gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ළහිරුට හා සුගතානන්ද හිමිට ඇප

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකරට සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(31දා)  ඇප ලබා දී තිබේ.

අධිකරණය නිකුත් කළ වාරණ නියෝග කඩ කිරීම සහ ඇප කොන්දේසි
උල්ලංඝණය කිරීම යන චෝදනාවලට පසුගිය දා  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

කොල්ලුපිටිය පොලීසිය මඟින් පවරන ලද නඩුවකට අදාළව ඔවුහු පසුගිය 12 දින කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එහිදී  අධිකරණ නියෝග නොතකමින් කොළඹ කොටුව සහ කොල්ලුපිටිය ආශ්‍රිතව විරෝධතා සිදුකිරීම සම්බන්ධයෙන් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ අතර එම කරුණු සැලකිල්ලට ගත් කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාර ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි පසුගිය 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

යළිත් පසුගිය 26 දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka