gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''ඒක අසරණකමට කරපු දෙයක් වෙන්න ඇති'' - අල ග්‍රෑම් 250ක් නැති වුණා කියලා පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිල්ලක්... සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න

පිසීම සඳහා ගත් අර්තාපල් ග්‍රෑම් 250 සොරාගෙන ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා පැමිණිලක් සිදු කළ පුද්ගලයෙක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කොත්වාලි නගරයේදී මෙම සිදු වීම සිදුව ඇති අතර ඊට සම්බන්ධ වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වෙනවා.

මාන්නපූර්වා ප්‍රදේශයේ විජේ වර්මා නමැති පුද්ගලයෙක් මෙම සොරකම පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකය අමතා පැමිණිල්ල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පොලිසිය පැමිණ විමර්ශන සිදු කළ විට ඔහු පවසා ඇත්තේ සොරකම් කර ඇත්තේ අර්තාපල් ග්‍රෑම් 250ක් බවයි.

ඔහු ආහාර පිසීම සඳහා අර්තාපල් පසෙකින් තැබූ නමුත් ආපසු එන විට ඒවා අතුරුදන් වී ඇති බවයි එහිදී ඔහු පොලිසියට සඳහන් කර ඇත්තේ.

මේ පිළිබඳව කවුරුන් හෝ සැක කරන්නේද යන්න පොලිසිය විසින් ඔහුගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ පොලිසියට ඒ බව සොයා ගැනීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

පොලිසිය විසින් මෙය වීඩියෝගත කර ඇති අතර එහි දැක්වෙන්නේ මෙම පුද්ගලයා අල ග්‍රෑම් 250 සොයා ගැනීමට පොලිසියෙන් උදව් ඉල්ලා සිටින ආකාරයයි.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා බීමතින් සිට ඇති බවටයි පසුව තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඒ පිළිබඳව පොලිසිය විසින් විමසූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ, ඇත්ත ප්‍රශ්නය මත්පැන් ගැන නොව ඔහුගේ නැතිවූ අර්තාපල් ගැන බවයි.

"ඔව්, මම දිගු දිනක් වැඩ කිරීමෙන් පසු ටිකක් බිව්වා.. හැබැයි මෙතන තියන ප්‍රශ්නය ඒක නෙමේ.. මට මගේ අර්තාපල් සොයා ගැනීමට අවශ්‍යයි. ” ලෙසින් ඔහු සඳහන් කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka