gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මොනරාගලින් අනුරට 5ක්! සජිත්ට 1යි!

මොනරාගල දිස්ත්‍රික් සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ඡන්ද 174,730ක් ලබා මන්ත්‍රී ධුර 5ක් දිනාගෙන තිබේ.

ජාතික ජන බලවේගය – 174,730
සමගි ජන බලවේගය – 62,014
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,624
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 10,697
සර්වජන බලය – 3455

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය එක් ආසනයක් දිනාගෙන තිබේ.

දිස්ත්‍රික් ප්‍රතිපල නිකුත් කිරීම පටන් ගනී! බදුල්ලෙන් අනුරට 6ක්! සජිත්ට 2යි! රනිල්ට 1යි!

බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය – මාලිමාවට මන්ත්‍රී ධුර 6ක් !  

ජාතික ජන බලවේගය – 275,180
සමගි ජන බලවේගය – 102,958
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  -36,450
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,255
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 9,656

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

 
2024 මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 28,475 
සමගි ජන බලවේගය - 2,985
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1,814  
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 934  
සර්වජන බලය - 728

හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

 
2024 මහ මැතිවරණයේ හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 17,326
සමගි ජන බලවේගය - 1,623
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,293  
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 774
සර්වජන බලය - 188

කළුතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

 
2024 මහ මැතිවරණයේ කළුතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය -  29,076
සමගි ජන බලවේගය - 3,340
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1,913 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -  1,160
සර්වජන බලය - 613

රත්නපුර තැපැල් ඡන්ද ප‍්‍රථිපල මෙන්න..

 
රත්නපුර දිස්ත‍්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇත.

ජාතික ජන බලවේගය 24,776
සමගි ජන බලවේගය 2,969
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1,528
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,031
සර්ව ජන බලය 463

ගාල්ලේ තැපැල් ඡන්ද ප‍්‍රථිපල මෙන්න..

 
ගාල්ල දිස්ත‍්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇත.

ජාතික ජන බලවේගය 32,296
සමගි ජන බලවේගය 3,523
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1,964
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,846
සර්ව ජන බලය 607
ජන අරගල සන්ධානය 171

"කොහොමද මගෙ නිව් ලුක් එක..? "දිනක්ෂි ප්‍රේක්ෂයන් අමාරුවේ දැම්ම කතාව (PHOTOS)

දිනක්දි ප්‍රියසාද් කියන්නේ ආදරණීය දක්ෂ නිළියක් බව අපි කව්රුත් දන්නවා.

ඇය මේ වන විට ඇගේ ජීවිතේ ලස්සනම දේවල් අත් විදිමින් ඉන්නවා ඇය ඇගේ ජීවිත්වෙ බොහෝ දේවල් මේ වෙද්දි ලගා කරගෙන අවසන්.

ඇගේ රංගන ජීවිතේත් ඇය ඉතාම විශිෂ්ඨ ලෙස මේ වන විට ප්‍රති නිර්මාණට කරමින් ඉන්නවාං

ඒ නිසාම ඇයට ලැබෙන ප්‍රතිචාරත් එලෙසමයි. ඇය කොහොමත් වෙනස් විදියේ ලස්සනක් සහිත නිළියක්. ඉතින් බලන්නකෝ ඇගේ ආදරනීය බව. 

 ඇය අහලා තියන්නේ ඇගේ ලස්සන ගැන. ඒ සදහා ඇයට ආදරණීය ප්‍රේක්ෂල ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.

"සරසවිය රස විය සවිය විය.." මේ නම් ඇගේ සංගීත දිවියට ලැබුණ හොඳම ආභරණයක්! (PHOTOS)

ඇය කවදත් ලස්සන සුරූපී තරුණියක්..

කාංචනා අනුරාධි, ඇයට ගොඩක් දෙනා ආදරය කරන බව නොරහසක්.. කාංචනා කියන්නේ ගායනයට විතරක් හපන්කම් දක්වන තැනැත්තියක් නෙවෙයි.. 

ඇය ඉගෙනීමටත් ගොඩක් දක්ෂයි.. ඔන්න ඉතින්  පසුගිය දවසක ඇගේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්විලා.. ආ මග කොයිතරම් දුෂ්කර වුවත් ඒ සියල්ල අතරින් ඇය තමන්ගේ ඉලක්කය සපුරාගන්න සමත් වෙලා..

ඉතින් මේ ගමනට ඇයට මොන තරම් නම් පිරිසක් උදව් උපකාර කරන්න ඇතිද..? විශේෂයෙන් ඇගේ පවුල..

කොහොම වුණත් ප්‍රථම පන්තියේ පන්ති සාමාර්ථයක් (FIRST CLASS DEGREE) ලබාගන්න ඇය සමත් වෙලා.. මෙන්න බලන්නකෝ ඒ විශේෂ දවසේ කාංචනා අමතක නොවන මතක එකතු කරලා තිබුණ අපූරුව...

සම්බා­හනයට අපාර්ට්මන්ට් එකකට ගිය වෛද්‍ය­ව­රයාගේ නිරු­වත වීඩියෝ කර කප්පමක් ඉල්ලලා!

අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ පුද්ග­ල­යකු මඟින් සම්බා­හ­න­යක් කර­ගැ­නී­මට බම්බ­ල­පි­ටියේ තට්ටු නිවාස සංකී­ර්ණ­යක නි‍ව­ස­කට පැමිණි වෛද්‍ය­ව­ර­යකු නිරු­වත් කර වීඩියෝගත කර එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජ­නය කර­මින් රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක් මාර්ග­ගත ක්‍රම­යට බැංකු ගිණු­ම­කට බැර කරවා ගනි­මින් සිදු­කළ මුදල් කොල්ල­කෑ­මක් සම්බ­න්ධ­යෙන් බම්බ­ල­පි­ටිය පොලී­සිය පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත. දකුණු පළාතේ පිහිටි රෝහ­ලක සේවයේ නිරත වයස අවු­රුදු 35ක් පමණ වන වෛද්‍ය­ව­රයා කොළ­ඹට නුදුරු ප්‍රදේ­ශ­යක පදිං­චිව සිටි­න්නෙකි.

අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පුද්ග­ල­යෙක් සමඟ මෙම වෛද්‍ය­ව­රයා කෙටි කාල­යක් සංවා­දයේ යෙදෙ­මින් හිත­ව­ත්ක­මක් ගොඩ­න­ඟා­ගෙන තිබී ඇත.

වෛද්‍ය­ව­රයා පොලී­සි­යට පවසා ඇත්තේ  දැන හඳු­නා­ගත් පුද්ග­ලයා තමාට යොමු කළ ලොකේ­ෂන් ඔස්සේ පසු­ගිය අට­වෙ­නිදා සවස බම්බ­ල­පි­ටියේ මහල් නිවාස සංකී­ර්ණ­ය­කට ගිය බවය. තමා එම නි‍ෙව­සට ගියේ මුද­ලට සම්බා­හ­න­යක් කර ගැනීම සඳහා බව ද වෛද්‍ය­ව­රයා පොලී­සි­යට පවසා ඇත.

නිවාස සංකී­ර්ණය දහ­වැනි නි‍ව­සට ගිය වෛද්‍ය­ව­ර­යාව අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පුද්ග­ලයා විසින් පිළි­ගෙන කාම­ර­ය­කට රැගෙන ගොස් ඇති බවත්, වෛද්‍ය­ව­ර­යාට එහි දී තුවා­යක් ලබා­දෙ­මින් ඇඟ­පත සෝදා­ගෙන පැමි­ණෙන ලෙස දැනුම් දී ඇති බවත් තමා ඇඟ­පත සෝදා­ගෙන පැමිණ ඇති බැවින් නැවත සෝදා ගැනී­මක් අන­වශ්‍ය බවත් එහි දී වෛද්‍ය­ව­රයා පව­ස­මින් සම්බා­හ­නය කර ගැනී­මට සූදා­නම් වී ඇති බව පොලී­සිය සඳ­හන් කරයි. එම අව­ස්ථාවේ දී වෙනත් කාම­ර­යක සිටි පුද්ග­ල­යන් සිවු දෙනෙක් එ‍තැනට කඩා වැදී පැය­කට ආසන්න කාල­යක් වෛද්‍ය­ව­ර­යාව රඳ­වා­ගෙන ඇඳුම් ගලවා නිරු­වත වීඩි­යෝ­ගත කර ඇතැයි වෛද්‍ය­ව­රයා පව­සන බව පොලී­සිය සඳ­හන් කරයි.

එසේ ලබා­ගත් වීඩි­යෝව අන්ත­ර්ජා­ල­යට සහ සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජ­නය කර­මින් තමාගේ බැංකු ගිණුමේ තිබූ රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක් මාර්ග­ගත ක්‍රම­යට ඔවුන් ලබා­දුන් ගිණුම් අංක­ය­කට හුව­මාරු කළ බව ද වෛද්‍ය­ව­රයා බම්බ­ල­පි­ටිය පොලී­සි­යට පැමි­ණිලි කර ඇත.

මෙම ස්ථාන­යෙන් නිද­හස්වූ පසු වෛද්‍ය­ව­රයා මේ බව තමාට හිත­වත් නීති­ඥ­ව­ර­ය­කුට පැව­සී­මෙන් පසු ඔහුගේ දැනුම් දීමට අනුව පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර තිබේ.

ඒ අනුව බම්බ­ල­පි­ටිය පොලි­සියේ නිල­ධා­රීන් වෛද්‍ය­ව­රයා සමඟ ඔහු සඳ­හන් කළ තට්ටු නිවාස සංකී­ර්ණ­යට ගොස් තිබේ. ඒ වන­වි­ටත් එම නි‍ෙවස වසා දමා සැක­ක­රු­වන් පලා ගොස් සිටි බව පොලි­සිය සඳ­හන් කරයි.

නිවසේ හිමි­කරු ගල්කිස්ස ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු බව අනා­ව­ර­ණය වී ඇත. නිවෙස් හිමියා එම නි‍වස කුලී පද­නම මත ලබා දෙන්නක් බව ද අනා­ව­ර­ණය වී තිබේ. අන්ත­ර්ජා­ලයේ වෙ‍ෙළඳ දැන්වීම් පළ කර­මින් කුලි­යට දීමට තිබූ එම නිවස පසු­ගිය බදාදා දින­කට රුපි­යල් 12,500 බැගින් වූ ගෙවීම් පද­න­මක් මත යම් පුද්ග­ල­යෙක් කුලි­යට ලබා­ගෙන තිබී ඇතැයි විම­ර්ශ­න­ව­ලින් හෙළි වී ඇත.

එසේ තමාගේ නි‍වස කුලි­යට ගත් පුද්ග­ලයා කවු­රු­න්දැයි නිවෙස් හිමි­කරු නොදන්නා බවත් නි‍වසේ යතුර පවා ලබා දී ඇත්තේ ගල්කිස්සේ සිට ගෝල­යකු බම්බ­ල­පි­ටි­යට එවා ඔහු මඟින් බවත් අනා­ව­ර­ණය වී ඇත.

මුදල් හුව­මාරු කළ බැංකු ගිණුම ඔස්සේ විම­ර්ශන සිදු­වන බවත් එම ගිණුම් හිමි­කරු බැංකු­වට ලබා දී ඇති ලිපි­න­යට අනුව කළ සොයා බැලී­මක දී අනා­ව­ර­ණය වී ඇත්තේ ඔහු එම ලිපි­නයේ මේ වන­විට නොමැති බවය. තව­දු­ර­ටත් ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වෙන බවත් ආර­ක්ෂක කැමරා දර්ශන ද විම­ර්ශන කට­යු­තු­ව­ලට යොදා­ගෙන තිබෙන බවත් උසස් පොලිස් නිල­ධා­රීන් සඳ­හන් කළේය.
(ගයාන් කුමාර වීර­සිංහ)

"ඒ ගෑනු ළමයා පුහුල් හොද්දකුත් අරන් මගේ කාමරයට ආවේ සින්දු අහන්න" - නිවසේ බෝඩින්කාර කොල්ලන් වශී කරන බටු මාලුව සහ පුහුල් හොද්දේ කතාව!

කිසියම් නිවසකින් ආහාර අනුභව කරන තරුණයකුගේ සිත ඒ නිවසේ සිටින තරුණියක කෙරෙහි වශී කරගත හැකි වම්බටු ව්‍යංජනයක් සහ පුහුල් හොද්දක් පිළිබඳව මීට දශක කිහිපයකට පෙර මට අසන්නට ලැබිණ.

ඒ පූගොඩ පෙහෙකම්හල වසා දමන තුරු හැත්තෑව දශකයේ මැද භාගයේ සිට එහි සේවය කර නැසී ගිය යක්කල, පොල්හේනේ කේ. ඒ. නෝබට් පෙරේරා මහතාගෙනි.

තම නිවසේ බෝඩින් වීමට පැමිණෙන ‘කොල්ලන්’ වසඟ කරගැනීමට පූගොඩ නිවෙස්වල ‘කෙල්ලන්’ විසින් උයාදෙනු ලබන බටු මාලුවේ සහ පුහුල් හොද්දේ කතාව පිටස්තර ප්‍රදේශවලද පැතිර ගිය බැවින් එම වශීකාරක ආහාරයේ සුලමුල සෙවීමට මම යුහුසුළු වීමි.

එතෙක් අතිශය පිටිසර සහ නොදියුණු ප්‍රදේශයක්ව පැවති දොම්පේ ආසනයේ පූගොඩ, මුල්වරට ආලෝකමත් වූයේ 1975 එවක රජයේ ප්‍රබල අමාත්‍යවරයකුව සිටි ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක විසින් අරඹන ලද පූගොඩ පෙහෙකම්හල නිසා ය. එවක එය දොම්පේ ආසනය ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණයන් දහස් ගණනකට රැකියා උල්පතක් විය.

ඒ අනුව එලෙස රැකියා හිමිකර ගැනීමට සමත් වූ පූගොඩ පෙහෙකම්හලේ සිට කිලෝමීටර් තිහක් පමණ දුර සිටි පැමිණි තරුණයෝ තම රැකියාවේ පහසුව සඳහා පූගොඩට සමීප කපුගොඩ, ගිරිදර, උඩකණම්පැල්ල, තරාල, ඕවිටිගම, සෙනසුන්ගොඩ, මාළිඳ ඇතුළු ප්‍රදේශවල බෝඩින්කරුවන් ලෙස නතර වූහ.

බින්න බැහීම
පූගොඩ වශීකාරක බටු මාලුවේ සහ පුහුල් හොද්දේ කතාවට මුල පිරෙනුයේ එතැන් සිට ය. ඉන් පසුව 1977 බලයට පත් රජයේ පේෂකර්ම අමාත්‍ය පදවිය කටාන ආසනය නියෝජනය කළ විජයපාල මෙන්ඩිස්ටත් නියෝජ්‍ය අමාත්‍ය පදවිය බිබිලේ ආසනය නියෝජනය කළ ධර්මදාස බණ්ඩාටත් හිමිවීම තුළ එම ප්‍රදේශ නියෝජනය කළ තවත් තරුණයන් සැලකිය යුතු පිරිසක් පෙහෙකම්හලේ රැකියා ලැබ පූගොඩට සංක්‍රමණය වූහ.

ඒ සෑම තරුණයකුම පාහේ පූගොඩට තදාසන්න ඉහත සඳහන් ප්‍රදේශවල වූ නිවාසවල නතර වූ අතර, එම සම්පූර්ණ බෝඩින්කරුවන් පිරිස දහස් ගණනක් වන්නට ඇත.

මෙලෙස තම නිවෙස්වල පිට පළාත්වල තරුණයන් බෝඩින් කරගත් පූගොඩ අවට වැසියන්ගේ ආර්ථිකය ද මඳක් ඉහළ නැංවුණු බව රහසක් නොවේ. මෙසේ පිට පළාත්වල සිට පූගොඩ පෙහෙකම්හලේ රැකියාවට පැමිණ ඒ අවට නිවෙස්වල නතර වී සිටි තරුණයකු දෙදෙනකු එම නිවාසවල තරුණියක දෙදෙනකු විවාහ කරගැනුණු අතර මුලින් එය එතරම් ආන්දෝලනාත්මක පුවතක් නොවීය.

නමුත් එක්දහස් නවසිය අසූව දශකයේ මුල බාගයේ සිට එලෙස පිට පළාත්වලින් පැමිණ පූගොඩ නිවාසවල නතර වූ තරුණයන් එම නිවාසවල තරුණියන් විවාහ කරගෙන එම නිවෙස්වලම ‘බින්න බැහීමේ’ රැල්ලක් පැතිර ගිය අතර, පසුකාලීනව එලෙස පූගොඩ අවට බෝඩින් නිවාස හිමි තරුණියන් විවාහ කරගන්නා පිට පළාත්වල තරුණයන්ගේ සංඛ්‍යාව සිය ගණනින් ඉහළ නැංවිණි.

ඒ අනුව මට මෙම අපූරු පුවත පිළිබඳව මුල්ම හෝඩුවාව දුන් පෙරේරා මහතා කීයේ එම සෑම තරුණයකුම බෝඩිමේදී රස විඳින බටු මාලුවක් සහ පුහුල් හොද්දක් ගැන කී අතර උපන්තේකට එවැනි රසවත් ව්‍යංජන දෙකක රස බලා නැතැයි ද ඔවුන් නිතර උදම් අනන්නට වූ බව ය. එම තරුණයන්ගේ විවාහ සහ එම ව්‍යංජන දෙක අතර කතාවට මුල එය විය.

බටු මාලුව, පුහුල් හොද්ද හොඳටම හදන්න දන්නේ පූගොඩ තරාල සෙනසුන්ගොඩ මිනිස්සු පූගොඩ අයත් දොම්පේ ප්‍රදේශය දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවලට සාපේක්ෂව ගුප්ත විශ්වාස බහුල ලෙස පැතිර පවතින ප්‍රදේශයකි. බලි, තොවිල්, ශාන්තිකර්ම ආදී යාතුකර්ම නිතර සිදු කෙරෙන එම ප්‍රදේශයේ ආරූඪයෙන් හෝ මළවුන් ගෙන්වා ශාස්ත්‍ර කියන ස්ථාන සේම අංජනම් නිමිති බලන ස්ථාන ද සැලකිය යුතු ගණනක් තිබේ.

එමෙන්ම වම්බටු කෙසේ වෙතත් පුහුල් යනු ඇස්වහ, කටවහ ඇතුළු වස් දොස් නිවාරණය සඳහා යොදාගන්නා ගුප්ත බලයක් ඇතැයි විශ්වාස කෙරෙන බෝග වර්ගයකි. මෙම වශීකාරක ව්‍යංජන දෙකේ කතාව අප රටේ බොහෝ ප්‍රදේශවල පැතිර යන්නට එය ද හේතු වන්නට ඇත.

“මගේ ගම මාතලේ, මට පූගොඩ පෙහෙකම්හලේ රස්සාව ලැබුණේ 1979 අවුරුද්දේ. එතකොට මගේ වයස අවුරුදු විසි හතරයි. මම පූගොඩ ඇවිත් ඉස්සරවෙලාම නතර වුණේ ගිරිදර. ඒ කාලෙ මම පඩි සල්ලි එකතු කරලා කැසට් ප්ලේයර් එකක් ගත්තා. ඒකෙන් මොහිදීන් බෙග්, සුජාතා අත්තනායක, ජෝතිපාල වගේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සින්දු අහන්න තමයි මුලදීම ඒ බෝඩිමේ ගෑනු ළමයා මගේ කාමරේට ආවේ. කොහොම හරි එයාගේ දෙමව්පියොත් අපේ මේ සම්බන්දෙ ඒ විදිහට තියෙන්න ඉඩ දෙන්න බෑ කියලා අපි දෙන්නට බඳින්න කිව්වා. ඒ හින්දා අපිත් 1982 අවුරුද්දේ බැන්දා.”

මෙම බටු මාලුවේ සහ පුහුල් හොද්දේ කතාවට වඩා යථාර්ථයට සමීප වෙනත් හේතුවක් ඉදිරිපත් කළ ගිරිදර ආර්.එම්.පී. රත්නායක මහතා කීය. මේ වනවිට සිව් දරු පියෙකු වන ඔහු මුණුපුරු මිණිපිරියන් හත් දෙනෙක්ගේ මුත්තණුවෙකි.

“මම දන්න විදිහට ඔය බටු මාලුවයි, පුහුල් හොද්දයි හොඳටම හදන්න දන්නේ පූගොඩ තරාල සෙනසුන්ගොඩ පැත්තේ අය. ඉස්සර ඒ පල්ලියේ මංගල්ලෙට ගියාම මාත් ඔය බටු මාලුවයි, පුහුල් හොද්දයි කාලා තියෙනවා. ඇත්තෙන්ම කියනවා නම් ඒ මිනිස්සු ඒවා හදන විදිහට බත් කන්න මස්, මාළු, කරවල මුකුත්ම ඕනේ නෑ. ඒ හැම රසයක්ම ඒ ව්‍යංජන දෙකේ තියෙනවා.”කෙල්ලන්ට නිවසේ බෝඩින්කාර කොල්ලන් වශී කර දුන් බටු මාලුව සහ පුහුල් හොද්දමෙම වශීකාරක ව්‍යංජන දෙක පිළිබඳව වැඩිදුර කරුණු විමසීමේදී මට හමුවූ පූගොඩ, උඩකණම්පැල්ලේ පදිංචි අසූ හැවිරිදි එම්. විලියම් මහතා කීය. එබැවින් මම එම වශීකාරක ව්‍යංජන දෙකේ ‘තිඹිරිගෙය’ විය හැකි පූගොඩ, තරාල බලා පිටත් වීමි.

පූගොඩ, තරාල යනු පාරම්පරික කතෝලික බහුතරයකින් යුතු ගම්වරයකි. එහි කිතුණුවන්ගේ ආගමික ඉතිහාසය 1662 වසරේ ජුසේ වාස් පියතුමන්ගේ සීතාවකපුර ගමන තෙක් අතීතයට දිව යන බවක් කියනු ලැබේ. දැනට එහි ඇති ප්‍රධාන පූජනීය ස්ථානය වන පූගොඩ තරාලේ සිරිකුරුස දේවස්ථානය 1903 වසරේ ඉදිකරන ලද්දකි.

නමුදු පුගොඩ තරාලේ වියපත් ගැමි කතුන් කිහිප දෙනකුගෙන් එම බටු මාලුවේ සහ පුහුල් හොද්දේ වට්ටෝරුව පිළිබඳව විමසූ විට ඔවුන් පවසා සිටියේ ‘එක එක විදිහට හදන්න පුළුවන්’ ආදී පැහැදිලි එල්ලයක් නොමැති පිළිතුරු ය. එබැවින් මම දක්ෂතම කෝකියකු වශයෙන් දිගුකලක් එම ප්‍රදේශයේ කීර්ති නාමයක් දිනාගෙන සිටි ඒ වන විටත් අසූ හැවිරිදි වියේ පසු වූ උඩකණම්පැල්ලේ ජෝන් පීටර් මහතා හමුවීමි.

“ඉස්සර මේ පළාත්වල මඟුල් ගෙයක්, දානයක්, දේව දානයක්, පල්ලියේ මංගල්‍යය වගේ මිනිස්සු එකතු වෙන ඕනෙම තැනකදී ඔය ව්‍යංජන දෙක වරදින්නෙම නැහැ. ඔය වම්බටු ව්‍යංජනය කීප විදිහකටම හදන්න පුළුවන්. ඒකට එක් කරන කුළුබඩුවල හැටියට ඒකේ පාට වගේම රසයත් වෙනස් කරගන්න පුළුවන්.

ඉස්සර මෙහේ මිනිස්සු පිට පළාත්වල මිනිස්සු කෑමකට එනකොට වම්බටු මාලුව දෙවිදිහකට හදලා එක කෑම මේසෙට තියනවා. එතකොට ඒ අයට පුදුමයි ඒ දෙකම වම්බටු කිව්වම. ඒ වම්බටු මාලුවට අබ අඹරලා හදන පුහුල් හොද්ද තමයි හරියටම ගැළපෙන්නේ.” ජෝන් පීටර් මහතා කීය.

ඔහු වැඩිදුරටත් කී අන්දමට අතීතයේ පූගොඩ තරාල ප්‍රදේශයට ආවේණිකව තිබූ එම රසවත් ව්‍යංජන දෙක පාරම්පරික කතෝලික ගැමි සංස්කෘතික උරුමයකි.

“ඉස්සර මේ ගඟ දෙපැත්තේ වැවුණු කොරටු බෝග වලින් වැඩිපුරම දකින්න තිබුණේ වම්බටුයි, පුහුලුයි තමයි. කොටින්ම ඒවාට මිලක් නැහැ. ඕනෙම කෙනකුගේ කොටුවකින් අහන්නේ නැතුව වුණත් ඒවා කඩාගත්තට කවුරුවත් දොස් කිව්වේ නැහැ. නමුත් අද වෙනකොට මේ ගම්වල මිනිස්සුත් එළවළු ගන්න කඩපොළට යනවා. මේ ගඟ දෙපැත්තේ තිබුණු වැලි, රොන්මඩ, මැටි මිශ්‍ර පස අද හෝදා පාළුවෙලා ගිහින්. ඒ මදිවට ගඟ දෙපැත්තම බිල්ඩින් හැදෙනවා. ඉතින් ඔය වගේ හේතු හින්දා තමයි අද බටු මාලුව, පුහුල් හොද්ද වගේ පාරම්පරික ආහාර මේ පැතිවලින් නැත්තටම නැතිවෙලා ගිහින් බෝංචි, කැරට්, ලීක්ස්, බීට්රූට්වලට මේ පැතිවල අලුත් පරම්පරාවත් හුරුවෙලා තියෙන්නේ.”

මා හා එලෙස අදහස් දැක්වූ ජෝන් පීටර් මහතා අවසන් වරට කියා සිටියේ ජනතාව අතර පැතිර තිබූ ඒ බටු මාලුවේ සහ පුහුල් හොද්දේ ඇති ඉනා බලය පිළිබඳ කතාව කිසිදු පදනමකින් තොර කතාවක් බවය.

“මේ පැත්තේ ඔය බටු මාලුවයි පුහුල් හොද්දයි රසට හැදුවට මොකද මේ පළාතේ කිසිම කෙනෙක් ඕවා පිළිගන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ගැන විශ්වාසය කඩවෙන ඔය වගේ එක එක දේවල් පිළිගන්න එපා කියලා අපිට බයිබලයෙන්ම කියලා දීලා තියෙනවා.” ජෝන් පීටර් මහතා කීය.
උපුටා ගැනීම - දිවයින 

පුතයි, ලේලියි වෙන් කරන්න කෝටි ගණනක් සුප්‍රසිද්ධ කපුවෙකුට පුදලා... කපුවා කපෝති වෙද්දී නැන්දම්මාට වුණ දේ!

අභිමතය පරිදි යෝජනාවකින් පුතුට විවාහයක් කර දී ටික කලක් ගත වන විට ලේලිය සමග උරණ වී පුතු හා ලේලිය විරසක කිරීමට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ කපුවකුට ලක්ෂ ගණනක් මුදල් ලබාදී තම සිතුම් පැතුම් සුන්කර ගත් කාන්තාවක පිළිබඳව පුවතක් කන්ද උඩරට නාගරික ප්‍රදේශයකින් වාර්තා වෙනවා.

සිදුවීමට මුහුණ දුන් කාන්තාව දේව ඇදහිලි හා ශාන්ති කර්ම මෙන්ම හදි හූනියම් පිළිබඳව තදින් විශ්වාසය තබා කටයුතු කළ තැනැත්තියකි.

සිය එකම පුතුගේ කල වයස සම්පූර්ණ වන විට ඔහුගේ ප්‍රේම සම්බන්ධතා වලට පවා තහංචි දමා මගුල් කපුවකු මාර්ගයෙන් යෝජිත විවාහයක් කරදී ඔවුන් දෙදෙනා තමන් සමගම එකම නිවසේ පදිංචි කරවා ගැනීමට මෙම කාන්තාව කටයුතු කර ටික කලක් ගතවන විට සිය ලේලිය සමග උරණ වූ මෙම කාන්තාව මෙම ගැටලුවට පිළියම් සෙවීමට කපුවාගේ පිහිට පතා ඇත.

දේව කැමැත්ත අනුව පුතු හා ලේලිය වෙන් කළ යුතු බව පවසමින් ඒ සඳහා අවස්ථා ගණනාවකදීම මෙම කාන්තාවගෙන් කපුවා ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන තිබේ.

සිය අරමුණ ඉටු නොවීම පිළිබඳව විමසීම සඳහා අවස්ථා ගණනාවකදීම මෙම කාන්තාව කපුවා හමුවීමට ගොස් ඇති නමුත් යම් සිදුවීමක සැකකරුවෙකු ලෙස කපුවා නීතියේ රැහැනට කොටුවීමත් සමග එම උත්සාහය අසාර්ථක වී ඇත.

රජයේ උසස් රැකියාවක නිරත වී මීට වසර කිහිපයකට පෙර මියගිය සිය සැමියාට ලැබුණු වන්දි මුදල් වලින් කපුවාට මුදල් ගෙවා ඇති මෙම කාන්තාව අහිමි වූ සිය මුදල් ගැන සිහි කරමින් සිහි විකලෙන් දොඩවන බව දැන ගන්නට ඇත.

සිය මවගේ හදි හූනියම් හෝ අකටයුතුකම් පිළිබඳව කිසිත් නොදන්නා ඇයගේ පුත්‍රයා සිය බිරිය සමග ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් මේ වනවිට විදේශ රටක සතුටින් දිවි ගෙවන බවද වාර්තා වේ.

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්... විශාල පිරිසක් මරුට!

අද (09) උදෑසන නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බෝම්බ පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 53 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පාකිස්තාන ආරක්ෂක අංශ සදහන් කරයි.

පාකිස්තාන බෙදුම්වාදී වාර්ගික සටන්කාමී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පාකිස්තාන ආරක්ෂක මේ වනවිට කරුණු අනාවරණය කරගෙන ඇත.

ප්‍රධාන දුම්රිය ස්ථානයේ වේදිකාවක් මත පෙරවරු 9.00ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පළාතේ ප්‍රධාන අමාත්‍ය සර්ෆ්‍රාස් බුග්ටි නියෝග කර ඇත.

ඇයත් අම්මා වගේම හැඩකාරියක්.. සුරූපී රංගන ශිල්පිනී රුවන්ගිගේ පුංචි කැදැල්ලේ ආදරණීය ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

ඇයගේ සුරූපී බව එන්න එන්නම වැඩි වෙලා..

මේ කියන්න යන්නේ  කවදාටත් වඩා ලස්සන රුවන්ගි ගැන කතාවක්.. 

රුවන්ගි රත්නායක නම් වූ මේ සුරූපි රංගන ශිල්පිනියට ඇත්තටම අද විශේෂ දවසක්..

ඔන්න ඉතින් ඇගේ උපන්දිනය දවසේම මේ පුංචි පවුලේ අපූරු ඡායාරූප පෙළක් එයාලා මෙන්න මේ විදිහට සමාජ මාධ්‍යට එක්කරලා තිබුණා.. පුංචො දෝණිත් අම්මා වගේම හරිම හැඩකාරයි නේද කියලා බලන්නකෝ..

සිය ආදරණීයයන් සමග "ෂේන්" උපන්දිනය සමරුවේ මෙහෙමයි - (PHOTOS)

කියන්න යන්නේ කවුරුත් ගොඩක් ආදරය කරන ඔහු ගැනයි..

ඉතින් ඔන්න ඔහුගේ 22 වැනි උපන්දිනය පසුගිය දවසක තිබුණා.. ඒ වෙනුවෙන් අපූරු සාදයක් සූදානම් කරන්න ශේන්ගේ අම්මා, තාත්තා වගේම සහෝදරියත් අමතක කරලා තිබුණේ නැහැ..

ඒ වගේමයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් ශේන්ගේ උපන්දිනයට සුබපැතුම් එක්කරන්න අමතක කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ ඔහුගේ ඒ ලස්සන දවස හැඩවෙලා තිබුණු අපූරුව..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka