gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔහුට තවමත් අවුරුදු 20‍යි.. සමාජ මාධ්‍ය හරහා මිතුරු වී වීඩියෝ හා ඡායාරූප ගෙන්වාගත් තරුණයෙක් ලක්ෂ ගණන් හම්බකර කරගෙන ගිය පුදුම හිතෙන ජාවාරමක සුලමුල එලියට!

මේ කියන්න යන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන ඔබ වඩා අවදානය යොමුකළ යුතු කාරණයක් ගැනයි..

සමහර විට ඔබත් මේ වගේ වංචනික පුද්ගලයින්ට හසු වෙන්න පුළුවන්..

ඒත් ඊට කලින් ඔන ඒ ගැන දැනුවත් වෙන එක වැදගත්.. මොකද සමහර විට මේ වගේ වංචනික පුද්ගලයින් සෙල්ලම් කරන්නේ ඔබේ මුළු ජීවිතයම එක්ක වෙන්න පුළුවන්.. සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙන අන්තර් ජාලයේ ප්‍රචාරයට කරන බවට පවසා මුදල් ලබා ගත් සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

පිරිමි පුද්ගලයෙකු සමග සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩ නගා ගෙන නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන එම ඡායාරූප හා වීඩියෝ අන්තර් ජාලයේ පල කරන බවට පවසා එම පුද්ගලයාගෙන් මුදල් රුපියල් ලක්ෂ 07ක මුදලක් මෙසේ බලෙන් ලබා ගෙන ඇති බවට පසුගියදා (04) එම ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා..

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් එම ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ සැකකරු පෙරේදා (05) එම ඒකකයේ නිලධාරීන් විසින් දෙහිවල, කවුන්සිල් ඇවිනිවු පෙදෙසේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා..

එසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්..

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka