මහ ට්‍රැක්ටර් සීයක් එකවර තම ශරීරය මත ගමන් කිරීමට සලස්වා ලෝක වාර්තාවක් පිහිටුවීමට පොළොන්නරුව දිඹුලාගල කජුවත්ත ගම්මානයේ ජීවත්වන, මනම්පිටිය මහවැලි ගඟේ කුලියට වැලිගොඩ දමමින් සිය ජීවිත වෘත්තිය සකස් කරගන්නා තිදරු පියකු වන ඩබ්ලිව්.ජී. පුෂ්පකුමාර සමරකෝන් සමත් වූයේය.
පොළොන්නරුව අරලගංවිල පොල භූමියේ පෙරේද 31 වාර්තාව පිහිටවු ඔහු විනාඩි තිස් අටයි, තත්පර හතලිස් හයක් තුළ මහ ට්‍රැක්ටර් සීයක් තම ශරීරය මත ගමන් කරවමින් මෙම ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වූ බව සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනයේ විනිසුරු සිසිර මහේෂ් නිල වශයෙන් ප්‍රකාශ කළේය.
මීට පෙර කටුවන ප්‍රදේශයේ තරුණයකු විසින් විනාඩි දොළහයි තප්පර විසිදෙකක් තුළ ට්‍රැක්ටර් පනහක් තම ශරීරය මත ගමන් කරවමින් මෙම ලෝක වර්තාව පිහිටුවා තිබිණි. ඔහු පැවසුවේ කිසියම් පුද්ගලයෙක් මෙම ලෝක වාර්තාව කඩන්නේනම් එම ලෝක වාර්තාව කැඩීමට ගන්නා ට්‍රැක්ටර් ප්‍රමාණය දෙගුණ කරමින් තමන්ගේ ශරීරය මත ධාවනය කර නව ලෝක වාර්තාවක් පිහිටුවීමට තමා සූදානම් බවය.
මෙම අවස්ථාවට සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනයේ ප්‍රධාන විනිසුරු සනත් බණ්ඩාර, විනිසුරු සිසිර කුමාර, ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් සහ ගොවීන් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.