gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මඩේ එරී අලි පස් දෙනෙක් මිය ගිහින්

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ සද්ධන්තයින් පස් දෙනෙකු මහවැලි ගගේ ප්‍රධාන අතු ගංඟාවක් වූ පෙරියආරු ගඟට අයත් පොලොන්නරුව ඕනෑගම පුදූර් ප්‍රදේශයේ වගුරු බිමක මඬේ එරී මියගොස් සිටියදී ඒ මළසිරුරු ඊයේ  (01) දහවල් හමුවූ බව වනජීවි නිලධාරිහු කියති.

මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයේදී මඬේ එරී මියගිය වයස අවුරුදු 08 ක් පමණ වයසැති අලි පැටවෙකුගේ මළසිරුරක් ප්‍රදේශවාසීන්ට හමුවී තිබුණි.

රාත්‍රී කාලයේ ආහාර සොයා පැමිණෙමින් සිටියදී මේ අලි පස් දෙනාද ඒ අන්දමට මඩ සහිත වඟුරු බිමේ එරී ආපසු ගොඩට යාගත නොහැකි වී මිය යාමට ඇතැයි වනජීවි නිලධාරීහු කීහ.

මිය ගිය අලි පස් දෙනාගේ මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ අද ඉරිදා (02) දිනයේ පැවැත්වීමට නියමිත බව ගිරිතලේ වනජීවි පුහුණු කේන්ද්‍රයේ පශු වෛද්‍ය නිලධාරීහු ප්‍රකාශ කළහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka