gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලනීගේ වියෝව මට තදින් දැනෙනවා.. – රිදී තිරයේ පෙම්වතා රවින්ද්‍රගෙන් සංවේදී කතාවක් (VIDEO)

කලාවේ නියුතු වූවන් කිසිදු විශේෂ වරප්‍රසාද ඇති අය නොවන බවත් කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් සහිත ප්‍රතිලාභලාභීන් නොවන බවත් මේ පිරිස රැකියාවෙන් ඉවත් වූ දා සිට සියලු දේ අහිමි පිරිසක් බවත්, මාලනී ෆොන්සේකා රංගන ජීවිතයෙන් පරිබාහිරව විශාල කැප කිරීමක් කළේ මේ සමස්ත කලාකරුවන්ගේ ජීවිතවල සුභසාධනය වෙනුවෙන් බවත් ඇයගේ අවමංගල්‍ය සභාව අමතමින් සිංහල සිනමාවේ ජීවමාන අග්‍රගණ්‍ය නළු රවින්ද්‍ර රන්දෙනිය මහතා ප්‍රකාශ කළා.

මාලනිය හැමදාම කැපවීමකින් ප්‍රාර්ථනා කළ ඇයගේ සිහිනයේ ඉටු වේවා යන්න ඇයගෙන් සමුගන්නා මේ මොහොතේ ප්‍රාර්ථනා කරන බවත් රවින්ද්‍ර රන්දෙනිය පැවසුවා.

වසර හැටක් සිය ජනප්‍රියත්වය සහ ගෞරවය එක් දශමයක් පහළට පත් වන්නට ඉඩ නොදී ලෝකයේ කිසිම සිනමා නිළියක විසින් අත්පත් කර නොගත් ගෞරවයක් සහ ජන ප්‍රසාදයක් සහිත මේ අනුපමේය කලාකාරිණිය ජීවත්ව සිටි අවධියේ ජාතියක් ලෙස අප ඇය ප්‍රමාණවය්හ් සම්මානයට පාත්‍ර කලා දැයි තමන්ට සැකයක් ඇති වන බවත් රවීන්ද්‍ර රන්දෙණිය කීවේය.

අවමංගල්‍ය සභාව අමතමින් මෙසේ ද පැවසුවේය.

“මම අවමංගල්‍ය උත්සව බොහෝ ගණනක කතා කරලා තියෙනවා. ඒ දිගු කාලය තුළ මෙතරම් හැඟුම්බර මේ තරම් හදවතට ශෝකය දැනෙන විදිහට කිසිම අවමංගල්‍යය උත්සවයක කතා කර ඇතැයි මට මතක නෑ. මාලනීගේ වියෝව කවර හේතුවක් නිසාද මට මේ තරම් දැනෙන්නේ. මා දන්නවා මා වගේම සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුලත් අද ඇවිලෙන්නේ මහා ශෝකාකූල මහා ගින්නක්. ඇයි මේ. මගෙන් පෞද්ගලික ඇහුවොත් මට හිතෙනවා මගේ ජීවිතය සමඟ සම්බන්ධව අවුරුදු පනහක කාලයක් එක දිගට සහෝදරත්වයෙන්, වෘත්තීය සහෝදරත්වයෙන්, ඒ වගේම ඥාතිවරයෙකුට වැඩිය කිට්ටුවෙන් ඒ වෘත්තිය සම්බන්ධතාවය නොකිලිටිව ඉතාම ගෞරවාන්විතව පවත්වාගෙන එන්න ඈ මට උදව් උනා ඥාතිවරියක් වගේ. මගේ කලා ජීවිතයේ උද්දීපනය කරගන්න මට ඇගෙන් ලැබුණු ගුරුහරුකම්, අවවාද මෙන්ම සහයෝගය මම හිතන්නේ එය මගේ ගමනට ආලෝකයක් වුණා. ඒ වගේම අනික් අතින් ඇයි මේ තරම් වේදනාවක් දුකක්. මේ ඇතිවුණු රික්තය මේ ඇතිවුණු හිඩැස කවදාවත් අපේ දේශීය සිනමාවට පිරිමහන්නට බැරි කවදාවත් ඒ වෙනුවට ආදේශකයක් හොයාගන්නට බැරි අද නෙවෙයි තව අවුරුදු සීයකටවත් ඒ වටිනාකම අපේ දේශය සිනමාවට නොලැබෙන බවට වන සංවේදනය තමයි ඊළඟට මගේ හිතේ තියෙන්නේ. එතුමිය ඒ තරම් ජනතාවගේ සිත් තුළ මෙන්ම අපේ සිනමා කර්මාන්තය තුළත් කවදාවත් නොමැකෙන ඉතිහාසගත වන චරිතයක් බවට පත්වුණා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka