gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පත්‍රිකාවේ කතිරය හෝ 1,2,3 වැරදීයාමෙන් අවලංගුවිය හැකි අවස්ථා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්!

2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ඡන්දය භාවිතා කරන අන්දම පැහැදිලි කරමින් මැතිවරණ කොමිසම මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙයි.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් තිදෙනෙකුට වඩා තරග කරන බැවින් ඡන්ද දායකයින්ට තමාට කැමති අපේක්ෂකයා සඳහා සෘජුව ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ කැමති අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වෙයි.

එක් අපේක්ෂකයෙකු සඳහා පමණක් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම්, ඡන්ද දායකයින්ට අදාළ අපේක්ෂකයාගේ නම සහ ලකුණු සඳහන් තීරුව ඉදිරියේ ඇති කොටුව තුළ කතිර ලකුණු (X) යොදන්න හැකිය.

එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි දෙනෙකුට ඡන්දය ලබා දෙන්නේ නම් කැමැත්තේ අනුපිළිවෙල මත අපේක්ෂකයින්ගේ නම් සහ ලකුණු ඉදිරියෙන් ඇත තීරුවේ 1,2,සහ 3 ලෙස තම මනාපය ප්‍රකාශ කළ හැකියි.

මනාප ප්‍රකාශකළ හැකි උපරිම ගණන 3කි.

මැතිවරණ කොමිසම මගින් නිකුත් කළ ඇති පහත උපදෙස් පත්‍රිකාව මගින් ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න තවදුරටත් පැහැදිලි කරගත හැකි වනු ඇත.

*කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය ලකුණු කර නොමැති වීම.
*එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහා ඡන්දය ලකුණු කර ඇති විට
*එක් අපේක්ෂකයෙකුට 1 හා තවත් අපේක්ෂකයෙකුට (X) සලකුණු ඇති විට
*දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් ලකුණු කර ඇති විට
*ඡන්ද දායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා ඇත්නම් හෝ ඇඳ ඇති විට
*1 හැර වෙනත් ලකුණු සමග 2,3 මනාප ලකුණු කර ඇති විට
*1,2,3ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇති විට.

ඡන්දදායක ඔබේ, ඡන්දය අවලංගු ඡන්දයක් ලෙස සටහන් වීමට හේතු විය හැකියි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka