gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මුලින්ම දැක්කාම 100ක් දෙනවා… එහෙම ලකුණු අඩුවෙලා 50කට වඩා අඩු වුනොත් මම ඌව හලනවා” – චන්දිමාල්ගෙන් අමුතු කතාවක්!

චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.

ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදියි.

ඒ විතරක් නෙවෙයි මේ වන විට තවමත් තරුණ වියේ පසුවෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.

ශ්‍රී ලංකාවේ විවිධ රූප රාජිනිය තරඟාවලි ඔහුගේ යටතේ සංවිධානය වෙනවා.

විශ්ව රූ රැජින තරඟය මූලිකත්වය අරගෙන කරන්නේ චන්දිමාල්.

සමාජ මාධ්‍ය එක්ක නිතරම කරළියට එන චන්දිමාල් අද සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එක් කර තිබෙනවා.

හැබැයි මේ සටහනෙන් චන්දිමාල් කියන්නේ කා ගැනද කියල නම් නැහැ.

ඒත් බලන්නකෝ ඒ සටහන.

රිය අනතුරකින් මැලේසියාවේ දී මියගිය ඉන්ජිනේරු යුවළගේ සිරුරු ගැන ගත් තීරණය : අවුරුදු හතරේ දුවත් ලංකාවට!

මැලේසියාවේ රිය අනතුරකින් පසුගියදා මියගිය ශ්‍රී ලාංකික තරුණ ඉන්ජිනේරු යුවළගේ මෘත ශරීර අද (27) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, මේ වන විට එම මෘත ශරීර පිළිබඳ නීතිමය කටයුතු අවසන් කර ඇති බවයි.

එමෙන් ම දේහ මෙරටට එවීම සඳහා ගුවන් සමාගම වෙත භාරදී ඇති බව කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා ප්‍රකාශ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එය දේහයන් මෙරටට රැගෙන ඒමට නම් ගුවන් යානාවන්හි ඉඩ පැවැතිය යුතුයි.

ඒ සමඟම ඔවුන් දෙදෙනාගේ සිවු හැවිරිදි දියණිය ද මෙරටට පැමිණීමට නියමිතයි.

මේ වන විට එම සිඟිත්තිය ඇගේ මවු පාර්ශ්වයේ ඥාතියකු සමඟ රෝහල් භාරයේ සිටින බවයි ගාමිණි සෙනරත් මහතා කියා සිටියේ.

එම ඥාතියා සමඟ මෙරටට පැමිණෙනු ඇති.

මෙසේ මැලේසියාවේදී ඉකුත් 21 වැනිදා රිය අනතුරකට මුහුණ පා මියගොස් තිබුණේ ගාල්ලේ, වඳුරඹ, කුඹලමලහේනේ පදිංචිව සිටි සෂික රංගොඩ හා ඔහුගේ බිරිය වන ශාමෙලා රංගනී ජයතිලක නමැති යුවළයි.

ඔවුන්ගේ මෘත ශරීර ලැබුණු පසු, ගාල්ල ඉමදූවේ පිහිටි සෂිකගේ නිවෙසට ගෙන ගොස් අවසන් ගෞරව සඳහා එහි දිනක් තබන බව සඳහන්.

ඉන් අනතුරුව වඳුරඹ පිහිටි ඔවුන් පදිංචිව සිටි නිවෙසේ තබා අවසන් කටයුතු සිදු කරනු ලබන බව පවුලේ ඥාතියෙක් ප්‍රකාශ කළා.

ලංකාවේ Crypto Currency මුදල් මධ්‍යස්ථාන දෙකකට අවසර හිමි වෙයි!

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යෑමට අවසර දුන් බව  වරාය නගර කොමිසම  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නේය.

මේ අනුව ඒ සම්බන්ධයෙන්  මහ බැංකුවේ මතය ගන්නා ලෙස මුදල් කාරක සභාව නිර්දේශ කළේය.

මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය  හිමිවිය.

කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4 ක් ඇතුළත කමිටුවට ලබා දෙන්නැයිද නිර්දේශ කෙරිණ.

කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව පවතින  ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධයෙන්ද  මෙහිදී සාකච්ඡා කෙරිණ. මෙම සමාගම් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයන් පිළිබඳව කමිටුවේ විශේෂ අවධානය යොමු විය.

මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම ගිවිසුම් ගතවීම කිසියම් නීතිමය පදනමක් යටතේ  සිදුවී නැති බවයි. මේ නිසා මේ සම්බන්ධයෙන් සති 4 ඇතුළත නීතිපතිවරයාගේ මතය විමසා මුදල් කාරක සභාවට දැනුම්දෙන ලෙසටද  නිර්දේශ කළේය.

මෙම භූමියේ එම සමාගම්  කරන ඉදිකිරීම් ආදිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වැදගත් බව  කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රජයේ  මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  පසුගිය 24 වැනිදා රැස්විය.

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ඊශ්‍රායලයේදී මිය ගිය අනුලා රත්නායකට සේවය කල නිවසෙන් ලැබුන ගෞරවය (PHOTOS)

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් නිසාවෙන් මියගිය ශ්‍රී ලාංකික කාන්තාවට අවසන් ගෞරව දැක්වීම එරටදී සිදු කෙරුනා.

අප අතරින් වියෝ වූ අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳව ඊශ්‍රායලයේ දී සිදු කරනු ලැබූ අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත්  ඉතා චාම් හා ගෞරවාන්විතව ලෙස   සිදු කරනු ලැබූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බන්ඩාර මහතා සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබුනා.

මේ සඳහා ඇය සේවය කල නිවසේ සාමාජිකයින්ද සහභාගී වී තිබුනා.

"සීතාව බලන්න ගියා.. තුවාල හොද වෙන්න තව ටිකක් කල් යයි" - සීතාව බලන්න ගිය ගයත්‍රි කියන කතාව (PHOTOS)

බොහෝ දෙනෙක් හඳුනන ජනප්‍රිය සුරූපී තරුවක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ.
අද ඇය පසුගියදා දැඩි කතාබහට ලක්වුණු සීතා ඇතින්න බලන්න ගිහින් තිබුණා.

මේ එහි ඡායාරූප කිහිපයක්...


"If there every comes a day, When we can't be together Keep me in your heart…”
I'l stay there forever."
සීතාව බලන්න ගියා අද...පුදුම දැගලිල්ලක්... පුදුම සතුටක් වගේම ලොකු දුකක් හිතට ආවේ. තුවාල හොද වෙන්න තව ටිකක් කල් යයි..

"මේ වැඩසටහනට මටද සහභාගී වීමට ලැබීම සතුටක්'' - සුපිරි නළු නිළියන් රැසක් සමග රශිප්‍රභා ඉන්දියාවේදී (PHOTOS)

කවදාත්  කගේත් අවදානය දිනාගත්ත තරුවක් තමයි රශිප්‍රභා කියන්නේ..

රශිප්‍රභා මේ දවස් වල ඉන්නේ ඉන්දියාවේ.

ඒ ඉන්දියාවෙන් ලද ඇරයුමකට වැඩ සටහනකට ගිහින්.

ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් ,කොලිවුඩ් සහ ටොලිවුඩ් නලු නිලියන් ගේ සහභාගිත්වයෙන් ආරම්භ උන මේ වැඩසටහන ගැන ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් හි සටහනක් තබා තිබුණා.

''It’s a pleasure & honoured to take part of this amazing project #greenindiachallenge great initiative by @santoshkumarjoginipally Garu !
ඉන්දියාව පුරා දීප ව්‍යාප්තව සංවිධානය වන
#greenindiachallenge සදහා මටද ආරාධනා ලැබුනා.. ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් ,කොලිවුඩ් සහ ටොලිවුඩ් නලු නිලියන් ගේ සහභාගිත්වයෙන් ආරම්භ උන මේ වැඩසටහනට මටද සහභාගී වීමට ලැබීම සතුටකි !
#saveenvironment #saveplants

මම කියන්නේ ඇත්ත… ඇය දුටු විට ඇයව බදා ගන්න හිතුනා… ගලගෙදර උසාවියේ දී නීතිඥවරියක බදාගෙන පෙරළාගත් සැකකරු විවෘත අධිකරණයේ දී කියයි

“ඇය දුටු විට මට ඇයව බදාගන්න සිතුනා. හෙරොයින් වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා මං ඒ වෙලාවට කරන්නේ මොකක්ද මම දන්නේ නෑ… මම මේ කියන්නේ ඇත්ත..”
ගලගෙදර කළුවානේ ලලිත් සඳරුවන් නැමැති සැකකරු ඊයේ  (25) ගලගෙදර දිසා මහේස්ත්‍රාත් හර්ෂණ රත්නායක   ඉදිරියේ දී  විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.


විත්තිකරු මෙම ප්‍රකාශය සිදුකළේ නීතිඥ සංගම් සභාපති වරු ලේකම්වරු ඇතුළු නීතිඥවරු හැටක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිමින් උසාවියේ දී නීතිඥවරියක බදාගෙන ගෙල සිර කළ බවට කියන සිද්ධිය සම්බන්ධ නඩුව විභාග වූ අවස්ථාවේදීය.

ගලගෙදර දිසා අධිකරණයේ දී  නඩුවක් විභාගය වෙමින් පවැති මොහොතක සිරමැදිරියෙන් පැනවිත් නීතිඥවරියකගේ ගෙල සිර කළ බව කියන  චෝදනාවට අදාළ නඩුව අද  කැඳවූ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් මෙම සිදුවීම මත අධිකරණයේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව කියා සිටියහ.

අධිකරණයට අපහාස කිරීම මිනීමැරීමට තැත් කිරීම ලිංගික අතවර සිදු කිරීම ට තැත් කිරීම තුවාල සිදු කිරීම යන චෝදනා මත ගොනු කොට ඇති අදාළ නඩු මහනුවර අධිකරණයට මාරු කර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයාගෙන් නිතිඥවරු ඉල්ලීමක් කළහ.


නීතිඥවරිය ගේ ගෙල සිරකොට ඇත්තේ ගංජා ළඟ තබාගැනීම හා පාවිච්චි කිරීමේ චෝදනාව මත ඉකුත් 16 දා  ගලගෙදර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන  ගලගෙදර අධිකරණයට රැගෙන ගොස් සිටි  සැකකරුවෙකු ය.

සැකකරු සිය නඩු විභාගය හමාර කොට ඉන් ලද  කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකිරීමේ තීන්දුව මත අධිකරණ රැඳවුම්භාරයේ තබා සිටිය දී වෙනත් නඩු විභාගයක් සඳහා සැකකරුවකු  සැකකරුවන් රඳවා සිටින රැඳවුමෙන්  පිටතට ගනු ලබන අවස්ථාවේ යකඩ දොර තල්ලු කර දමා විත් නීතිඥවරිය ගේ ඇඟට පැන තිබේ.

ආරක්ෂක අංශ නිලධාරීන් පොලිස් නිලධාරීන් හා නීතිඥවරු එක්ව සැකකරුගේ ග්‍රහණයෙන් නීතිඥවරිය මුදා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගෙන තිබිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව සැකකරුගෙන් කරුණු විමසා එම කරුණු මත එදිනම එම චෝදනාව 25 වැනිදා  තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර කරනු ලැබ තිබුණි.


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සඳහා කරුණු විමසන අවස්ථාවේ සැකකරු ප්‍රකාශ කොට සිටියේ තමන් අධිකරණයට පැමිණෙන සෑම දිනකම නීතිඥවරිය දැක ඇති බවත් ඇය පිළිබඳ උපන් ආශාව මත ඇයගේ   සිරකොට අල්ලා ගත් බවත්ය.

සැකකරු වෙනුවෙන්  අධිකරණයේදී එකදු නීතිඥවරයෙකු හෝ පෙනී නොසිටි අතර ඔහු මුල් දින ප්‍රකාශ කළ  ප්‍රකාශයම අද  25 දිනයේදීද අධිකරණයේ කියා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් විශේෂඥ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා දෙන ලෙස බන්ධනාගාරයට දැනුම් දුන් අතර අදාළ නඩුව නොවැම්බර් 8 වැනි දින යළි කැඳවීමට නියෝග කළේය.

අනුරාධපුරේ වැඩිම කිරි දුන් එළදෙනත් මස් කර මරා දමයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබාදුන් එළදෙනත් සොරකම් කර මරා මස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එම එළදෙන දිනකට කිරි ලීටර් 26 බැගින් ලබා දී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිම කිරි ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන්  පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එම එළදෙන වෙනුවෙන්  සම්මාන පවා පිරිනමා තිබෙන බවට තොරතුරු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

වායු සමීකරණය කරන ලද වෑන් රථ වලින් පැමිණ මෙලෙස ගවයන් සොරකම් කරන බවත් වැඩිපුරම ගව සොරකම් සිදු වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් කෘෂිකර්ම  අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබේ.


මවට නොසැලකූ බවට එල්ලවූ චෝදනාවට සිත්තැවුලෙන් සිටි පුතා සියදිවි නසා ගනියි (VIDEO)

මවට නොසැලකූ බවට එල්ලවූ චෝදනාවලට සංවේදී වූ පුතෙකු සියදිවි නසාගැනීමේ පුවතක් මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තා විය.

ඥාතීන් පවසන්නේ, සිද්ධිය දැනගත් පසු මව ද පසුදින මියගිය බවය.

59 හැවිරිදි වියේ පසුවූ උවරගල ජාතුන්ගේ බන්ධුසේන එක්දරු පියෙකි.

ඔහු පදිංචිව සිටියේ මාතර පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොස්මිල්ගොඩ 262 D ග්‍රාමසේවක වසමේය.

ඔහු පසුගිය සඳුදා සියදිවි හානිකරගෙන තිබුණි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ,

“ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙන්වලා මිනිස්සු ඉස්සරහා මහත්තයාට බැනලා තිබුණා. එයා ගෙදර ඇවිත් කිව්වා බැන්නා කියලා. හිතේ අමාරුවෙන් හිටියේ.”

මියගිය බන්ධුසේනගේ මව 90 වැනි වියේ පසුවූ කාන්තාවකි.

ඇය ජීවත්ව තිබුණේ ඇගේ මහගෙදර සිය දියණිය සමගිනි.

නමුත්, දියණියගේ එනම් බන්ධුසේනගේ සහෝදරියගේ වධ හිංසා දරාගත නොහැකිවීම නිසා ඔහු මව තමාගේ නිවසට රැගෙනවිත් රැකබලාගෙන තිබුණි.

“අපි ඇස් දෙකෙන්ම දැක්කා.. පුතා හොඳට අම්මට සැලකුවා” යනුවෙන් ගම්වාසීන් ද පැවසීය.

කෙසේවෙතත් සහෝදරයා වන බන්දුසේන මවට නොසලකන බවට ඔහුගේ සහෝදරිය ග්‍රාම නිලධාරීවරයාට පැමිණිල්ලක් කර තිබුණි.

මෙම සිද්ධියෙන් පසු දුකට පත්වී සිටි බන්දුසේන ඒ බව සිය බිරිඳට පවසා තිබුණි.

සිදුවීම සිදුවූ දින පස්වරුවේ සිට බන්දුසේන නිවසේ නොමැති නිසා ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඔහුගේ බෑනා ඒ පිළිබඳව ෆේස්බුක් සටහනක්ද තබා තිබුණි.

නමුත්, පසුදා උදෑසන ඔහුගේ සිරුර සොයාගැණුනේ නිවස ආසන්නයේ තිබූ කැළෑ ප්‍රදේශයෙනි.

සිය පුතණුවන්ගේ අභාවය දැනගත් මවද පසුගිය අඟහරුවාදා මොරවක දිස්ත්‍රික් රෝහලේදී අවසන් ගමන් ගියාය.

සුන්දර තරුණියන්ගේ පහස ගන්න ව්‍යාපාරිකයින්, මැති ඇමතිවරු සහ ක්‍රීඩකයින් රෑට රෑට බඩගාපු තිත්පොළ

කරුණා අම්මාන් දෙමළ ජාතික තරුණයෙකි. දැනට වසර කිහිපයකට ඉහතදී ඔහු විදෙස්ගත විය. ඒ උස්බෙකිස්තානය බලා රැකියාවක් කිරීම සඳහාය. එලෙස වසර කිහිපයක් ඔහු එම රටෙහි සේවය කළේය. විනෝදයට බර පුද්ගලයකු වූ ඔහු ගත කළේ සල්ලාල ජීවිතයකි. රාත‍්‍රී සමාජ ශාලාවල ගත කිරීම, මිතුරු මිතුරියන් සමඟ විනෝද වීම ඔහුගේ ජීවිතයේ එක් විනෝදාංශයක් විය.

දිනක් ඔහුට තරුණියක මුණ ගැසුණේය. ඇය නමින් ඔලිවා ජෙස්මින්ය. ඇය උස්බෙකිස්තාන් ජාතික තරුණියකි. වයස අවුරුදු 26 කි. ඇය ද විනෝදයට බර තරුණියකි. තම රටේම පෞද්ගලික ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස ඇය සේවය කළාය. කරුණා අම්මාන්ට ඔලිවා මුණගැසෙන්නේ ඇය සේවය කළ එම පෞද්ගලික ආයතනයේ පැවති සාදයක් අතරතුරයි. එම දැන හැඳින ගැනීම දින කිහිපයක් ගතවූ පසු දැඩි මිත‍්‍රත්වයක් බවට පත්විය. එම මිත‍්‍රත්වයේ අවසන් ප‍්‍රතිඵලය වූයේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමයි.

මාස කිහිපයක් දෙදෙනා එලෙස පෙම්වතුන් ලෙස ඇසුරු කළහ. ඒ අතර කාලය තුළ ඔලිවා තම සම්බන්ධය ගැන දෙමාපියන්ට ද පැවසුවාය. දෙමව්පියන් එම ආදර සම්බන්ධතාවයට කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන් ඇයට පැවසුවේ එම සම්බන්ධතාවය නවතා දමන ලෙසයි. එහෙත් ඇය දෙමවුපියන්ගේ කීම ඇසුවේ නැත. ඇයට වුවමනා වූයේ කරුණා අම්මාන් සමඟ විවාහ වීමටයි.

ඒ අනුව දිනක් දෙදෙනා මුණ ගැසී තම අනාගතය ගැන මෙලෙස කතාබස් කළහ.

”කරුණා අම්මලා කවදාවත් අපේ සම්බන්ධයට කැමති වෙන එකක් නැහැ.”

”කවදාවත්ම.”

”ඔව්. ඒගොල්ලො තීරණයක් ගත්තොත් ගත්තම තමයි.”

”තව එක පාරක් කියලා බලන්න.”

”දන්න හැම විදියකටම මම කිව්වා. එහෙත් හරියන්නේ නැහැ.”

”මොකද දැන් අපි කරන්නේ.”

”මට ඔයා නැතුව ජීවත් වෙන්න බැහැ. මම ඔයාට ගොඩක් ආදරෙයි.”

”ඒක මම දන්නවා ඔලිවා. මමත් ඔයාට ගොඩක් ආදරෙයි. මටත් ඔයාව ඕනා.”

”ඉතින් මොකද කරන්නේ.”

”අපි කසාද බඳිමු. ඔයා කැමතිද?.”

”මම කැමතියි. ඒක ඔයා දන්නවනේ හොඳටම. හැබැයි පොඩි ප‍්‍රශ්නයක්.”

”කසාද බැඳලා මෙහෙ ජීවත් වෙන්න බැරි වෙයි අපිට.”

”ඒක ප‍්‍රශ්නයක් කරගන්න එපා. ඔයා කැමති නම් අපි යමු අපේ රටට. එහෙ ගිහින් ජීවත් වෙමු.”

”ඇත්තමද කියන්නේ.”

”ඔව් මම ඇත්ත කියන්නේ.”

”අපිට එහිදී ප‍්‍රශ්නයක් වෙන එකක් නැද්ද?”

”නැහැ කාගෙන්වත් ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ.”

”එහෙනම් මං මේ සේරම අතෑරලා ඔයත් එක්ක එනවා යන්න. මට මේ හැම දේටම වඩා ඔයාව වටින්නේ.”

ඉන් මාස කිහිපයකට පමණ පසුව කරුණා අම්මාන් ඔලිවා සමග මෙරටට පැමිණියහ. එලෙස පැමිණි ඔවුන් දෙදෙනා විවාහ වූහ. එලෙස විවාහ වී දෙදෙනා වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි වූහ.

විවාහයෙන් පසු දෙදෙනාම රැකියාවක් කළේ නැත. දෙදෙනා එකතු කර තිබූ මුදල්වලින් ජීවත් වූහ. කලක් ගත වෙද්දී ක‍්‍රම ක‍්‍රමයෙන් එම මුදල් අවසන් වන්නට පටන් ගත්තේය. එම නිසා ඉදිරියේදී ඔවුන්ට මුදල් නොමැති ගැටලූවට මුහුණ දීමට සිදුවන බව දැන ගත්තේය. එම නිසා කුමක් හෝ සිදු කළ යුතු යැයි දෙදෙනා කල්පනා කළහ.

හිත මිතුරන් අතර ද ඔවුන් හැසිරුණේ කෝටිපති ව්‍යාපාරිකයන් ලෙසයි. ඒ අනුව දෙදෙනා දිනක් මෙලෙස කතාබස් කළහ.

”දැන් අපේ අතේ තියෙන මුදල් සියල්ලම වාගේ ඉවරයි. තව ටික දවසකින් අපිට ලොකු ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.”

”ඒකනම් ඇත්ත ඔලිවා. සමාජය ඉදිරියේ අපි හැසිරෙන්නේ කෝටිපති ව්‍යාපාරිකයන් හැටියටනෙ. සල්ලි නැති උනොත් අපිට මැරෙන්න තමයි වෙන්නේ.”

”අපි බිස්නස් එකක් කරමුද?”

”මෙහෙ එහෙම බිස්නස් කරන්න බැහැ. එහෙම කරනවා නම් ලොකු සල්ලියක් අතේ තියෙන්න ඕනා. දැන් එහෙම සල්ලි අපි ළඟ නැහැනේ.”

”ඉතින් අපි ජොබ් එකක් කරමු.”

”ජොබ් කරල කවදාවත් අපිට අපේ ලයිෆ් එක එන්ජෝයි කරන්න වෙන්නේ නැහැ.”

”එහෙනම් මොකද කරන්නේ.”

”මට පොඩි අයිඩියා එකක් ආවා. ඒක තමයි දැන් කරන්න වෙන්නේ.”

”ඒ මොකක්ද?”

”ඔයා මේක අහලා වැරදියට හිතන්න එපා.”

”අනේ නැහැ කවදාවත් නැහැ. ඔයා කියන්න ඕන දෙයක්.”

”අපි ඕගොල්ලන්ගේ රටේ තරුණියන් මෙහෙට ගෙන්න ගමු රැකියා දෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ව ඞීල් කරමු හොඳ සල්ලිකාරයින්ට.”

”අනේ මන්දා මට නම් බයත් එක්ක.”

”බයවෙන්න එපා. මම සේරම බලා ගන්නම්. අපි මේක දිගටම කරන්නේ නැහැ. සල්ලි ටිකක් හොයා ගත්තට පස්සෙ වෙන බිස්නස් එකක් කරමු.” ”ඔයාගේ කැමැත්තක්.”

”එහෙනම් ඔයා මෙහෙම කරන්න. දැනට ඕගොල්ලන්ගේ රටේ ලස්සන තරුණියක් මෙහෙට ගෙන්න ගන්න ජොබ් එකක් දෙනවා කියලා. ඉතුරු ටික මං බලා ගන්නම්.”

කරුණා අම්මන්ගේ කීමට අනුව ඔලිවා තම රටේ තරුණියක් මෙරටට ගෙන්වා ගත්තේය. ඒ වැඩි වැටුපකට හොඳ රැකියාවක් ලබා දෙන බව පවසමින්ය. එලෙස පැමිණි තරුණියට දින කිහිපයක් ඔවුන් නවාතැන් ලබා දුන්නේය.

ඒ කාලය අතරතුර කරුණා අම්මාන් තමා දන්නා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පවසා තිබුණේ උස්බෙකිස්ථානයේ ලස්සන තරුණියක් මෙරටට පැමිණ ඇති බවත් මුදල්වලට ඇය සමඟ ලිංගිකව එකතු විය හැකි බවත්ය.

සල්ලාලකමට පුරුදු වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් කරුණා අම්මාන්ගේ යෝජනාවට කැමැති වුහ. ලක්ෂ ගණන් මුදල් ගෙවා ඇය සමග යහන්ගතවීමට ඔවුන් කැමති විය. ඔලිවා තම රටේ සිට පැමිණි තරුණියට පැවසුවේ දැනට මෙහෙ රැකියාවක් නොමැති බවත් රැකියාවක් සොයා දෙන තුරු මිනිසුන් සමග මුදල්වලට යහන්ගත වන ලෙසත්ය. ඇය එම යෝජනාව එකහෙළාම ප‍්‍රතික්ෂේප කළාය. එහෙත් ඔලිවා ගෙන් ඇයට ගැලවීමක් තිබුණේ නැත. අවසානයේ ඇය තර්ජනාත්මක ස්වරයෙන් පැවසුවේ එම යෝජනාවට කැමැති වන ලෙසයි.

කිසිම දෙයක් නොදන්නා රටක සිටි එම තරුණිය අවසානයේ ඔලිවාගේ යෝජනාවට අකැමැත්තෙන් වුවද කැමැති වූවාය. එතැන් සිට ඔලිවා සහ කරුණා අම්මාන් එම තරුණියව මෙරට ප‍්‍රබල පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු ප‍්‍රභූ පිරිස්වලට මුදලට විකුණූහ. ඒ ඉතා ඉහළ මුදලකටයි.

එම යුවතියගේ සුන්දරත්වය නිසාම ගැනුම්කරුවන් වැඩිවන්නට පටන් ගත්තේය. ඒ අනුව ඔලිවා තවත් තරුණියන් කිහිපදෙනෙකු තම රටින් මෙරටට ගෙන්වා ගත්තාය. ඒ රැකියා ලබාදෙන බව පවසමින්ය. අවසානයේ එලෙස පැමිණි තරුණියන් සියලූ දෙනාම බලහත්කාරයෙන් ඇය ගණිකා වෘත්තියට යොදවා ගත්තාය.

උස්බෙකිස්තානයෙන් පැමිණි එම තරුණියන්ව ලිංගික කටයුතු සඳහා විකුණා එම යුවළ මාස්පතා විශාල මුදලක් සොයා ගත්හ. ඔවුන් එම තරුණියන් විකුණුවේ මෙරට ව්‍යාපාරිකයන් සහ ප‍්‍රභූ පැළැන්තියේ පුද්ගලයන්ට පමණි. එම නිසා ඔවුන්ගේ මෙම ජාවාරම ගැන මධ්‍යම පංතිකයන් කිසිවකු දැන සිටියේ නැත.

කිසිදු බාධාවකින් තොරව මෙම යුවල මුදලට විදේශීය තරුණියන් විකිණීමේ ජාවාරම ජයටම කරගෙන ගියහ. කලක් යද්දී ඉහළ පොලිස් නිලධාරියකුට මෙම ජාවාරම පිළිබඳ දැනගන්නට ලැබුණි. ඒ අනුව පරීක්ෂණ සිදු කළ එම පොලිස් නිලධාරියා ඔලිවා අත්අඩංගුවට ගත්තේය. ඒ රැකියා ලබාදෙන බව පවසා උස්බෙකිස්ථානයෙන් තරුණියන් මෙරටට ගෙන්වා ලිංගික කටයුතු සඳහා මුදලට විකිණීමේ ජාවාරමේ නිරත වීමේ චෝදනාව මතයි.

අවසානයේ එම චෝදනාවට වැරදිකරු වූ ඇයට සිදුවූයේ බන්ධනාගාර ගත වීමටයි. ඇය බන්ධනාගාර ගත වූ පසු අත්අඩංගුවට ගත් එම තරුණියන් කිහිප දෙනා මෙරටින් පිටුවහල් කළහ.

මාස කීපයක් එලෙස ගත විය. කරුණා අම්මාන්ට ගනුදෙනුකරුවන්ගෙන් නිදහසක් නොමැති විය. ප‍්‍රභූ පැළැන්තියේ එම සල්ලාලයින් නිතරම පාසා ඔහුගෙන් උස්බෙකිස්තාන තරුණියන් ඉල්ලා සිටියේය.

අවසානයේ කරුණා අම්මාන් එම ජාවාරම නැවත පටන් ගැනීමට තීරණය කළේය. ඒ අනුව ඔහු උස්බෙකිස්තානයෙන් සුන්දර තරුණියන් ගෙන්වාගෙන යළිත් එම ජාවාරම දිගටම සිදු කරගෙන ගියේය.

මෙවර ද මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, ප‍්‍රභූ පැළැන්තියේ පුද්ගලයින් සහ මැති ඇමැතිවරුන් ද එම තරුණියන් ලිංගික කටයුතු සඳහා මුදලට මිලදී ගත්තේය.

මාස කිහිපයක් ගතවෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබුණි. ඒ සංක‍්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයෙන්ය. එම සංවිධානය පවසා සිටියේ වැල්ලවත්ත ප‍්‍රදේශයේ දෙමළ තරුණයකු ඇතුළු පිරිසක් උස්බෙකිස්ථානයෙන් සුරූපී තරුණියන් රැකියා ලබාදෙන බව පවසා මෙරටට ගෙන්වා ගෙන බලහත්කාරයෙන් රඳවා ගණිකා සේවයේ යොදවන බවයි. පැමිණිල්ලට අනුව පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විදේශීය තරුණියකගෙන් ලද තොරතුරු මත සැකකාර එම දෙමළ තරුණයාව වැල්ලවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී කලක සිට ඔහු කරගෙන ගිය මෙම ගණිකා ව්‍යාපාරය පිළිබඳ සියලූ තොරතුරු අනාවරණය කළේය.

වසර ගණනක සිට ඉතා සූක්ෂම අයුරින් කරගෙන ගිය මෙම ජාවාරම හරහා මෙම සැකකරු ලක්ෂ ගණනින් මුදල් උපයා තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු පැවසුවේ මෙරට ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, ජනප‍්‍රිය ක‍්‍රීඩකයින්, ප‍්‍රභූවරුන් යයි සැලකෙන පුද්ගලයින්, ඔවුන්ගේ පුතුන් සහ සමහර මැති ඇමැතිවරුන් පවා මෙම උස්බෙකිස්ථානයේ සුන්දර යුවතියන් මුදලට මිලදී ගත් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු පැවසුවේ උස්බෙකිස්ථානයේ සුන්දර තරුණියන් මුදලට මිලදී ගත් අය පිළිබඳව ද වෙනම පරීක්ෂණයක් සිදු කරන බවයි.

''සුදූ.. මම එනකොට අද ටිකක් රෑ වෙයි...වැඩ ගොඩක් තියෙනවා" - කන්තෝරුවේ රෑ වැඩ කියූ සැමියා ලඳක් එක්ක අමුතුම තැනකින් මතුවෙලා

කාර්යාලයේ හදිසි වැඩක් යැයි කියමින් තමා එනවිට රෑ බෝවනවා යයි දුරකතන ඇමතුමක් ලබාදුන් සැමියා නගරයේ කාමර කුලියට දෙන ස්ථානයකින් කාර්යාලයේම සේවිකාවක සමග එනු බිරියගේ අතටම හසුවී අලි ජංජාලයක්වූ ආරංචියක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

හෙතෙම හවස් භාගයේ සිය නිවෙසට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය.

කාර්යාලයේ හදිසි වැඩක් නිසා තමා අද එනවිට රෑ බෝවනු ඇතැයි කියමිනි.

වැසි දිනයක් හේතුවෙන් කාර්යාලයට කැඳවා ඇත්තේ ඉතා සීමිත පිරිසක් බවත් මේ නිසා තමාට කාර්යාලයෙන් පවරපු මේ හදිසි වැඩේ කෙසේවත් පැහැර හැරිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

ඔහුගේ දරුවාට හදිසියේම උණ ගන්නේ එදින හවස් වරුවේදීය.

රටේ පවතින තත්ත්වය නිසා ඔහුගේ බිරිය ඉතා කලබල වූවාය.

ඔහුට දුරකතන ඇමතුමක් ලබාදුන්නද එය ක්‍රියාවිරහිත කොට තිබූ බැවින් සිය දරුවාගේ අසනීප තත්ත්වය දැන්වීමට නොහැකි විය.

දරුවාගේ අසනීප තත්ත්වය එන්න එන්නම වැඩිවූ නිසා ඇය දන්නා ත්‍රිරෝද රථයකින් දරුවා නගරයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකට රැගෙන ගියාය.

බෙහෙත් ශාලාවෙන් නියම කළ බෙහෙත් වර්ගයක් ගැනීමට ඇය පාගමනින් ඔසුසලට ගියේ ඒ ආසන්නයේම තිබූ බැවිනි.

ඒ යන අතරමග සිය සැමියා කාමර කුලියට දෙන ස්ථානයකින් මතුවනු ඇය දුටුවාය.

ඒ තනියම නොව ඔහු සේවය කරන ආයතනයේම සේවිකාවකද සමගය.
මේ දර්ශනය දුටු ඇය යක්ෂාවේෂ වූවාය.

තමන් ආ කාරණයත් අමතකවූ ඇය සැමියාගේ ඇඳුමේ එල්ලී මිනිහෝ ඔය කාර්යාලයේ හදිසි වැඩ කරනවා දැයි කියමින් එතන යකා නැටුවාය.

ඒ සමගම ඔහු සමග පැමිණි සේවිකාව වාෂ්පවී සිටියාය.

ඒ සමගම එකා දෙන්නා එතනට රැස්වීමට පටන් ගැනීමත් සමගම ඔහු භාර්යාවගෙන් බේරී දිවගියේලු‍.

"ඒ මිනිහා තමයි මගේ ජීවිතයම විනාශ කළේ...දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහෙම ජීවත් වෙනවා.” - ස්පාවල වැඩ කරන තරුණියකගේ අදෝනාව

ස්පාවල වැඩ කරන තරුනියන්ගේ ජීවිතවල කතා හරි සංවේදීයි.

හිතුවක්කාරකමට ගන්න තීරන,හැඟීම්වලට වහල් වෙලා ගන්න තීරණ එහෙමත් නැත්නම්,ආර්ථික තත්වයෙන් ගොඩ එන්න ඕනි නිසා ගන්න තීරන නිසාත් සමහර තරුණියන් ස්පාවල වැඩ කරන්න යනවා.මේ ඒ වගේ තරුණියකගේ කතාවක්.

”මගේ ගම මාතර. මාතර කිව්වට නගරයේ නොවෙයි. ටිකක් ඈතට යන්න ඕනා. මගේ අම්මයි තාත්තයි ව්‍යාපාරයක් කළේ. ගමේ තිබුණු ලොකුම සිල්ලර බඩු කඩය තිබුණේ අපිට. ඒක නිසා අපිට හොඳට සල්ලි තිබුණා. පවුලේ බාලයා මමයි. එක් සහෝදරයෙක් සහ සහෝදරියක් මට ඉන්නවා. නගරයේ තිබුණු කාන්තා විදුහලක තමයි මම ඉගෙන ගත්තෙ. ඕ ලෙවල් පාස් වුණා. ඒ ලෙවල් වාණිජ අංශයෙන් කරගෙන හිටියේ. ඒ කාලේ මම තරුණයෙක් එක්ක යාළු වුණා. ඒ අපේ කඬේට බඩු දාන්න එන අයියා කෙනෙක්. එයා පෞද්ගලික කොම්පැනියක රෙප් කෙනෙක්. මට වඩා අවුරුදු නමයක් වැඩිමල්. හැබැයි හරිම ලස්සනයි.ඒ කාලේ මට එයාගෙන් තොර ලෝකයක් තිබුණෙ නැහැ. අපේ තාත්තා නීතිකාරයා. මං ගැන හොඳට හොයලා බැලූවා. ඒක නිසා අපිට නිතරම හම්බ වෙන්න බැරි වුණා. වැඩිපුරම ආදරේ කළේ ෆෝන් එකෙන්.මාස කීපයක් ගතවෙද්දී මට එයා නැතුව බැරි වුණා. දෙමව්පියන්ට වඩා ආදරයක් එයා ළඟ තියෙනවා කියලා හිතුනා. ඒක නිසා එයා ළඟටම යන්නම තමයි හිත. අන්තිමේදි අපි දෙන්නා තීරණයක් ගත්තා. ඒ හොර රහසේ පැනලා යන්න.

එතකොට මගේ වයස අවුරුදු දාහතයි. ඒ ලෙවල් කරන්න ගත්තා විතරයි. අපි පැනලා යන්න මාසයක් විතර ප්ලෑන් කළා. සැරින් සැරේ මගේ ඇඳුම් ටිකක් ඒ අයියට දීලා තිබුණා. කිහිපවිටක්ම තාත්තට හොරෙන් කඩෙන් සල්ලිත් ගත්තා. දවසක් පෞද්ගලික පන්තියකට යන විදියට ගෙදරින් පැනලා ඒ අයියත් එක්ක කොළඔ ආවා.එතකොට මම පොඩි කෙල්ලෙක්. ගොඩක් ලස්සනයි. හැමෝම කිව්වේ මම අම්මගේ කපාපු පළුව කියලා. පැනලා ඇවිත් දවස් තුනක් අපි කොළඹ පැත්තෙ හෝටලයක හිටියා.

ඒ දවස් ටිකේ මට වෙන්න ඕන සේරම දේ වුණා. ගෙදරට ගින්දර දීලා ආවත් මට ඒ ගැන එච්චර ලොකු කැක්කුමක් තිබුණෙ නෑහැ. මොකද මගේ ලෝකය වුණේ මේ මනුස්සයා. පැනලා ආපු දවසෙම මම ගෙදර අයට කිව්වා. ඒගොල්ලො කලබල වෙලා මාව හැම තැනම හෙව්වා. පොලිසියටත් ගිහින් කියලා. තාත්තා පුදුම කේන්තියකින් ඉඳල තියෙන්නෙ. දවස් 3ක හනිමුන් එක ඉවර වෙලා රාජගිරිය පැත්තේ පොඩි ඇනෙක්ස් එකක් ගත්තා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ටිකකුත් ගත්තා. මම හිතුවේ එතැන් සිට ජීවිතය සුන්දරයි කියලා. සේරම අමතක කරලා ඔහු සමග සතුටින් ඉන්න තමයි ප්ලෑන් කළේ.

මාස තුනක් අපි සතුටින් හිටියා. එයා රස්සාවට ගියේ නෑ මම බැන්දට පස්සේ. මගේ අතේ හා එයාගෙ අතේ තිබුණු සල්ලි ටික ඉවර වුණා. ඊට පස්සෙ තමයි ජීවිතයේ වෙනස් වෙන්න පටන් ගත්තේ. මම දැනගත්තේ පස්සේ. මිනිහා කුඩු කාරයෙක්. ඒ වගේම කසාද බැඳපු කෙනෙක්. ඒක දැනගත්ත දවසේ ජීවිතය පවා එපා වුණා. මට මැරෙන්න තරම් හිතුණා. ඉවසුවා. කොහොම හරි මේ මනුස්සයව හදා ගන්නවා කියලා හිතුවා. ඒක නිසා තව තවත් ඒ මිනිහට ආදරය කළා. හොඳින් කිව්වා කුඩු ගහන එක නවත්තන්න කියලා. ඒත් ඇහුවේ නෑහැ. තවත් මාස කීපයක් එහෙම යද්දි අපිට ජීවත් වෙන්න විදියක් තිබුණෙම නැහැ. ඒක නිසා මම තීරණය කළා රස්සාවකට යන්න. අපේ ඇනේක්ස් එක ළඟ අක්කා කෙනෙක් හිටියා. එයා රාජගිරිය පැත්තේ සපත්තු බෑග් හදන පොඩි ෆැක්ටරි එකක වැඩ කළේ. මාවත් එතැනට ගත්තා.

මාස කීපයක් එතන වැඩ කළා. ගෙදර ආවාම අමුම අපායක්. අර මිනිහත් එක්ක ජීවත්වෙන්න බැහැ. හැමදාම රණ්ඩු. අතින් පයින් හොඳටම මට ගහනවා. එක එක මිනිස්සු ජෝඩු කරනවා. ඒ මදිවට කුඩු ගහන්න සල්ලිත් ඉල්ලනවා. පුළුවන් තරම් ඉවසුවා. කරන්න දෙයක් නැති නිසා. එහෙත් කවදාවත් ඒ මිනිහගෙන් සැනසීමක් හම්බෙන්නෙ නැහැ කියලා මම තේරුම් ගත්තා. මොනව කරන්නද කියලා හිතාගන්න බැහැ. හම්බවෙන්නෙත් සොච්චම් පඩියක්. වැඩ කරන තැන අක්කා කෙනෙක් හිටියා. එයා මට ගොඩක් හිතවත්. මගේ ප්‍රශ්න සේරම එයා දන්නවා. එයා හරි හොඳ කෙනෙක් ඒත් සල්ලි ප්‍රශ්න තිබුණා. දවසක් එයා මට කිව්වා අපි ටික කාලයක් ස්පා එකක වැඩ කරමු කියලා. එයා දන්න කෙනෙක් වැඩ කරනවලූ. දවසට හොඳ ගාණක් හොයනවලූ.

දවස් ගාණක් මම ඒ ගැන කල්පනා කළා. මට යන්න හිත දුන්නෙම නෑහැ. අන්තිමේදී හිත හදාගෙන මම ඒකට කැමැති වුණා. ඒ අක්කා එක්ක නාවල තියෙන ස්පා එකකට අපි ගියා. එදා ඉඳන් තමයි මගේ ජීවිතයේ ආයෙ වෙනස් වෙන්න පටන් ගත්තේ. බොරු කියන්න ඕනෙ නෑනේ. මගේ ලස්සනට ගොඩක් අය කැමති වුණා. එතන ස්පා කියලා තිබුණේ නමට විතරයි. ඇතුලෙ හැම දෙයක්ම වෙනවා. මාස කීපයක් යද්දි ක්‍රම ක්‍රමයෙන් මම ඒවට කැමති වුණා. ඒ එක්කම මිනිහා කුඩුත් එක්ක පොලීසියට අහුවෙලා තිබුණා. ඊට පස්සේ එයාට මොනව උනාද කියල අද වෙනතුරු මම දන්නේ නැහැ. හෙව්වෙත් නැහැ. පදිංචියත් මම වෙනස් කළා.

මම වෙනස් වෙන්න පටන් ගත්තා. අඳින පළඳින එක පවා වෙනස් කළා. ටික කොණ්ඩෙ කොටට කපලා පාට කළා. මගේ අතේ හොඳට සල්ලි තිබුණා. සමහර දවස්වලට තිස් දහ, හතළිස් දහ හොයනවා.මුලින්ම මම බියර් බොන්න පටන් ගත්තා. ඊට පස්සේ අරක්කු. අන්තිමට නැවතුනේ අයිසුත් ගහලා. අයිස් ගැහුවම නිදිමත එන්නේ නැහැ. ඇඟට අමාරුවක් නැහැ. කරන්නේ මොනවාද කියලවත් දන්නෙ නැහැ. සමහර දිනවලට මිනිස්සු දහ පහළොස් දෙනා එක්ක නිදා ගන්නවා.ඒ අතර මම කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක ලව් කළා. ජීවිතය විඳින්නත් ඕනානේ. ඒ කොල්ලො අතින් දෙපාරක් මම ප්‍රෙග්නට් වුණා. දෙපාරක් මම ඇබෝෂන් කළා.කරන්න දෙයක් නැහැ. මම මේ ජීවිතයට ඇබ්බැහි වුණා. නොතේරෙනකමට එකෙකුට ආදරේ කළා. ඒ මිනිහා තමයි මගේ ජීවිතයම විනාශ කළේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහෙම ජීවත් වෙනවා.”

”එතකොට ගෙදර අය” මම අතුරු ප්‍රශ්නයක් නැගුවෙමි.

”පැනලා ගියාට පස්සේ අම්ම මාත් එක්ක කතා කළා. ගෙදර එන්නත් කිව්වා. ඒත් මම ගියේ නැහැ. පස්සේ කොහොමහරි ඒගොල්ලන්ට ආරංචි වෙලා තිබුණා මම කියන කරන දේවල්. ඒක නිසා මට ඒගොල්ලන්ගෙ මුහුණ බලන්න බෑහැ. සහෝදර සහෝදරියන් මාව පවුලෙන් අයින් කරලම දැම්මා. ඉඳලා හිටලා අම්මට කතා කරනවා එච්චරයි.”

වයස තවම විසි තුනයි. දැන්වත් මේ ජීවිතයෙන් අයින් වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් නේද? කිහිපවිටක්ම හිතුණා. එහෙත් බැහැ. පිරිමි කියන අය ආයෙමත් ජීවිතයටවත් මම විශ්වාස කරන්නේ නැහැ. මේ ජීවිතයට පුරුදුවෙලා ඉවරයි. මේක තමයි මගේ ජීවිතය දැන්. හොඳට සල්ලි හම්බ කරනවා කනවා බොනවා සතුටින් ඉන්නවා.”

”ඒ වුණාට ඔයා කරන්නේ නීති විරෝධී වැඩක් නේ.” අවසන් වශයෙන් මම ඇයගෙන් එලෙස විමසුවෙමි.

”යන්න. මෙරටේ මීට වඩා නීති විරෝධී වැඩ කොච්චර වෙනවද?. ඒවා ගැන කවුද කතා කරන්නේ. අපි ගැන තමයි හැමෝම කතා කරන්නේ. අපි බලෙන් මිනිස්සු ළඟට යන්නේ නැහැ මිනිස්සු තමයි අපි ළඟට එන්නේ.”

(උපුටා ගැනීමකි)

"YouTube එකේ ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් නිසා තමයි ජැක්සන්ට විෂබීජ ගියේ...": ජැක්සන්ගේ මරණය ගැන ආන්දෝලනාත්මක කතාවක් එළියට

''කොහොමද එයා එහෙම ජැක්සන්ව බලන්න ගියේ ICU එක ඇතුළට?

ඉතින් විසබීජ නොයා තියෙයිද? ජැක්සන්ගෙ ස්වභාවික ගමන මේක නෙවේ කියල මම හිතනවා.

එයාට තව ආයුෂ තියෙනවා කියල හැමතැනින්ම කියල තියෙද්දි ඔහු නැතිවුණේ.

මට දරාගන්න බැරි ඒකයි. ප්‍රසිද්ධ මිනිස්සුන්ව විකුණගෙන සල්ලි හම්බකරගන්නෙ ඇයි මේ මිනිස්සු? ''

''සකල කලා සක්විති'' හෙළ කලා කෙත පෝෂණය කළ ඒ දැවැන්ත මිනිසා සියල්ල අතහැර සදහටම නික්ම ගොස් අවසන්.

ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී... ඔහු නික්ම ගියද ඔහු දායාද කල දෑ තවත් කාලයකට මේ මිහිපිට තුළ ජීවමාන වනු ඇත.

එනිසාවෙන් ජැක්සන් ඇන්තනී යනු අමරණීය චරිතයක් බැව් කිව යුතුමයි.

රූපවාහිනි වැඩසටහන්වලට එකතු වෙමින් සහ ප්‍රසිද්ධ මාධ්‍යයන් හි ජැක්සන් ඇන්තනී සුවය ලබමින් ඉන්න බවට ඔහුගේ පවුලේ ආදරණීයන්ම ලබාදුන් සුබ බලාපොරොත්තු, ජැකාට ආදරේ කරන කාටත් අස්වැසිල්ලක් වූවාට සැක නෑ.

එලෙස සුවය ලබමින් සිටි ඔහුට මෙවන් විපතක් අත් වීම කාටත් ගැටළු සහගත කාරණාවක්.

මේ ඒ ගැන ඔහුගේ ආදරණීය බිරිඳ කියූ කතාව...

''ජැක්සන් අන්තරා වුණේ විසබීජයක් නිසා ඇතිවුණ නිව්මෝනියා තත්ත්වයකින්.

ICU එකට සාමාන්‍යයෙන් රෝගියෙක් බලන්න යන්න දෙන්නෙ නෑනෙ පවුලෙ කීපදෙනෙක්ට ඇරෙන්න.

අපි ඉතාම පිරිසිදුව ඒ ක්‍රියාපටිපාටිය කළේ.

ඔය විසබීජෙ යනකල් අපි හරිම පරිස්සමෙන් ජැක්සන්ව බලාගත්තෙ.

ජැක්සන්ව වෛද්‍යවරු, හෙදියො බලාගත්තෙ හරිම ආදරෙන්. දිගුකාලීනව ඇඳක ඉද්දි හැදෙන රෝගයක්වත් ජැක්සන්ට හැදුනෙ නෑ.

නමුත් ජාතික රෝහලේම ඉන්න යූටියුබ්වලට සම්බන්ධ දොස්තර කෙනෙක් අපේ අවසරයක් නැතුව බොහොම පහත් විදිහට තීරණ අරගෙන ජැක්සන්ව බලන්න යන්න එක එක්නෙකාට ඉඩ දුන්නා. ඒ දොස්තර ලැජ්ජා වෙන්න ඕනෙ මේ කරපු දේ ගැන.

එයා ජැක්සන්ට වෙදකම් කරපු කෙනෙකුත් නෙවෙයි.

මට රෝහලෙන්ම ආරංචි වුණා ඔය දොස්තර කට්ටියව ඇතුළට යැව්වා කියල ජැක්සන්ව බලන්න.

තව කලාකරුවෙක් කියලා කියගාන්න යූටියුබ් චැනල් එකක් කරන කෙනෙක් ඒ විදිහට ජැක්සන්ව බලන්න ගිහින් දානවා වීඩියෝ එකක් “කුමාරි අක්කේ… මං ගියා ජැක්සන්ව බලන්න.

නිකන් බොරු කියන්න එපා” කියල.

කොහොමද එයා එහෙම ජැක්සන්ව බලන්න ගියේ ICU එක ඇතුළට?

ඉතින් විසබීජ නොයා තියෙයිද? ජැක්සන්ගෙ ස්වභාවික ගමන මේක නෙවේ කියල මම හිතනවා.

එයාට තව ආයුෂ තියෙනවා කියල හැමතැනින්ම කියල තියෙද්දි ඔහු නැතිවුණේ.

මට දරාගන්න බැරි ඒකයි. ප්‍රසිද්ධ මිනිස්සුන්ව විකුණගෙන සල්ලි හම්බකරගන්නෙ ඇයි මේ මිනිස්සු?

ජැක්සන්ට කවුරුවත් බන්දේසියක තියල ප්‍රසිද්ධියක් දුන්නෙ නෑ.

බොහොම සාමාන්‍ය පවුලක ඉපදිලා අමාරුවෙන් කට්ට කාගෙන ආපු ගමනක ප්‍රතිඵලය තමයි ජැක්සන් ඇන්තනී.

එයා මේ තැනට එන්න වෙච්ච මහන්සිය ඉස්කෝලෙ කාලෙ ඉඳන් එයා එක්ක හිටපු මම දන්නවා.

මම ආයුර්වේදය අත්හැරලා දැම්මෙ ජැක්සන්ට කැම්පස් වැඩවලට උදව් වෙන්න ඕන නිසා.

නැත්නම් මම අද ආයුර්වේද වෛද්‍යවරියක්.

එච්චර කැපකිරීමක් කරලා හදාගත්ත මනුස්සයව විනාස කරන්න තවත් ඉගෙනගත්තු මිනිස්සුම ඉදිරිපත් වුණ එක ගැන මට හරි පුදුමයි.

රටේ මිනිස්සු කොච්චර ජැක්සන්ට බැන්නත් මං කාටවත් වෛර කරන්නෑ.

හැබැයි මට මේ පුද්ගලයො දෙන්නා ගැන තියෙන්නේ පුදුම තරහක්...''

කලාකරුවෙක් වෙනුවෙන් අවසන් ගෞරවය දක්වන්න වැඩිම පිරිසකගේ සහභාගීත්වයක් ජැක්සන් ඇන්තනී අසහාය කලා කරුවා වෙනුවෙන් පැමිණ සිටි අයුරු දකින්න ලැබුණා.

''යාපනෙන් පවා මිනිස්සු ආවා ජැක්සන්ට අවසන් ගෞරවය දක්වන්න.

පවුලෙ කෙනෙක් නැති වුණා වගේ මිනිස්සු ඇඬුවේ. අපි මෙච්චර ජන ගඟක් එයි කියලා කල් ඉඳලම දැනන් හිටියා.

ජැක්සනුත් දවසක් කිව්වා “මං මැරච්ච දවසක ලංකාව වටෙන්ම මිනිස්සු මාව බලන්න ආවොත්,

ඒ කියන්නෙ මම හරියට ජීවත් වෙලා කියන දේ” කියල. ඒක ඒ විදිහටම වුණා.''

අපි රටක් විදියට ආදරේ කළේ ජැක්සන් ඇන්තනී නම් කලා කරුවාට. කලාව ජීවිතයම වුණත්, ඔහු තුළ උන්නු ආදරණීය අප්පච්චි නිතරම කැපී පෙනුණා.

ඒ අප්පච්චිගේ ආදරේ වැඩියෙන්ම හිමිවුණේ දෝණි මාධවීට බැව් රහසක් නෙවෙයි....

''අප්පච්චිට අනුව මම අප්පච්චිගෙ පණ. මටත් දැනෙන්නෙ එහෙමමයි.

මල්ලිලා මං එක්ක තරහා වෙන්නෙ නෑ. එයාලත් ඒක දන්නවා.

දරාගන්න බෑ. හිතාගන්නත් බෑ. අපි හරි අවාසනාවන්තයි කියලා හිතෙනවා.

අපි මේ සිද්ධිය ඇතුළේ අසරණ වෙච්ච වාර ගණන මහ ගොඩක්.

අප්පච්චිට වුණේ එක අනතුරක් නෙවෙයි. අප්පච්චි මේ සිද්ධිය වෙන මොහොතේදිත් හිතේ ලොකු වේදනාවක, කලකිරීමක හිටියේ.

සමාජය තුළ එයා ගැන වැරදි චිත්‍රයක් මවපු මාලිමා ඇඟිලි ගැන.

අවසානෙදි ලෙඩ ඇඳ පවා ඔවුන් දේශපාලනික ආයුධ කරගත්තා.

නමුත් ඒ දැවැන්තයාට කූඹි එක්ක ඇරියස් නෑ.

ඉතිං දරාගන්න බැරි පිළිකුළක් හිතේ ඉතුරු වෙලා තියෙනවා මේ හැමදේම ගැන.''

මුළු රටක්ම බලාගෙන උන්නෙ ඔහු කවදකහරි ආයෙත් නැගිටීවි කියන බලාපොරොත්තුව ඇතිව...

''පළමු අනතුරෙන් පස්සෙ අප්පච්චි ජූලි 18 දක්වා අපි එක්ක හස්ත සංඥාවලින් කතා කළා.

පුංචි බෝඩ් එකක ලිව්වා.

අපි ලොකු විශ්වාසයකින් හිටියා අප්පච්චි සුවවෙයි කියලා.

මොකද එයාගෙ සැත්කමින් පස්සෙ චලනවල ලොකු ප්‍රගතියක් තිබුණා.

කතා කරන්න බැරුව හිටියේ එයාට හුස්ම ගන්න බටය දාලා තිබුණේ කටින් නිසා.

එදා ඒ බටය ගලවන්න තීරණය කළාට පස්සෙ අප්පච්චිට දැඩි සත්කාර ඒකකයෙදි හුස්ම හිරවුණා.

මොළයට හානියක් වෙන්න කලින් යළිත් හුස්ම බටය යොදාගන්න ඒ මොහොතේ බැරි වෙලා.

ඒත් මොළය හානි වුණා මිසක් මැරුණෙ නෑ.

අවසන් මොහොත දක්වාම අප්පච්චි සතුටු හිතෙන දෙයක් කිව්වම දත් පෙන්නලා හිනාවුණා.

හොඳින් ඇස් ඇරගෙන හිටියා.

අපි යනවා කිව්වම කට ඇද කරලා දුක මූණක් පෙන්නුවා. ඈනුම් ඇරියා. කඳුළු ගලමින් ඇඬූ අවස්ථා තිබුණා.

ඒවට මං ළඟ තියෙන වීඩියෝ සාක්ෂි.

මං මළගෙදර ආපු බොහෝ අයට ඒවා පෙන්නුවා. ඒ අය පුදුම වුණා.

මොකද අප්පච්චි කෝමා වෙලා නිද්‍රාශීලී බවින් වැතිරිලා ඉන්නවා කිව්වම එයාගෙ පෙනුම වැහැරිලා කියලා යූටියුබ් වෙළෙන්දෝ කිව්වා.

අපි අප්පච්චි වෙනුවෙන් හැමදාම යාච්ඤා කළා. පිරිත් කිව්වා.

ඒත් අප්පච්චිව බේරගන්න බැරි වුණා.''

කලාකරුවෙක්ට මෑතකදී දැවැන්ත විවේචන රැල්ලකට මුහුණ දෙන්න වුණා නම්, ඒ ජැක්සන් ඇන්තනී. ඒ වගේම ඔහුගේ කලා පවුල...

''අපි කළේ රස්සාවක්. හරියට ඔයා වැඩට යන්න අඳිනවා වගේ අපි ඒ වැඩසටහන්වලට යන්න සුදුසු විලාසිතාවක් කළා.

රඟපෑම රස්සාවක්. ප්‍රසංග වේදිකාවේ සිංදු කීම රස්සාවක්. මෝස්තර නිරූපණය මට රස්සාවක්. සන්නාම ප්‍රවර්ධනයත් රස්සාවක්.

අප්පච්චි ලෙඩ ඇඳේ හිටියට බොහෝ මිල අධික බෙහෙත් විටමින් වර්ග අපි අරන් දුන්නා දිනපතා.

ඒ වගේම අප්පච්චි ලෙඩ වුණත් අපි අපේ යැපුම් මාර්ගය කරගෙන ගියා දහසක් ගැරහුම් මධ්‍යයේ.

මොකද අපේ නිවෙස්වල බිල්, වාහන ලීසිං, වියහියදම් ඉබේ පියවෙන්නෙ නෑනෙ.''

මහමෙරක් ආදරේ දුන්නු අප්පච්චි ගැන දූට කියන්න තියෙන කතා, පොතකටත් එහා... ඒ තමයි අප්පච්චි - දූගේ බැඳීම...

''මගෙ අප්පච්චි බොහොම නිහතමානී කෙනෙක්. ආදරේ මහ ගොඩක් දුන්නු, අනික් අයගෙ දුක තේරුම් ගත්තු, නවක නිර්මාණකරුවන්ට උදව් කරපු කෙනෙක්.

පිරිසක් අප්පච්චිව රටේ වැරදිවලට වැරදිකාරයා කරද්දි අප්පච්චිව පාවිච්චි කරපු පිළේ අයත් ඒ හැම වරදක්ම අප්පච්චි පිටින් දාලා අත හෝදගත්තා.

නමුත් බහුතරයක් සාමාන්‍ය මිනිස්සු මගෙ අප්පච්චිට හරි ආදරෙයි.

අප්පච්චි හැමදාම කිව්වෙ මම කරන්නෙ වැඩේ හදාගන්න එක මිසක් හිත හදාගන්න එක නෙවෙයි කියලා.

අප්පච්චි කලාව වෙනුවෙන් ජීවත් වෙලා කලා නිර්මාණයක් අතරතුරදීම අනතුරට පත් වුණා.

දේශපාලනික සම්බන්ධයක් හේතුවෙන් අප්පච්චි කරගත්තු එකම වාසිය රාගම පොඩි වී කුඹුරේ ඉතා අබලන් වෙලා තිබ්බ මහා මාර්ග ටික සංවර්ධනය කරවගත්ත එක.

ඒ නිසයි කාට කාටත් තමුන්ගෙ ළමයින්ව ගේ ළඟින්ම පාසල් බසයට නග්ගන්න පුළුවන් වුණේ.

ඒ කාලෙ අපිව ගන්න ඒවා ආවෙ නෑ පාර කැඩිලා කියලා. අපි මහ පාරට පයින් ගියේ.''

'අපිට මුල් කාලෙ තිබ්බෙ පොඩි බයික් එකක්. අම්මා ලෝන් එකක් දාලා තමයි ඒක අරන් තිබ්බෙ.

අප්පච්චි දවසක් කඩවත පල්ලමක බයික් එකේ එද්දි එයාගෙ අතේ තිබ්බ මල්ලක් ඉරිලා අල, ලූණු පල්ලම දිගේ රෝල් වෙලා ගියාලු.

එයා බැහැලා දාඩිය පෙරාගෙන දුවමින් ඒවා දෝතින් එකතු කළාලු.

ඒක දැකලා ඇවිත් උදව් කරපු කෙනෙක් තමා මේ බව කිව්වෙ.

මගෙ රත්තරං අප්පච්චි අන්න එහෙම පුංචිම තැනේ සිට ගොඩනැගිච්ච මිනිහෙක්.

එයා අන්තිම මොහොතෙදි පැද්දෙත් air bags නැති 1997 කැබ් එකක්.

අලුත් වාහයක් ගන්න එයාට සල්ලි තිබ්බෙ නෑ. කව්රුත් විශ්වාස කරන්නෙ නෑ.

මගෙ අප්පච්චි හම්බ කළේ මිනිස්සු මිසක් මුදල් නෙවෙයි.''

(උපුටාගැනීම් නවලිය - එරංදි කෞශල්‍යා)

"මාව හොයාගෙන එක සැරයක් සීඅයිඩී එකෙන් ආවා... එයාලා ගාව තිබ්බ ලොකු ෆයිල් එකේ ෆොටෝ පවා තිබුණා" - ශෂි නිශාදිට අකරතැබ්බයක්!

සමාජ මාධ්‍යයේ නිරන්තරයෙන් සැරිසරන ඔබට වුණත් 'ශෂි නිශාදි' කියන 'නම' නුහුරු නුපුරුදු නැතුව ඇති. මේ 'උත්තමාවී' මීට කාලෙකට කලින් 'ඒකබාර්' නර්තනයකින් 'බුකීවාසීන්' විශ්මයට පත් කරන්න සමත් වුණා.

ඉන් එහා... 'ඈ' කවුද කියන්න, ඇගේ 'වතගොත' හොයන්න බොහෝමයක් 'උන්' උනන්දු වුණා. නැවතුමක් නැති ඇගේ 'ලයිව් වීඩියෝ' වලට තවත් 'උන්' රොද බඳින්න වුණා.

'ශෂි' මහා විශාල 'ධනස්කන්ධයක්' ගේමින් හරහා 'උපයනවා' කියලත් ඒ සමයේ 'කයිකතන්දර' පැතිර ගියා. (ඒ නමුත් ඈ ඒකට හරි උත්තරයක් තාමත් දීලා නැහැ....)

ජනප්‍රියත්වයේ ඉහළින්ම 'වැජඹුණා' වුණත්, ඇගේ 'ඒකබාර්' අප්‍රසන්න වුණාට පස්සෙ 'ප්‍රේක්ෂකයෝ' ඈව නොතකා හැරියා. (ඒ කියන්නෙ ඈට වුණත් ඈට හිමි ජනප්‍රියත්වය කළමනාකරණය කරගන්න අපහසු වුණා....)

ඒ වුණත් විටින් විට ඈ ඇගේ සරාගී 'ඇඳුම් ආයිතම්' වලින් 'අන්තර්ජාලය' ඇතුළේ විවිධාකාර 'විප්ලව' කරන්නට යෙදුණා. ඇ‌ගේ 'යූටියුබ්' නාලිකාව හරහා පවා 'මුදල් ඉපැයීම' අරමුණු කරගත් 'වීඩියෝ පට' ඈ විසින් ඈවම හෑල්ලූවට ලක් කරන 'මාතෘකා' යොදාගෙන ප්‍රචාරය කරන්න ඈ කටයුතු කර තිබුණා.

'ගේමින් පැත්තට එන්න අයිඩියා එකක් තිබුණේ නෑ. කාලයක් එෆ්.එම්. එකක් විදිහට කළා. කාලයක් යූටියුබ් වීඩියෝ කළා. අන්තිමට.... මේක පටන් ගත්තෙ.... මුල් කාලේ වේදනාවක් දැණුනා. පස්සෙ ඒක හුරු වුණා.....' (ශෂි නිශාදි කෝනාර ව්ලෝග් සමඟ අදහස් දක්වමින්...)

'ශෂි නිශාදි' ව ජනප්‍රියත්වයේ 'හිනිපෙත්තට' ම ගෙන ගිය 'සඳරු අයියා' ගැනත් ඈ කියලා තිබුණා.

'එක දවසක් මට කෙනෙක් (ෆේක් එකක්) තරු 50ක් දුන්නා. දීලා මගේ ඩාන්ස් එක්ක බලන්න ඔිනි කිවුවා. එතනින් තමයි ඒක පටන් ගත්තෙ....'

'මම කොට ගවුම් අඳින්නෙ ලයිව් එකේ විතරයි... සාමාන්‍ය ජීවිතේ එහෙම නෑ....'

වතාවක් 'ශෂි නිශාදි' ව මුණ ගැහෙන්න 'සීඅයිඩී' නිලධාරින් පැමිණියා කියලත් ඈ කියනවා.

'මාව හොයාගෙන එක සැරයක් සීඅයිඩී එකෙන් ආවා. තාත්තා කිවුව විදිහට ඒ අය ළඟ ලොකු ෆයිල් එකක් තිබිලා තියනවා. ලයිව් දෙන්න ගත්ත මුල් කාලේ ඉඳන් විස්තර තිබිලා තියනවා. ලයිව්වල ෆොටෝ... කමෙන්ට්... ඒ වගේ දේවල්.... ඊටපස්සෙ කියලා තිබුණේ 'ඔයාගේ ළමයට වයස නෑ' කියලා. මට 17යි කියලා තමයි හිතන් ඉඳලා තියෙන්නෙ. මාව එක්කන් එන්න කියලත් තිබුණා......'

'ශෂි'ට අන්තර්ජාලය ඇතුළේ 'කාන්තා-පිරිමි' බේදයක් නැතිව බොහෝමයක් උන් 'තර්ජන-ඝර්ජන' කළ බැව් රහසක් නෙවෙයි. ඈව 'නොඉවසූ' ඒ උන් ඈව 'පළවා හරින්න'ත් ලොකු උත්සාහයක් ගත්තා. ඒත් 'ගේමින් කෙල්ලෙක්' විදිහට ඈ තවමත් විවිධාකාර අත්හදා බැලීම් කරමින් (කොටින්ම ලක්ෂ ගණනින් මුදල් උපයමින්) ඉන්නවා.

'දවසක මේ හැමෝම (මට නරක කියපු අය) මට හොඳ කමෙන්ට් එකක් දායි කියලා මම හිතන් ඉන්නවා. ඒකට බලන් ඉන්නවා... මුල් කාලේ පාරේ යනකොටත් ගොඩක් ගර්ල්ස්ලා මට ගහන්නත් ඇවිල්ලා තියනවා... හේතුවක් දන්නෙත් නෑ ඉතින්..'

පියුමි සහ චාන්‍යා ගැටුම දරුණු වෙයි: ක්‍රීම් විකුණලා ඉහළට ගිය හැටි ඇයම දවසක කියන්න ඕනි – චාන්‍යාගේ අභියෝගය පියුමි භාර ගනීවිද?

චාන්‍යා හේරත් කියන නම කියපු සැණින් ඇය කවුද කියලා ඔබට මතක් වෙන බව නොඅනුමායි.

සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා බහට ලක් වෙන කෙනෙක්.

ඇය පියුමි හංසමාලි සමඟ ගැටුමක් ඇති කරගෙන ඉන්නවා කියලා ඔබට මතක ඇති.

චාන්‍යා යූටියුබ් නාළිකාවක සාකච්ජාවකට එක්වෙලා පියුමි එක්ක තියෙන කෝන්තරය සහ පියුමිගේ දියුණු වීම ගැන අදහස් දක්වලා තියෙනවා.

‘පියුමි කියන්නෙ සෝශල් මීඩියාවල ක්යීන්… එකම සිද්ධිය පටන් ගත්ත විදිහ මම කියන්නම්. පියුමි සතෙක් නිදහස් කරපු පෝස්ට් එකක් හැමතැනම ශෙයා වුණා උපහාසාත්මක වදන් එක්ක. මමත් ඒක පෝස්ට් කළා, උපහාසාත්මක විදිහට. සතෙක් නිදහස් කරන එක අවුලක් නෑ. නමුත් එයා ඒකට භාවිතා කරපු භාෂාව උපාහාසයක් ඇති කළා. පස්සෙ පියුමි මට මිතුරු ඇරයුමක් දැම්මා. මම ඒක ආදරෙන් භාරගත්තා. පස්සෙ ඇය මට කෝල් කරලා තිබුණා. මම ආන්සර් කළේ නෑ. පස්සෙ ඇය දීර්ඝ මැසේජ් එවලා තිබුණා. එයා සතුන් වෙනුවෙන් ගොඩක් වියදම් කරනවා කියලා. අවංකම කතාව අපි 75,000ක් දීලා සතෙක් නිදහස් කළාම ඒ මුදලින් තව දෙන්නෙක් එතැනට එනවා. මම කරන්න එපා කියනවා නෙවෙයි. නමුත් ඇත්ත ඒක…’

‘ඇය මගේ ගිණුමේ මාස 4ක් 5ක් හිටියා. මට එයාගේ කෝල් නම් මිස් වුණා. ආසන්නම සිද්ධිය ජැක්සන් ඇන්තනීගේ අයිසීයූ බෙඩ් එක සම්බන්ධව මම ලියපු පෝස්ට් එකක්. එතුමාට අපි ආදරෙයි…… එතනත් මුකුත් පියුමි කිවුවේ නෑ. නමුත් ජැක්සන් මහත්මයා මියගියාට පස්සෙ මම නිවන් සුව ප්‍රාර්ථනා කළා. මම හිතන් නෑ ඒ දෙකේම වරදක් තියෙනවා කියලා. පස්සෙ ඒ දෙකම එකට අලවලා පියුමි පෝස්ට් එකක් දාලා මට ශාප කරලා තිබ්බා, කුණු වෙලා පණුවෝ ගහන්න ඔිනි කියලා. ස්ටෝරිස්වල පෝස්ට්වල ඔය විදිහට පළ කරලා තිබුණා. මම ඇත්තටම ඒක ගණන් ගත්තෙ නැහැ. ඒක ඇයගේ අදහසනේ. නමුත්…… ඇය ස්ටෝරිස්වල බොහෝම අපහාසාත්මක දේ පළකරලා තිබුණා. එතුමියගේ ලක්ෂ 65 බ්‍රෑන්ඩඩ් බෑග් එකෙන් මට ගහනවා කියලත් දාලා තිබුණා. මට ඇත්තටම ඉවසීමේ සීමාවක් තියනවා. ඇත්තටම ක්‍රීම් විකුණලා එතුමිය කොච්චර සමාජ සේවයක්ද කරන්නෙ.. ඇය ඇගේ කතාව දවසක කියන්න ඔිනි. කොහොමද මෙච්චර ඉක්මනට ඉහළට ගියේ කියලා…..’

එම නාලිකාවේ සම්පුර්ණ වීඩියෝව පහතින්,

සිඟිති දියණිය තනි කරමින් මැලේසියාවේ රිය අනතුරකින් තරුණ ඉන්ජිනේරු යුවළ මිය යයි

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ ජීවත් වූ ශ්‍රී ලාංකික තරුණ යුවළක් මාර්ග අනතුරකින් මියගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ, ගාල්ලේ, වඳුරඹ කුඹලමලහේනේ අංක 35 නිවසේ පදිංචිව සිටි 35 හැවිරිදි සශික රංගොඩ හා ඔහුගේ බිරිය වන තිස්දෙහැවිරිදි ශාමෙලා රංගනී ජයතිලක යන දෙදෙනා ය.

සශික ඉමදූවේ පදිංචිකරුවෙකු වන අතර විවාහයෙන් පසු ශාමෙලා රංගනීගේ නිවසේ නැවතී ඇත්තේ රංගනී එම පවුලේ එක ම දරුවා වූ නිසා ය.

සශික ගාල්ල, සාන්ත ඇලෝසියස් විදුහලේ අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මෘදුකාංග ඉන්ජිනේරු උපාධිය ලබා ඇති අයෙකි.

ඔවුන් දෙදෙනා ම පරිගණක ඉන්ජිනේරුවන් වන අතර රංගනී මැලේසියාවේ මේ බෑන්ක්හි මෘදුකාංග ඉන්ජිනේරුවරියක ලෙස සේවය කරමින් සිට ඇත.

සති අන්තයේ නිවාඩු දිනයක් වන සෙනසුරාදා ඔවුන් දෙදෙනා සිවු හැවිරිදි දියණිය සමග පිටතට ගොස් රාත්‍රි ආහාරය ද රැගෙන යළි එමින් සිටියදී බීමත් රියැදුරකු ඔවුන්ගේ යතුරුපැදිය හප්පාගෙන ගොස් ඇති බව ත් අනතුරේදී ඈතට විසිවුණු දරුවා සුළු තුවාල ලබා ඇති අතර අඹුසැමි යුවළ එම ස්ථානයේදී ම මියගොස් ඇති බව ත් වාර්තා වී තිබේ.

ඊයේ (ඔක්. 24) දහවල් වඳුරඹ පිහිටි රංගනීගේ නිවසට ‘මව්බිම’ යන විටත් අසල්වැසි පිරිස් පැමිණ නිවැසියන් හා දුක බෙදාගනිමින් සිටින අයුරු දැකිය හැකි විය.

ඒ වන විටත් රංගනීගේ පියා වන එම්.ජී. සිරිල් ශාන්ත කොළඹ ගොස් තිබුණේ දියණිය හා බෑනාගේ සිරුරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ය.

තම එක ම දරුවා හා බෑනනුවන්ගේ අකල් වියෝවෙන් වැලපෙන රංගනීගේ මව වන රූපා රංජනී පතිරණ (ඔක්. 55) හැඬූ කඳුළින් මෙසේ කීවා ය.

“රංගනී අපේ එක ම දරුවා. එයා ගියේ ගාල්ලේ අනුලාදේවියට. එයා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක ඉන්ජිනේරු විද්‍යාව හදාරලා මෙහේ ආයතනයක අවුරුදු පහක් විතර වැඩ කළා. පහුගිය කාලෙ වෘත්තිකයන්ගේ වැටුප්වලින් බදු අය කරන්න ගත්තට පස්සේ පඩියෙන් විශාල ප්‍රමාණයක් කැපෙනවා. ඉතින් දුව කිව්වා මෙහේ ඉඳල දරුවට උගන්වන්නවත් ලැබෙන්නේ නැහැ. අපි රට යනවා කියලා. ඒ වෙනකොටත් එයාලා අතුරුගිරියේ ගෙයකුත් හදලයි තිබුණේ. යන්න ඕන කියල මාසයක්වත් ගියේ නැහැ. එයා ඉන්ටවිව් ගියා, වීසා ආවා, රස්සාවට ගියා. දුව ගියේ පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් 9 වන දා. ඉන් පස්සේ පුතත් දරුවත් එක්ක ගියා. ඒ ගියේ නොවැම්බර් දෙවන දා.

පසුගිය බ්‍රහස්පතින්දා පුතා කතා කරල කිව්වේ එයාත් දරුවත් දෙසැම්බර් 3 වන දා ලංකාවට එනවා කියල. උදේ 9.30ට එයා බහිනවා. උදේ දහය වෙනකොට එයාපෝට් ඇවිත් ඉන්න කියල අපට කිව්වා.

එහෙම කියපු දරුවො එදා සෙනසුරාදා හවස ඇවිදින්න ගිහින් එද්දි බීමත් මිනිහෙක් එළවපු කාර් එකක හප්පලා. ගෙදරට මීටර් පන්සීයක් තියෙද්දි තමයි අනතුර වෙලා තියෙන්නේ. දැන් ඒ මනුස්සය හිරේ ලු. ඒත් ඉතින් මගේ දරුවො දෙන්න මට නැතිවුණා,” ඇය කීවා ය.

“අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලුවා දරුවො දෙන්නගේ මෘත ශරීර ගෙනත් දෙන්න කියලා. ඒ වගේ ම අපි බලාපොරොත්තු වෙනවා අපේ මිනිපිරි අපේ ගෙදරට එක්ක එන්න. ඒ කටයුතුවලට රජය මැදිහත් වෙලා වැඩ කරාවි කියල අපි හිතනවා,” යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවා ය.

ශාමෙලා රංගනී විදේශගත වන අවස්ථාවේ මෘදුකාංග ඉන්ජිනේරුවරියක ලෙස සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගොස් ඇති අයෙකු බව ත් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දෙදෙනාගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව අවශ්‍ය පියවර ගන්නා බව ත් කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා ‘මව්බිම’ට ඊයේ (ඔක්. 24) පැවසීය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කියා සිටියේ ඔවුන් දෙදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කාර්යාංශය පෙනී සිටින බව ය.

“අපි එයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් තානාපති කාර්යාලය හරහා පෙනී සිටිනවා. විශේෂයෙන් ම ඔවුන් වෙනුවෙන් වන්දි ඉල්ලා නීතිය ඉදිරියට යනවා. ඒ වගේ ම, මියගිය යුවළගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම් අනුව මෘත ශරීර පිළිබඳව කටයුතු කරනවා. විශේෂයෙන් ඔවුන්ගේ දරුවා මේ වනවිට සිටින්නේ මැලේසියාවේ. ඒ දරුවා මෙරටට ගෙන්වා දීමට හා ඒ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු කටයුතු කරනවා.” යැයි ද අමාත්‍යවරයා කීවේ ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka