gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අශෝක රන්වල සමාවෙන්න කීවා…. වාහනේ පැදං ඇවිත් රෝද පුටුවෙන් රෝහල්ගත වුණා.. රන්වලගේ දොස්තර පුතා ගණන් ගන්න එපා කීවා…! – අනතුරින් තුවාල ලැබු දරුවාගේ ඥාතීන්..

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ මාස හයක් පමණ වයසැති කුඩා දරුවාගේ තත්ත්වය බරපතල බවත්, අනතුර සිදු වී පැය ගණනක් ගතවන තුරු මන්ත්‍රීවරයා බීමතින් සිටියේ දැයි පරීක්ෂණයක් සිදු කර නැති බවත් දරුවාගේ පියා සහ ඥාතීහු චෝදනා කරති.

අනතුරෙන් තුවාල ලැබූ මාස හයේ දරුවාගේ හිසේ පිටුපස අඹ ගෙඩියක තරම් ලොකු ගෙඩියක් ඇති වී ඇති බව දරුවාගේ පියා සඳහන් කරයි. දරුවා මේ වන විට අඬන බවත්, කිරි නොබොන බවත්, හිසේ ඇති වූ ඉදිමුම තවමත් බැස නැති බවත් ඔහු පවසයි.

ඊට අමතරව තම මවගේ කකුල සම්පූර්ණයෙන්ම ස්ථාන දෙකකින් කැඩී ඇති අතර, මව සහ බිරිද මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර, ශල්‍යකර්ම සඳහා සූදානම් කර ඇති බවත් ඔහු කියයි.

දරුවාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මන්ත්‍රී අශෝක රන්වල මහතා තමා හමුවීමට පැමිණ “මගේ අතින් වරදක් වුණා, මට සමා වෙන්න” යැයි පැවසූ බවයි.

“ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ” යැයි රන්වල මහතාගේ වෛද්‍ය පුතා පැවසූ බවත් එම ප්‍රකාශය නිසා තමාට තවත් කෝපය වැඩි වූ බවත් ඔහු කීය.

අනතුර සිදුවී අද වනතුරුත් මන්ත්‍රීතුමා බීමතින් සිටියේද යන්න පිළිබඳව පරීක්ෂණයක් කර නැති බවට දරුවාගේ පියා චෝදනා කරයි.

මන්ත්‍රී රන්වල මහතා අනතුර සිදුවී පැය ගණනකට පසු, මධ්‍යම රාත්‍රී 12ට පමණ වෑගන් ආර් රථයක් පදවා ගෙන රෝහලට පැමිණ රුධිර පීඩනය වැඩි වී ඇතැයි පවසමින් රෝහල්ගත වී ඇත. වෑන් රථය පදවා ගෙන පැමිණි මන්ත්‍රීවරයා රෝද පුටුවකින් රෝහල තුළට ගිය බවට දරුවාගේ ඥාතීහු පවසති.

තුවාල ලැබූ දරුවාගේ මව සහ ආච්චි ජාතික රෝහලේදී ට්‍රොලි දෙකක සිටියදී, ඔවුන්ගේ ඥාතීන්ට ඇතුළට යාමට ඉඩ නොදුන් බව දරුවාගේ ඥාතීන් කියා සිටියි. එහෙත්, මන්ත්‍රීවරයාගේ ආධාරකරැවන්ගේ වාහන කෙළින්ම රෝහල ඇතුළට ගෙන ගිය බවට ඔවුන් චෝදනා කරයි.

තවද, අනතුර සිදුවූ ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පස් හය දෙනෙකු පැමිණි බවත්, ඔවුන් විසින් තමාට කතා කිරීම සඳහා නීතිඥවරයෙකුගේ සම්බන්ධීකරණ අංකයක් ලබා දුන් බවත් දරුවාගේ පියාගේ සහෝදරිය සඳහන් කළාය.

පියා සහ ඥාතීන් පවසන්නේ තමන්ට රෝහල තුළට යාමට නොදුන් අවස්ථාවලදී පවා ඔවුන්ට පහසුවෙන් රෝහල තුළට ඇතුළු වීමට ඉඩ ලැබුණු බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka