gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“හිතට ධෛර්ය ආවේ STF එකෙන් ලැබුණු පන්නරය නිසයි..” – තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා ඇල්ල අනතුරේ ජීවිත බේරාගත් රණවිරුවා

ඒ මාරක අනතුර සිදුවෙන්න මොහොතකට පෙරත් ඔවුන් සිටියේ සතුටෙන්.. විනෝදයෙන්..

එක නිමේෂයකදී මේ හැම දෙයක්ම වෙනස් වේවි කියලා කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති..

එම අවස්ථාවේ තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා ඇල්ල අනතුරේ ජීවිත බේරාගත් රණවිරුවා ඒෂියන් මිරර් අප වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

“ඊයෙ මම බණ ගෙදරක ඉන්නකොට කොල් එකක් ආවා බස් එකක් පෙරලිලා කියලා.එහෙම්ම මන් ආවා එතනට.ඉක්මනට මම රොප් එකක් දාලා පහලට බැස්සා.බස් එකෙ කට්ටිය හැමතැනම විසිරිලා තිබුනෙ.ගොඩක් අය නැති වෙලා. බස් එක වැටිලා තිබුන තැන ඉදම් අඩි 35ක් විතර උඩ ඉදම් බේරගන්න කියලා කැ ගැහුවා. ගලක් උඩ පොඩි තැනක ඉදියෙ.හතර දෙනෙක් හිටියා. තුන් දෙනෙක් අමාරුවෙන් කැ ගැහුවා.එතනින් එක් කෙනෙක් අරගෙන ඇගේ ගැටගහගෙන පහලට බැස්සා.බහිනකොට උඩින් ගලක් ඇවිත් මගෙ මූනෙ වැදුනා.ඒක එවලෙ ගානක් උනෙ නැ. ආයේත් මම නැගලා ඉතිරි තුන් දෙනත් ගත්තා. එක් කෙනෙක්නම් නැති වෙලා ඉදියෙ.ඇත්තටම සතුටුයි මට තුන් දෙනෙක් හරි බේරගන්න පුලුවන් උන එක ගැන.මේ වෙලාවෙ විශේෂ බලකායේ පුහුණුව මට ගොඩක් වැදගත් උනා..”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka