකාශය වන ටෙලි නිර්මාණ කිහිපයකම ඇය රංගනයෙන් දායකත්වය දක්වනවා.

පසුගිය කාල සීමාවේදී නම් අමීෂා කලා කටයුතු වලින් ටිකක් ඈත් වෙලා තමයි හිටියේ. ඒකට හේතුව ඇය උතුම් මව් පදවිය ලැබීමත් සමඟම ආදරණීය පුංචි පුතත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න තීරණය කිරීමයි.වර්තමානය වන විට ඇය නැවතත් කලා කටයුතුවලට පූර්ණ අවධානය යොමු කරලා තියෙනවා.

ඒ වගේම අංගුලාගේ ආදරණීය සැමියා ගැන කතා කරද්දි ඔහුත් ඇයට කලා කටයුතුවලට ඉහලින්ම සපෝර්ට් එක දෙන සපෝටිව් ෆාර්ට්නර් කෙනෙක්.ඇයගේ ආදරණීය සැමියා ජීවත් වෙන්න විදෙස්ගත වෙලා. ඒ සම්බන්ධයෙන් ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මගේ හස්බන්ඩ් රංග වීරකෝන්. එයාව මට මුණගැහෙද්දිත් එයා ජීවත් වුණේ ඉතාලියේ. විවාහ වුණා කියලා එයාට එහේ වැඩ දාලා එන්න බැහැ. මට එහේ යන්න බැහැ. මගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටසක් තියෙනවා. මගේ තාත්තා නැති වුණා. අම්මා ඉන්නේ මාත් එක්ක. ඒ නිසා රංග අවුරුද්දකට සැරයක් ලංකාවට එනවා අපිව බලලා යන්න. එයා එහේ පදිංචිය. එයා නැතුව මම දරුවා එක්ක ලංකාවේ ජීවත් වෙනවා.”

ඉතින් ඒ සියලු දේවල් එක්ක ඇය ගත කරන ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka