gossip lanka

මුලතිව් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් - කැරලි මර්ධනයත් කැඳවයි

මුලතිව්හි තහනම් දැල් ආම්පන්න යොදාගනිනමින් ධීවරයින් මසුන් ඇල්ලීම වහාම නතර කරන ලෙස ඉල්ලා අද (02) මුලතිව්හි සියලුම ධීවරයින් උද්ඝෝෂණයක නිරත වෙමින් මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා එම කාර්යාලයට දැඩි අලාභහානි සිදු කොට ඇති බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

මුලතිව් කෝකිලායි සිට චලෙයි දක්වා සිටින සියලුම ධීවරයින් අද උදෑසන මුලතිව් නගර මධ්‍යට පිවිස පළමුව විරෝධතාවක නිරතවී කියා සිටියේ මුලතිව්
මුහුදේ සිදු කරන තහනම් ධීවර කටයුතු වහාම නවතන ලෙසට ඉල්ලමිනි.

එම විරෝධතාවයට විසඳුමක් නොලැබීම හේතුවෙන් ධීවරයින් සියලුම දෙනා එක්ව විරෝධතා පාගමනින් මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වූවේ තම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසට ඉල්ලමිනි.

නමුත් සහකාර ධීවර පරික්සක කාර්යාලයේ දොරටුව වසා කිසිදු නිලධාරියෙකු විසඳුමක් ලබා නොදීම හේතුවෙන් උද්ඝෝෂණයෙහි නිරත වූ ධීවරයින් පළමුව සහකාර ධීවර පරික්සඛ කාර්යාලයේ වැට ගලවා දමා කාර්යාලයට ඇතුලු වී කාර්යාලයේ දේපලවලට දැඩි හානකියක් සිදු කොට ඇති අතර තත්වය පාලනය කිරීමට මුලතිව් පොලීසියටද මැදිහත් වීමට සිදුවිය.

එම අවස්ථාවේදී ධීවරයින් හා රාජ්‍ය ධීවර පරික්සක කාර්යාල නිලධාරීන් අතර දැඩි උණුසුම් අවස්ථාවක් හටගත් අතර මුලතිව් පොලීසියේ මැදිහත් වීම මත තත්වය පාලනය කරන ලදි.

මේ වන විටද උද්ඝෝෂණයේ නිරත ධීවරයින් එම ස්ථානයේ රැඳී සිටින අතර තහනම් දැල් ආම්පන්න යොදා මසුන් මැරීමට එරෙහිව පිළිගත හැකි විසඳුමක් ලැබෙනතුරු තම උද්ඝෝෂණය අත නොහරින් බවට එම ධීවරයින් කියා සිටිති.

අදාල ගැටලුව සම්බන්ධයෙන් මුලතිව් සහකාර ධීවර පරික්සඛ කාර්යාල නිලධාරීන් විසින් මුලතිව් දිසාපති කාර්යාලය හරහා ධීවර අමාත්‍යංශ නිලධාරීන් දැනුවත් කොට ඉක්මන් විසඳුමක් ලබා දීමට මේ වන විට කටයුතු යොදමින් සිටිති.

උද්ඝෝෂණයේ නිරත වූවන් වැඩි දුරටත් කියා සිටියේ මසුන් ඇල්ලීම සඳහා බොහෝ ධීවරයින් ඩයිනමයිට් බෝම්බ යොදා මසුන් ඇල්ලීම නිසා කුඩා මසුන් විශාල පිරිසක් මිය යන බවටත් ලයිලා සුරුක්කු වැනි තහනම් දැල් ආම්පන්න යොදා මසුන් ඇල්ලීම මගින් මුලතිව්හි කුඩා මසුන් විනාශ වන අතරම සාගර සම්පත්ද දැඩි ලෙසන් විනාශ වී පාරසරික ගැටලු රැසකටද මුහුණ පෑමට සිදුව ඇති බවටයි.

උද්ඝෝෂණ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)




gossip lanka