gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිඟිති දියණිය තනි කරමින් මැලේසියාවේ රිය අනතුරකින් තරුණ ඉන්ජිනේරු යුවළ මිය යයි

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ ජීවත් වූ ශ්‍රී ලාංකික තරුණ යුවළක් මාර්ග අනතුරකින් මියගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ, ගාල්ලේ, වඳුරඹ කුඹලමලහේනේ අංක 35 නිවසේ පදිංචිව සිටි 35 හැවිරිදි සශික රංගොඩ හා ඔහුගේ බිරිය වන තිස්දෙහැවිරිදි ශාමෙලා රංගනී ජයතිලක යන දෙදෙනා ය.

සශික ඉමදූවේ පදිංචිකරුවෙකු වන අතර විවාහයෙන් පසු ශාමෙලා රංගනීගේ නිවසේ නැවතී ඇත්තේ රංගනී එම පවුලේ එක ම දරුවා වූ නිසා ය.

සශික ගාල්ල, සාන්ත ඇලෝසියස් විදුහලේ අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මෘදුකාංග ඉන්ජිනේරු උපාධිය ලබා ඇති අයෙකි.

ඔවුන් දෙදෙනා ම පරිගණක ඉන්ජිනේරුවන් වන අතර රංගනී මැලේසියාවේ මේ බෑන්ක්හි මෘදුකාංග ඉන්ජිනේරුවරියක ලෙස සේවය කරමින් සිට ඇත.

සති අන්තයේ නිවාඩු දිනයක් වන සෙනසුරාදා ඔවුන් දෙදෙනා සිවු හැවිරිදි දියණිය සමග පිටතට ගොස් රාත්‍රි ආහාරය ද රැගෙන යළි එමින් සිටියදී බීමත් රියැදුරකු ඔවුන්ගේ යතුරුපැදිය හප්පාගෙන ගොස් ඇති බව ත් අනතුරේදී ඈතට විසිවුණු දරුවා සුළු තුවාල ලබා ඇති අතර අඹුසැමි යුවළ එම ස්ථානයේදී ම මියගොස් ඇති බව ත් වාර්තා වී තිබේ.

ඊයේ (ඔක්. 24) දහවල් වඳුරඹ පිහිටි රංගනීගේ නිවසට ‘මව්බිම’ යන විටත් අසල්වැසි පිරිස් පැමිණ නිවැසියන් හා දුක බෙදාගනිමින් සිටින අයුරු දැකිය හැකි විය.

ඒ වන විටත් රංගනීගේ පියා වන එම්.ජී. සිරිල් ශාන්ත කොළඹ ගොස් තිබුණේ දියණිය හා බෑනාගේ සිරුරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ය.

තම එක ම දරුවා හා බෑනනුවන්ගේ අකල් වියෝවෙන් වැලපෙන රංගනීගේ මව වන රූපා රංජනී පතිරණ (ඔක්. 55) හැඬූ කඳුළින් මෙසේ කීවා ය.

“රංගනී අපේ එක ම දරුවා. එයා ගියේ ගාල්ලේ අනුලාදේවියට. එයා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක ඉන්ජිනේරු විද්‍යාව හදාරලා මෙහේ ආයතනයක අවුරුදු පහක් විතර වැඩ කළා. පහුගිය කාලෙ වෘත්තිකයන්ගේ වැටුප්වලින් බදු අය කරන්න ගත්තට පස්සේ පඩියෙන් විශාල ප්‍රමාණයක් කැපෙනවා. ඉතින් දුව කිව්වා මෙහේ ඉඳල දරුවට උගන්වන්නවත් ලැබෙන්නේ නැහැ. අපි රට යනවා කියලා. ඒ වෙනකොටත් එයාලා අතුරුගිරියේ ගෙයකුත් හදලයි තිබුණේ. යන්න ඕන කියල මාසයක්වත් ගියේ නැහැ. එයා ඉන්ටවිව් ගියා, වීසා ආවා, රස්සාවට ගියා. දුව ගියේ පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් 9 වන දා. ඉන් පස්සේ පුතත් දරුවත් එක්ක ගියා. ඒ ගියේ නොවැම්බර් දෙවන දා.

පසුගිය බ්‍රහස්පතින්දා පුතා කතා කරල කිව්වේ එයාත් දරුවත් දෙසැම්බර් 3 වන දා ලංකාවට එනවා කියල. උදේ 9.30ට එයා බහිනවා. උදේ දහය වෙනකොට එයාපෝට් ඇවිත් ඉන්න කියල අපට කිව්වා.

එහෙම කියපු දරුවො එදා සෙනසුරාදා හවස ඇවිදින්න ගිහින් එද්දි බීමත් මිනිහෙක් එළවපු කාර් එකක හප්පලා. ගෙදරට මීටර් පන්සීයක් තියෙද්දි තමයි අනතුර වෙලා තියෙන්නේ. දැන් ඒ මනුස්සය හිරේ ලු. ඒත් ඉතින් මගේ දරුවො දෙන්න මට නැතිවුණා,” ඇය කීවා ය.

“අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලුවා දරුවො දෙන්නගේ මෘත ශරීර ගෙනත් දෙන්න කියලා. ඒ වගේ ම අපි බලාපොරොත්තු වෙනවා අපේ මිනිපිරි අපේ ගෙදරට එක්ක එන්න. ඒ කටයුතුවලට රජය මැදිහත් වෙලා වැඩ කරාවි කියල අපි හිතනවා,” යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවා ය.

ශාමෙලා රංගනී විදේශගත වන අවස්ථාවේ මෘදුකාංග ඉන්ජිනේරුවරියක ලෙස සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගොස් ඇති අයෙකු බව ත් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දෙදෙනාගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව අවශ්‍ය පියවර ගන්නා බව ත් කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා ‘මව්බිම’ට ඊයේ (ඔක්. 24) පැවසීය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කියා සිටියේ ඔවුන් දෙදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කාර්යාංශය පෙනී සිටින බව ය.

“අපි එයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් තානාපති කාර්යාලය හරහා පෙනී සිටිනවා. විශේෂයෙන් ම ඔවුන් වෙනුවෙන් වන්දි ඉල්ලා නීතිය ඉදිරියට යනවා. ඒ වගේ ම, මියගිය යුවළගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම් අනුව මෘත ශරීර පිළිබඳව කටයුතු කරනවා. විශේෂයෙන් ඔවුන්ගේ දරුවා මේ වනවිට සිටින්නේ මැලේසියාවේ. ඒ දරුවා මෙරටට ගෙන්වා දීමට හා ඒ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු කටයුතු කරනවා.” යැයි ද අමාත්‍යවරයා කීවේ ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka