gossip lanka

මෙරට දේශපාලනයට ප්‍රසිද්ධ කාන්තාවකගෙන් විශාල බලපෑමක්... මෙන්න ඇහෙන අනාවැකිය

මෙම වසරෙහි සිදුවන ප්‍රථම ග්‍රහණය ලෙස 2024 වසරෙහි මාර්තු 25 වැනිදා, මධ්‍යය එදින ප.ව.12.45 වන සේ, කන්‍යා රාශිය තුළ, හත නැකැතේ පළමු වැනි පාදයෙන් ඡායා චන්ද්‍රග්‍රහණයක්  සිදුවෙයි.

මෙම ඡායා චන්ද්‍රග්‍රහණයට අනුව මාර්තු 25 වැනිදාට පෙර සහ පසුව එළැඹෙන දින කිහිපය තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල වර්ධනයක් පෙන්නුම් කෙරේ. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව, මාර්තු 25 වැනිදා ආශ්‍රිත දින තුළ

විදෙස් රටවල් සමඟ නව ගිවිසුම් ආදිය අස්සන් කිරීමට ඉඩකඩ ඇති අතර පාර්ලිමේන්තුව තුළ නව අණපනත් සම්මත වීමට ද ඉඩකඩ ඇත. එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණයට අනුව මාර්තු 25 වැනිදා ආශ්‍රිත දිනවල කුමන ක්‍රමයකින් හෝ දේශපාලන පිටිය උණුසුම් වීමට ඉඩකඩ ඇති අතර බලාපොරොත්තු රහිත කැබිනට් මණ්ඩල සංශෝධන ආදියට ද යම් ප්‍රමාණයකින් හෝ ඉඩකඩ ඇත.

තවද මෙසේ ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදු වීම අනුව 2024 වසරෙහි මාර්තු 25 වැනිදා ආසන්න පෙර හා පසු දින කිහිපය තුළ ප්‍රබල භූ කම්පා වර්ධනය වීමට ද මුහුද රළු වීමට ද ඉඩකඩ ඇති අතර මුහුදෙහි කාලගුණය ගොඩබිමට ද බලපාන්නට ඉඩ ඇත. මීට අමතර ලෙස මෙම චන්ද්‍රග්‍රහණයට අනුව මාර්තු 25 ආශ්‍රිත දින කිහිපය තුළදී කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව සහ දේපළ පිළිබඳව අසුබ ආරංචිවලට ඉඩ ඇත. මෙම ග්‍රහ ගෝචරයට අනුව, මාර්තු 25 වැනිදා ආශ්‍රිත දිනවල මාර්තු 24 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ආගමික අංශ පිළිබඳව අසුබ ආරංචිවලට ද, ජාතික තලයේ ජනතා නියෝජිතයන් පිළිබඳව අසාමාන්‍ය ආරංචිවලට ද ඉඩකඩ ඇත.

දැනට කුම්භ රාශිය තුළ චලිත වන කුජ ග්‍රහයා අප්‍රේල් 23 වැනිදා දක්වාම කුම්භ රාශිය තුළ චලිත වෙයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2024 වසරෙහි මාර්තු 23 වැනිදාත්, 2024 වසරෙහි අප්‍රේල් 23 වැනිදාත් අතර කාලසීමාව තුළ රටම දන්නා ප්‍රසිද්ධ කාන්තාවක පිළිබඳව සුවිශේෂී සිදුවීමකට ඉඩකඩ ඇත. සමහර විට 2024 වසරෙහි මාර්තු 15 වැනිදාත්, 2024 වසරෙහි අප්‍රේල් 23 වැනිදාත් අතර කාලසීමාව තුළ ප්‍රසිද්ධ කාන්තාවක් විසින් මෙරට දේශපාලන ක්ෂේත්‍රයට ඍජු බලපෑම් කිරීමට ඉඩකඩ පවතින බව පෙනේ.

මෙම මාර්තු 26 වැනිදා පෙ.ව. 3.09 ට බුධ ග්‍රහයා මේෂ රාශියට පිවිසෙයි. මෙසේ මේෂ රාශියට පිවිසෙන බුධ ග්‍රහයා අප්‍රේල් 9 වැනිදා රාත්‍රි 9.36 වන තෙක්ම තම මේෂ රාශි චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2024 වසරෙහි මාර්තු 26ට පෙර හා පසු දින කිහිපය තුළ අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය වැනි අංශ පිළිබඳව විශේෂිත ආරංචිවලට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස, මෙම ග්‍රහ ගෝචරයට අනුව 2024 මාර්තු

26 ආශ්‍රිත දිනවල කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව සහ දේපළ පිළිබඳව අසුබ සහ අසාමාන්‍ය ආරංචිවලට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව මෙම කාලය තුළ ආගමික අංශ පිළිබඳව අවිනිශ්චිත සහ එකවර පැහැදිලි කළ නොහැකි සිදුවීම්වලට ඉඩකඩ ඇත. ඉදිරියේ එන අප්‍රේල් 3 වැනි දින ප.ව. 6.42ට සිකුරු සහ නැප්චූන් යුද වදින අතර ඒ පිළිබඳව දීර්ඝ ලෙස කතාබහ කරන්නට මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමු.
(මව්බිම)
gossip lanka