gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"දන්නවාද, අපි ඇස් රිදෙනකල් බලාගෙන ඉන්නවා.. ඔය සුපුරුදු හඬ ඇසෙනකන්.." මේ නම් ඇය නැති අඩුව මිතුරියන්ට දරාගන්න බැරි වුණ දුකක්!

මරණය ගැන කම්පා නොවුනු කිසිවෙක් නැතිතරම්.. සනුරි ඉසුරිකා,  කළු ලෝගුව දෙවුර දරන්නට සැරසී සිටි ශිෂ්‍යාවක්..

මීට මාස කිහිපයකට පමණ ඉහතදි ඇය හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා..

ඉතින් ඇගේ මතකය ආයෙත් අවදි වෙලා.. ඒ එක හේතුවක් නිසා.. හද සසල කරන ඒ සංවේදී සිදුවීම ඇයට ආදරය කරන පිරිස කෙසේ නම් දරාගන්න ඇතිද..? මේ කියන්නේ අන්න සංවේදී සිදුවීම‍යි.. මේ සිද්ධිය ඔබ කාටත් මතක ඇති..

ගලිගමුවේ සිට මාවනැල්ල දක්වා ධාවනය වූ ලොරි රථයකට ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටී ඇති බවත් එහි සිටි තරුණියක්ද, සුනඛයෙක්ද අනතුරින් මියගිය බවත් පොලිසිය පැවසුවේ මීට මාස කිහිපයකට ඉහතදීයි.. එනම් පසුගිය ජුනි මාසයේදීයි..

ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි තරුණිය සහ තරුණයන් දෙදෙනා තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණා.. තරුණිය හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර තරුණයන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා..

මෙලෙස ගියේ රඹුක්කන පොල් අත්තාපිටිය උඩගලදෙණිය ලිපිනයේ පදිංචිව සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා උපාධිය අපේක්ෂාවෙන් සිටි 26 හැවිරිදි මෙරගල්ගේ සනුරි ඉසුරිකා වීරසේකර යන තරුණියක්..

පසුගිය දවසක ඇයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වුණා.. ඒ දවසේ ඇය නැති අඩුව ඇගේ යහළු යෙහෙලියන්ටත් දරාගන්න බැරි දුකක්.. ඇය විශ්වවිද්‍යාල ජීවිතයේ සුන්දර මතක රැසක් එකතුකරගත් සිසුවියක්..

සරසවි දිවියේ සියලු මිතුරන් එකට හමුවෙන දවස, ඒ කියන්නේ එයලා බැජ් ෆොටෝ එක ගත්ත දවසේ සනුරි ඇගේ මිතුරියන් එක්ක ගොඩක් සතුටින් කාලය ගෙවලා.. එකටම හිටිය තමගේ මිතුරිය විශ්ව විද්‍යාල ජීවිතයේ ලස්සනම දවස, ඒ කියන්නේ උපාධි ප්‍රධානෝත්සවය දවසේ ඒ සතුට විඳගන්න බැරි තරම් දුරකට කාටත් හොර රහසේ නික්ම ගිහින්.. ඒ දැනෙන හැඟීම මෙන්න මේ විදිහට සනුරිගේ මිතුරියන් මුහුණුපොතට එක්කරලා තිබුණා.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka