gossip lanka

මම කියන්නේ ඇත්ත… ඇය දුටු විට ඇයව බදා ගන්න හිතුනා… ගලගෙදර උසාවියේ දී නීතිඥවරියක බදාගෙන පෙරළාගත් සැකකරු විවෘත අධිකරණයේ දී කියයි

“ඇය දුටු විට මට ඇයව බදාගන්න සිතුනා. හෙරොයින් වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා මං ඒ වෙලාවට කරන්නේ මොකක්ද මම දන්නේ නෑ… මම මේ කියන්නේ ඇත්ත..”
ගලගෙදර කළුවානේ ලලිත් සඳරුවන් නැමැති සැකකරු ඊයේ  (25) ගලගෙදර දිසා මහේස්ත්‍රාත් හර්ෂණ රත්නායක   ඉදිරියේ දී  විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.


විත්තිකරු මෙම ප්‍රකාශය සිදුකළේ නීතිඥ සංගම් සභාපති වරු ලේකම්වරු ඇතුළු නීතිඥවරු හැටක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිමින් උසාවියේ දී නීතිඥවරියක බදාගෙන ගෙල සිර කළ බවට කියන සිද්ධිය සම්බන්ධ නඩුව විභාග වූ අවස්ථාවේදීය.

ගලගෙදර දිසා අධිකරණයේ දී  නඩුවක් විභාගය වෙමින් පවැති මොහොතක සිරමැදිරියෙන් පැනවිත් නීතිඥවරියකගේ ගෙල සිර කළ බව කියන  චෝදනාවට අදාළ නඩුව අද  කැඳවූ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් මෙම සිදුවීම මත අධිකරණයේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව කියා සිටියහ.

අධිකරණයට අපහාස කිරීම මිනීමැරීමට තැත් කිරීම ලිංගික අතවර සිදු කිරීම ට තැත් කිරීම තුවාල සිදු කිරීම යන චෝදනා මත ගොනු කොට ඇති අදාළ නඩු මහනුවර අධිකරණයට මාරු කර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයාගෙන් නිතිඥවරු ඉල්ලීමක් කළහ.


නීතිඥවරිය ගේ ගෙල සිරකොට ඇත්තේ ගංජා ළඟ තබාගැනීම හා පාවිච්චි කිරීමේ චෝදනාව මත ඉකුත් 16 දා  ගලගෙදර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන  ගලගෙදර අධිකරණයට රැගෙන ගොස් සිටි  සැකකරුවෙකු ය.

සැකකරු සිය නඩු විභාගය හමාර කොට ඉන් ලද  කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකිරීමේ තීන්දුව මත අධිකරණ රැඳවුම්භාරයේ තබා සිටිය දී වෙනත් නඩු විභාගයක් සඳහා සැකකරුවකු  සැකකරුවන් රඳවා සිටින රැඳවුමෙන්  පිටතට ගනු ලබන අවස්ථාවේ යකඩ දොර තල්ලු කර දමා විත් නීතිඥවරිය ගේ ඇඟට පැන තිබේ.

ආරක්ෂක අංශ නිලධාරීන් පොලිස් නිලධාරීන් හා නීතිඥවරු එක්ව සැකකරුගේ ග්‍රහණයෙන් නීතිඥවරිය මුදා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගෙන තිබිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව සැකකරුගෙන් කරුණු විමසා එම කරුණු මත එදිනම එම චෝදනාව 25 වැනිදා  තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර කරනු ලැබ තිබුණි.


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සඳහා කරුණු විමසන අවස්ථාවේ සැකකරු ප්‍රකාශ කොට සිටියේ තමන් අධිකරණයට පැමිණෙන සෑම දිනකම නීතිඥවරිය දැක ඇති බවත් ඇය පිළිබඳ උපන් ආශාව මත ඇයගේ   සිරකොට අල්ලා ගත් බවත්ය.

සැකකරු වෙනුවෙන්  අධිකරණයේදී එකදු නීතිඥවරයෙකු හෝ පෙනී නොසිටි අතර ඔහු මුල් දින ප්‍රකාශ කළ  ප්‍රකාශයම අද  25 දිනයේදීද අධිකරණයේ කියා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් විශේෂඥ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා දෙන ලෙස බන්ධනාගාරයට දැනුම් දුන් අතර අදාළ නඩුව නොවැම්බර් 8 වැනි දින යළි කැඳවීමට නියෝග කළේය.
gossip lanka