අපේ කෙල්ලො ටික දකුණු අප්‍රිකාවෙදී ලෝක වාර්තා රැසක් තියයි!

දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත්වුණි. 

ඒ අවසන් එක්දින තරගයේ හිමිවූ ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කය හඹාගොස් ජය ගැනීමත් සමගය.

ඒ අතර එම තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 195ක් වාර්තා කිරීමද විශේෂත්වයකි.

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 301කි.

එහිදි නායිකා ලෝරා වොල්වඩ් ලකුණු 184ක් රැස් කළාය.

අඟහරු අත්දැකීම ලබන්න තෝරාගත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නාසා විද්‍යාඥවරිය – ආචාර්ය පියුමි විජේසේකර

නාසා ආයතනය විසින් හූස්නටන් හි ජොන්සන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ නිරමාණයවන අනුකරණිත අඟහරු මෙහෙයුමක් සඳහා නාසා ආයතනය විසින් තෝරා ගන්නා ලද සිව් දෙනෙකුගෙන් යුත් ස්වේච්ඡා කාර්ය මණ්ලයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විද්‍යාඥවරියකවන ආචාර්ය පියුමි විජේසේකර තෝරාගෙන තිබේ.
මෙම මෙහෙයුම සඳහා ආචාර්ය විජේසේකර ඇතුලු කණ්ඩායම මැයි මස 10 වැනිදා Human Exploration Research Analog නෙහොත් HERA වෙත මෙම අනුකරණිත අඟහරු මෙහෙයුම වෙනුවෙන් පිවිසෙනු ඇත.

එහි ඇතුළුවීමත් සමග මෙම කණ්ඩායම අඟහරු තරණ අභ්‍යාවකාශ ගමනක පරිසරය තුළ රැඳෙමින් දින 45ක පමණ කාලයක් ගත කිරීමට නියමිතය. කාර්ය මණ්ඩලය යළි පෘථිවියට පැමිණීමේ අත්දැකීම ලබන්නේ ජූනි මස 24 වැනිදා ය.

නාසා ආයතනය සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයින් හුදකලාවීම්,  සිරගතවීම් සහ දුරස්ථ තත්වයන්ට අනුගතවීම් සිදුවන ආකාරය ගැඹුරින් අධ්‍යයනය කිරීමට මෙවැනි පර්යේෂණ මෙහෙයුම් දියත් කරනු ලබයි.


කාර්ය මණ්ඩල සාමාජිකයින්  අතථ්‍යය යථාර්ථය භාවිතා කරමින් අඟහරු මතුපිට ඇවිදීමේ සිට රතු ග්‍රහලෝකය මත දී ලබන අත්දැකීම් සහිත ඔවුන්ගේ සමාකරණ මෙහෙයුම පුරාවට විද්‍යාත්මක පර්යේෂණ සහ මෙහෙයුම් කාර්යයන් සිදු කරනු ඇත.

මෙම අත්දැකීම ලබන ශ්‍රි ලාංකික සම්භවයක් සහිත ආචාර්ය පියුමි විජේසේකර NASA විද්‍යාඥවරියකි. ඇය කැලිෆෝනියාවේ Silicon Valley  හි NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස සේවය කරන්නීය.


මිනිස් ශ්වසන පද්ධතියට අයනීකරණ විකිරණ සහ චන්ද්‍ර දූවිලි ඇතුළු අභ්‍යවකාශ පියාසර ආතතීන්ගේ බලපෑම් විමර්ශනය කිරීම සඳහා පටක ආකෘති සංවර්ධනය කිරීම   ඇගේ පර්යේෂණ ක්ෂේත්‍රය වේ.

ෙවිජේසේකර සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය හදාරා තිබේ.  පෙන් හි පිට්ස්බර්ග්හි පිහිටි කානගී මෙලන් විශ්ව විද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ඇය විසින් ලබාගෙන ඇත.   ඇයගේ ආචාර්ය උපාධි පර්යේෂණය, ශ්වසන රෝග අධ්‍යයනය කිරීම සඳහා මානව පෙනහළුවල කායික විද්‍යාව අනුකරණය කරන ඉංජිනේරු පෙනහළු ආකෘති බිහි කිරීම කෙරෙහි අවධාරණය කෙරෙන ප්‍රාථමික සෛල සහ ඉන්ද්‍රිය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අධ්‍යයනයකි.

විජේසේකර දැනට ජීවත් වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ය.

මැයි 09 වෙනිදාට පෙර ප්‍රභල දේශපාලනඥයෙකුගේ අභාවය – ජ්‍යොතීර්වේදීන් දැනුම් දෙයි

2024 සිංහල දමිළ අලුත් අවුරුද්ද උදා වූයේ පසුගිය  (13) රාත්‍රී 9.05ට රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමත් සමඟයි.

ඊට සමගාමීව අලුත් අවුරුදු උදා තත්කාල කේන්දර සටහනේ ලග්නය වෘශ්චික වන අතර එහි ග්‍රහ පිහිටීම යහපත් නොවන බව ජ්‍යොතීර්වේදීන් පවසයි.

මැයි 09 වනදා තෙක් වන කාල සීමාව තුළ රටම දන්නා උගතෙකු හෝ බුද්ධිමතෙකු පිළිබඳ හෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හෝ දේශපාලනඥයෙකු පිළිබඳ අසුබ ආරංචියක් ලැබිය හැකි බවයි ජ්‍යොතීර්වේදීන් පවසයි.

ළඟ තිබුණ තවත් කුටියකට හිටපු ගෑනු ළමයි දෙන්නෙක්ව පිරිමි 17 දෙනෙක් අතින් මගේ ඇස් ඉස්සරහම දූෂණය කළා! - මියන්මාර ත්‍රස්තවාදීන්ගෙන් බේරී යළි ලංකාවට පැමිණි ‘රවි’ කතා කරයි

අවවාදය යි: ඇතැම් පාඨකයින්‌ට පීඩාකාරී විය හැකි ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු ප්‍රචණ්ඩත්වයට අදාළ තොරතුරු මෙහි ඇතුළත් විය හැකි ය. මේ සඳහා සහභාගි වූ එක් පුද්ගලයෙකුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ නම – රවී – ලෙස වෙනස් කර තිබේ.

“උන් මගේ ඇඳුම් ගලවලා, මාව පුටුවක ඉන්දවලා, මගේ කකුලට කරන්ට් එක ඇල්ලුවා. මට හිතුණෙ ඒක මගේ ජීවිතේ අවසානය කියලා.”


රවී, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට තායිලන්තයට ගොස් තිබූ නමුත් බැංකොක්හි දැවැන්ත කාර්යාල ගොඩනැගිල්ලක වාඩි වී සිටිනවා වෙනුවට 24 හැවිරිදි එම ශ්‍රී ලාංකිකයා මියන්මාරයේ අඳුරු ස්ථානයක සිරවී සිටියේ ය.

ඔහු පැහැරගෙන ගොස් තායිලන්ත දේශ සීමාවේ පිහිටි නගරයක් වන මේ සොට් (Mae Sot) ආසන්නයේ ඇති ගංගාව හරහා ගෙන ගොස් මිනිස් ජාවාරමකට හසු කරගෙන තිබිණි.

එහිදී, ඔහු පවසන පරිදි, ඔන්ලයින් වංචා පවත්වාගෙන යන චීන බස කතා කරන කල්ලි විසින් මෙහෙයවන ලද කඳවුරු ගණනාවකින් එක් කල්ලියකට ඔහු විකුණා තිබිණි. ඔවුහු ජාවාරම්වලට ලක්වන රවී වැනි පුද්ගලයින්ව, ව්‍යාජ ඔන්ලයින් අනන්‍යතා භාවිත කරමින් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් අමෙරිකාවේ සහ යුරෝපයේ හුදෙකලා පිරිමින් රැවටීම සඳහා දීර්ඝ පැය ගණනක සේවයේ යොදවති.

ඉක්මනින් ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ඔවුහු, ව්‍යාජ ඔන්ලයින් වෙළෙඳ වේදිකාවල විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට ඉලක්කගත පුද්ගලයින් පොළඹවති‍.

රවීගේ “සයිබර් වහල්” කඳවුර මියන්මාරයේ හමුදා ආණ්ඩුවේ සෘජු පාලනයට යටත් නොවන ප්‍රදේශයක් වන මියාවඩ්ඩිහි කැලෑබද ප්‍රදේශයකි.

ජාත්‍යන්තර පොලිසියට අනුව, ආසියාව, නැගෙනහිර අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ බටහිර යුරෝපයේ තරුණ තරුණියන් දහස් ගණනකට පරිගණක ආශ්‍රිත රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම සයිබර් අපරාධ කඳවුරුවල සේවය කිරීමට සලස්වා තිබේ.

අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කරන්නන්ට පහර දීම, වදහිංසා කිරීම හෝ ලිංගික වශයෙන් දූෂණයට ලක් කිරීම සිදු කෙරේ.

“ඔවුන්ට කීකරු නොවුණ නිසා මට දවස් 16ක් පුංචි කුටියක් ඇතුළෙ ඉන්න වුණා. උන් මට බොන්න දුන්නේ, සිගරට් කොට සහ අළු මිශ්‍ර වෙච්ච වතුර විතර යි,” රවී බීබීසී පුවත් සේවයට පැවසීය.

“පස් වෙනි හෝ හය වෙනි දවසේ මම කුටියේ ඉන්නකොට, ළඟ තිබුණ තවත් කුටියකට ගෑනු ළමයි දෙන්නෙක් ගෙනාවා. ඒ දෙන්නාව පිරිමි 17 දෙනෙක් අතින් මගේ ඇස් ඉස්සරහ ම දූෂණය වුණා,” ඔහු පැවසීය.

“ඒ දෙන්නගෙන් එක ගෑනු ළමයෙක් පිලිපීන ජාතිකයෙක්. අනික් කෙනා මොන රටේ ද කියලා මට කියන්න අමාරු යි.”

මිනිස් ජාවාරම්වලට ගොදුරු වන්නෝ කවරහු ද?

2023 අගෝස්තු මාසයේදී, මියන්මාරයේ 120,000කට අධික පිරිසක් සහ කාම්බෝජයේ තවත් 100,000කට අධික පිරිසක් නීතිවිරෝධී සූදුවේ සිට ක්‍රිප්ටොකරන්සි මුදල් වංචා දක්වා මෙවැනි සහ වෙනත් මාර්ගගත වංචා වෙනුවෙන් වැඩ කිරීමට බලපෑම් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබිණි.

ජාත්‍යන්තර පොලිසිය පසුගිය වසරේ නිකුත් කරන ලද වාර්තාවක් මගින් ලාඕසය, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය සහ අවම වශයෙන් වශයෙන් වියට්නාමය යන රටවල ඉන්ටර්නෙට් වංචා සඳහා තවත් කේන්ද්‍රස්ථාන සොයාගෙන තිබේ.

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ, මෙම ප්‍රවණතාව කලාපීය ගැටලුවක සිට ගෝලීය ආරක්ෂක තර්ජනයක් දක්වා වර්ධනය වී ඇති අතර තවත් බොහෝ රටවල් වංචනික මධ්‍යස්ථාන, සංක්‍රමණ මාර්ග හෝ ජාවාරමට ගොදුරු වූවන් පැමිණෙන රටවල් වශයෙන් සම්බන්ධ වී ඇති බව ය.

මේ මස මුලදී, කාම්බෝජයට ප්‍රවාහනය කරන ලද සිය පුරවැසියන් 250 දෙනෙකු මුදාගෙන ඇති බව ඉන්දීය රජය නිවේදනය කළ අතර, මාර්තු මාසයේදී චීනය ප්‍රකාශ කළේ, මියන්මාරයේ වංචා මධ්‍යස්ථානවලින් සිය පුරවැසියන් සිය ගණනක් ආපසු ගෙන්වා ගත් බව ය.

මෙම මධ්‍යස්ථාන වසා දමන ලෙස මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවට සහ සන්නද්ධ කන්ඩායම් යන දෙපාර්ශවයට ම චීනය දැඩි පීඩනයක් එල්ල කර තිබේ.

මියන්මාරයේ ස්ථාන හතරක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් අවම වශයෙන් 56 දෙනෙකු පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් දන්නා අතර, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර බීබීසීයට ප්‍රකාශ කළේ, ඔවුන්ගෙන් අට දෙනෙකු මියන්මාර බලධාරීන්ගේ සහය ඇතිව මෑතකදී බේරා ගත් බව ය.

කඳවුරු පවත්වාගෙන යන්නන්ට, ඉලක්කගත සංක්‍රමණික සේවකයින් සොයා ගැනීම ස්ථාවර තත්ත්වයක පවතී.

සෑම වසරක ම, දකුණු ආසියාවේ සිට ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ රැකියා සොයා විදේශයන් වෙත සංක්‍රමණය වෙති.

පරිගණක විශේෂඥයෙකු වන රවී බැංකොක්හි දත්ත ඇතුළත් කිරීමේ රැකියා ලබා දෙන රැකියා සපයන්නෙකු පිළිබඳව දැන ගත් අවස්ථාවේ ආර්ථික අර්බුදයකට ලක්ව තිබූ ශ්‍රී ලංකාව හැර යාමට අපේක්ෂා කළේ ය.

ඩුබායිහි පාර්ශවකරුවෙකු සමග සිටි එම රැකියා සපයන්නා, ඔහුට තහවුරු කර තිබුණේ, රුපියල් 370,000ක මූලික වැටුපක් හිමි වන බව ය.

මෑතකදී විවාහ වී සිටි රවී සහ ඔහුගේ බිරිඳ මෙම නව රැකියාව මගින් ඔවුන්ට නිවසක් ඉදිකිරීමට අවස්ථාවක් හිමි වනු ඇතැයි සිහින මැවූ අතර, දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම සඳහා විවිධාකාරයෙන් ණය ලබා ගත්හ.

තායිලන්තයේ සිට මියන්මාරය දක්වා

2023 වසර මුලදී, රවී සහ ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් පළමුව බැංකොක් වෙත යවා ඇති අතර, පසුව තායිලන්තයේ බටහිර දිගින් පිහිටි මේ සොට් නගරය වෙත ගෙන ගියහ.

“අපිව හෝටලයකට අරන් ගියා. ඒත් ටික වෙලාවකින් අපිව තුවක්කුකරුවන් දෙන්නෙකුට භාර දුන්නා. ඔවුන් ගඟක් හරහා අපිව මියන්මාරයට අරන් ගියා,” රවී පැවසීය.

පසුව චීන බස කතා කරන මැර කල්ලියක් විසින් පවත්වාගෙන යනු ලබන කඳවුරකට ඔවුන් මාරු කරන ලද අතර, පින්තූර නොගන්නා ලෙස පැහැදිලිව උපදෙස් දී තිබිණි.

“අපි බය වුණා. ශ්‍රී ලාංකිකයන්, පකිස්ථාන වැසියන්, ඉන්දියානුවන්, බංග්ලාදේශ වැසියන් සහ අප්‍රිකානු රටවලින් පැමිණි කාන්තාවන් සහ පිරිමින් 40 දෙනෙක් විතර ඒ කඳවුරේ බලහත්කාරයෙන් රඳවාගෙන හිටියා,” ඔහු පැවසීය.

උස් බිත්ති සහ කටු කම්බි මෙම කඳුවුරුවලින් ගැලවී යාම වැළැක්වූ බව රවී පැවසූ අතර තුවක්කුකරුවන් සෑම වේලාවක ම දොරටු ආරක්ෂා කළහ.

රවී පවසන පරිදි, ඔහුට සහ සෙසු පිරිසට දිනකට පැය 22ක් වැඩ කිරීමට බල කර ඇති අතර, නිවාඩුවක් ලැබී ඇත්තේ මසකට වරක් පමණි. සෑම දිනක ම අවම වශයෙන් පිරිමින් තුන් දෙනෙකු අල්ලා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන් පැන යාමට නොහැකි වුවහොත්, අකීකරු වන්නන්ට පහරදීම් සහ වදහිංසාවලට පත්වීමට සිදුවනු ඇත.

එය හරියටම කළ එක් පුද්ගලයෙකු වූයේ, බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 21 හැවිරිදි තරුණයෙකු වන නීල් විජේ නමැත්තෙකු වන අතර, ඔහු 2022 වසරේ අගෝස්තු මාසයේදී තවත් ඉන්දියානු පිරිමින් පස් දෙනෙකු සහ පිලිපීන කාන්තාවන් දෙදෙනෙකු සමග මියන්මාරය වෙත රැගෙන ගොස් තිබිණි.

ඔහුගේ මවගේ ළමා කාලයේ මිතුරෙකු බැංකොක්හි ඇමතුම් මධ්‍යස්ථානයක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වූ බවත්, ඔවුන්ගෙන් ඉන්දීය රුපියල් 150,000 (ඩොලර් 1,800) ක නියෝජිත ගාස්තුවක් අය කළ බවත් ඔහු බීබීසීයට පැවසීය.

“චීන භාෂාව කතා කරන මිනිස්සු කරගෙන යන සමාගම් කීපයක් තියෙනවා. ඒ ඔක්කොම වංචාකාරයෝ. අපිව ඒ සමාගම්වලට විකිණුවා,” නීල් පැවසීය.

“එතනට ළං වෙද්දී මගේ බලාපොරොත්තු සුන්වුණා. මගේ අම්මා කප්පම් සල්ලි උන්ට නොදුන්නා නම් අනිත් අය වගේ මටත් වද විඳින්න වෙනවා.”

නීල් වංචාවට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුව නිදහස් කිරීමට ඔහුගේ පවුලේ අය ඉන්දීය රුපියල් 600,000ක් ($7,190) ගෙවා තිබිණි. එහෙත්, ඉලක්ක සැපිරීමට නොහැකි වූ හෝ කප්පම් මුදල් ගෙවිය නොහැකි පුද්ගලයින්ට දෙන කුරිරු දඬුවම් දැකීමට පෙර නිදහස ලැබීමට ඔහුට නොහැකි විය.

ඔහු මුදා හැරීමෙන් පසු, තායිලන්ත බලධාරීහු ඔහුට ආපසු ඉන්දියාවට යාම සඳහා සහය වූහ. ඔහුගේ පවුලේ සාමාජිකයින් දේශීය නියෝජිතයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

වින්දිතයින් ඔවුන්ගේ රටවලට යැවීමට සහය වීම සඳහා තායිලන්ත බලධාරීහු අනෙක් රටවල් සමග ක්‍රියා කරමින් සිටිති. කෙසේ වෙතත්, තායිලන්ත අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසීයට කියා සිටියේ අසල්වැසි රටවල ක්‍රියාත්මක කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින පුද්ගලයින් සංඛ්‍යාවට සාපේක්ෂව මුදාගත් සංඛ්‍යාව ඉතා අඩු බව ය.

“මේ අපරාධ කල්ලි ගැන ජනතාව දැනුවත් කරමින් ලෝකය සමග සන්නිවේදනය කරන්න අපි මීට වඩා පියවර ගත යුතු යි. එහෙම කළොත් ඔවුන්ට මේ ජාවාරම්වලට ගොදුරු නොවී ඉන්න හැකි වෙයි,” තායිලන්තයේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පියා රක්සාකුල් පැවසීය.

මිනිස් ජාවාරම්කරුවන් බොහෝ විට මෙම කලාපය තුළ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස බැංකොක් භාවිත කරනුයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල පුද්ගලයින්ට බැංකොක් වෙත පැමිණීමෙන් පසු වීසා බලපත්‍රයක් ලබාගෙන තායිලන්තයට ඇතුළු විය හැකි නිසා බව ඔහු පවසයි. “ඒ නිසා, අපරාධකාරයෝ මේකෙන් ප්‍රයෝජන ගන්නවා. ජාවාරම්කාරයෝ ඔවුන්ට වැඩ කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය

සොරකම් කරන ලද දුරකතන අංක, සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු වේදිකා භාවිත කරමින් ප්‍රේම සබඳතා ගොඩනගා ගනිමින්, විශේෂයෙන් බටහිර රටවල ධනවතුන් ඉලක්ක කර ගැනීමට තමාව යොමු කළ බව රවී හෙළි කළේ ය.

ඔවුන් වින්දිතයන් ඍජුව ම සම්බන්ධ කර ගත් අතර, සාමාන්‍යයෙන් පළමු පණිවිඩය – බොහෝ විට සරල “හායි” යන ආමන්ත්‍රණය – වැරදීමකින් යවන ලද බවට ඔවුන් තුළ විශ්වාසයක් ඇති කරවයි.

ඇතැම් පුද්ගලයින් එවැනි පණිවුඩ ගැන තැකීමක් නොකරන බව රවී පවසයි. එහෙත්, හුදෙකලා වී සිටින්නන් හෝ ලිංගික ආශ්‍රයකට කැමැත්තෙන් පසුවන්නෝ නිරන්තරයෙන් මෙම ඇමට බිලි වෙති.

ඔවුන් එසේ කළ විට, කඳවුරේ සිටි තරුණියන් පිරිසකට සිය ඉලක්කගත පුද්ගලයා තවදුරටත් ආකර්ෂණය කර ගැනීම සඳහා පැහැදිලි පින්තූර ගැනීමට බල කෙරිණි.

දින කිහිපයකින් පණිවිඩ සිය ගණනක් හුවමාරු කර ගැනීමෙන් පසු, වංචාකරුවන් මෙම පුද්ගලයින්ගේ විශ්වාසය දිනා ගන්නා අතර ව්‍යාජ ඉන්ටර්නෙට් වෙළෙඳ වේදිකාවල විශාල මුදලක් ආයෝජනය කිරීමට ඔවුන්ව පොළඹවනු ඇත.

පසුව, ව්‍යාජ ඇප් ව්‍යාජ ආයෝජන සහ ප්‍රතිලාභ තොරතුරු පෙන්වයි.

“එක් කෙනෙක් ඩොලර් 100000ක් එව්වොත්, එයාගේ ලාභය කියලා ඒකෙන් ඩොලර් 50000ක් ආපසු යවනවා. ඒ හරහා ඔවුන් සතුව ඩොලර් 150000ක් ඇති බවට ඔවුන් තුළ හැඟීමක් ඇති වෙනවා. ඒත් ඇත්තට ම සිද්ධ වෙන්නෙ ඔවුන්ගේ ආයෝජන මුදලෙන් භාගයක් විතරයි ඔවුන්ට ලැබෙන්නේ, ඉතිරි ටික ඔවුන් ගන්නවා,” රවී පැහැදිලි කළේ ය.

වින්දිතයින්ගෙන් ගැනීමට හැකි සියල්ල ගැනීමෙන් පසු, පණිවුඩ යැවූ ගිණුම් සහ සමාජ මාධ්‍ය ගිණුම් අතුරුදන් කෙරේ.

මෙම ක්‍රියාකාරකමේ පරිමාණය ඇස්තමේන්තු කිරීම අපහසු ය. එහෙත්, ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය සිය 2023 ඉන්ටර්නෙට් අපරාධ වාර්තාවෙන් සොයා ගත්තේ, අමෙරිකාවේ විශ්වාසය හෝ ආදර වංචා පිළිබඳ පැමිණිලි 17,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවත් පාඩුව ඩොලර් මිලියන 652ක් වූ බවත් ය.

මානසික සහ ශාරීරික කැළැල්

මාසයක කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු, රවී පවසන්නේ, ඔහු මුලින් සේවය කළ “සමාගම” “බංකොලොත්” වූ නිසා වෙනත් කල්ලියකට විකුණා තිබූ බව ය. – ඔහු මියන්මාරයේ කොටු වී සිටි මාස හය තුළ විවිධ කල්ලි තුනකට මාරු කරන ලදී.

තමන්ට තවදුරටත් මිනිසුන් රැවටීමට නොහැකි බව ඔහු සිය නව කල්ලියේ නායකයින්ට පවසා, යළි ශ්‍රී ලංකාවට යාමට අවසර ඉල්ලා තිබිණි.

දිනක් කණ්ඩායම් නායකයා සමග පැවති හමුවක් ගැටුමකට හැරුණු අතර රවී කුඩා කුටියකට ගෙන ගොස් දින 16ක් තිස්සේ වධ හිංසා පමුණුවා තිබිණි.

අවසානයේ “චීන ප්‍රධානියා” රවී හමුවීමට පැමිණ ඔහුට නැවත වැඩ කිරීමට “අවසාන වරට එක් අවස්ථාවක්” ලබා දුන්නේය – එය පරිගණක මෘදුකාංග පිළිබඳ ඔහු තුළ පැවති ප්‍රවීණත්වය නිසා ලබා දුන් අවස්ථාවක් විය.

“මට කරන්න වෙන දෙයක් තිබුණෙ නෑ. ඒ වෙනකොට මගේ ශරීරයෙන් භාගයක් අඩපණ වෙලා තිබුණෙ,” ඔහු පැවසීය.

තවත් මාස 4ක කාලයකදී, රවී VPN, කෘත්‍රිම බුද්ධි යෙදුම් සහ ත්‍රිමාණ වීඩියෝ කැමරා යොදාගෙන ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යාමට සමත් විය.

මේ අතරතුර, සිය රෝගී මව බැලීමට ශ්‍රී ලංකාවට යාම සදහා රවී අයාචනා කළේ ය.

රුපියල් 600,000ක කප්පම් මුදලක් සහ ගංගාව තරණය කර තායිලන්තයට ඇතුළු වීම වෙනුවෙන් තවත් අතිරේක රුපියල් 200,000ක් ගෙවා දැමිය හැකි නම් රවීට ඉන් පිටව යාමට අවසර දීමට කල්ලි නායකයා එකඟ විය.

ඔහුගේ දෙමාපියන් ඔවුන්ගේ නිවස ඇපයට තබා ණය මුදලක් ලබාගෙන රවී වෙත යැවීය. රවී ආපසු මේ සොට් වෙත රැගෙන යන ලදී.

වීසා නොමැති වීම හේතුවෙන් ඔහුට තායි බාත් 20,000ක දඩ මුදලක් නියම වූ පසු, රවීගේ දෙමාපියන්ට තවත් ණය ලබා ගැනීමට සිදු විය.

“මම ලංකාවට එනකොට, රුපියල් 1,850,000ක් ණය වෙලා තිබුණා,” ඔහු පැවසීය.

ඔහු ආපසු නිවසට පැමිණ සිටිය ද, රවීට සිය නව මනාලිය දැක ගත හැක්කේ කලාතුරකිනි.

“මේ ණය පියවන්න ඕන නිසා දිවා රාත්‍රී මම ගරාජ් එකක වැඩ කරනවා. ණය පොළිය ගෙවන්න අපි දෙන්නාගෙ ම මගුල් මුදු උකස් තියල තියෙන්නෙ,” ඔහු ශෝකයෙන් යුතුව පැවසීය.

සුනෙත් පෙරේරා සහ ඉසරියා ප්‍රායිතොන්ගයෙම්
බීබීසී ලෝක සේවය

''කොරෝනා වෙලාවෙදි සියලුමදෙනාට ඇතිවෙන්න කන්න දුන්නා. වෙන මුකුත් නැතත් ඒ පිනම ඇති'': මිනිස්සුන්ගෙ හිත්වල සදා නොමැකෙන මතක ඉතිරි කළ තෙවරප්පෙරුම

සමහර මිනිස්සු මියගියාම දැනෙන ''හිස්කම'' සහ ''වේදනාව'' වචන කරන්න නොතේරෙන තරම්.

එහෙම මිය යන්නේ දේශපාලනය කළ අයෙක් නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.

මෑත කාලීනව ඊට ඕනෑ තරම් උදාහරණ අපි දැක්කා.

නමුත් ඒ මිය ගියේ හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගෙ පැත්තේ සිටගත් අයෙක් නම්...

පාලිත තෙවරප්පෙරුම...

ඒ නමට මේ තරම් කවි ගී ලියවෙන්නේ, ශෝක පණිවුඩ ලියවෙන්නේ අන්න ඒ නිසයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, සාමාන්‍ය ජනයාට හිතැති තෙවරප්පෙරුම මහතා ඊයේ (16දා) මරණයට පත්වූයේ සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමක් හේතුවෙන් බවයි සඳහන් වූයේ..

එලෙස ඔහුගේ මරණය පිළිබඳ පුවත වාර්තා වූ තැන සිට, මේ දක්වාම සමාජ මාධ්‍ය පුරා ඔහු වෙනුවෙන් ලියවෙන දෑ බොහෝයි. ගුණ වැයීම් බොහෝයි.

ඒ, මෑත කාලීනව දේශපාලනයේ නියැලුණු චරිතයකට නොදැක්වූ අවසන් ගෞරවයක් තෙවරප්පෙරුම නාමයට ලබාදෙමින්.

''පාලිත තෙවරප්පෙරුම අද දිවි ගමනෙන් නික්ම යන්නේ තවත් පණිවිඩයක් ඉතිරි කරලා.

සනත් නිශාන්ත හදිසි අනතුරකින් මිය යාම එක්ක සමාජ මාධ්‍ය තුල ඊට ප්‍රතිචාර දක්වපු ආකාරයක් තිබුනා.

බොහෝ විට අනෙකුත් මන්ත්‍රී වරුන් එය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ හෝ නූතන පරම්පරාවේ නොහික්මීමක් බවට අර්ථ නිරූපනය කරන්න උත්සාහ කරා.

නමුත් අද අපිට සමාජ මාධ්‍ය තුල දකින්න ලැබෙන්නේ වෙනස් ම ආකාරයේ වටපිටාවක්.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ශෝකය පලකරන වටපිටාවක්.

ඔබ මිය යන දවසක ඔබට සමාජයෙන් ලැබෙන්නේ ඔබ ජීවත් ව සිටින විටක කල කී දේ ප්‍රතිඵල.

පාලිත තෙවරප්පෙරුම අද ඒ පණිවිඩය නැවත නැවත සනාථ කරනවා.

පාලිත තෙවරප්පෙරුම ,

ඔබට නිවන් සුව''

පාලිත තෙවරප්පෙරුම මිය යන්නේ සිය අවසාන ගමනට සියල්ල සූදානම් කරලා.

ඒ ගැන ඔහු කිහිප අවස්ථාවකදී ම කියලත් තිබුණා.

ඒ එක තැනකදී හද සංවේදී කරන ''හමාර බණවර'' ගීයට ඔහු තමන්ගේ ම හැඩයක් එක්කාසු කරලා තිබුණා.

මීට වසර කිහිපයකට ඉහත මියගිය සිය වැඩිමල් පුතු ගැනත් සඳහන් කරමින් ලියවුණු එහි, වඩාත් තදින් දැනුණු පද පේළි කිහිපයයි මේ...

"....වත්තෙ වැව ළඟ නිසල නිවහන මම ම හැදුවා පොඩි පුතේ

මගේ තනියට ලොකු පුතා ඇති සොයාගන්නම් හෙට උදේ..."

ජීවත්ව සිටි කාලයේ සාමාන්‍ය ජනයා වෙනුවෙන් විවිධ වූ පොදු කටයුතුවල නියැලුණු ඔහු, අද නිසොල්මන උන්නද දසත රැව්දෙන්නේ ඒ කළ ''යහපත් ක්‍රියාම'' පමණක් බවත් කිව යුතුමයි....

''නිවන්සුව ලැබේවා චංඩි මාමා...

ඔයා අපිට වීරයෙක්..

පක්ෂ වලින් තොර ජනතා නායකයෙක්...

දුප්පතා⁣ගේ සැබෑ හිතවතෙක්..

කිව්වොත් කරන යකාටවත් බය නැති සැබෑ චන්ඩියෙක්...

වරදක් නම් කාට උනත් දඩුවම් කරන කොන්ද කෙලින් තියන් වැඩක් කල නායකයෙක්...

ඉස්සර මතුගම කුණු පාරවල්වල පවා...ඔයා ආවා සභාපති වෙලා..

කුණු කානාවල බැහැලා සේවකයට ආදර්ශයක් උනා වැඩේ කරන්න...

ඉස්සර ඉස්කෝලේ ළමයි මතුගමට එන්න කලින් ප්‍රාදේශීය සභාවෙන් කුණු අයින් කරලා තියෙන්න ඕනේ නැත්නම් ගුටි...

කාටවත් හොරකම් කරන්න ඉඩක් තිබ්බේ නෑ

පාරවල් කොන්ත්‍රාත් දුන්නේ නෑ සභාවේ සේවකයෝ දාලා කෙරෙව්වා..ඒවායෙන් සභාවට ලක්ෂ ගාණක් ලාභ තිබ්බා..

මතුගම ආදාහනාගාරය හැදුවා ලස්සනට..සුද්දෝ ඇවිත් හොටෙල් එකක් කියලා හිතලා රූම් ඉල්ලන තත්වෙට වැඩේ කලා..

කොහෙද ප්‍රශ්නයක් අසාධාරණයක් වෙන්නේ ඔයා එතන...

2007 දී වගාවක් කරා...මුළු වගාවෙම මඤ්ඤොක්කා ටික තම්බ තම්ම AL ක්ලාස් වල ළමයින්ට පංති වලට ගෙනත් දෙනවා ඉරිදට සෙට් එකත් එක්ක..

කොරෝනා වෙලාවේදි සිංහල මුස්ලිම් දෙමළ සියළුම දෙනාට ඇතිවෙන්න කන්න දුන්නා...වෙන මුකුත් නැතත් ඒ පිණම ඇති ඔයාට...

ඔයා සැබෑ චංඩියෙක්..

සැබෑ දේශපාලඥයෙක්..

සැබෑ ජනතා හිතවාදියෙක්...

හිත හොද මාර මනුස්සයෙක්...

සහනා නැතිඋන දවසේ වගේමයි...

අද මුළු මතුගමම මළගෙයක්..

මේකයි සැබෑ ජනතා ආකර්ෂණය සැබෑ දේශපාලනය

නිවන්සුව ලැබේවා පාලිත මාමා...''

තෙවරප්පෙරුම මහතා වෙනුවෙන් පළ වුණු සංවේදී සටහන් කිහිපයක් පහතින්....

බිරිඳ මියගියාට පසු පාපතර පියා තම 17 හැවිරිදි දියණියව අඹුකමට අරන්: නංගිව දූෂණය කරන්න යන බව දැක අඹු කමට ගත් දියණිය සියදිවි නසා ගන්නත් ගිහින්!

බිරිඳ මිය යෑමෙන් පසු තම බාලවයස්කාර වැඩිමහල් දියනිය වසර 05කට අධික කාලයක් තිස්සේ අඹුකමෙහි තබාගෙන සිටි පුද්ගලයෙකු ඉංගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකටම අවශ්‍යව සිටි අපරාධකරුවෙකු බවයි පොලීසිය පවසන්නේ.

මීට වසර 6කට පෙර ඔහුගේ බිරිඳ මියගොස් ඇති බවත් ඉන් කලකට පසු එවකට 17 වන වියේ පසුවූ ඔහුගේ වැඩිමහල් දියණිය මෙම තැනැත්තා විසින් ලිංගික අපයෝජනය කර ඇති බවත් ඒතැන් සිට මේ දක්වා ගතවූ වසර 5කට ආසන්න කාලයක් තුල වරින් වර මෙම තැනැත්තා විසින් අදාල දියණිය අපයෝජනය කර ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

එමෙන්ම අදාල සැකකරුට දියණියන් තිදෙනෙකු සිටින අතර ඉන් දෙවැනි දියණියවද ඔහු විසින් ලිංගික අතවරයට ලක් කිරීමට උත්සාහ දරා ඇති අතර ඒ බව දැක ඇති වැඩිහල් දියණිය සියදිවි නසා ගැනීමටද උත්සාහා දරා ඇතැයිද පොලීසිය පවසනවා.

දෙවන දියණියට අතරවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාල පුද්ගලයාට එරෙහිව අවිස්සාවේල අධිකරණයේ නඩුවක්ද පවතින අතර එම නඩුවටද පෙනී නොසිටිමින් සැකකරු පොලීසිය සහ අධිකරණය මගහරිමින් සිට තිබෙනවා.

සැකකරුගේ එක් දියණියක් ආබාධිත තත්ත්වයේ පසුවන අතර ඇය රැක බලා ගැනීමට නොහැකි බව පවසමින් සැකකරු විසින් එම දියණිය ඔහුගේ මියගිය බිරිඳගේ සොහොයුරෙකුගේ නිවසට ගෙනත් දමා ගොස් ඇති බවත් පසුව එම නිවසේ හිමිකරු සැකකරුගේ දියණියන් තිදෙනාද සමගින් ඉංගිරිය පොලීසිය වෙත පැමිණ අදාල සිද්ධිය පවසා තිබෙනවා.

ඒ අනුව ආබාධිත දියණිය වැඩිහිටි ආබාධිත රැකවරණ මධ්‍යස්ථානයකට බාරදීමට කටයුතු කිරීමට ඉංගිරිය පොලීසිය කටයුතු කර ඇති අතර සිදුකල විමර්ශනයක් අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒක නම් හිතා ගන්න බැරි හමුවීමක්... එපා කියපු පෙම්වතිය, සම්බාහන මධ්‍යස්ථානයේ දී හම්බවෙලා... අදහාගත නොහැකි ඉල්ලීමක් කරලා!

මීගමුව ප්‍රදේශයක සම්බාහන මධ්‍යස්ථානයකට ගිය 20 වියැති තරුණයෙකු මුහුණ දුන් අපුරු අත්දැකීමක් ගැන මුහුණු පොතේ දකින්නට ලැබුණා.

ඒ තමයි ඔහු කිසිම විදියකින් බලාපොරොත්තු නොවූ සිදු වීමක්, සම්බාහන මධ්‍යස්ථානයේ සිදු වෙලා තියන නිසා.

ඒ ඔහුගේ කලින් පෙම්වතිය ඒ මධ්‍යස්ථානයේ සේවිකාවක් වීම.

දැකපු ගමන් ඉතා සතුටින් ඇයව තෝරා සම්බාහන කරගැනීමට මොහු සුදානම් වුනත් ඇයගේ එතරම් කැමැත්තක් තිබුනේ නැහැ කියලා තමයි මුහුණු පොතේ නම් සදහන් කරලා තියන්නේ.

කෙසේ වුනත් , ඇයගේ සේවය කොච්චර විශිෂ්ට ද කියනවා නම් තමාව හැර ගිය පෙම්වතිය නැවත ඔහු සමග ප්‍රේම සම්බන්ධය පවත්වා ගෙන යෑමට ද ඇය කැමති වී තිබෙනවා.

එක රැයකින් ඇගේ ජීවිතයම වෙනස් වෙලා.. වසර ගණනකට කලින් අම්මා කරපු වැරැද්දක් නිසා තරුණියක්ට අත්වුණු ඛේදනීය ඉරණම මෙන්න

ලස්සනට තිබුණු පුංචි පවුලක් එක තත්පරයකින් විනාශ කරන්න ඔහුට හිතුනෙ කොහොමද.? 

නිශාධිගේ අම්මා කියන්නෙත් ගොඩක් සුරූපී කාන්තාවක් ඉතින් මේ වයසක මනුස්සයා කාලෙක ඉඳන් තමයි නිශාධිගේ අම්මා එක්ක අනියම් සම්බන්ධතාවයක් පටන්ගෙන තියෙන්නෙ..

ඉතින් ඒ කතාව අවසානයේ ඇයට තාත්තා අහිමි වෙනවා..  කාලයක් තිස්සේ අම්මාත් මේ පුද්ගලයාත් සමග එක ගෙදර ජීවත් වෙන්න ඇයට සිදුවුනා..

නොතේරෙන කාලෙක ඉඳන් තාත්තගෙ ආදරේ අඩුවක් නැතුව ලැබුණු ඇයට මේ දුක දරා ගන්න ගොඩක් අපහසු වුණා.. එනිසාම නිසාදි මේ පුද්ගලයා එක්ක හිටියේ ගොඩක් කේන්තියෙන්.. කොහොම වුනත් අවසානයේ ඇයට නොසිතූ ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වුණා.. කාලයත් එක්ක අම්මා එක්ක ගත කරන ජීවිතේ ඔහුට එපාවුනා වගේම තමයි ඊට පස්සේ නිශාදිටත් ඔහු කරදර කරන්න පටන් ගත්තා..

පෙනුමින් ඉතා හුරුබුහුටි කුඩා තරුණයක් වුණු ඇයට ඔහුගේ මේ බැල්ම පවා ගෙන දුන්නේ ගොඩක් අප්‍රසන්න බවක්.. අම්මට උනත් මේ වෙන දේවල් ගැන සම්පූර්ණයෙන් විස්තර කියන්න නිශාදිට හිත් දුන්නේ නැහැ.. මොකද මේ වෙන හැම සිද්ධියකටම ඇයත් වගකියන්න ඕන නිසා..

ටික ටික කාලය ගත වෙද්දි මේ පුද්ගලයාගේ මේ වැඩ නිශාදිට ඉවසන්නම වුණා..මෙහෙම කාලය ගත වෙද්දි එක් දිනක් ඔහුට සුවිශේෂී වුණා.. 60 වැනි උපන්දින සාදය ගොඩක් ඉහළින් සමරන්න ඔහු වගේම අම්මටත් තිබුන පුදුමාකාර උනන්දුවක්.. ඒ ඇත්තටම ඒ මනුස්සයාගේ පෙළඹවීම නිසාම කියලා කියන්න පුළුවන්...

එදා සාදයට ගොඩක් පිරිස එකතු වෙලා හිටියා.. හිතේ හැටියට ඇතිවෙන්න කාල බීලා විනෝද වුනාට පස්සේ මේ පාටිය අවසානයේදී ගොඩක් දෙනෙක් හිටියේ මහන්සියෙන්.. හැමෝම හිතුණු හිතුණු තැන්වල විවේක ගන්න වෙලාවේ ඒ රාත්‍රියේ කවුරුත් නොසිතපු විදිහට නිශාදි ඔහුගේ බිල්ලක් බවට පත්වනවා..

ඔහුට ඒක සාමාන්‍ය දෙයක් වුණත්, මේ පුංචි කෙල්ලගේ ජීවිතය එක රැයකින් විනාස වුණා වගේ හැඟීමක් ඇයට දැනෙන්න පටන් ගත්තා.. මේ වරද කාට කියන්නද? කොතනින් නිවැරදි කරගන්නද? නිශාධි හිටියේ කිසි කෙනෙක්ට වචනයක්වත් කියාගන්න බැරි තරම් පීඩනයකින්..

ඒත් ඕනෙම කෙනෙක්ට මේ වගේ දෙයක් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා.. ඒ නිසා ඇය මේ හැම දෙයක්ම ඇගේ අම්මට කියන්න ගත්තා.. මීට අවුරුදු ගානකට කලින් සිද්ද වෙච්ච වරද ගැන වගේම, අවසානයේ ඇගේ ජීවිතයට අතුරු ඛේදනීය ඉරණම ගැන නිසාදි අම්මට කිව්වේ දැඩි කලකිරීමකින්..

ඒ නිසාම ඇය මේ ගෙදරින් යන්න තීරණය කරනවා.. පවුලකට තුන්වැන්නෙක් එකතු වෙන්න කලින් නිෂාදීගේ අම්මටත් මේ දේවල් ගැන මීට වඩා හිතන්න තිබුණා. කොහොම වුණත් දැන් ඇය අසරණ වුනු තවත් එක් කෙල්ලෙක්  විතරයි..

බිඳුනු පවුල් නිසා තව මේ වගේ ජීවිතේ අත්විඳින්න ඕන නැති අඳුරු මතකවලින් පීඩා විඳින කීදෙනෙක් නම් ඉන්නවා ඇතිද..

“ආතල් එකක් දානකොට ⁣නම් ලොක්කගෙ සිංදුවක් එහෙම කියනවා – ඒක නිසා මම අද මෙතන නයිට ගහනවා මල්ලි” හැමෝම ආදරය කරන මිනිසා ගැන තැබූ සටහනක්

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත වී තිබිණි.

මියයන විට 64 වැනි වියෙහි පසු වු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව ඥාති පුත්‍රයෙකු සඳහන් කළා.

ඉතින් මේ ඔහු සම්බන්ධව ප්‍රවීන මාධ්‍යවේදියකු වන ප්‍රියන්ත කොඩිප්පිලි තබා තිබූ සටහනක්.

අමරදේව මියගිය වෙලාවෙ බොඩි එක තිව්වෙ ටොරිංටන් එකේ.එදා හැන්දෑවෙ අපිත් ගියා ඒ පැත්තෙ.පෝලිමේ ගිහින් තමයි ⁣දේහයට අචාර කරන්න තිබුණෙ.පෙට්ටියට ටිකක් දුරින් කෝඩ් ඇදල පෝලිමේ සීමාව ලකුණු කරල තිබුණෙ.හැබැයි ජනප්‍රිය අයට,ප්‍රසිද්ධ අයට, නම ගිය අයට, VIP අයට ලණුව පැනල පෙට්ටිය ළගටම ගිහින් ගෞරව කරන්න චාන්ස් එක තිබුණ.අපි යන වෙලාවෙ ගායක ගායිකාවක්ට සම්බන්ධ සංගමේක ඒ කාලෙ ලොකු තනතුරක් දරපු පොරක් තමයි පෙට්ටිය ළග ඉදගෙන මූණ බලල ජනප්‍රිය ප්‍රසිද්ධ සිවිල් කට්ටිය ලණුව පන්නල ඇතුලට අරගෙන දේහය ළගටම යැව්වෙ.

” පොඩි බාල්දියක් පෙරලමුද…”

⁣මමත් එක්ක ගිය යාළුවට මම කිව්ව.

“මෙතන පිස්සු නටන්නෙ නැතුව බොඩි එක බලල යමං…”

යාළුව මට කිව්ව.ඒත් නිකංම යන එකේ කිසි ආතල් එකක් නෑ වගේ නිසා පොඩි කොක්කක් දාගනිං කියල මගේ හිත මට කිව්ව.පෝලිමේ ඉදල පෙට්ටිය ළගට ආපු මම ගායක ගායිකා සංගමේ අර පොරව ගණන් ගන්නෙ නැතුව ලණුව පැනල පෙට්ටිය ළගට යන්න හැදුව.එතකොටම ඒ හාදය කියනව “ඇතුලට යන්න බෑ ඔහොම ගිහින් එළියට යන්න” කියල.අපිට කලින් සරච්චන්ද්‍රලගෙ නාට්‍යවල එහෙම රඟපාපු නළුවෙක්,කවි එහෙමත් ලියන නම ගිය සිවිල් පොරක් එහෙම ලණුව පන්නල අර හාදය ඇතුලට ගත්ත.මම උගේ කතාව ඇහුණෙ නෑ වගේ පෙට්ටිය ළගට යන්න හැදුව.එතකොට මිනිහ ආපහු කියනව “VIP කට්ටිය විතරයි ඇතුලට ගන්නෙ” කියල.ඔන්න ඉතිං අපේ මල අතේ.මම මිනිහගෙ කණට කිට්ටු කරා.

“අපි VIP නෙවෙයි කියල ඔයා තීරණය කෙරුවෙ කොහොමද…”

“මෙතන අනවශ්‍ය ප්‍රශ්න දාන්නෙ නැතුව යන්නකො…”

පොර ඒ ගමන කිව්ව.

“ලොක්ක මේ… දැන් අපිට කලින් ගිය අය VIP වුණෙයි අපි VIP නොවෙන්නෙයි කොහොමද කියන්නකො.එතකොට අපි යන්නං…”

මේ ආගියුමන්ට් එක අතරෙ කට්ටිය පෝලිමේ ඉස්සරට යනව.එතකොටම අපිට පිටිපස්සෙන් ඉදපු කෙනෙක් පෙට්ටිය ළගට යන්න හැදුව.අර පොර ඒ මනුස්සයටත් අපිට දාපු මරිසියම දැම්ම.ඔන්න මට නියම චාන්ස් එක ආවෙ එතකොට තමයි.

“මේ ඕයි දන්නෙ නැද්ද මේ මනුස්සයවත් කවුද කියල.මෙයාගෙ චිත්‍රපටිවලට මෙයා අමරදේව එක්ක සිංදු හදනකොට තමුසෙ තාත්තගෙ අහවල් එකේවත් නැතුව ඇති වාහේ.මේ මනුස්සයට ඇතුලට යන්න දෙනව මේ තිස්ස ලියනසූරිය….”

පොරට හීන් දාඩිය දැම්ම.අතට බැට්න් එක අතට ආපු වෙලවෙ මම පොරට උඩ පැනල දුන්න.

“අපි පෙට්ටිය ළගට යන්න හැදුවෙ තමුසෙ වගේ මළමිනීවලට ආසාවෙ නෙවෙයි තමුසෙව බියිට් එකට ගන්න හිතාගෙන.මෙතන බොරු පොයියෙන් රඟන්නෙ නැතුව ඉන්නව ඕයි… “

එතකොටම එතනින් යන්න ආපු එවකට සංස්කෘතික රාජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මගේ කතාව ඇහිල “මොකෝ මල්ලි කේස් එක” කියල ඇහුව.පත්තරේ වැඩවලට කීප වතාවක් හම්බවෙලා තෙවරප්පෙරුම මාව දන්නව.

“නෑ මේ පොඩි VIP සීන් එකක්.දන්නැද්ද මිනීවලට කාක්කො හෙන පෙරේතයිනෙ…”

පොරට තේරුන මොකක් හරි කොක්කක් තමයි කියල.මගේ කරට අතක් දාගෙන එළියට ආපු තෙවරප්පෙරුම මෙහෙම කිව්ව.

“මම නම් ඉතිං මහ ලොකුවට අමරදේව ගැන දන්නෙ නෑ.ආතල් එකක් දානකොට ⁣නම් ලොක්කගෙ සිංදුක් එහෙම කියනව.ඒක නිසා මම අද මෙතන නයිට ගහනව මල්ලි…”

සුබ ගමන් පාලිත ලොක්ක…

බොරැල්ලෙන් මතු වී තම නිල රථය ලෙස සුදු අශ්වයකු තෝරා ගත් රාවණා හුදකලා වුණාද? – සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝව මෙන්න (VIDEO)

කාලෙන් කාලෙට එක එක පුද්ගලයන් කරලියට එනවා.

ඒත් එක්කම ඒ ගැන එක එක ආකාරයේ කතාබහවල් ඇති වෙනවා.

සමාජ මාධ්‍ය වල එක එක්කෙනා එක එක දේවල් කියනවා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන.

මේ වෙනකොට සමාජ මාධ්‍යයේ තවත් වීඩියෝවක් හුවමාරු වෙනවා.

‘කියපු දේ නොකළොත් බෑන්ඩ් එකෙන් අයින් කරනවා කිව්වා’ – ආශාවරි ඩ්‍රම්ස් සුද්දා දැන් කියන කතාව (VIDEO)

ආශාවරී සංගීත කණ්ඩායම ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

පොඩි දරුවන්ගේ හැකියාවන් ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා.

ආශාවරී සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් සුද්දා මේ වෙනකොට ඒ සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා තියෙනවා.

ඒ සංගීත කාණ්ඩායමේ නාලක ජයලත් සර් සමඟ ඇති වූ ගැටළුවක් නිසා.

එම වීඩියෝව පහතින්,

“මගේ අම්මා බෞද්ධ ආගමේ තාත්තා මුස්ලිම් ආගමේ... හැබැයි ඒගොල්ලෝ මේ ආගම අදහන්න කියලා මට කවදාවත් බල කරලා නැහැ” – හනා

හනා සෆා  කියන්නේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉතාමත් කෙටි කාලයක් තුළින් ජනප්‍රිය භාවයට පත්වෙච්චි ආදරණීය කලාකාරිනියක්.හනාට උරුම ඒ සුන්දර කටහඬ නිසාම විශේෂයෙන් තරුණයන් ඇයට වශී වෙලා වගේ ආදරේ කරනවා.එය ආදරය නිසාම බොහෝ  ප්‍රසංග වලදී ඇයට රෝස මල් හම්බවෙනවා.

ඇය මුලින්ම රියලිටි තරගාවලියක් හරහා තමයි ක්ෂේත්‍රයට එන්නේ.ඊට පස්සේ ඇය විසින් සිදු කළ ගීත නිර්මාණ කීපයක් නිසාම ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගන්න හනාට වාසනාව ලැබුණා.

ඉතින් ඒ සියලුම දේවල් එක්ක බොහෝ දෙනෙක් අයගේ පවුල් පසුබිම පිළිබඳව දැනගන්න ගොඩක් ආසාවෙන් හිටියා.එනිසාම හනා ඒ විදිහට ඇය ගැන දැනගන්න උනන්දුවෙන් ඉන්න ප්‍රේක්ෂකයන්ට එක්තරා වැඩසටහනක් තුළදී ඇයගේ පවුලේ විස්තර කියලා තිබුණේ මෙන්න මේ විදිහටයි.

“මගේ අම්මා බෞද්ධ ආගමේ මගේ තාත්තා මුස්ලිම් ආගමේ.හැබැයි ඒ දෙන්නම මට කවදාවත් කියලා නෑ ඔයා මේ ආගම අදහන්න කියලා.එයාලා කියලා තියෙන්නේ හොඳ කෙනෙක් වෙන්න කියලා විතරයි.මම පල්ලියට පන්සලට මේ හැම තැනකටම ගිහින් තියෙනවා.ඉස්කෝලෙ යන කාලේ වෙසක් කාලෙට වුණත් මම තමයි ඉස්සෙල්ලම සව් කළ ගෙනල්ලා වෙසක් කූඩු අලවන්නේ.ඉතින් ආගමේ ඔක්කොටම ගොඩක් ආදරේ කරන කෙනෙක් මම”

“මම මගේ ජීවිතයේදී මව කියන හැඟීම එක අවස්ථාවකදී වින්ඳා... හැබැයි ඒක මට අවාසනාවකට නැති වුණා” – සුජානි කියන සංවේදී කතාව

සුජානි මේනකා එහෙමත් නැත්නම් සතෙන් සතේ ඉතිරි කරපු පුංචි කෙල්ල කිව්වහම නම් හැමෝම මෙයාව දන්නවා.දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට කලාව තුළ ඉන්න සුජානී නිතරම ටෙලි නිර්මාණත් එක්ක පේන්න ඉන්න කලාකාරිනියක් නෙවෙයි.

ඇය කැමති නෑ ඕනවටත් වඩා කාර්යබහුල වෙන්න.එනිසාම තෝරා බේරා ගත් හරවත් නිර්මාණ එක්ක විතරයි සුජානිය එකතු වෙන්නේ.ඉතින් සුජානි මේනකා විවාහ වුණේ ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ රංගන ශිල්පියෙක් වූ බිමල් ජය කොඩි සමග කියන්නත් හැමෝම දන්නවා.

ඉතින් මේ දෙන්නා මේ වෙද්දි අවුරුදු ගණනාවක් එකට ජීවත් වෙනවා. ඒ බොහොම ආදරෙන් ඒ වගේම දෙදෙනාම තේරුම් ගැනීමෙන්.මෙහෙම ජීවත් වෙද්දී සමාජයේ බොහෝ දෙනා අහන්න පටන් ගත්තා සුජානිට සහ බිමල්ට තාමත් ළමයි නැත්තේ ඇයි කියන දේ.ඉතින් මේ දේවල්වලට ප්‍රසිද්ධියේ සුජානි කවදාවත් උත්තර දුන්නේ නෑ බිමලුත් ඒ ගැන කතා කළේ නෑ. මොකද දෙන්නට දෙන්නා ආදරේ නිසා බොහොම සතුටින් ඒ දෙන්නා ජීවිතය ගත කරන නිසා. ඒත් එක්තරා අවස්ථාවකදී සුජානී ඒ පිළිබඳව වේදනාත්මකව ප්‍රකාශයක් කරලා තිබුණේ මේ විදිහටයි.

“මගේ ජීවිතයේ මව කියන හැඟීම මම එක්තරා කාලයකදී වින්දා.හැබැයි එක්තරා තැනකදි අවාසනාවන්ත විදිහට මට ඒක නැති වෙනවා.ඒ වගේ කාලෙකදි මගේ ස්වාමියා මට සලකන්නේ කොහොමද කියන පරිච්ඡේදයත් මම අත්විඳපු කෙනෙක්.ජීවිතයට හැමදේම ලැබුණේ නෑ කියලා අපි දුක් වෙන්න ඕනි නෑ.තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්නත් පුළුවන්”

“මම ස්වාධීනව ජීවත් වන ගැහැණියක්... මට පවුල් බර නෑ වගකීම් නෑ බොහොම නිදහසේ ඉන්නවා” – නිළි රැජින මාලනී කියන කතාව

හෙළ සිනමාවේ රැජින විදිහට අපි හඳුන්වන්නේ මාලනී ෆොන්සේකා මහත්මියයි.සරලවම කියනවනම් මෙරට සිනමා කලාව සුවිශේෂි කඩඉමකට රැගෙන එමින් දශක පහක පමණ කාලයක් පුරා චිත්‍රපටි එකසිය පනහකට අධික සංඛ්‍යාවකට ඇය තමන්ගේ රංගන ප්‍රතිභාව ලබා දුන්නා.

එනිසාම තමයි සිනමාව තුළ ඇයට හිමි තැනට අදටත් කාටවත් ලඟා වෙන්න බැරි.මේ වෙද්දී මාලනී ජීවිතය සැබෑ සමය ඉතාමත් නිදහසේ ගත කරනවා. ඉතින් ඇය ගෙවුණු අතීතය පිළිබඳව කියල තිබ්බේ මේ වගේ කතාවක්

“අපි නොදැන එන්නම මේ වගේ වයසකට ඇවිත් ආපස්සට හැරිලා බලද්දි ජීවිතේ හුඟක් දේවල් පෙනෙන්න ගන්නවා. අපේ අත්දැකීම් එක්ක හුඟක් මතකයන් තියෙනවා. ආපස්සට හැරිලා බලද්දී හිතනවා ඉතින් සමහර දේවල් ජීවිතය දිනලා තියෙනවා වගේම වැරදුනු තැනුත් තියෙනවා කියලා”

ඒ විදිහට අදහස් දක්වන මාලනී ෆොන්සේකා මහත්මිය අදටත් බොහොම නිදහසේ තමන්ගේ සැබෑ සමය ගතකරන කලාකාරිනියක්.ඇයට මහ ලොකු ප්‍රශ්න ඔළුවෙ නෑ. ඉතින් ඇය ගත කරන ඒ ජීවිතේ ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“පවුලක් කියලා කියන්න බිරිඳ දරුවෝ සැමියා. මේ හුඟක් අය ඒක ඇතුලේ ඉන්නවා. නමුත් මම ස්වාධීනව ජීවත් වෙන ගැහැණියක්.මට ඒ පවුල් බර නෑ වගකීම් නෑ බොහොම නිදහසේ ජීවත්වන කෙනෙක්.මගේ ලෝකය හරිම සරලයි බොහොම පුංචි ඒක සංකීර්ණ නෑ. ඒ නිසා ප්‍රශ්න නැහැ.නමුත් මේක නිදහසම කියලා කියන්න බෑ. ඒත් මම හැරිලා බලද්දි අනෙක් අයගේ ජීවිතත් එක්ක මට වෙන ජීවිතයක් තියෙනවා”

හැමෝම ආදරය කරන සුරංගනාවියගේ උපන්දින සාදයේ කවුරුත් නොදුටු දසුන් මෙන්න (PHOTOS)

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව කාලයක් හැමෝගෙම ආදරය හිමිකර ගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියල කියන්නේ.

ඇත්තෙන්ම තමන්ටම ආවේණික වු රංගන හැකියාවක් ඇති ඇයට ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වීමට ගතවෙන්නේ ඉතාමත් කෙටි කාලයක්.

ඒ බව රහසක් නොවෙයි.

මේ අතර ඇයව අපට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස පමණක් නොවෙයි දක්ෂ නර්තන ශිල්පිනියක ලෙසත් හදුන්වන්න පුලුවනි.

කොහොම නමුත් ඇගේ පළමු ටෙලිනාට්‍ය අත්දැකීම වෙන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරුණු ‘අමා’ කියන ටෙලි නාට්‍යයටයි.

ඇය මෙම ටෙලි නිර්මාණයේ අමා කියන චරිතයට සිය රංගන දායකත්වය ලබා දුන්නු අතර මේ චරිතයට ලාංකීය ප්‍රේක්ෂක ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් හිමි වුණා.

කොහොම නමුත් ශෙරිල් මෙම නිර්මාණයේ ගැමි තරුණියකගේ චරිතයක් නිරූපණය කිරීම නිසාවෙන් ඇයට වෙනම ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වුණා.

එලෙස කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වන ඇය ටික කාලයක් යන විට විවාහ දිවියට ඇතුළත් වෙනවා.

ඒ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය ගායකයකු වන රුවන් හෙට්ටිආරච්චි එක්කයි.

ඊයෙ ඇයගෙ 35 වැනි උපන්දිනය.

ශෙරිල්ට ආදරය කරන හිතවතුන් කීපදෙනෙක් එක්ක එදා දවස අමතක නොවන දවසක් කරගන්න ඇය අමතක කරලා තිබුනේ නැහැ.

මේ බලන්නකෝ ඉතින් ඒ උපන්දින සාදයේ ලස්සන.. 

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය ගැන අලුත්ම දැනුම්දීමක්!

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) කිසිවෙකු නොසිතූ අන්දමින් අභාවප්‍රාප්ත වුණා.

ඒ මහතාගේ ඥාති පුත්‍රයෙකු සඳහන් කළේ, මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බවයි.

1960 වසරේදී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා ශ්‍රී ලාංකේය දේශපාලනයේ කතාබහට ලක්වුණු පෙරළිකාර චරිතයක්.

2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද කටයුතු කළා.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා, ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයු කළේ ය.

පාලිත තෙවරප්පෙරුම මහතා සිය සුසානය ජීවතුන් අතර සිටියදීම නිර්මාණය කර තිබීමත් රට තුළ කතාබහට ලක්වුණු තවත් මාතෘකාවක් බවට පසු ගිය කාලයේ පත් වුණා.