gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිටකොටුවෙන් ගණිකාවෝ 100ක්‌ මාට්‌ටු!

මෙම වසරේ ගතවූ මාස හතරේදී පිටකොටුවේ මුදල් පසුම්බි සොරා ගන්නන් 100 දෙනකු සහ ගණිකාවන් 100 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි පිටකොටුව පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නලින් හෙට්‌ටිආරච්චි පවසනවා.

මුදල් පසුම්බි සොරා ගත් පුද්ගලයින් අතරේ කාන්තාවන් ද සිටින අතර
එම පුද්ගලයින් බොහෝ දෙනකුම මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් බව හෙළි වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මොවුන් සියලු දෙනාම කොළඹින් පිට පළාත්වල පදිංචි අය බවත්, මොවුන් බොහෝ දෙනකුම මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බවත් කියා සිටි පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ පිටකොටුවේ භාණ්‌ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්‌ථානවල සහ මගීන් වැඩි දෙනා බස්‌ රථවලට ගොඩ වන අවස්‌ථාවලදී මුදල් පසුම්බි වැඩි වශයෙන් සොරා ගෙන ඇතැයි හෙළි වූ බව යි.

එමෙන්ම අත්අඩංගුවට පත් වූ ගණිකාවන් ද බොහෝ දෙනකු මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටින අය බවට හෙළිවී තිබෙනවා.

මෙම ගණිකාවන්ගෙන් බොහෝ දෙනෙකු සිය ඇසුර පතා පැමිණෙන පුද්ගලයන්ගේ මුදල් පසුම්බි සොරාගෙන ඇතැයි ද පොලීසිය පවසනවා.

මේ ආකාරයෙන් මුදල් පසුම්බි සොරා ගන්නා සැකකරුවන් ගැන තොරතුරු වේ නම් 0112-320470 යන පිටකොටුව පොලිසියේ දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka