gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රේගුවට වෙට්ටු දමා සිගරට් 50,000ක් ගෙනා අයකු CID යට මාට්ටු !

රේගු අංශවලට හසුනොවී සිගරට් කාටුන් 250 ක් එනම්, සිගරට් 50,000ක් රැගෙන එමින් සිටි පුද්ගලයකු අද (03) උදැසන කටුනායක ගුවන් තොටුපලදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
සමත්ව ඇත.

වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරු රේගු නිලධාරීන්ට බාර දීමට නියමිතය.

ගුවන් තොටුපලවල හා වරාය වල ඇතැම් රේගු නිලධාරීන්ගේ සහය ඇතිව මෙරටට නීති විරෝධිව රත්රන්, දුම්වැටි හා වෙනත් උපකරණ ආදිය රැගෙන ගෙන එන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා රේගුවේ ඉහල නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග විශේෂ සාකච්ජාවක් පවත්වා තිබු අතර එහිදී මෙවැනි අපරාධ වලක්වා ගැනීමට අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඉල්ලා තිබිණ.

ඒ අනුව, මේවනවිට ගුවන් තොටුපල වලට වරාය වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිවිල් නිලධාරීන් යොදවා ඇත.

ඉන්දියාවේ දිල්ලියේ සිට රත්රන් කිලෝ 20 ක් රැගෙන එමින් සිටි පුද්ගලයකු පසුගිය 31දා උදැසන කටුනායක ගුවන් තොටුපලදී අත්අඩංගුවට ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka