gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශානිගේ ඉවසිලිවන්ත මොළෙන් වැඩගත් අවස්ථාවක් - පද්මේ ඇතුළු කල්ලිය කොටු කරගත් මෙහෙයුම!

දේශපාලනමය වශයෙන් දැඩි චෝදනාවන්ට ලක්වෙමින් තිබූ පසුබිමක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ දියත් වූ රහසිගත මෙහෙයුමක්, මෙරට ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් ඊයේ (28) උදෑසන අවසන් විය.

දින හතක් පුරා ඉන්දුනීසියානු පොලීසිය සමග ඒකාබද්ධව සිදුකළ මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස, කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද, පානදුර නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ලෙස හඳුන්වන පුද්ගලයින් ඇතුළු හය දෙනෙකු ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය තහවුරු කළේය.

 අත්අඩංගුවට පත් වූවන් මෙරට ආන්දෝලනාත්මක අපරාධ රැසකට විදෙස් රටවල සිට සම්බන්ධ බවට චෝදනා එල්ල වූවන්ය. විශේෂයෙන්, පසුගිය පෙබරවාරි මාසයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී බැද්දගාන සංජීව නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය රුපියල් මිලියන 15ක කොන්ත්‍රාත්තුවක් මත මෙහෙයවීම සම්බන්ධයෙන් කෙහෙල්බද්දර පද්මේ සහ හිටපු හමුදා සෙබළෙකු වන කොමාන්ඩෝ සලින්ද ප්‍රධාන සැකකරුවන් වේ. මීට අමතරව පානදුර ප්‍රදේශයේ පාතාල ගැටුම් රැසකට සම්බන්ධ පානදුර නිලංග ද, මිද්දෙණියේදී කුඩා දරුවන් ඉදිරිපිට පියෙකු ඝාතනය කිරීම මෙහෙයවූ බවට සැකකෙරෙන බැකෝ සමන් සහ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට පත් වූවන් අතර වෙති.

මීට පෙර පසුගිය ජූලි මාසයේදී මෙම කණ්ඩායම මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී අත්අඩංගුවට ගත් බවට වාර්තා පළ වුවද, පසුව ඔවුන් ඉන්දුනීසියාවට පළා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය විය.

ඒ අනුව දියත් වූ මෙම මෙහෙයුමේදී කිසිදු වෙඩි හුවමාරුවකින් තොරව සැකකරුවන් කොටුකර ගැනීමට හැකිවී තිබේ. මෙම මෙහෙයුම සඳහා ඉන්දියානු බුද්ධි අංශවල සහයෝගය ද ලැබී ඇති බව රජය පවසයි.

අද දින පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ, සංවිධානාත්මක අපරාධ වර්ධනය වූයේ දේශපාලනඥයින්ගේ රැකවරණය මත බවත්, වත්මන් රජය එම සබඳතා බිඳ දමා ඇති බවත්ය. පාතාලය හා සබඳතා පැවැත්වූ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ දේපළ පිළිබඳව ද විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි දින දෙක තුන ඇතුළත නිත්‍යානුකූලව මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා තහවුරු කළේය.

මෙම සාර්ථක මෙහෙයුමට ප්‍රධාන හේතුව වූයේ අපරාධ මැඩලීම සඳහා පොලීසියට සහ බුද්ධි අංශවලට ලැබී ඇති පූර්ණ නිදහස බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද මෙහිදී අවධාරණය කළහ. විදේශීය බුද්ධි අංශ සහ තානාපති කාර්යාල සමග ගොඩනගාගෙන ඇති ශක්තිමත් සබඳතා මත ඩුබායි, ඕමාන්, ප්‍රංශය වැනි රටවල සිටින තවත් අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka