gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”මං කවදාවත් කාටවත් මං වගේ වෙන්න කියලා නෑ. අපි හැමෝගෙම කතා වෙනස්. අනන්‍යයි. කර්මය අනුව විසඳෙනවා” - මාධවී

ජනප්‍රිය රංගන ශිල්පිනි මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ, සිය ජීවිතය තුළ නේක වූ හැලහැප්පීම් මැද ඉස්සරහට ආව තාරකාවක්.

ඒ ගැන ඈ ප්‍රසිද්ධියේ අදහස් දක්වනවා සේම, වර්තමාන කතාව ලස්සනට ගෙතෙන්න අතීතයෙන් උගත් පාඩම් ගැනත් කතා කරනවා.

‘ මාව අවශ්‍ය ඕනෑම වෙලාවක මං ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා’ හැමෝම ආදරේ කරන උදාරී වර්ණකුලසූරිය මේ කියන්නේ කවුරුන් ගැනද ?

බොඳ මීදුම් ටෙලි නිර්මාණයේ ආදරණීය සංසලා හරහා පුංචි තිරයේ උන්මාදය බවට පත්වූ ඇය ‘අළු පාට දේදුණු, සිටුවර පුවත‘ වැනි ටෙලි නිර්මාණ ඔස්සේ ද ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත්තාය. රිදී තිරය මත අභියෝගාත්මක රංගන හැකියාවක් ප්‍රදර්ශනය කරන ඇය සිනමාවේ ද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටින්නීය. මේ දිනවල තිරගත වන දේවි කුසුමාසන සිනමාපටයේ කුසුමාසන දේවිය ලෙස ඔබ හමුවට එන උදාරී වර්ණකුලසූරිය අද අප හා කතාබහට එක්වූවාය.

තේ දළු කඩා තම දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා බලාගත් මව අවසන් ගමන් යාමෙන් පසු අසරණ වූ දියණියන් දෙදෙනා බලන්න බදුල්ලට පියුමි හංසමාලි ඔවුන්ට දුන් පොරොන්දුව

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට නොයේක් පුවත් මවන ලංකාවේ ජනප්‍රිය තාරුකාවක්…!
මේ කියන්න යන්නේ නම් පියුමි කරපු උතුම් ක්‍රියාවක් ගැන… තේ දළු කඩා තම දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා බලාගත් මව අවසන් ගමන් යාමෙන් පසු අසරණ වූ දියණියන් දෙදෙනා බලන්න පියුමි හංසමාලි බදුල්ලට ගිහින් ඔවුන්ට මෙහෙම පොරොන්දු වෙනවා.

98 වියට පා තැබුවත් ඇය නම් තාමත් රැජිණක් වගේ… කවුරුත් ආදරේ කරන ඈ ගැන ඇසෙන ඒ කතාව කුමක්ද ?

අයිරාංගනී සේරසිංහ කියන්නේ සිංහල සිනමාව තුළ මෙන්ම ටෙලිනාට්‍ය තුළ නොමැකෙන සටහන් තැබූ ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ටෙලි නාට්‍යයේ සුදු අත්තම්මා ඇයයි.

දෙයියනේ ඔහු විවාහ වී දින දෙකයිලු…පසුගියදා සිදුවූ එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරෙන් , දිව ගමනින් සමුගත් 26ක තරුණ‍යා ගැන ඇසෙන කඳුළු කතාව

මේ කියන්න යන්නේ දුක හිතෙන කතාවක්… පසුගියදා ඉන්දිය අහසේදී ජීවිතෙන් සමගත් තවත් එක ජීවිත කතාවක්.. ඒ ජුනි මාසේ දොළොස් වැනිදා… එයා ඉන්දියා ගුවන් යානයෙන් ලන්ඩනය බලා යන්න පිටත් වුණු වයස අවුරුදු 26ක තරුණයෙක් සිටියා.

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ – හිටපු පෙම්වතා කට අරියි

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට අලුත් පුවත් මවන නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න නිරූපිකාවක්.

හැබැයි වර්තමානයේ ඇය  ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ක්‍රීම් අලෙවි කරන ව්‍යාපාරිකාවක් විදිහටයි.

පියුමි සුදු උනේ එයාගෙම ක්‍රීම් එකක් නිසා කියලා ඇය ඇයගේම ව්‍යාපාරයක් පටන් අරගෙන මේ ක්‍රීම් එක වැඩි මුදලකට බොහෝ දෙනෙක්ට විකුණන්න පටන් ගත්තා ගත්තා.




ඇය ඉක්මනින්ම මේ ආකාරයෙන් ධනවතෙක් වූ නිසා අල්ලස් සහ දූෂණ කොමිසමයෙන් පවා ඇයව පරීක්‍ෂාකළා.

ඇයගේ හිටපු පෙම්වතා ප්‍රගිත් මේ වන විටත් ඇයව අතහැර ගොස් සිටින අතර නමුත් පියුමි තමන්ගේ products විකිණීම සඳහා ඔහුගේ රුව භාවිතා කරනවා.

ඒ ඔහු කලින් කළුවට සිටි පුද්ගලයෙක් සහ පියුමිගේ ක්‍රීම් ගාලා සුදු උනා කියන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එකතු කරමින්.

හැබැයි පියුම් එක්ක හිටපු පෙම්වතා මේ කතාව කිසිසේත් පිළිගන්නේ නැහැ.

ඔහු සඳහන් කළේ පියුමිවත් ඔහුවත් පිටකොටුවෙන් ගෙනාපු මේ බාල ක්‍රීම් ගෑවෙන්නෑ ඔවුන් සුදු උනේ ඉන්ජක්ෂන් ගහලා කියලයි.

එයාකාරයෙන් ඔහු සඳහන් කළා යැයි සඳහන් ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත.



ඉන්නකන් එයාලා තාත්තට කළේ කුඩුකේඩුකම්නේ, හිටියත් කතාවක්වත් දෙන එකක් නෑ – සෞම්‍යාගෙන් ගේම ඉල්ලන මාධවී

මරණයේ වේදනාව දැනෙන්නේ මාරයා හා නික්ම ගිය අයට නොව ජීවත් වන්නන්ටය.

එය සදාතනික වේදනාවක් වන්නේ ගැඹුරු බැඳීමකින් හදවත්වලින් බැඳී උන් අයටය.

හෙළ සිනමා රාජිනිය මාලිනී ෆොන්සේකාගේ වියෝව නමින් උපන් කඳුළු බිඳු තවමත් බොහෝ හදවත්වල තැවරී ඇත්තේ එනිසාය.

මාධ්‍ය ඉදිරියේත් කැමරා කාච ඉදිරියේත් කඳුළු වගුරවමින් මාලිනියගේ වියෝවෙන් තැවුණු, හඬා වැටුණු බොහෝ දෙනකු අතර ඇයගේ අහිමි වීමේ අව්‍යාජ වේදනාව නිහඬවම දරාගත් පිරිසක්ද වෙති. 

ඇයගේ මරණයත් සමග සමාජ මාධ්‍යවල යම් යම් කැළඹිලි සහගත දේවල් සිදු වුණා.

ඒ දේවල් ඔබ දන්නවත් ඇති, දකින්නත් ඇති. එවන් තත්ත්වයක් තුළ අවමංගල්‍ය උත්සවයේදී සෞම්‍ය ලියනගේ සිදු කළ කතාවටත් එවන් ප්‍රතිචාර ලැබී තිබුණා.

බොහෝ පිරිස් සදහන් කර තිබුණේ එය අවමංගල්‍ය සභාවකට උචිත නොවන බැරෑරුම් කතාවක් බවයි. තවත් පිරිසක් එය මාලිනිය ගැන මනා කියවීමක් බවට අදහස් පළ කරලා තිබුණා.

මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් විවිධ ප්‍රතිචාර දක්වද්දී ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය මාධවී වත්සලා ද ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ පල කිරීම් කිහිපයක්ද පළ කර තිබුණා.

මගේ පාර්ට්නර් දුර පළාත් වල ඇවිදින තරුණයෙක්.. සමහරු හැමදේම වැරදියට තේරුම් ගන්නවා… මම ඒ ගැන එච්චර හිතන්නේ නැහැ… – ගයාත්‍රී

ගයාත්‍රි ඩයස් අලුත් වැඩක් පටන් අරන්.

වැඩේ මොකක්ද කියලා නොදැනම, සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝපට කිහිපයක්ම ඔබත් දකින්න ඇති.

මේ වීඩියෝ පිටුපස ඇති කතාව ගැන ගයාත්‍රි ගෙවුණු දවසක කතාබහ කරලා තිබුණා.

”වීඩියෝ නම් වෛරල් වෙනවා. කොහොමත් මාව සෝෂල් මීඩියා ඇතුළේ කතාවට ලක්වෙන කෙනෙක් වෙලා.

මමත් ඒක හරියටම දන්නේ නැහැ. නමුත් මේ දවස්වල මගේ වීඩියෝ ටිකක් එහෙට මෙහෙට වෛරල් වුණා.

මම ටික්ටොක් එකේ හරි ඉන්ස්ටර්ග්‍රෑම් එකේ හරි මොනවා හරි එකක් දැම්මොත් හුඟක් වෙලාවට වෛරල් වෙනවා.

එහෙම වෛරල් වුණු වීඩියෝ ටිකක් තමයි පසුගිය දවස් ටිකේ ගියේ.”

ගයාත්‍රි මේ විදියට පටන් අරන් තිබුණෙ ට්‍රැවල් වැඩක්…

”හැමෝම දන්නවා මම සත්තුන්ට ආදරෙයි කියලා. ඒ වගේම ලෝකය පුරා ට්‍රැවල් කරන්න කැමැතියි.

එහෙම කාලයක් තිස්සේ එහෙ මෙහෙ යන වීඩියෝ තමයි මගේ ඉන්ස්ටර්ග්‍රෑම්වල ටික්ටොක්වල දැම්මේ.

ගොඩක් අය ඒවා බලන්න ආසයි. ඉතිං මට පොඩි ආසාවක් ආවා යූටියුබ් නාළිකාවක් ඔස්සේ මේ වැඩේ පටන් ගන්න.

ඒක තමයි දැන් මේ Travel vibe කියලා පටන් ගත්තේ.”

ඒ වගේම ඇය තවත් වටිනා වැඩකටත් කාලය යොදවලයි තියෙන්නෙ,

”පාරේ අසරණ වෙලා ඉන්න බල්ලො, පූසෝ වෙනුවෙන් ඉන්න තැනක් හදාගෙන යනවා.

ඔවුන්ට බේත් ටික කරලා, කන්න බොන්න දෙන්න පුළුවන් සාමාන්‍ය තැනක්.

ඇත්තටම මම මේ දවස්වල ඔය වැඩේටත් කාලය යොදවලා තියෙනවා.

මේ අදහස මට ආවෙත් ලංකාව පුරා ඇවිදින කොටයි.”

ගයාත්‍රිගේ ට්‍රැවල් වීඩියෝ ගැන ගොඩක් දෙනා කතා කරන්න අරන් තිබුණෙ, එහි උන්නු තවත් චරිතයක් නිසාවෙන්. මේ ඔහු ගැන ගයාත්‍රි කියන කතාව.

”මේ වගේ වැඩක් ඇත්තටම කියන්න තනියම කරන්න අමාරුයි. ඉතිං මේකට තව කවුරු හරි ඉන්න ඕනෑ.

ඒ වැඩේට මම ගොඩකාලයක ඉඳලා කවුරු හරි හොය හොයා හිටියේ.

එහෙම වෙලාවක තමයි මගේ මේ වැඩේට මගේ පාර්ට්නර්ව හම්බ වෙන්නේ.

ඔහු දුර පළාත්වල ඇවිදින තරුණයෙක්. නම මීමන්ත. ඉතිං මම මේ වැඩේට ඔහුව තෝරා ගත්තා.

ඔහුත් එක්ක අපි එහෙට මෙහෙට ඇවිදලා පොඩි පොඩි වීඩියෝ පට කිහිපයක් කරගත්තා.

ඒ වීඩියෝ ටික මම දැම්මට පස්සේ තමයි පොඩ්ඩක් වෛරල් වෙලා තියෙන්නේ.

මොකද සමහර අය හුඟක් වෙලාවට මේ හැමදෙයක්ම වැරදියට තේරුම් ගන්නවා.

එහෙම දෙයක්ද කොහේද වෙලා තියෙන්නේ.

මම ඒ ගැන එච්චර හිතන්නේ නැහැ. මම කරන වැඩේට තමයි මම මූලිකත්වය ලබාදෙන්නේ.”

උපුටාගැනීම : දිනේෂ් විතාන | මීවිත

“අපි ජීවත් වෙන්නේ සදාචාර සම්පන්න රටකනේ... ඉතින් අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ” – උදාරි වර්ණකුලසූරිය

නිතර නිතර නිර්මාණවලින් දකින්න නොලැබුණාට, පුංචි තිරයෙ වගේම රිදී තිරයේත් සුවිශේෂී රංගන හැකියාවක් පෙන්නුම් කරන ජනප්‍රිය රංගන ශිල්පිනියකි, උදාරි වර්ණකුලසූරිය.

මේ දිනවලත් ඈ “දේවි කුසුමාසන” එක්ක රිදී තිරයේ රූප මවනවා.

නිතර නිර්මාණවලින් දකින්න නොලැබුණාට, උදාරි වර්ණකුලසූරිය නම ලේසියෙන් අමතක වන නමක් නොවෙයි.

එහෙම ජනප්‍රියත්වය රඳා පවත්වාගැනීමත් ලේසි පහසු වැඩක් නෙවෙයි…

”අපිට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙන්න හරි අමාරුයි.

අර කිව්වත් වගේ ජනප්‍රියත්වය පවත්වාගෙන යෑම ඊටත් වඩා අමාරු කාර්යයක්.

ඉතිං මම ඒ අභියෝගයට මුහුණ දීලා ඒක එලෙසම පවත්වාගෙන යනවා.

මොනවා වුණත් අපි ජීවත් වෙන්නේ සිංහල සංස්කෘතියක් තිබෙන සදාචාර සම්පන්න රටකනේ.

ඉතිං අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ.

වෘත්තීයමය නළු නිළියන් විදිහට අපිට හොලිවුඩ්වල, බොලිවුඩ්වල තිබෙන පරාසයන්ට ගමන් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා.

ලෝකයත් එක්ක ගත්තාම අපේ රට වගේම අපේ සිනමාව හරිම පුංචියි.

අපි ඉතිං අපිට සුදුසු දේවල් තෝරාගෙන චරිතවත් විදිහට හිටියොතින් ප්‍රේක්‍ෂකයන් අපිට හැමදාම ආදරය කරාවි.”

උපුටාගැනීම : මීවිත | දිනේෂ් විතාන

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි

ශ්‍රී ලංකා රූ රැජින තරඟයට සහභාගි වූ අෆ්රෝස් අමීන්, තරඟකරුවක වන අනුදි ගුණසේකරට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කර ඇත. 

“අනුදි ජාතිවාදියෙක්. තරඟයේදී ඇය මට දෙමළ භාෂාවෙන් කතා නොකරන ලෙස ඉල්ලා සිටියා. තරඟකරුවන් අතර කිසිදු කරුණාවක් නොදැක්වූ එකම පුද්ගලයා ඇයයි. එසේම, ඇගේ අදහස් බොහෝ විට ගැටලුකාරී ය,” යනුවෙන් අෆ්රෝස් පවසා ඇත.

එංගලන්ත රූ රැජින තරඟයට ද සහභාගි වූ අෆ්රෝස් අමීන්ගේ මෙම චෝදනා, ශ්‍රී ලංකා රූ රැජින තරඟයේ සුහදත්වය හා ජාතික එකමුතුකම පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කරයි.

මෙම චෝදනා අනුදි ගුණසේකරට එල්ල වූ පළමු ජාතිවාදී චෝදනාව නොවේ. 2019 වසරේදී ඇය සහ ඇගේ පෙම්වතා Twitter හි ජාතිවාදී ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ අතර, එම ගිණුම් දැන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

අෆ්රෝස්ගේ චෝදනා සත්‍ය නම්, මෙවැනි පුද්ගලයකු රූ රැජින තරඟයක ජයග්‍රාහකයකු ලෙස සුදුසුද යන්න බරපතළ ප්‍රශ්නයකි. ලස්සන යනු බාහිර රූපයට පමණක් සීමා වූවක් ද, නැතහොත් එය තුළින් පෙන්නුම් කළ යුතු ගුණාංගද ඇතුළත් විය යුතුද?

සමාජ මාධ්‍ය ඔස්සේ දහස් ගණනින් රසිකයන් අනුදි ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි අතර, ඇයට සහය පළ කිරීමට දිවා රෑ උත්සාහ දැරූහ. එහෙත්, මෙම චෝදනා සත්‍ය නම්, එවැනි පුද්ගලයකු වෙනුවෙන් මෙතරම් සහයෝගය ලබා දීම ගැටලු සහගත බව පෙනේ.

අනුදි ගුණසේකර ලෝක රූ රැජින තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේද, නැතහොත් එය එක් ජාතියකට පමණක් සීමා වූවාද යන්න ද ප්‍රශ්නයකි. ජාතිවාදී චෝදනාවලට ලක්වූ පුද්ගලයකු ජයග්‍රහණය කළහොත්, එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිද?

අනුදි ගුණසේකර මෙම චෝදනාවලට පිළිතුරු ලබාදිය යුතු අතර, මෙම පුවත රූ රැජින තරඟයේ සහභාගිකම සහ ජනතාවගේ අවධානය ආකර්ෂණය කරමින්, ජාතික එකමුතුකම පිළිබඳ බරපතළ සාකච්ඡාවක් ඇති කර ඇත.

රොශාන් ප්‍රනාන්දුට අපල කාලයක් – ජින්ජර් තැබූ ආන්දෝලනාත්මක කතාවට තවත් ගායකයෝ ගේමට එයි (VIDEO)

රටක් ආදරේ කරන ෆ්ලෑෂ් බෑග් සංගීත කන්ඩායමට සහ නායක රොශාන් ප්‍රනාන්දුට මේ වනවිට ගායක ගායිකාවන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා.

නැතිවෙන්න පැය ගාණකට කලින් මාලනී අක්කා, චන්දිකට පොඩ්ඩක් එන්න කියන්න කිව්වා ටිකක් තුරුලු කරගන්න කියලා… – මාලනී – චන්දික ගැන මෙතෙක් ඔබ නෑසූ සංවේදී කතාව

ඊයේ  පස්වරුවේ දැයෙන් සමුගෙන ගිය, හෙළ සිනමාවේ නිළි රැජින ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳව ලියවුණු ලියවෙන සටහන් රැසකි.

ඒ අතර ඇය හා ජනප්‍රිය රංගන ශිල්පි චන්දික නානායක්කාර පිළිබඳව ලියවුණු සටහනකි මේ…

මාලනීගේ වියෝව මට තදින් දැනෙනවා.. – රිදී තිරයේ පෙම්වතා රවින්ද්‍රගෙන් සංවේදී කතාවක් (VIDEO)

කලාවේ නියුතු වූවන් කිසිදු විශේෂ වරප්‍රසාද ඇති අය නොවන බවත් කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් සහිත ප්‍රතිලාභලාභීන් නොවන බවත් මේ පිරිස රැකියාවෙන් ඉවත් වූ දා සිට සියලු දේ අහිමි පිරිසක් බවත්, මාලනී ෆොන්සේකා රංගන ජීවිතයෙන් පරිබාහිරව විශාල කැප කිරීමක් කළේ මේ සමස්ත කලාකරුවන්ගේ ජීවිතවල සුභසාධනය වෙනුවෙන් බවත් ඇයගේ අවමංගල්‍ය සභාව අමතමින් සිංහල සිනමාවේ ජීවමාන අග්‍රගණ්‍ය නළු රවින්ද්‍ර රන්දෙනිය මහතා ප්‍රකාශ කළා.

”මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද” – අවසන් වරටද ඈව සැරසූ ඔහු

”මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මී

වරෙක ඔබ මට මවකි, වරෙක ඔබ මට යෙහෙළියකි, වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි.

“ඒවා ගැන කතා කරද්දී මට හා හා ගාලා හිනා වෙලා කතා කරන්න බෑ. හැමෝම තේරුම් ගන්න ඕනේ මේක අවුරුදු කුමාරි තරගයක් නෙවෙයි කියලා.” – අනුදි අවුලෙන්!

අපේ රටේ නම ලෝකයට ගෙන යන ඇය අනුදි ගුණසේකර.

ඇය ගැන අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරා හුඟාක් අය කතා වෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka