gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රියදුරු බීමත්ව රිය පදවා ලයිසන් කැන්සල් වූ අයෙක්... කොතලාවල සරසවියේ මාරක චාරිකාව ගැන වෙනස්ම කතාවක් එළියට!

බදුල්ලේ සිදුවූ මාරක රිය අනතුර ගැන තවමත් තියෙන්නේ ලොකු කතාබහක්.

මේ අනතුරට සම්බන්ධ රියදුරා ගැන ඇහෙන කතාවක්...

රියදුරු ගාල්ල අක්මීමන පොලිස් වසමේ ලබුදුව ප්‍රදේශයේදී ඉකුත් අගෝස්තු 04 වැනිදා බීමත්ව බස් රථයක් පදවා යතුරුපැදියක් අනතුරට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අගෝස්තු 06 වැනිදා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස් පන්දහසක දඩයක් නියම කර රියදුරු බලපත්‍රය මාස පහකට අත්හිටුවා ඇති බව ඊයේ  (05) අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගිනුයි ඊයේ (05) මෙම කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

උඩුගම දාම්මල ප්‍රදේශයේ පදිංචි රියදුරු විසින් සිය රියදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසු හිනිදුම පොලිසියේ සිය රියදුරු බලපත්‍රය අස්ථානගත වූ බවට පැමිණිලි කර වෙනත් රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවත්, ඉකුත්දා බදුල්ලේ සිදුවූ මාරක රිය අනතුරින් පසු ඔහු ළඟ එම රියදුරු පත්‍රය තිබී ඇති බවත්, අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට කියා සිටියා.

මෙම කරුණු සැළකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි ගමගේ, අදාළ රියදුරු බලපත්‍රය එහි රියදුරුට මුදා නොහැර තාවකාලිකව අධිකරණ භාරයේ රඳවා තබන ලෙස නියෝග කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka