gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙරට දේශපාලනයට ප්‍රසිද්ධ කාන්තාවකගෙන් විශාල බලපෑමක්... මෙන්න ඇහෙන අනාවැකිය

මෙම වසරෙහි සිදුවන ප්‍රථම ග්‍රහණය ලෙස 2024 වසරෙහි මාර්තු 25 වැනිදා, මධ්‍යය එදින ප.ව.12.45 වන සේ, කන්‍යා රාශිය තුළ, හත නැකැතේ පළමු වැනි පාදයෙන් ඡායා චන්ද්‍රග්‍රහණයක්  සිදුවෙයි.

මෙම ඡායා චන්ද්‍රග්‍රහණයට අනුව මාර්තු 25 වැනිදාට පෙර සහ පසුව එළැඹෙන දින කිහිපය තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල වර්ධනයක් පෙන්නුම් කෙරේ. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව, මාර්තු 25 වැනිදා ආශ්‍රිත දින තුළ

විදෙස් රටවල් සමඟ නව ගිවිසුම් ආදිය අස්සන් කිරීමට ඉඩකඩ ඇති අතර පාර්ලිමේන්තුව තුළ නව අණපනත් සම්මත වීමට ද ඉඩකඩ ඇත. එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණයට අනුව මාර්තු 25 වැනිදා ආශ්‍රිත දිනවල කුමන ක්‍රමයකින් හෝ දේශපාලන පිටිය උණුසුම් වීමට ඉඩකඩ ඇති අතර බලාපොරොත්තු රහිත කැබිනට් මණ්ඩල සංශෝධන ආදියට ද යම් ප්‍රමාණයකින් හෝ ඉඩකඩ ඇත.

තවද මෙසේ ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදු වීම අනුව 2024 වසරෙහි මාර්තු 25 වැනිදා ආසන්න පෙර හා පසු දින කිහිපය තුළ ප්‍රබල භූ කම්පා වර්ධනය වීමට ද මුහුද රළු වීමට ද ඉඩකඩ ඇති අතර මුහුදෙහි කාලගුණය ගොඩබිමට ද බලපාන්නට ඉඩ ඇත. මීට අමතර ලෙස මෙම චන්ද්‍රග්‍රහණයට අනුව මාර්තු 25 ආශ්‍රිත දින කිහිපය තුළදී කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව සහ දේපළ පිළිබඳව අසුබ ආරංචිවලට ඉඩ ඇත. මෙම ග්‍රහ ගෝචරයට අනුව, මාර්තු 25 වැනිදා ආශ්‍රිත දිනවල මාර්තු 24 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ආගමික අංශ පිළිබඳව අසුබ ආරංචිවලට ද, ජාතික තලයේ ජනතා නියෝජිතයන් පිළිබඳව අසාමාන්‍ය ආරංචිවලට ද ඉඩකඩ ඇත.

දැනට කුම්භ රාශිය තුළ චලිත වන කුජ ග්‍රහයා අප්‍රේල් 23 වැනිදා දක්වාම කුම්භ රාශිය තුළ චලිත වෙයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2024 වසරෙහි මාර්තු 23 වැනිදාත්, 2024 වසරෙහි අප්‍රේල් 23 වැනිදාත් අතර කාලසීමාව තුළ රටම දන්නා ප්‍රසිද්ධ කාන්තාවක පිළිබඳව සුවිශේෂී සිදුවීමකට ඉඩකඩ ඇත. සමහර විට 2024 වසරෙහි මාර්තු 15 වැනිදාත්, 2024 වසරෙහි අප්‍රේල් 23 වැනිදාත් අතර කාලසීමාව තුළ ප්‍රසිද්ධ කාන්තාවක් විසින් මෙරට දේශපාලන ක්ෂේත්‍රයට ඍජු බලපෑම් කිරීමට ඉඩකඩ පවතින බව පෙනේ.

මෙම මාර්තු 26 වැනිදා පෙ.ව. 3.09 ට බුධ ග්‍රහයා මේෂ රාශියට පිවිසෙයි. මෙසේ මේෂ රාශියට පිවිසෙන බුධ ග්‍රහයා අප්‍රේල් 9 වැනිදා රාත්‍රි 9.36 වන තෙක්ම තම මේෂ රාශි චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2024 වසරෙහි මාර්තු 26ට පෙර හා පසු දින කිහිපය තුළ අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය වැනි අංශ පිළිබඳව විශේෂිත ආරංචිවලට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස, මෙම ග්‍රහ ගෝචරයට අනුව 2024 මාර්තු

26 ආශ්‍රිත දිනවල කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව සහ දේපළ පිළිබඳව අසුබ සහ අසාමාන්‍ය ආරංචිවලට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව මෙම කාලය තුළ ආගමික අංශ පිළිබඳව අවිනිශ්චිත සහ එකවර පැහැදිලි කළ නොහැකි සිදුවීම්වලට ඉඩකඩ ඇත. ඉදිරියේ එන අප්‍රේල් 3 වැනි දින ප.ව. 6.42ට සිකුරු සහ නැප්චූන් යුද වදින අතර ඒ පිළිබඳව දීර්ඝ ලෙස කතාබහ කරන්නට මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමු.
(මව්බිම)

විනාඩි 08කින් රෝහලට ගෙන ගියා නම් නිරෝෂන්ව බේරගන්න බැරි වුණේ ඇයි?

කැලණි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක රැඳී සිටි සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවකු අපස්මාරය රෝගයට ලක්වී පසුගියදා (24) රාත්‍රි මියයෑමත් සමග එම සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට පහසුකම් සැපයීමට විශ්වවිද්‍යාල පරිපාලනය අසමත් වූ බවට චෝදනා කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් පෙරේදා (25) දහවල් විශ්වවිද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවීම නිසා විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි නිරෝෂන් ලක්මාල් නමැති ශිෂ්‍යයෙකි.

ඔහු තවත් මාස දෙකකින් සරසවි අධ්‍යාපනය අවසන් කිරීමට නියමිතව සිටි අතර කලක සිට අපස්මාර රෝගයෙන් පෙළී ඇති ඔහු එම රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත.

පෙරේදා රාත්‍රී 11.00 ට පමණ කැලණිය සරසවියේ කන්නන්ගර නේවාසිකාගාරයේ රැඳී සිටියදී මෙම සිසුවාට අපස්මාර රෝගය වැළඳී බරපතළ තත්ත්වයෙන් පසු වීම හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීම සඳහා විශ්ව විද්‍යාලයේ වාහනයක් ලබාගැනීමට සෙසු ශිෂ්‍යයන්, ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂවරයාට දුරකථන ඇමතුම් කිහිපයක්ම ලබාගෙන ඇත.

එහෙත් ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක් වූ බව මහා ශිෂ්‍ය සංගමයේ සිව්වන වසරේ කණ්ඩායම් නායක කසුන් දේවප්‍රිය පුවත්පතකට පවසා තිබෙනවා.

පසුව එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු මාර්ගයෙන් ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂවරයා දැනුවත්කර වාහනයක් ගෙන්වාගත් නමුත් ඒ වන විට මිනිත්තු 30 ක් පමණ ගත වී තිබුණු බව ද ඔහු පවසයි.

එසේ ප්‍රමාද වී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කළ ශිෂ්‍යයා ඒ වන විටත් මියගොස් සිටි බව පැවසූ ඔහු නිසි වේලාවට රෝගී සිසුවා රෝහලට රැගෙන ගියේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබුණු බව ද සඳහන් කර ඇත.

‘අවුරුදු 20 ක ඉඳලා අපි කැම්පස් එකට ගිලන් රථයක් ඉල්ලනවා. ගිලන් රථයක් තිබුණා නම් ශිෂ්‍යයාව බේරාගන්න තිබුණා. මේ තරම් ළමයි ගොඩක් ඉන්න කැම්පස් එකට ගිලන් රථයක් නැතිවීම ලැජ්ජාවක්. අපි කියන්නේ ඉස්සෙල්ලාම කැම්පස් එකට ගිලන් රථයක් ලබා දෙන්න කියලා. කෝටි ගණන් සල්ලි වියදම් කරලා පාලකයන්ට වාහන ගෙන්වන රටේ ලක්‍ෂ ගාණක් ශිෂ්‍යයෝ ඉන්න විශ්වවිද්‍යාලවලට ගිලන් රථය බැගින් අරන් දෙන්න බැරි නම් මොකක්ද නිදහස් අධ්‍යාපනය කියන්නේ. අපි පාලකයන්ට තරයේම කියා සිටිනවා විශ්වවිද්‍යාලවල පහසුකම් නැතිකම නිසා මියගිය අවසන් සිසුවා බවට නිරෝෂන් පත්විය යුතුයි. එසේ නොවුණොත් සියලු විශ්ව විද්‍යාලවල පහසුකම් සම්පූර්ණ කරන තුරු අපි අඛණ්ඩ අරගලයක් ආරම්භ කරනවා” යැයි ද සඳහන් කර ඇත.

කෙසේවෙතත් මෙම ශිෂ්‍ය චෝදනාව සම්බන්ධයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂ ආචාර්ය කසුන් ප්‍රනාන්දු කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ රැඳීසිටින උප ශාලාධිපතිවරයා දනුවත් කර මිනිත්තු තුනක් ඇතුළත විශ්ව විද්‍යාලයේ වාහනයක් නිදහස් කළ බවත් සිද්ධිය දැනුම් දී මිනිත්තු අටක් තුළ රෝගී සිසුවා කිරිබත්ගොඩ රෝහලට රැගෙන ගොස් ඇති බවත්ය.

මෙම ශිෂ්‍යයා රැඳී සිට ඇත්තේ සිව්ම මහල් නේවාසිකාගාරයක වන අතර, සිව්වන මහලේ සිට සිසුවා පහළට රැගෙන එන විටත් ඔහුගේ ශරීරය සුදුමැලි වී තිබුණු බව ආරක්ෂක අංශය දැන්වූ බවද ඔහු සඳහන් කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයට පහසුකම් සහිත ගිලන් රථයක අවශ්‍යතාව තමාද පිළිගන්නා බව පවසා ඇති ආචාර්ය කසුන් ප්‍රනාන්දු, මේ වන විටත් ඒ පිළිබඳ අදාළ අංශ සමග සාකච්ඡා කරමින් සිටින බව ද පවසා ඇත.

එසේම මෙම ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා රැස්වූ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කැලණිය විශ්වවිද්‍යාලය සඳහා ගිලන්රථයක් කඩිනමින් මිලදී ගැනීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා නිවේදනය කර තිබෙනවා.

තවද මෙම සිදුවීමේදී විශ්වවිද්‍යාල වෑන් රථය පැමිණීමේදී ප්‍රමාදයක් සිදුවූවා දැයි සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

ෆැන්සිස් ස්කොට් කී පාලමේ හැපුනේ ලංකාවට පැමිනෙමින් තිබූ නැවක්!

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝ ප්‍රදේශයේ පැටප්ස්කො ගංගාව හරහා තිබූ ලෝ ප්‍රකට විශාල පාලමක් වන සැතපුම් 1.6ක් දිගැති ෆැන්සිස් ස්කොට් කී පාලමේ ඊයේ (26) උදෑසන ගැටී ඇති සිංගප්පූරුවේ ධජය සහිත යාත්‍රාව කොළඹ බලා යාත්‍රා කරමින් තිබූවක් බව වාර්තා වේ.

ඩාලි නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව අද අලුයම 1.30ට පමණ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ එක් කණුවක ගැටීම හේතුවෙන් පාලම පැටප්ස්කෝ ගංගාවට කඩා වැටී ඇත.

ඩාලි නෞකාව පාලමේ ගැටෙන මොහොතේ මෝටර් රථ සැලකිය යුතු ප්‍රමාණයක් පාලම මත ගමන් කරමින් තිබී ඇති බවත් පාලම කඩා වැටීම හේතුවෙන් මෝටර් රථ කිහිපයක් ගංගාවට වැටී ඇති බවත් මේරිලන්ඩ් ආණ්ඩුකාර වෙස් මුවර් ප්‍රකාශ කර තිබේ. පැය 5 සෝදිසි මෙහෙයුමකින් පසු ගංගාවට වැටුණු පුද්ගලයන් දෙදෙනකු බේරා ගැනීමට හැකි වුවත් ඉන් එක් අයෙකුගේ තත්වය යහපත් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම අවම වශයෙන් තවත් හත් දෙනකු ගංගාවට වැටි අතුරුදන් වී ඇති බවත් මේ වන හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබෙන බවත් එම ආණ්ඩුකාරවරයා උප්‍රටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සමග එක්ව සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු වෙරළ ආරක්ෂකයන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඉදිරියේදී සියලු තොරතුරු අනාවරණය වනු ඇති බවත් බැල්ටිමෝර් පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම පැටප්ස්කෝ ගංගාවට අඩි 184 ඉහළින් පිහිටා ඇති බවත් තවමත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් විදෙස් මාධ්‍ය බැල්ටිමෝර් පොලිසිය ප්‍රකශ උපුටා දක්වමින් වාර්තා කරයි.

බංගලියන්ට දුවන්න ගහපු කමිදු මෙන්ඩිස් අවුරුදු 147ක ටෙස්ට් ඉතිහාසයේ අලුත් වාර්තාවක් පිහිටුවයි! දොන් බ්‍රැඩ්මන් නූලෙන් බේරෙයි!

2022 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි කර ගත්ත ද, එම තරගයෙන් පසු ආපසු කැඳවීමක් නොලද කමිඳු මෙන්ඩිස් වසර දෙකකට පසු ලෝකයේ ම අවධානය දිනා ගැනීමට සමත් විය. 

ජාත්‍යන්තර තරගවලට පිවිසීමට පෙර සිට ම ඔහු ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක්වූයේ, අත් දෙකෙන් ම පන්දු යවන ‘අමුතු පන්දු යවන්නෙකු’ වූ හෙයිනි.

2022 වසරේ ජූලි 8 වන දා සිට 11 වන දා තෙක් ඔස්ට්‍රේලියාව සමග ගාල්ලේදී පැවති මෙම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා ඉනිමක සහ ලකුණු 39ක ජයක් හිමි කර ගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දුන් ඉනිමේදී පස් වන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය.

මංගල ටෙස්ට් තරගයේදී ම ලකුණු 61ක් රැස් කිරීමට සමත් වූ ඔහුට වසර දෙකක් තිස්සේ යළි කැඳවීමක් ලැබුණේ නැත.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 328ක දැවැන්ත ජයක් හිමි විය. මෙම තරගයේදී කමිඳු මෙන්ඩිස් සහ නායක ධනන්ජය ද සිල්වා ශතක දෙක බැගින් රැස් කිරීම සුවිශේෂී සිදුවීමක් විය.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 280ක් රැස් කළ අතර, බංගලාදේශය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 188ක් පමණි.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 418ක් රැස් කළ අතර, බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 182කට සීමා විය.

පිත්තෙන් දුන් පිළිතුර

වසර දෙකක් නිහඬව සිටි කමිඳු මෙන්ඩිස් තමාට ලැබුණු දෙවන අවස්ථාවේදී ද තමන් සාර්ථක පිතිකරුවෙකු බව යළිත් තහවුරු කළේ ය.

බංගලාදේශ පන්දු යවන්නන් හමුවේ අසාර්ථක පිතිකරණයක නියැළුණු මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී ධනන්ජය ද සිල්වා සමග එක්වූ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම් දෙක ම ශක්තිමත් කිරීමට උර දුන්නේ ය.

පළමු ඉනිමේදී පන්දු 127කදී ලකුණු 102ක් රැස් කළ කමිඳු, දෙවන ඉනිමේදී පන්දු 237කදී ලකුණු 164ක් රැස් කළේ ය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පිහිටවූ වාර්තාව

කමිඳු මෙන්ඩිස් වසර 147ක් පැරණි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පිතිකරුවන් කිසිවෙකු මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

එම වාර්තාව වූයේ, 7 වන හෝ ඊට පහළින් පිටියට පිවිස ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ශතක රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වීම ය.

ලකුණු 5කින් අහිමි වුණු ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාව

1937 වසරේදී 7 වන හෝ ඊට පහළ පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරගයකදී රැස් කර තිබූ වැඩි ම ලකුණු සංඛ්‍යාව පසු කර යාමට කමිඳු මෙන්ඩිස්ට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 5ක් පමණි.

1937 වසරේදී එංගලන්තයට එරෙහිව 7 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉනිම දෙකේදී ලකුණු 270ක් රැස් කර තිබිණි.

කමිඳු මෙන්ඩිස් ඉනිම දෙකේදී ලකුණු 266ක් රැස් කිරීමට සමත් විය.

සෙසු වාර්තා

කමිඳු මෙන්ඩිස්, ධනන්ජය ද සිල්වා සමග එක්ව තවත් වාර්තා කිහිපයකට දායක විය.

1. ඉනිම දෙකේදී ම ශතක රැස් කළ ලොව තුන් වන පිතිකරු යුගලය (මීට පෙර 1974 වසරේදී ඔස්ට්‍රේලියාවේ ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් සොහොයුරන් නවසීලන්තයට එරෙහිව සහ 2014 වසරේදී පකිස්ථානයේ අසාර් අලි සහ මිස්බා උල් හක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ද මෙම දක්ෂතාව දක්වා තිබිණි.)

2. ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ලකුණු 150ක සබඳතාවක් ගොඩ නැගූ තුන් වන පිතිකරු යුගලය

ධනන්ජය සහ කමිඳු – පළමු ඉනිම 202, දෙවන ඉනිම 177
පෝල් ගිබ් සහ එඩී පෙයින්ටර් – පළමු ඉනිම 184, දෙවන ඉනිම 168
ජෝ බර්න්ස් සහ ඩේවිඩ් වෝර්නර් – පළමු ඉනිම 161, දෙවන ඉනිම 237
3. ටෙස්ට් තරගයක දෙවන ඉනිමේදී කඩුලු 6ක් බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩ නැගුණු වැඩි ම ලකුණු සබඳතාව. (කමිඳු මෙන්ඩිස් සහ ධනන්ජය ද සිල්වා ලකුණු 292ක් රැස් කළ අතර ඊට පෙර එම වාර්තාව පැවතියේ ලකුණු 223ක් ලෙස ය.)

කවුද මේ කමිඳු මෙන්ඩිස්?
කමිඳු දිලංක මෙන්ඩිස් හෙවත් කමිඳු මෙන්ඩිස් ගාල්ලේදී උපත ලැබුවේ, 1998 වසරේ සැප්තැම්බර් 30 වන දා ය. ඔහුගේ වයස තවමත් අවුරුදු 25කි.

ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ, එම විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු, වමත් පිතිකරුවෙකු වන අතර, දෑතින් ම දඟ පන්දු යැවිය හැකි සුවිශේෂී ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අමතරව, ඔහු B-Love Kandy, ටැමිල් යූනියන්, බංග්ලාදේශයේ සිල්හෙට් ස්ට්‍රයිකර්ස් ඇතුළු කණ්ඩායම් කිහිපයක සාමාජිකයෙකි.

ඔහු 2022 වසරේදී ටෙස්ට් වරම් ලැබූ අතර, බංගලාදේශය සමග පැවති ටෙස්ට් තරගය ඔහුගේ දෙවන ටෙස්ට් තරගය යි.

2019 වසරේදී සිය පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ, එක්දින තරග 7කට පමණි.


2022 වසරෙන් පසු මෙතෙක් කිසිදු එක්දින තරගයකට ක්‍රීඩා කර නැත.

2018 වසරේදී පළමු පන්දුවාර 20 තරගයට සහභාගි වූ කමිඳු, එවැනි තරග 10කට ක්‍රීඩා කර තිබේ.

පළමු ඉනිමේ ශතකය රැස් කිරීමෙන් පසු ඔහු පවසා තිබුණේ, “ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එකතු වෙන එක ඉතා අසීරු දෙයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්ෂතා අතර සිටිනවා. මම අවුරුදු දෙකක් තිස්සේ ගොඩක් මහන්සි වුණා ආපහු කණ්ඩායමට එන්න,” යනුවෙනි.

bbc.com/sinhala වෙබ් අඩවියෙනි

ෆේස්බුක් එකෙන් හඳුනාගත් 14 හැවිරිදි දැරියක්ව තරුණයන් හත්දෙනෙක් දූෂණය කරලා!

මුහුණු පොත ඔස්සේ හදුනාගත් දාහතර හැවිරිදි පාසල් සිසුවියක දූෂණය කළේ යැයි කියන අයියා මලෝ දෙදෙනකු ඇතුළු තරුණයන් හතරදෙනකු අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු කණ්ඩායමක් පුළුල් පරීක්ෂණ පවත්වති.

අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යෑම සඳහා මව්පියන් විසින් ලබාදෙනු ලැබූ ජංගම දුරකථනය සිසුවිය පෙම්වතුන් සමග කතාකිරීමට යොදාගෙන ඇති බව කියති.

සැකකරුවන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ වැව්තාවුල්ලක් අසලදී ලැගුම්හලක දී මෙම සිසුවිය දූෂණය කර ඇති අතර, තවත් එක් අවස්ථාවක දී ඇය ඉගෙනුම ලබන පාසලේ ක්‍රිකට් තරගයක් පැවැති අවස්ථාවක දී පාසල් වැසිකිළිය තුළදී ඇය ආදි සිසුවකු වන එක් තරුණයකු විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර තිබෙන බව පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම ආදි සිසුවා හඳුනාගෙන ඇතැයි ද කියන්නේ මුහුණු පොතෙනි.

මෙම බාලවයස්කාර සිසුවියගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර ඔහු වරින්වර බැංකුවට එවන මුදල් රැගෙන ඒමට මව පිටව යන අවස්ථා කල්තියා දැනගෙන ඒ බව මුහුණු පොතෙන් හඳුනාගත් පෙම්වතුන්ට දැනුම් දී නිවෙසට ගෙන්වා ගෙන තිබෙන බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මෙම සිසුවිය දූෂණය කළේ යැයි කියන එක් අයෙක් ඇඹිලිපිටිය මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ සිටී.

මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇඹිලිපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා හමුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මෙම බාලවයස්කාර සිසුවිය තවත් කිහිපදෙනකු අතින්ම දූෂණය වී ඇති බවට අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් හෙළිකරගෙන ඒ බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට දැනුම්දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇත.

ඉන් පසුව මෙම සිද්ධීන්වලට අදාළව දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇය දූෂණයට ලක්කළ බව කියන තරුණයන් තිදෙනකු සහ බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන තරුණයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.(ලංකාදීප)

මුදල් වංචා නඩු 187කට වරදකරු වී වසර 60ක සිරදඬුවම වසර 10කින් ගෙවු “අයියා” නිදහස්ව පැමිණ මහා පරිමාන කුඩු ජාවාරමක් මෙහෙයවද්දි ගම්පහ ඉදිගොල්ලේ දී මාට්ටු!

වැලිකඩ බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ වසන්ත කුමාර නැමැත්තාගේ  මත්කුඩු ජාවාරම මෙහෙයවමින් එහි මූල්‍ය කටයුතු පරිපාලනය කළ ප්‍රධානියා ඊයේ (25) ගම්පහ ඉඳිගොල්ලේ ප්‍රදේශයේ දි මත්කුඩුත් සමග වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලඇණිය මගින්  අත්අඩංගුවට පත් වි තිබේ.

ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටිමින්  ගම්පහ ඉදිගොල්ලේ  සුඛෝපභෝගී නිවසක් මාසිකව රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගෙන  ඔහු ජීවත් වෙමින් සිට ඇත.

මෙම පුද්ගලයා පිළිබඳ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපතිවරයා වෙත තොරතුරක් ලැබෙන්නේ පසුගිය17දා කෝටි තුන හමාරකට වඩා වටිනා හොරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන කළ ප්‍රශ්න කිරිම් වලදීය.

ඒ ඔස්සේ කළ ආවේශන රාජකාරිවලදී බුද්ධි නිලධාරින් විසින් ලබා ගත් තොරතුරු ප්‍රකාරව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු සතුව තිබූ නවින පන්නයේ ටොයොටා ඇක්සියෝ මෝටර් රථයක්. ජාවාරම සඳහා යොදා ගත් දුරකථන 08ක්. සිම්පත් 10ක්. බැංකු කාර්ඩ්පත් 07ක්. බැංකු පොත් 03ක් සමග සන්තයේ තිබු හොරොයින් මිලි ග්‍රෑම් 6430ක්  අත් අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධකරු මින් පෙර විදේශ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් රවටා මුදල් වංචා කිරිම පිළිබඳ නඩු 187ක් සඳහා අධිකරණයෙන් වරදකරු වි ලබා දුන් වසර 60ක සිරදඬුවම වසර 10කින් ගෙවා දමා පැමිණි අයෙකි.

ඔහු  බන්ධනාගාරයේ දි හඳුනා ගත්  වසන්ත කුමාර නැමැත්තා සමග ඔහුගේ මත්කුඩු ජාලයේ මුදල් පරිපාලනය සඳහා එක් වි තිබේ.

මෙම තැනැත්තා ගම්පහ ඉදිගොල්ල නිවසට පැමිණ ඇත්තේ මිට මාස 07කට පෙරය.

අත්අඩංගුවට පත් සැකකරු ගම්පහ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරිමෙන් පසු රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කටයුතු කිරීමට කටයුතු යොදා ඇත.

රුසියාවට ගහලා පනිද්දි අල්ලගත්ත ටජිකිස්තාන ත්‍රස්තයන් 4 දෙනාගේ පට්ට යවයි... ඇස් උගුල්ලයි... කන් කපලා කන්න දෙයි... දත් ගලවයි... රහස් ප්‍රදේශයට කරන්ට් වද්දවයි!

රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටියදී අල්ලා ගත් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් ද පසුව යැයි බටහිර මාධ්‍ය පවසයි.

රුසියන් ආරක්ෂක අංශ මෙසේ කටයුතු කිරීම, මානව හිමිකම් ගැන කතා කරන බටහිර රටවල දැඩි අප්‍රසාදයට, හේතුවක් වී ඇති නමුත්, එම බටහිර රටවල බොහෝ වැසියන් පවා පෙන්වා දී ඇත්තේ අමු අමුවේ අහිංසක ජීවිත බිලි ගන්නා මෙවැනි ත්‍රස්තවාදීන්ට මේ අයුරින් ‘සැලකීම’ වඩාත් උචිත බවය.

අල්ලා ගත් මෙම ත්‍රස්තයන් සිවුදෙනාම ටජිකිස්තාන ජාතිකයන්ය. ටජිකිස්තානය යනු රුසියාව අසල පිහිටි රාජ්‍යයකි.

ඔවුන් සිවුදෙනා මුහම්මද් සොබීර් ෆයිසෝයි, ෂම්සිදීන් ෆරිඩුන්ල්, සෙයිඩ්කොරාම් රචාබයිසෝඩා සහ ඩලෙර්ජෝන් මිර්සෝව්ය.

මුහම්මද් සොබීර් ෆයිසෝයි කරණවෑමියෙකි. මාධ්‍ය වාර්තා අනුව, රුසියන් ආරක්ෂක අංශ මොහුගේ වම් ඇස උගුල්වා තිබේ. රහස් ප්‍රදේශවලට විදුලි සැර වද්දමින්, කශේරුකාවට හානි වන ලෙස පහර දී ඇත.

ෂම්සිදීන් ෆරිඩුන්ල් කම්හල් සේවකයෙකි. මොහුගේ මුහුණට පහර දී වම් පස දත් කිහිපයක් ගලවා දමා ඇත.

සෙයිඩ්කොරාම් රචාබයිසෝඩා ද කම්හල් සේවකයකු වන අතර, රුසියන් ආරක්ෂක අංශ මොහුගේ දකුණු කන් පෙත්ත කපා, මොහුට එය කෑමට බල කර තිබේ. ඇසකට හානිවන ලෙස පහර දී ඇත.

ඩලෙර්ජෝන් මිර්සෝව් සංක්‍රමණික සේවකයකු බවත් සිවුදරු පියකු බවත් පැවැසෙයි. මොහුගේ මුහුණට ද බරපතල ලෙස පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මොවුන් සිව් දෙනා එකම පවුලේ සාමාජිකයන් ලෙස හදුනාගෙන ඇති බවද පැවසේ.

සිරිපාගම පොලිසියේ සෙට් එකක් ස්පා එකක තරුණියක්ව පැහැරගෙන යන්න හදලා!

සිරිපාගම පොලිසියට අනුයුක්ත විශේෂ කාර්යයේ කොස්තාපල්වරයකු සහ එහි බහු කාර්යයේ යෙදුණු පුද්ගලයකු රත්නපුර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි සිටි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට තැත්කර ඇත.

මෙම සිද්ධිය සැලවීමෙන් අනතුරුව කුරුවිට පොලිසිය මගින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කොස්තාපල්වරයා ඔහුගේ හැඳුනුම්පත පෙන්වා මෙම තරුණිය මෙසේ රැගෙන යෑමට තැත්කර ඇති අතර බහුකාර්ය නිලධාරියා ද ඊට සහය දී ඇති බව පැවැසේ.

සම්බාහන ආයතනයේ අයකු විසින් 119 හදිසි ඇමැතුම් අංකයට දැනුම්දීමෙන් පසු ඔවුන් මෙසේ අත්අඩංගුවට පත්කර ඇත.

පසුව ඔවුන් ඇප පිට නිදහස් කළ බව කුරුවිට පොලිසිය කියයි.

අවුරුදු 67ක් තිස්සේ පිට්ටනියක් නොතිබුණු ස්කෝලෙට පිට්ටනියක් හදලා ක්‍රීඩා උත්සවයකුත් තියලා විශ්‍රාම ගිය ගාල්ලේ ගුරු පියතුමා

පුංචි දරුවෝ පාසල් යන්නේ අකුරු කරන්න විතරක්ම නෙවෙයි. පොතේ පතේ දැනුම ලබාගෙන විභාග ඉහළින්ම සමත් වෙන්න වගේම විෂය බාහිර කටයුතුවලටත් අපි හැමෝටම පාසලේදී තැනක් හිමිවෙනවා. වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරග, ක්‍රිකට්, නෙට්බෝල්, වොලිබෝල් වගේ තරග රාශියක් පාසල් මට්ටමෙන් පැවැත්වෙනවා. ඒ තරග ඉසව්වලට සිසු දරුවෝ සහභාගි වෙන්නේ හරිම සතුටෙන්. ජීවිතේ අනාගත අභියෝග ජයගන්න කදිම තෝතැන්නක් තමයි පාසල් ක්‍රීඩා ඉසව් කියන්නේ. ක්‍රීඩාවෙන් ලැබෙන ආත්ම විශ්වාසය, ජය පරාජය දරාගැනීමේ ශක්තිය දරුවෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න විශාල බලපෑමක් කරනවා කියන්නේ ඒ නිසයි. 

ඒත්, සිසු දරුවන්ට හිතේ හැටියට ක්‍රීඩා කරන්න, දුව පැන ඇවිදින්න ක්‍රීඩාංගණයක් නැති පාසලක් ගැන අපට අහන්න ලැබුණා. මේ පාසලේ ඉතිහාසය වසර 67ක් තරම් ඈතට දිව යනවා. 1957 වසරේ ආරම්භ කරපු මේ පාසලේ කවදාවත් ක්‍රීඩා උත්සවයක් පවත්වලා නැහැ. අනෙත් පාසල්වල දරුවන් ක්‍රීඩා උත්සව පවත්වලා සතුටු වෙනකොට මේ පාසලේ දරුවන්ට සිදුවුණේ ඒ දිහා බලලා සුසුම් හෙළන්න විතරයි.

මේ පාසල තමයි ගාල්ල ඉමදූව පරගොඩ ප්‍රදේශයේ රමණීය කඳු මුදුනක පිහිටා තිබෙන ගුණරතන ප්‍රාථමික විiාලය. ළමයි සෙල්ලම් කරන්න ආසාවෙන් හිටියත් ඔවුන්ට ඒ සඳහා ඉඩක් තිබුණේ නැහැ. මොකද කඳු සහ ඝන කැලෑවකින් යුතු පරිසරයක පාසල පිහිටා තිබීම නිසා. ඒ අතරතුරේ මීට වසර 10කට පෙර මේ පාසලේ විදුහල්පතිතුමා වශයෙන් වැඩ භාරගත්තේ ඒ.ජී. පද්මසිරි මහත්මයා. ඒ වන විටත් මේ පාසල වැසී යෑමේ අවදානමකයි පැවැතුණේ. නමුත් ඔහු තුළ දැඩි අධිෂ්ඨානයක් තිබුණා, තමන් පාසලෙන් සමුගෙන යන්නට පෙර පාසලට ක්‍රීඩා පිට්ටනියක් ලබාදෙනවා කියන එක ගැන. ඒ අනුව ඔහු සිය අධිෂ්ඨානය ඇත්තක් බවට පත්කරන්න සැලසුමක් සකස් කළා.

පාසල ආසන්නයේ විකිණීමට ඇති ඉඩමක් මිලදී ගෙන එය පාසලේ ක්‍රීඩා පිටිය බවට පරිවර්තනය කරන්න විදුහල්පතිතුමා කල්පනා කළා. ඒත් ඉඩම මිලදී ගන්න මුදල් තිබුණේ නැහැ. පද්මසිරි විදුහල්පතිතුමා ඒ සඳහා ඉතා දුෂ්කර කාර්යයක් ආරම්භ කළේ පාසල් දරුවන්ගේ මවුපියන් සමගයි. කැඳ හදාගෙන මාසයකට අධික කාලයක් තිස්සේ පාරවල් අසල කැඳ විකුණන්නත් ඔහු කටයුතු කළා. ‘නැන්දේ මාමේ අපට සෙල්ලම් කරන්න ක්‍රීඩා පිටියක් හදාගන්න උදව් කරන්න’ යනුවෙන් සඳහන් වෙච්ච බැනර් එකක් ඒ කැඳ කඩය අසල ප්‍රදර්ශනය කළේ ඔවුන්ගේ අපේක්ෂාව ගැන හැමෝටම දැනගැනීම සඳහායි.

විදුහල්පතිතුමාගේ උත්සාහය මල්ඵල ගන්වන්න මවුපියන් සහ දරුවන් එකතුවෙලා සිඟිති පොළවල් පැවැත්වූවා. ගෙයක් ගෙයක් ගානේ ගිහින් මුදල් එකතු කළා. ටිකට් පොත් මුද්‍රණය කරලා ගාල්ල නගරයේ අලෙවි කළා. මේ විදියට ඉතා අමාරුවෙන් රුපියල් ලක්ෂ 10ක විතර මුදලක් එකතු කරගන්න ඔවුන්ට හැකිවෙලා තිබුණා. ඒ විදියට මිලදී ගත් ඉඩම් කොටස තැනිතලාවක් නෙවෙයි. පසුව ඒ කන්ද කපලා තැනිතලා බිමක් බවට පත්කරන්න විදුහල්පතිතුමා කටයුතු කළා.

මේ විදියට ඉතා වෙහෙසකර ව්‍යායාමයකින් පස්සේ පාසලට ක්‍රීඩා පිටියක් සකස් කරගත්ත විදුහල්පතිතුමා ප්‍රථම වරට එහි ක්‍රීඩා උත්සවයක් පවත්වන්න තීරණය කළා. එකතු වුණු මුදල් සියල්ලම වගේ ක්‍රීඩා පිටියේ වැඩ සඳහාම වියදම් වෙලා තිබුණා. ඒත් එහි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කරන්න මුදල් ප්‍රමාණවත් වෙලා තිබුණේ නැහැ. පිටිය වටේ ගොඩගහපු පස් කන්දිවල තමයි දරුවො වාඩිවෙලා හිටියේ. ඕලු, නෙලුම්, මානෙල් ලෙස නිවාස තුනක් නම්කරන්නත්, ඉතා අලංකාර ලෙස සිසු දරුවන් අතින්ම එම නිවාස ඉදිකරන්නත් හැකියාව ලැබී තිබුණා. කොළඹ සුපිරි පාසල්වල සුපිරි ආසන පනවලා ක්‍රීඩා තරග නරඹන දරුවෝ ඉන්නකොට මේ දුෂ්කර පාසලේ දරුවෝ ක්‍රීඩා තරගය නැරඹුවේ පස් කන්දිවල වාඩිවෙලා.

එදා මේ ක්‍රීඩා උත්සවයේ ආරාධිතයන් විදියට අවට පාසල්වල විදුහල්පතිවරුන්, පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුණා. පරගොඩ ගුණරතන ප්‍රාථමික විදුහලේ විදුහල්පති ඒ.ජී. පද්මසිරි මහත්මයාගේ ඉමහත් කැපවීමෙන් ඉදිකරගත් මේ ක්‍රීඩාංගණය ගැන ඒ හැමෝම මහත් ඉහළින් අගය කළා. ඔවුන්ගේ නොමඳ ප්‍රශංසාව මේ අපූරු විදුහල්පතිතුමාට මදි නොකියන්න ලැබුණා. ඒ අතර අහන්න ලැබුණේ කනගාටුදායක පුවතක්. ඒ තමයි විදුහල වෙනුවෙන් මේ තරම් මහා මෙහෙවරක් ඉටුකරපු ඒ.ජී. පද්මසිරි මහත්මයා මාර්තු 23 වැනිදා විශ්‍රාම යන පුවත. ඒ කනගාටුදායක පුවත පාසල් දරුවන්, මවුපියන්, ගුරුවරුන් වගේම ගමට, පාසලට ආදරය කරන හැමෝගෙම හිත්වලට එක්කළේ වේදනාවක්. හැමෝගෙම හිත් තුළ ඒ තරම් ආදරයක්, ගෞරවයක් දිනාගත්තු මේ විදුහල්පතිතුමා, තමන්ගේ අභිප්‍රාය ගැන එදා පැවැසුවේ මේ විදියට. 

‘අපේ දුක් මහන්සියේ ප්‍රතිඵලය පිළිබඳ අද සැනසුම් සුසුම් හෙළන්නට පුළුවන්. වසර 67ක් තිස්සේ මේ දරුවන්ට සෙල්ලම් කරන්න තැනක් තිබුණේ නැහැ. කවදාවත් දරුවෝ පාසලේ විවේක කාලයේදී ක්‍රීඩා කරන්න එළියට බැස්සේ නැහැ. අද ඇත්තටම මට හරි සතුටුදායක දවසක්. මම ඉල්ලා සිටින්නේ මේ අපේ ක්‍රීඩා පිටියේ ඉතිරි වැඩ ටික අවසන් කරගන්න සහයෝගය දෙන්න කියලයි. ඒ සඳහා තව රුපියල් ලක්ෂ 20ක් 25ක් වැනි මුදලක් අවශ්‍යයි. ඒ මුදල ලැබුණොත් අපට මීටර 100 ධාවන පථයේ වැඩකටයුතු කරගන්න පුළුවන්. මේ බලන අහන දකින හැම කෙනාම පරගොඩ ශ්‍රී ගුණරතන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සකස් කරගැනීමට සහයෝගයක් වෙයි කියලා මම හිතනවා….’

පාසලේ දරුවකුගේ පියෙක් විදුහල්පති පද්මසිරි මහතාගේ කැපකිරීම පිළිබඳ ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.

‘පද්මසිරි විදුහල්පතිතුමා මේ පාසල වෙනුවෙන් නොකරපු කැපකිරීමක් නැහැ. ඇත්තටම එතුමා අපේ දරුවන්ගේ පිනට පහළ වෙච්ච විදුහල්පතිවරයෙක්. මේ පිට්ටනිය හදන්න රැයක් දවාලක් නොබලා වැඩකළා. පිට්ටනිය කපද්දී රෑට නිදාගත්තේ නැහැ. දෙමවුපියන්ගේ කැපකිරීමත් එක්ක කැඳ විකුණලා, ටිකට් ගහලා ගාල්ලේ ගිහිල්ලා පාරවල්වල ටිකට් විකුණලා, විදේශිකයන්ගෙන් පවා මුදල් එකතු කරලා තමයි මේ පිට්ටනිය ඉදිකළේ. මේ තරම් ලොකු කැපකිරීමක් කරලා එතුමා විශ්‍රාම යන්න සතියකට කලින් මේ ක්‍රීඩාපිටියේ වැඩ අවසන් කරලා ක්‍රීඩා උත්සවයක් පැවැත්වූවා. ඒකේ ගෞරවය එතුමාට ජාති ජාතිත් හිමිවිය යුතුයි. මේ ‌විද්‍යාලයේ ඉන්නේ ඉතාම දක්ෂ දරුවෝ පිරිසක්.

මේ පාසලේ දරුවන්ගේ අනාගතය ගොඩනගාගන්න ලංකාවේ හරි විදේශ රටවලින් හරි උදව් කරන්න. මහඟු පිනක්….’ විදුහල්පතිවරයකුට දරුවන්ට අවශ්‍ය හැම දෙයක්ම කරන්නට බැහැ. නමුත් ඔහුට හැකි උපරිමයෙන් මේ පාසලේ අහිංසක දරුවන්ගේ මුහුණුවලට අහිංසක සිනාවක් ගේන්න කටයුතු කළා. මේ ගුරු පියාට අපි හිස නමා ආචාර කළ යුතුයි. ටියුෂන්වලට වහල්වුණු ඇතැම් ගුරුවරු අතර මෙවැනි උතුම් හදවත් ඇති ගුරු පියවරු රටටම ආදර්ශයක්.

මේ උතුම් හදවතක් ඇති විදුහල්පතිතුමා අදින් පසු පාසලට එන එකක් නෑ. එතුමා විශ්‍රාම ලබනවා. දහඩිය කඳුළු දිවා රෑ නැතිව පාසල වෙනුවෙන් හෙළපු ඔහු වැනි ආදරණීය ගුරු පියෙක් පාසලකට අහිමි වෙනවා කියන්නේ ලොකු පාඩුවක්. එවැනි ගුරු පියෙකු පාසල හැර යෑම ගැන ලියැවුණු අපූරු ගීතයක් අපේ ගීත සාහිත්‍යයේ තියෙනවා. ඒ තමයි පමිත ආර්. ලියනගේ රචනා කළ, ශාලිත අබේවික්‍රම ගායනා කරන මේ සොඳුරු ගීය. ඒ.ජී. පද්මසිරි ගුරු පියාණෙනි, මේ ගීය ඔබතුමන්ට උපහාරයක් වේවා…

අවුරුදු 16කට කලින් ගායනා කරපු "ඇස යොමන තැනක" ගීතයට අපූරූ නර්ථනයක් ඉදිරිපත් කළ යුවලට ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගෙන් ආදරණීය සුබ පැතුමක්!

මේ දවස්වල බලන බලන තැන ඉන්න මනමාලි ඇයයි..

ඒ දෙන්නාගේ ආදර කතාව ලස්සන වෙලා තියෙන්නේ චූටි චූටි මතකවලින්.. 

අවුරුදු ගාණක් ඒ දෙන්නා වෙන වෙනම ජීවත් වෙලා එකට එකතු වෙන්න ලැබුණ ඒ දවසේ ඒ දෙන්නාට දැනෙන සතුට නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

ඉතින්  අවුරුදු ගාණක් ඒ දෙන්නාගේ ආදර කතාව ලස්සන කරපු ගීතයක මතක එදා දවසේත් මතක් වෙලා.. මේ හැඩකාර මනාලි අවුරුදු 7ක් ඉතාලියේ සේවය කරන තැනැත්තියක්ලු... මනමාල මහත්මයා දකුණු කොරියාවේ සේවය කරන කෙනෙක්..

මේ දෙන්නා ලංකාවට එන්නේ විවාහය සඳහායි.. දෙන්නා මුණගැහෙන්නේ අවුරුදු 9 කින්ලු.. මේ අවුරුදු 16 ක ආදර කතාවක්...

ඒ දෙන්නා ආදර කතාව මෙහෙම වෙනකොට ඇය ඇගේ දවසේ  ඒ ගීතයට මනමාලි එක්කළ නර්ථනය නිසා දැන් ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරනවා..

කොහොම වුණත් මේ ගීතය නිසා හෂී වගේම අවන්තත් දැන් වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා.. ඒ දෙන්නා ආදරය කරන ඒ ගීතයේ මුල් හිමිකරුත් සමාජමාධ්‍යයේ සංසරණය වෙන මේ වීඩියෝව දැකලා..

ඉතින් ඔහුත් මේ දෙන්නාට සුබ පතන්න අමතක කරලා තිබුණෙ නැහැ.. 

"කිසිම දෙයක් බලෙන් නීති දාලා රඳවගන්න බෑ.. ඔයා ඔයාවම රවට්ට ගන්න එපා.." මෙහෙම කියන නිරෝෂා මේ දවස්වල ඉන්න ලොකු කලකිරීමකද?

ඇය අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්.. ඒ වගේම නර්තන ශිල්පිනියක්...

නිරෝෂා තලගල බොහොම හෙමින් නිදහසේ තමන්ගේ ගමන යන තැනැත්තියක් කියලා ඇයව හඳුන්වා දෙන්න පුළුවන්..

කාලයත් එක්ක අපි හැමෝගෙම ජීවිත වෙනස් වෙනවා.. ඇයටත් ඒක පොදු දෙයක්.. මේ කියන්න යන්නේ නිරෝෂා ඇගේ සමාජ මාධ්‍ය ජාලාවලට එක් කරලා තිබ්බ සටහනක් ගැන කතාවක්..

අපි ඕන කෙනෙක්ගේ ජීව්තවල විටෙක නැත්නම් විටෙක කඩා වැටීම් තියෙන්න පුළුවන්.. සතුටින් ඉන්නෙ දහසක් දවස් අතරේ දුකෙන් ඉන්න දවස් අපි ගෙවා ගන්නේ බොහොම අමාරුවෙන්..

ඇයටත් මේ ඒ වගේ අමාරු කාලයක්ද? ජීවිතය ගැන හිතෙන විවිධ සිතුවිලි එක පතනකට කොටු කරලා නිරෝෂ මෙන්න මේ විදිහට ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට එක් කරලා තිබුණා..

"අධික මාන්නය,අත හරින්න,,
මගේ,කියා කිසිවක් කිසිදෙයක් නැති කල
,කිසිවක් බලහත්කාරයෙන් නීති දමා හැසිරවිය නොහැක ,
කෙනෙකුගේ සතුට ,සාර්ථකත්වය
ගමනට තමන් හේතුවක් කියා හිතන ලොකු කම,
තමන්ව රවටාගැනීමකි,
එය අනෙකාට පීඩාවකි,
කෙනෙකුගේ වෘත්තිමය ජීවිතය ,වෘත්තිය
ඉදිරියේ බැදීම් එක් පීඩාවක් විය හැක,
වෘත්තිය මානසික පීඩාවක් නොකර
නිදහසේ ගමනක් යන්න දීමට තරම්
මනුස්සයකු වන්න,
එය වටහා ගැනීමට ,
සියල්ලන්ටම අවබෝධය ලැබේවා,,"

ඒක නම්, උමාලිටම හරියන උපන්දින තෑග්ගක්.. එයාගේ උපන්දිනයට යාළුවෝ එකතුවෙලා කරලා තියන දේ දැක්කද..? (PHOTOS)

ඇය කොහොමත් චාම් නිරහංකාර යුවතියක්...

ඒ වගේමයි ඇගේ වැඩත්...

හැම වෙලාවකම සරලව නිදහසේ ජීවත් වෙන්න කැමැති උමාලිගේ වටේ එකතුවෙලා ඉන්නේ ඇය වගේම යාළුවෝ පිරිසක්..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..

පසුගිය සතියේ දවසක උමාලිගේ උපන්දිනයේ යෙදිලා තිබ්බා කියන එක ඕගොල්ලෝ හැමෝම දන්නා කාරණයක් නේ..

ඉතින් ඒ වෙනුවෙන් ඇයව මේ පුදුම කරලා තියෙන්නේ ඇයම ආදරය කරන යාළුවෝ පිරිසක් ලු..

ගොඩක් ලස්සනට හදලා තියන ඒ උපන්දින කේක් එක නම් ඇත්තටම උමාලිටම ගැලපෙනවා නේද කියලා බලන්නකෝ..

මතකද පොඩි කාලේ මෙයාව – හිතුවා ද එයා මෙහෙම කෙනෙක් කියලා?

අද අපි කියන්න යන්නේ කුඩා කාලයේ ඔබ ආසාවෙන් බලපු චිත්‍රපට චරිතයක් ගැන.

ඇය සරෝජා චිත්‍රපටයේ රගපෑ කුඩා දමිල තරුණිය.

ඇය ඇගේ චරිතය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන දෙකකටත් පාත්‍ර වෙලා තිබුණා.

ඉතින් ඇය දැන් මොනවා කරනවා ඇති ද..

ඔන්න අපි කියන්න යන්නේ මේ නිත්‍යවානි කන්දසාමිගේ වත්මත් වෘත්තිය ගැන.

ඇය මේ වන විට වෘත්තියෙන් වෛද්‍යවරියක්.

නිත්‍යවානී කන්දසාමි කියන මේ රංගන ශිල්පිණිය මේ වනවිට කළුතර ශීක්ෂන රෝහලේ ශල්‍ය වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා.

ඉතින් ඇය රංගනයට වගේම ඉගෙනීමටත් දක්ෂ නිසාම වෛද්‍යවරියක් දක්වාම ඇවිල්ලා තිබෙනවා.

එයා වැඩිපුරම ලස්සන ....? සුන්දරත්වය අඩුවක් නැති උදාරි ආයෙත් අලුත් වෙලා (PHOTOS)

ඇයට තියෙන්නේ අමුතුම සුන්දරත්වයක්..

ඇගේ රූපය එකපාරටම දැක්කම ඇත්තටම දැනෙන හැඟීම කියන්න තේරෙන්නේ නැහැ නේද...? 

ඒ තරම්ම අමුතු චාම් ලස්සනක් උදාරිට තියනවා.. මේ බලන්නකෝ ඒ ඔසරියට ඇය මොනතරම් හැඩ ද කියලා..

ආයෙත් ආයෙත් ඇයට ආදරය කරන රසිකයින් අතර උදාරිගේ මේ ඡායාරූප පෙළ නම් ගොඩක් කතාබහට ලක්වේවි නේද..?

ජොබ් එක එපා වෙලාද..? එහෙනම් ඔය හරියන රස්සාව නෙවෙයි වෙන්න ඇති.. ඔබේ අත්ලෙන් රැකියාව ගැන හෙළි වෙන කතා මෙන්න

අපේ දෛවය අපේ අතේම ලියවිලා තියනවා කියලා ඔබ දන්නවාද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..

සමහර විට ඔබටත් ඔබේ රැකියාව එපා වෙලා ඇති..

එහෙම වෙන්නේ ඇයි කියලා නිකමට වත් හිතලා බැලුවාද..? සමහරවිට ඒ ඔයාට සුදුසුම රැකියාව නොවෙන්න පුළුවන්... මෙන්න බලන්න ඔබේ අත්ලේ රේඛාවලින් ඒ ගැන මෙන්න මේ වගේ අදහසක් ගන්න දැන් ඔයාටත් පුළුවන්..

ශීර්ෂ රේඛාව මඟින් පුද්ගලයකුගේ මානසික තත්ත්වය, ආකල්ප සහ කල්පනා කිරීමේ ශක්තිය ආදි මානසික ක්‍රියාකාරිත්වයන් පිළිබඳ හඳුනාගත හැකි බව මින් පෙරද මා සඳහන් කළ අතර, එහිදී පුද්ගලයකුගේ බුද්ධි මට්ටම මනින එක් සාධකයක් ලෙස ශීර්ෂ රේඛාව පෙන්වා දෙනවා.. එම නිසා එම කරුණු අනුව පුද්ගලයකුගේ ඕනෑම ක්‍රියාකලාපයක් ශීර්ෂ රේඛාවේ ස්වභාවය මත තීරණය වන බව අවබෝධ කර ගත හැකි අතරම පුද්ගලයකුගේ රැකියාව ද එක් ක්‍රියාකලාපයක් හෙයින් ශිර්ෂ රේඛාවේ ස්වභාවය අනුව පුද්ගලයකුට ගැළපෙන එනම් යෙදෙන වෘත්තිය ද තෝරා ගත හැකියි..

ඒ අනුව ශීර්ෂ රේඛාවේ ආරම්භය ගුරු මණ්ඩලයෙන් නම් නායකත්වය ලැබෙන සහ නායකත්වය බලාපොරොත්තු වන දේශපාලනය වැනි කේෂත්‍රයන් තෝරා ගැනීම ඉතාම සුදුසුයි...

ඔබේ ශීර්ෂ රේඛාව ඉහළ කුජ මණ්ඩලයෙන් අවසන් වන්නේ නම් නීතිඥා වෘත්තිය වැනි නීතිය සම්බන්ධ රැකියා හොඳින් ඔබට ගැළපෙන අතර, රේඛාව චන්ද්‍ර මණ්ඩලය දෙසට බෑවුම් වි පිහිටා ඇත්නම් නිර්මාණාත්මක දක්ෂතාවය සහ පරිකල්පන ශක්තිය වැඩි බැවින් ගෘහ නිර්මාණ ශිල්පය වැනි නිර්මාණාත්මක වෘත්තීන් ද චන්ද්‍ර මණ්ඩලයට ගමන් කරන රේඛාවේ අතු ශාඛා සහිත නම් මාධ්‍යවේදි වැනි වෘත්තීන්ද ඉතාමත් හොඳින් ගැළපෙනවා..

එමෙන්ම සෘජු ශීර්ෂ රේඛාවක් සහිත නම් ඔබට ගණිතය දර්ශනයට අදාළ වෘත්තීන් සහ නීති වෘත්තීය යා දෙන වෘත්තීන් වන අතර, ඇත්තේ වක්‍ර ශිර්ෂ රේඛාවක් නම් නිර්මාණාත්මක, කලාත්මක මානුෂික ගතිගුණ අවශ්‍ය මිනිසුන් හා ගැටෙන රැකියාවන් යහපත් වෙනවා... ජීවන රේඛාව සහ ශීර්ෂ රේඛාව එක ළඟින් එහෙත් වෙන වෙනම ආරම්භ වීම සිදුවන්නේ නම් කථිකත්වය සම්බන්ධ රැකියා ඉතාම සුදුසුයි...

ශීර්ෂ රේඛාව කුජ තලාවෙන් අවසන් වන්නේ නම් යන්ත්‍ර සූත්‍ර හා නිෂ්පාදන අංශයේ රැකියාද, රේඛාව රවි මණ්ඩලයට දෙසට ගොස් අවසන් වන්නේ නම් ලලිත කලා චිත්‍ර ශිල්පි ආශ්‍රිත රැකියාවන් ද තෝරා ගැනීම යහපත් වන අතර, ශිර්ෂ රේඛාව රවි බුධ මණ්ඩල අතරදි අවසන් වන්නේ නම් කලා හා වාණිජ අංශ දෙකකට අදාළ වෘත්තින් යහපත් වෙනවා...

ශීර්ෂ රේඛාව කරුවකින් අවසන් වන්නේ නම් නීති අංශය, වෛද්‍ය අංශය ද ශීර්ෂ රේඛාවෙන් අතු ශාඛාවක් රවි මණ්ඩලයට ගොස් රවි ඇඟිල්ලේ පළමු පුරුක වෙත දක්වා ගොස් ඇතිනම් උපතින්ම ඔහු කවියෙක්.. එම නිසා එම දක්ෂතාවයට අදාළ රැකියාව තෝරා ගැනීම සුදුසු වෙනවා... එසේම ශීර්ෂ රේඛාවේ අතු ශාඛාවක් බුධ මණ්ඩලයට ගමන් කර ඇත්නම්, ඔබට ව්‍යාපාර මඟින් දියුණුව ඇති කර ගත හැකියි... ශීර්ෂ රේඛාවේ ත්‍රිකෝණයක් පිහිටා ඇත්නම් ගුප්ත ශාස්ත්‍ර හොඳින් ගැළපෙනවා..

වෙන දඬුවම් එපා – තමාව දූෂණය කළ පැරණි පෙම්වතාව හිරේම යවන්නැයි තරුණියක් උසාවියෙන් ඉල්ලයි

දුරකථන ඇමතුම් ලබාදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තමා දූෂණය කළ පැරණි පෙම්වතාට අත්හිටවූ සිරදඬුවම් නොව සක්‍රිය සිරදඬුවම් ලබාදිය යුතු බවට 22 හැවිරිදි තරුණියක් එකහෙළාම අධිකරණය හමුවේ පවසා සිටීම නිසා චෝදනා වලට වරද පිළිගත් 30 හැවිරිදි තරුණ විත්තිකරුවකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේය.

එවකට 14 හැවිරිදි වියේ පසු වූ එම තරුණිය ඇගේ නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරිම හා දූෂණය යන චෝදනා යටතේ පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී, සිය සේවාදායකයා වරද පිළිගෙන කෙටි ක්‍රමයකින් නඩුව අවසන් කර ගැනීමට සූදානම් බවත්, ඒ සඳහා අවසර දෙන ලෙසත් විත්තිකාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥවරිය ද විරුද්ධත්වයක් නොදක්වූයෙන් මහාධිකරණ භාෂණ පරිවර්තක විසින් විත්තිකරුට සංශෝධිත අධිචෝදනා පත්‍රය කියවාදෙන ලදී.

එකී චෝදනා දෙකට තමා වරද පිළිගන්නා බව විත්ති කුඩුවේ සිටි විත්තිකාර තරුණයා අධිකරණයට පැවැසුවෙන් අධිකරණය ඔහු වෙන් වෙන්ව එකී චෝදනා දෙකට වරදකරු කළේය.

පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥවරිය කළ ඉල්ලීම අනුව නඩුවට අදාළ පාර්ශ්ව හැර අනෙකුත් සියලු පාර්ශ්ව අධිකරණ ශාලාවෙන් පිටතට යැවීමට නියෝග කළ විනිසුරුවරයා, අගතියට පත් තරුණියව විවෘත අධිකරණය හමුවට කැඳවා විත්තිකරු චෝදනා දෙකටම වරද පිළිගැනීම මත ඔහු වරදකරු බවට
තම අධිකරණය තීරණය කර ඇති බව පෙන්වා දී ඔහුට දඬුවම් නියම කිරීමට පෙර පැවැසීමට යමක් ඇති දැයි එම තරුණියගෙන් විමසා තිබිණි.

තමා අපේක්ෂා කරනුයේ එම තරුණයාට සක්‍රිය සිරදඬුවමක් පමණක් වන්නේ යැයි ඇය පවසා සිටීම නිසා එදින එම නඩුව සම්බන්ධයෙන් ගත් සියලු පියවර වහාම අවලංගු කළ විනිසුරුවරයා, එම තරුණයාට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂි විභාගයක් පැවැත්වීමට පියවර ගන්නැයි නියෝග කළේය.

එවැනි දූෂණ චෝදනාවක් ගොනුකර තිබියදී විත්තිය වරද පිළිගත් අවස්ථාවකදි වුවද වින්දිත තැනැත්තියගේ නිසි කැමැත්තකින් තොරව අධිකරණයේ අභිමතය පරිදි වන්දියක් නියම කර හෝ අත්හිටවූ සිරදඬුවම් නියම කිරීමට නීතිමය ප්‍රතිපාදන නොතිබීම නිසා අධිකරණය එලෙස නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වීමට නියම කළේය.(දිවයින)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka