gossip lanka

මුදල් වංචා නඩු 187කට වරදකරු වී වසර 60ක සිරදඬුවම වසර 10කින් ගෙවු “අයියා” නිදහස්ව පැමිණ මහා පරිමාන කුඩු ජාවාරමක් මෙහෙයවද්දි ගම්පහ ඉදිගොල්ලේ දී මාට්ටු!

වැලිකඩ බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ වසන්ත කුමාර නැමැත්තාගේ  මත්කුඩු ජාවාරම මෙහෙයවමින් එහි මූල්‍ය කටයුතු පරිපාලනය කළ ප්‍රධානියා ඊයේ (25) ගම්පහ ඉඳිගොල්ලේ ප්‍රදේශයේ දි මත්කුඩුත් සමග වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලඇණිය මගින්  අත්අඩංගුවට පත් වි තිබේ.

ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටිමින්  ගම්පහ ඉදිගොල්ලේ  සුඛෝපභෝගී නිවසක් මාසිකව රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගෙන  ඔහු ජීවත් වෙමින් සිට ඇත.

මෙම පුද්ගලයා පිළිබඳ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපතිවරයා වෙත තොරතුරක් ලැබෙන්නේ පසුගිය17දා කෝටි තුන හමාරකට වඩා වටිනා හොරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන කළ ප්‍රශ්න කිරිම් වලදීය.

ඒ ඔස්සේ කළ ආවේශන රාජකාරිවලදී බුද්ධි නිලධාරින් විසින් ලබා ගත් තොරතුරු ප්‍රකාරව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු සතුව තිබූ නවින පන්නයේ ටොයොටා ඇක්සියෝ මෝටර් රථයක්. ජාවාරම සඳහා යොදා ගත් දුරකථන 08ක්. සිම්පත් 10ක්. බැංකු කාර්ඩ්පත් 07ක්. බැංකු පොත් 03ක් සමග සන්තයේ තිබු හොරොයින් මිලි ග්‍රෑම් 6430ක්  අත් අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධකරු මින් පෙර විදේශ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් රවටා මුදල් වංචා කිරිම පිළිබඳ නඩු 187ක් සඳහා අධිකරණයෙන් වරදකරු වි ලබා දුන් වසර 60ක සිරදඬුවම වසර 10කින් ගෙවා දමා පැමිණි අයෙකි.

ඔහු  බන්ධනාගාරයේ දි හඳුනා ගත්  වසන්ත කුමාර නැමැත්තා සමග ඔහුගේ මත්කුඩු ජාලයේ මුදල් පරිපාලනය සඳහා එක් වි තිබේ.

මෙම තැනැත්තා ගම්පහ ඉදිගොල්ල නිවසට පැමිණ ඇත්තේ මිට මාස 07කට පෙරය.

අත්අඩංගුවට පත් සැකකරු ගම්පහ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරිමෙන් පසු රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කටයුතු කිරීමට කටයුතු යොදා ඇත.
gossip lanka