අශෝක රන්වල සමාවෙන්න කීවා…. වාහනේ පැදං ඇවිත් රෝද පුටුවෙන් රෝහල්ගත වුණා.. රන්වලගේ දොස්තර පුතා ගණන් ගන්න එපා කීවා…! – අනතුරින් තුවාල ලැබු දරුවාගේ ඥාතීන්..
හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ මාස හයක් පමණ වයසැති කුඩා දරුවාගේ තත්ත්වය බරපතල බවත්, අනතුර සිදු වී පැය ගණනක් ගතවන තුරු මන්ත්‍රීවරයා බීමතින් සිටියේ දැයි පරීක්ෂණයක් සිදු කර නැති බවත් දරුවාගේ පියා සහ ඥාතීහු චෝදනා කරති.




























