gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස් කාන්තාවකගේ පිළිස්සුණු සිරුරක් හාලිඇල නිවසක

23 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියකගේ පිළිස්සුණු මළ සිරුරක් බදුල්ල – හාලිඇල – කැටවල ප්‍රදේශයේ නිවසකින් ඊයේ සවස සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කරනවා.

ඇය ඝාතනය කළ බවට සැකකෙරෙන බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියගේ පෙම්වතා අත්අඩංගුවට ගත් බවයි.

මෙම කොස්තාපල්වරිය නිවාඩු මත සිය ඥාති නිවසකට පැමිණ ඇති අතර එම නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක දී මෙම සිද්ධිය සිදුව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ප්‍රේම සම්බන්ධයක් මත මෙම අපරාධය සිදුව ඇති බව මූලික විමර්ශණවලින් අනාවරණය වී ඇති  බව පැවසූ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගෙන ඇති ඇගේ පෙම්වතා තේවතු ක්ෂේත්‍ර නිලධාරියෙකු ලෙස කටයුතු කළ 27 වියැති තරුණයෙකු බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka