කෝටි 04ක් වතුරේ.. ස්විස් ගිය රටම කැළඹූ මැණික් පොකුර ගැන ඇහෙන අලුත්ම අනාවරණය මෙන්න
විශේෂ සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ රසායනාගාරයකට යැවූ මැණික් පොකුරක් ගැන කතාවක්..
කිලෝ ග්‍රෑම් 510ක් බරැති මැණික් පාෂාණය නැවත මෙරටට ගෙන ඒමේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අදාල බලපත්‍රලාභියාගෙන් රුපියල් කෝටි 04කට ආසන්න මුදලක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා...
එම වාර්තාවේ සඳහන් අන්දමට අයිතිකරු විසින් මෙම මැණික් පාෂාණය රුපියල් කෝටි 203කට තක්සේරු කර තිබෙනවා..
පාෂාණ තක්සේරු සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ ගැබ්ලින් රසායනාගාරයට යවා දින 443 කට පසු නැවත මෙරටට ගෙන ඒමේදී නැව්ගත වටිනාකමින් 1%ක් අදාළ බලපත්‍රලාභියාගෙන් අයකර ගත යුතු බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ..
"අංකල් මාව දන්නවද? මම....Teledrama එකේ ඉන්නෙ අනේ... මේ හැබැයි... මගේ ගාණනම් සැරයි!" - මුදලට අලෙවි වන ලංකාවම දන්න නිළියක් ගැන ආන්දෝලනාත්මක තොරතුරු මෙන්න
කොළඹ ටැක්සි රියදුරෙක්ගේ දිනපොත - පළවෙනි කොටස....
මිනිස්සු එක එකාට එක එක විදිහේ කතා තියනවා. මේ ටැක්සි ඩ්‍රැයිවර්ටත් ඒ විදිහේ දිග කතාවක් තිබුණා. මේ මම යන එන ගමන් එයා කියපු ඒ කතාව. මට හිතුණා ඒක ඔයාලට ලියලා එවන්න.
'මහත්තයෝ... මගේ ගම බදුල්ල. කොළඹ ඇවිත් අවුරුදු 17ක් විතර වෙනවා. මට පොඩි කෙල්ලෙක් ඉන්නවා. නෝනා රස්සාවක් කරන් නෑ. මම යවන එකෙන් ජීවත් වෙන්නෙ. මේ කොළඹ කියන්නෙ ගම නෙවෙයි මහත්තයෝ. සෑහෙන වෙනස්. අමුතුයි.. අමුතු මිනිස්සු... ගෑනු දැරිවියෝ මහරෑ දොළහටත් මහපාරේ යනවා... අනේ මන්දා හිතාගන්න බෑ...'
'මේ සිද්ධිය වෙද්දි මම හිටියේ වැල්ලවත්තේ. එදා වැල්ලවත්තේ නැවතුණා හයර් එකක් ගිහින් ඇවිත්. හයර් එකක් ඇත්තෙම නෑ. පස්සෙ මම යන්න හදද්දි දැක්කා ලස්සන කෙල්ලෙක් මගේ පැත්තට එනවා. ඒ කෙල්ල මම හිතන්නෙ මගේ දුවගේ වයස වගේ ඇති. මාරම ලස්සනයි.. දැකලා පුරුදු ගතියකුත් තේරුණා... පස්සෙ එයා කිවුවා, එයාට මහරගම යන්න ඔිනි කියලා.
මඟ එයාගේ යාලුවෙකුත් ඉන්න කතාවක් කිවුවා. ඔය යන ගමන් මහත්තයෝ මේ කෙල්ල සිගරට් පෙට්ටියක් ගත්තා බෑග් එකෙන්. මගෙනුත් ඇහුවා ඔිනිද කියලා. මම නෑ කිවුවා. ඔහොම දිගටම ගිහින් මගදි එයාගේ යාලුවා නැග්ගා. ඒ කොල්ලෙක්. ඊටපස්සෙ වෙච්ච දේවල් කටක් ඇරලා කියන්න බෑ මහත්තයෝ... මුන් දෙන්නා රූම් එකක ඉන්නවා වගේ හැසිරුණේ. බියර් බිබි තව මොනා හරි පෙති වගයකුත් ගත්තා...'
'අර කෙල්ලට හෙන විසේ... ටිකෙන් ටික මත් ගතිය වැඩිවෙලා මගෙන් ඇහුවා එයාව දන්නවද කියලා.. 'අංකල් මාව දන්නවද? මම --- ටෙලි ග්‍රාමා එකේ ඉන්නෙ අනේ දැකලා නැද්ද?' කියලා ඇහුවා. දෙයියනේ මම හිරිවැටිලා ගියා. මම ඒ ටෙලි නාට්‍ය ගැන අහලා තිබුණා. කොහොමත් මේ කෙල්ලව දැකලා පුරුදු ගතියකුත් දැණුනානේ මට...
පස්සෙ එයා කියනවා, 'අංකලුත් කැමති නම් කියන්න. හැබැයි ගාණ නම් සැරයි' කිවුවා. එතකොට තමා මට තේරුණේ මේ කෙල්ල සල්ලිවලට යන විත්තිය. මම නිකමට වගේ ගාණ ඇහුවම කියනවා රුපියල් 50,000යිලූ... මට මොන ජීවිතද මේ කියලා හිතුණා මහත්තයෝ....'
'එයා යාලුවා එක්ක මහරගම ටවුන් එකෙන් බැස්සා. මට හොඳ ටිප් එකකුත් දීලා ගියේ. මට කියැවුණා 'පරිස්සමි දුව. බුදු සරණයි' කියලා. මොකද මට මගේ කෙල්ලව මතක් වුණා මහත්තයෝ... එතකොට අර කෙල්ල හෙන ආදරෙන් මගේ කම්මුල මිරිකලා. 'යූ ආ සෝ ස්විට්' කියලා ගියා... අනේ මන්දා මහත්තයෝ.. අදටත් මතක් වෙද්දි ඒ සිද්ධිය හරි අමුතුයි.... මේ ජීවිත ගැන සෑහෙන පුදුමයි...'
නැවත දවසක හමුවෙමු!
දෙයියනේ... සැමියාගේ කොට්ටය යට තිබී හිතාගන්න බැරි අමුතුම දෙයක් හමුවෙලා... අන්තිමට සිද්ධවෙච්ච දේ!
කොට්ටය යට තිබූ රියදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතිකයෙන් බිරිඳගේ අනියම් පෙම්වතා අල්ලාගත් සැමියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙනවා.
කතාව මෙසේය.
මව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා යෝජිත විවාහයක් සිදුකරගත් තරුණ යුවළක් සිටියහ. සැමියා නිවුණු ගති පැවතුම් ඇති කඩවසම් අයෙකු වූ අතර බිරිඳ කෙලිලොල් හැඩකාරියක වූවාය.
මව්පියන් විසින් ඉදිකර දෙනු ලැබූ නව නිවසක නව යුවළ ජීවත් වූ අතර දායාද ලෙස ස්කූටරයක් දීමට ද තරුණ බිරිඳගේ මව්පියෝ කටයුතු කළහ.
සැමියා අගනුවර ප්‍රදේශයේ රැකියාවක් කළ බැවින් නිවසට පැමිණියේ සති දෙකකට වරක් පමණි.
ස්කූටරයේ නැගී ගමන් යන තරුණ මනමාලිය දෙස ගමේ බොහෝ දෙනාගේ අවධානයද යොමු විය. පුංචි පවුලට අලුත් සාමාජිකයෙකු එකතු වූ අතර පසුව තරුණ සැමියාට බිරිඳගේ සහ දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන් වැඩිපුර වැඩ කිරීමට සිදු විය.
මාසයකට වරක් පමණක් දින කිපයකට නිවසට එන සැමියා නැවත අගනුවර බලා යන්නේය.
ගෙදර අඩු පාඩු සපුරා ගැනීමට නගරයට යන එන තරුණ බිරිඳ නගරයේදී හඳුනාගත් තරුණයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියේ සැමියාගේ දෙමව්පියන්ට ද රහසේය. ඔහු සැමියා නැති දිනවල නිවසට විත් රැය පහන් කළේය.
කාලය ගතව යද්දී ලේලිය පිළිබඳව සැකයක් මව්පියන්ට දැනුණ අතර ඒ පිළිබඳව පුතාට පැවසීමට මව්පියෝ තීරණය කළහ. මව්පියන් සැලකළ ආරංචියට කලබල නොවී මිතුරකු හා සාකච්ඡා කොට බිරිඳගේ හොරය අල්ලා ගැනීමට සැමියා සැලසුම් කළේය.
තරුණ බිරිඳ සොයා බොහෝ දිනවල රාත්‍රියට ඇයගේ නිවසට එන පෙම්වතා උදේ පාන්දරින්ම පිටව යාමට ද අමතක නොකළේය. සැමියා ගමේ පැමිණ ගිය දිනට ආසන්න දිනයක පැමිණීමට ඔහු නිතරම කටයුතු කළ බව පැවසේ.
එලෙස පැමිණ යන පෙම්වතා කාන්තාවට සැලකිය යුතු මුදලක් ලබාදීම ද සිදු කළේය. අධික වැසි සහිත දිනයක පෙම්වතා පැමිණි අතර එදින එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා ඔහුට එදින ගමන් කිරීම අපහසු විය.
කාන්තාවගේනිවස ආසන්නයේ තැනක යතුරුපැදිය ගාල්කර අඳුරේම නිවසට රිංගාගත් ඔහු කාන්තාව සමග පෙම්සුව විඳිමින් සිටින විට සැමියා පැමිණ දොරට ගසා කතා කළේය.
කිසිවක් සිතා ගැනීමටනොහැකිව තරුණයා සාක්කුවේ තිබූ මුදල් කවරය කාන්තාව අතට දී පසු පස දොරෙන් පැන ගිය අතර බිරිඳ ලියුම් කවරය කොට්ටය යට තබා දිව ගොස් ඉදිරිපස දොර විවෘත කර සැමියා ගෙට ගත්තාය. විදුලි පන්දම් එළියෙන් නිවස සෝදිසි කරද්දී කුස්සියේ දොර අගුළු දමා වසා නොමැති බව සැමියා දුටුවේය.
කලබල නොවූ සැමියා කිසිවක් නොදුටු ලෙස නිවසට පිවිසි අතර පැයක් දෙකක් වැඩිපුර නින්දට ගිය සැමියා අවදී වී නිදා සිටි ඇඳ නැවත සැකසීමේදී කොට්ටය යට තිබී ලියුම් කවරයක් හමු විය. එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ රියදුරු බලපත්‍රයක් යතුරු පැදියක රක්ෂණ සහතිකයක් විය. බිරියගෙන් එය විමසුවද හරි පිළිතුරක් නොලැබිණි.
කුඩා දරුවා මහ ගෙදර නතර කළ තරුණ සැමියා බිරිඳවත් යතුරු පැදියේ නංවාගෙන ගොස් නීතියේ පිහිට පැතුවේය. කොට්ටය යට තිබී හමු වූ බලපත්‍රය සිය අනියම් පෙම්වතාගේ බව පිළිගනිමින් බිරිඳ සමාව ඉල්ලා හඬා වැටුණාය.
අනියම් පෙම්වතාද කැඳවූ පොලිස් නිලධාරීහු ඔහුගෙන්ද කරුණු විමසුහ. කාන්තාවගේ නිවසින් පැන යද්දී මුදල් තිබූ ලියුම් කවරය වෙනුවට බලපත්‍ර තිබූ කවරය මාරු වී ඇති බව ඔහු පැවසීමත් සමග පැමිණිලි විභාගය සිනා සාගරයක් වූයේය.
මෙම සොරය හසුවීම නිසා පවුල් අවුල් කරගන්නට සැමියා කල්පණා කර නොතිබිම විශේෂිතය. ඔහු දරුවා ගැන සිතා සමථයකට ඒමට තීරණය කර තිබේ.
තිදෙනාටම තදින් අවවාද කර සිද්ධිය සමථයකට පත්කළ අතර බිරිඳ සහ සැමියා නිවස බලා පිටත්ව ගියත් කතාව ප්‍රදේශය පුරා පැතිර තරුණයාට සිදු වූ ලියුම් කවර මාරුව ප්‍රචලිත විය. තරුණයා ප්‍රදේශය හැර ගොස් ඇති බවද පැවසේ.
"මට නැඟිට ගන්න බෑ...මම හිතුවේ ගැහෙන්නෙ හීතලට කියලා... බලද්දි දැක්කේ ඇඟේ නූල් පොටක් නෑ කියලා..." නුවරඑළියම කම්පා කළ සුරූපී තරුණියකගේ විළාපය
"කොල්ලෙක් ඉස්සරහා කෙල්ලෙක් නිරුවත් වෙනවා කියන්නෙ ඒක සම්පූර්ණයෙන්ම ඒකිගේ කැමැත්ත මත වෙන දෙයක්.
කෙල්ලෙක් හැම එකෙක් ඉස්සරහාම ඒකිගේ නිරුවත පෙන්නන් නෑ. ඒ කෙල්ලගේ කැමැත්ත නැතුව ඇඟට අත තිබ්බා කියන්නෙ ඒක දූෂණයක්. සම්පූර්ණයෙන්ම ඒකිගේ අකැමැත්තෙන් වුණු දේකට, ඒකිම පොළඹවාගත්තා කියන්න අපිට බැහැ. පුළුවන් නම් මේක ලියලා දෙන්න.."
හීතල නුවරඑළියේ හාදයෙක්.. මුලින්ම මේ කතාව කිව්වම මම හිතුවේම වෙනස් විදිහට..
විශ්වාසයි ! ඔබත් එහෙම හිතාවී.... මේ කතාවේ ඉන්න කෙල්ල දැන් ඉන්නෙ විදෙස් රටක.
"නඩුව අතරමඟ නතර වුණා. මොකද අපි ඔක්කොම දමලා ගහලා රට ආව නිසා. අම්මා කැමති වුණේ නෑ තව තවත් මාව උසාවි ගානේ රස්තියාදු කරවන්න. අම්මා කියනවා එයාට පුළුවන් වුණා නම් අර කොල්ලො දෙන්නව මරලා දාන්න, ඒක කරනවාමයි කියලා. මේ කතාවේ හැටියට උන් දෙන්නා වැරදිකාරයෝ වුණාට මටත් මගේ හෘද සාක්ෂියෙන් ගැළවීමක් නෑ. ඉන්නකෝ මම කියන්නම් කතාව..."
"නිලාන් ව මට හම්බුණේ කලම්බෝ ක්ල්බ් එකකදී. මම කන බොන කෙල්ලෙක්. ඒ කියලා මම වටේ යන ගෑනියෙක් නෙවෙයි. අඩුම මම නිලාන් හම්බෙනකොටත් කොල්ලො දෙන්නෙක් එක්ක විතරයි යාලු වෙලා හිටියේ. නිලාන්ට මම බොක්කෙන්ම ලව් කළා. නිලානුයි මමයි බීමට මාර විදිහට ඇබ්බැහි වෙලා හිටියා. අපි පස්සෙ එක වහළක් යටට වුණා. ඒ ඇනෙක්ස් එකේ ඉද්දිත් අපි කළේ බොන එක විතරයි.. එතනින් එහා දෙයක් නෑ..."
"නිලාන්ගේ යාලුවා තමයි ශාන්. ශාන් එක්ක තමයි අපි නුවරඑළි යන්න සෙට් වුණේ. එදා ශාන්ගේ බංගලෝ එකක අපි නතර වුණේ. පොර හෙන දතක්. සල්ලි තියෙනවා නැතිවෙන්න. එදා ශාන් මොකක් හරි අලුත් ඩ්‍රග් එකක් ගෙනල්ලා තිබ්බා. ඒක ගත්ත හැටියේ ගොඩක් දේ වුණා. මට ඇත්තටම මතක නෑ. උදේ නැඟිට්ටමත් මට නැඟිට ගන්න බෑ. මාව ගැහෙන්න ගත්තා. මම හිතුවේ ගැහෙන්නෙ හීතලට කියලා. පස්සෙ බලද්දි දැක්කේ ඇඟේ නූල් පොටක් නෑ කියලා.. උන් දෙන්නා මාව විනාශ කළා......"
"දෙයියනේ...! ගෑනියෙක්ට වගේ නෙවෙයි හරියට සෙල්ලම් බෝනික්කෙක් කියලා හිතන් මාව පොඩි කරලා දාලා ඒ යක්කු දෙන්නා. අන්තිමට තමයි මම මේ හැමදේම අම්මට කිව්වේ. ඒත් නඩුව අපිට වාසි විදිහට ගියේ නෑ. මොකද අර පැත්තෙන් කිව්වෙ ම මේ හැමදේම මගේ කැමැත්තෙන් වුණා කියලා.."
"මම ඇත්තටම නඩු කියන්න කැමති වුණේ මට ඇතිවුණු ලැජ්ජාවට. මගේ ඇඟ වෙන එකෙක් අල්ලපු ලැජ්ජාවට.. ඒත් මට කවදාවත් සාධාරණයක් වුණේ නෑ. ඒ ගැන හිතනකොට දුකයි. හැබැයි මම ආයෙ නම් ලංකාවට එන් නෑ.."
19 හැවිරිදි යුවතිය 50000කට.. අඩු වයසේ රූමත් තරුණියන් සරුවට කරගෙන ගිය වැඩේ පොලිස් දැලේ!
මේ කියන්න යන්නේ ඔබට අදහාගන්නත් බැරි කතාවක්..
මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ, 19, 20, 22 සහ 24 වියැති කාන්තාවන්..
ඔවුන් සූරියවැව සහ වැලිපැන්න ප්‍රදේශවල පදිංචි තරුණියන් වන අතර, කලක් තිස්සේ මේ වැඩේ සරුවටම කරගෙන ගිහිල්ලා..
පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත,වාද්දුව නගර මධ්‍යයේ ආයුර්වේද සම්බාහනය කරන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වැටලීමට පොලීසිය සමත්ව තිබෙනවා..
එහිදී කළමනාකාරිනිය ඇතුළු කාන්තාවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබුණා..
කොස්තාපල් චානක යන නිලධාරියා උපාය දූතයකු ලෙස යොදවා එහි රැඳී සිටි 19 හැවිරිදි රූමත් කාන්තාවක රුපියල් පන්දහසක මුදලකට ලබාගෙන වැටලීම කර ඇතැයි සඳහන් වෙනවා..
මෙම කාන්තාවන් කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බවට නිවාසවලට දැනුම් දී ඇති බවත්, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් මාළු වෙළෙඳුන් ඇතුළු බොහෝ පිරිසක් ඔවුන්ගේ සේවය ලබාගෙන ඇති බවට පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරනවා..
එක රැයකින් ප්‍රසිද්ධ වූ රටම කතාවෙන මනාල යුවළ රටින් යන්න කලින් කියූ කතාව (VIDEO)
වසර 16 ක ආදර කතාවක සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ ගීතයකට අපූරු රංගනයක් සිදු කළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවුණා.
ඔබටත් ඒ දෙන්නව නම් හොදටම මතක ඇති.
කාලෙකින් ඉතාම විශාල ලෙස සමාජ මාධ්‍ය කළඹන්නට මේ යුවල සමත් වුණා.
ඔවුන් පදිංචිව සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේයි.
ඔවුන් සිය විවාහයෙන් පසුව ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා.
නොසිතූ මොහොතක සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝවෙන් එක රැයෙන් මුළු ලංකාවේම ජනප්‍රිය වූ එම යුවළ පවසලා තිබුණේ මෙවන් දෙයක්.
ඒක සේවයක් නෙවේ... දොස්තරලා දෙවිවරු කියන්නෙ මේකයි...හරි වෙහෙස වෙලා ජිවිතයක් රකින වීඩියෝවයි ඒ (VIDEO)
වෛද්‍ය වෘත්තිය කියන්නේ එසේ මෙසේ වෘත්තියක් නෙවෙයි.
දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන මනුෂ්‍ය කොට්ඨාශයක්.
වෛද්‍යවරුන් දෙවිවරුන්ට සමාන කරන්නෙත් අන්න ඒ කාරණය නිසාමයි.
වෛද්‍ය වෘත්තිය තුළ මුහුණ දෙන්න සිදුවන සිදුවීම් සුන්දර ඒවා නම් නෙවෙයි.
රෝගී ජීවිතයක් සුව කරනකොට දැනෙන්නේ අපිරිමිත සතුටක්.
ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි.
රෝගියකු බේරා ගැනීමට අපොහොසත් වුණ අවස්ථාවක දැනෙන්නේ අතිශය දරුණු වේදනාවක්.
වෘත්තිය තුළ නියැලෙනවා වගේම, වෘත්තීය අත්දැකීම් බෙදාගන්න ඔවුන් යුහුසුළු වෙන්නේත් අනතුරකට පෙර තවත් ජීවිතයක් රැකගන්න.
අපි කොච්චර කිව්වත් මේ භූමියේ මිනිස්කම් පිරිහිලා කියලා, එහෙම නෑ මිනිස්කම් තාමත් හුස්ම ගන්නවා.
මේ අපි අතරම දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා. අනෙකා වෙනුවෙන් හදවත් උණුවෙන මිනිස්සු ඉන්නවා.
මුහුණුපොතේ උඩ පහළ යනකොට ඔබට හරි සංවේදී වීඩියෝවක් ඔබ දකින්නත් ඇති.
වෛද්‍යවරයෙක් හරි වෙහෙස වෙලා ජිවිතයක් රකින වීඩියෝවයි ඒ.
සමාජ මාධ්‍ය කැළඹු බදුල්ල මැදි මහා විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සරඹ සංදර්ශනය මෙන්න (VIDEO)
පාසල් සිසුන්ට ඉගෙනීම් කටයුතුම විතරක් නෙවෙයි තියෙන්නේ කිව්වොත් ඔබ සමහර විට අපි එක්ක එකග නොවෙන්න පුළුවන්.
පාසල් සිසුන්ට ඉගෙනීම වගේම බාහිර ක්‍රියාකාරකම් ද අත්‍යාවශ්‍යයි.
ඒ ඔවුන්ට වෙනසක් ලැබීමට වගේම තවත් ඔවුන්ගේ දක්ෂතාවයන් ඔප නංවා ගන්න.
ඉතින් එවන් පසුබිමක හරි අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හරි හරියට හුවමාරු වෙනවා.
ඒ බදුල්ල මැදි මහා විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා අවසන් දින උත්සවයේ දී ඉදිරිපත් කළ සරඹ සංදර්ශනය.
රනිල්, චන්ද්‍රිකා, හිරුණිකා එක්වෙයිද? – සමාජ මධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ ඇත්ත කතාව එළියට!
දේශපාලනඥයින් පක්ෂ මාරුවීම මෙන්ම, පක්ෂ භේදයකයින් තොරව සුහද හමුවලදී විරුද්ධ පාක්ෂිකයින් සමග ලබා ගන්නා ඇතැම් ඡායාරූප විවිධාකාරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අතර එමඟින් විවිධ පුවත් ද නිර්මාණය වීම දක්නට ලැබෙනවා.
එලෙස මේ දින වල ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමු වූ බවට සඳහන් කරමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.
මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් පවසා තිබුනේ, හිරුනිකා, ජනපති රනිල් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා එකට එක්ව ඇති බවයි.
කෙසේ වෙතත් එම ඡායාරූප මෑතකාලීන ඡායාරූප නොවන බවත්, මීට වසර පහකට පෙර ලබාගත් ඡායාරූප බවත් සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා.
ඒ, අනුව එම ඡායාරූප ලබාගෙන තිබුණේ 2019 වසරේ යහපාලන ආණ්ඩුව සමයේ, අරලියගහ මන්දිරයේ පැවති සාදයක දීයි. ඒ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දින උත්සවයකදීයි.
ඔයා තාම පවිත්‍රාගේ ෆේස්බූක් එක බැලුවේ නැද්ද? How Sad.... දැන්ම ගිහින් බලන්න... ආස හිතෙයි...
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම හැක් කිරීමට ලක්ව තිබෙනවා.
අමාත්‍යවරියගේ නිල ඡායාරූපය වෙනුවට ඊජිප්තු පිළිරුවක ඡායාරූපයක් එක් කර ඇති අතර එය සිදු කළ පිරිස විසින් මේ වනවිට විවිධ වීඩියෝ පට හුවමාරු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම යළි යථා තත්ත්වයට පත් කරගැනීමට උත්හාස කරන බවට ද තොරතුරු වාර්තා වනවා.
මියන්මාරයේ පරිගණක වහලුන් ලෙස සිටින ශ්‍රී ලාංකික තරුණයින් 57 දෙනාගෙන් 08ක් රජය මැදිහත්ව බේරාගත් බව කීම අමූලික බොරුවක්!
මියන්මාරයේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින තරුණයින් 47 දෙනා අතරින් 8 දෙනෙකු රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් ඔස්සේ බේරාගත් බවට රජය මෙයට සති තුනකට ඉහත දී කළ ප්‍රකාශය අමුලික බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමින් බැහැ දැකීමට ගම්පහ බෙම්මුල්ල විද්‍යාකර පිරිවෙනට ගිය අවස්ථාවේදී ය .
එහි දී වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
අපි දන්නා පරිදි රජය විසින් බේරාගත්තා යැයි කියන තරුණයින් අට දෙනා එරට රිබෙල් හමුදාවේ පොලිසියක දැනට රඳවාගෙන සිටිනවා. පසුගිය කාලයේ ඒ රිබෙල් හමුදාව ලුහුබැඳ චීන කණ්ඩායම් විසින් පහරදී තිබෙනවා. එයින් බේරීමට ඔවුන් තමන්ගේ කඳවුරු අතහැර යනකොට දුර්වල කඳවුරක හිටපු අපේ තරුණයින් 8 දෙනෙකු මියන්මාරයේ රිබෙල් හමුදාවට සම්බන්ධිත පොලීසියක රඳවාගෙන තිබෙනවා. ඒ ළමයි තවමත් ලංකාවට ගෙනවිත් නැහැ.
එසේ තිබියදී බොරුවට රජය පෙන්වනවා රාජතාන්ත්‍රික ආකාරයට මේ අය මුදාගත්තා කියලා. මෙම කරුණු කාරණා අප විමසා බැලුවා. ඒ අනුව මහානායක ස්වාමීන් වහන්සේටත් මෙම කරුණු සම්බන්ධයෙන් දැනුම් දුන්නා. ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතු සංදේශයක් රැගෙන මියන්මාරයට යෑමට අපේක්ෂා කරනවා. එම සංදේශයට මකුලෑවේ මහනාහිමියන්ගේ අත්සන ලබා ගත්තා. මේ වනවිට මල්වතු අස්ගිරි,රාමඤ්ඤ හා අමරපුර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මෙයට අත්සන් තබා අවසානයි.
මියන්මාරයේ තානාපතිවරයාට මුලින් මෙහි පිටපතක් බාර දෙනවා. අනතුරුව මුල් පිටපත රැගෙන මියන්මාරයට ගොස් සිතගු සියාඩෝ අනුනායක ස්වාමින්වහන්සේ මගින් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක එරට රාජ්‍ය පාලකයින් සමඟ සාකච්ඡාවක් ආරම්භ කර වහාම මේ තරුණයින් බේරා ගැනීමට අදාළ කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස මගේ මැදිහත් වීම කරනවා.
මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය භාර තායිලන්තයේ ප්‍රධාන හමුදා නායකයකු සමඟද සාකච්ඡාවක් ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි. අදාළ තරුණයින් සියලු දෙනා බේරාගැනීමට කළ හැකි සියලු මැදිහත්වීම් කිරීමට කටයුතු කරනවා.
දිනක්ෂිගේ පෝස්ටුවක් යළි කරළියට – පරණ ෆොටෝවකුත් එළියට!
සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.
ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.
කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.
බනින අයට බනින්න ඉඩ දීලා තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.
දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ජීවිතේ එදිනෙදා වැඩකටයුතු ගැන වීඩියෝ වගේම ඡායාරූප පළ කරන නිසාම සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන් අතර ඇය හරිම ජනප්‍රියයි.
සමාජ මාධ්‍ය තුළ නම් කාලයක් තිබුණා ඔවුන් තබන කවර සටහනකට, එක්කාසු කරන කවර ඡායාරූපයකට වුව දැඩි විවේචන එල්ල වන.
ඔවුන් ඒවාට ප්‍රති උත්තර දුන්නු කාලයකුත් තිබුණා. දැන් දැන් නම් එහෙම දකින්න නැති ම තරම්.
හැබැයි එහෙමයි කියලා ඔවුන්ගේ අතීතය අලලා පළවන ඇතැම් ප්‍රතිචාරවල නම් අඩුවක් නෑ.
එහෙම ප්‍රතිචාර සහිත පෝස්ටුවක් මේ විදියට අපේ ඇස ගැටුණා.
වැඩි හරියක් අදාළ පෝස්ටුව අරභයා ධනාත්මක ප්‍රතිචාර වැටෙද්දී, ඒ අතර එකක් දෙකක් සුපුරුදු සෘණාත්මක පැත්තටම බරව තිබුණා.
ඒත් එක්කම,
”ඒක නම් ඇත්තම ඇත්ත අක්කෙ,
ලගින්ම ඉන්න අයගෙන් තමා ගොඩක්ම පරිස්සන් වෙන්න ඕනෙ” යන සඳහනත් එක්ක පැරණි ඡායාරූපයකුත් කමෙන්ට් අතරට එක්කාසු කරලා.
"කතාව ඇත්ත... බැන බැන මැසේජ් දාන්න එපා..." - මහේෂි කාටත් රහසේම ලංකාවෙන් ගිහින්ද?
මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක්.
බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්.
දරුවන් දෙදෙනාගේ බාලයා ලෙස මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගලදී. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි.
ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වූවා.
ඇය විද්‍යාලීය වේදිකා නාට්‍ය හා කෙටි චිත්‍රපටවල ද හොඳින් රඟපෑම සිදුකර තිබෙනවා.
ඉන්පසු ඇය සිය නිරූපණ වෘත්තිය ආරම්භ කර රංග ශාලාවට මාවතක් විවර කරගන්න සමත් වෙනවා .
ඇගේ වැඩිමහල් සොහොයුරු මහේෂ් ද වේදිකා නාට්‍ය නළුවෙකු වූ අතර දැන් ඔහු පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා.
ඉතින් මහේෂිට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා.
ඒ වගේමයි පළමු වරට විවාහ වුණු සැමියා ඉක්මනින්ම දික්කසාද කරනවා ඉන් පසුව තමයි මහේෂි ඇගේ නියම සැමියාව හොයාගන්නේ.
පුංචි තිරය හැඩකළ මහේෂි නුදුරේදීම විදෙස්ගත වෙන්න සූදානමින් ඉන්නවා කියන ආරංචිය.
ඒ ගැන ඇය කිහිප විටකදීම ප්‍රසිද්ධියේ ම කියලත් තිබුණා.
ඈ එහෙම විදෙස්ගත වීමට තීරණය කිරීම ඈට ආදරේ කරන කාටත් දුකට කාරණයක් වී ඇති හැඩයි.
මොකද මහේෂි කියන්නෙම මතක හිටින චරිත රැසක් එක්ක ආලින්දයට ගොඩවැදුණු දක්ෂ රංගන ශිල්පිනියක් වීම නිසාවෙන්..
ඈ ලබන ආදරේ කෙතරම් ද කිව්වොත් ගෙවුණු දවසක සිය රසික සමූහයාගෙන් මහේෂි ටිකක් විතර බැනුම් අහලත් තිබුණා.
ඒකට හේතුව වුණේ ඇය සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ මෙන්න මේ ඡායාරූප…
ඔන්න ඉතින් අන්තිමට ඒ ඡායාරූප පිටුපස කතාව ගැන කියන්න මහේෂිට ‘ලයිව්’ එක්කුත් එන්න වෙලා.
”…කට්ටිය මට බනිනවා,
මම ෆොටෝ එකක් දැන්මා නිකන් අර විග් එකක් දාලා.
මේගොල්ලො හිතුවෙ මම කොණ්ඩෙ කලර් කරලා කියලා.
ඔක්කොම බැන බැන මැසේජ් දානවා.
ඒක ඇත්තටම විග් එකක්. ස්තුතියි ඒ ආදරේට…”
ඒ වගේම මහේෂි විදෙස්ගත වෙලා කියලා ආරංචියකුත් තියෙනවා.
කතාව ඇත්ත !!
සැමියා නියුතු රැකියාවත් එක්ක මහේෂි විදෙස්ගත වනවා කියන කාරණය අමුතු එකක් නොවන වග ඔබ දැනටමත් දන්නවනෙ.
මේ විදෙස්ගත වීමත් අන්න එහෙම එකක්. දින 4ක ගමනකට පසු ආයෙමත් ඈ ලංකාවට ඇවිත්.
ඒ අතරතුර ගත් සේයා රූ කිහිපයක්ද සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කරන්න මහේෂි අමතක කරලා නෑ.
”පුතා ඉගෙනගෙන ඉවර වුණ ගමන් මම මහණ වෙනවා. මට තියන එකම බැඳීම එයා” – පියුමි ගැන මේ කතාව ඔබ දැනගෙන හිටියද?
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් කරන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.
ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.
අසරණ අයට උදව් කරන පියුමි හරි කැමති කෙනෙක් කියලා කිව්වොත් හරි.
තමන්ට ආදරේ කරන හැමෝම වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතේ විශේෂ කාරණා ගැනත් තොරතුරු සමාජ මාධ්‍යට එක්කාසු කරන්න ඈ අමතක කරන්නෙ නෑ.
ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිටත් තියෙනවා ඔබ ලේසියෙන් විශ්වාස නොකරන අන්දමේ උතුම් බලාපොරොත්තුවක්.
ඒ තමයි මහණ දම් පුරන්න.
ඇය කියන විදියට තමන්ට ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න කලින් ඉටුකළ යුතු, යුතුකම් සහ වගකීම් කොටසක් තියෙනවා.
ඒ තමයි ඇයගේ ප්‍රාණසම පුත්‍රයාගේ අනාගතය හැඩකරන එක.
ඔහුගේ හෙට දවස ගැන හිතේ බයක් සැකයක් නැති වුණු දවසට පියුමි ලෑස්තියි ඇගේ හිතේ තියෙන උතුම් බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්න.
මේ ගැන ඇය කියලා තිබුණේ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.
”මගෙ එකම ආසාව මගෙ පුතා තව ටිකක් ලොකු වුණු ගමන් එයාව ඇමරිකා යවලා,
එයා ඉගෙනගෙන ඉවර වුණ ගමන් මම මහණ වෙනවා.
ඒක මගෙ තියන ලොකුම ලොකු ආසාවක් දෙවියනෙ.
මට තියන එකම බැඳීම එයා.
එයා ඉගෙනගෙන pilot කෙනෙක් හරි doctor කෙනෙක් හරි වෙලා මේ රටින් ගිහින් job එකක් කරන්න පටන් ගත්තම,
එයාට පුලුවන් වයසට ගිය ආච්චිවත් ජීවත් කරන් බලාගෙන ඉන්න.
අන්න එදාට මම මේ සියලුම දේ අත හැරලා යනවා. ”