gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුර කුමාරගේ රූපය සහ අත්සන සහිත ව්‍යාජ රු.5000 නෝට්ටු බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රූපය සහිත ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක රූපයක් සංසරණය කිරීම සම්බන්ධයෙන් සැක කරන අවුරුදු 38ක පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන පරිදි, කොරතොට, අතුරුගිරියේ පදිංචි විකුණුම්කරුවෙකු වන සැකකරු නොවැම්බර් 4 වන අඟහරුවාදා

අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙම ඡායාරූපය දේශපාලන වාසි තකා අන්තර්ජාලයට මුදාහැර තිබුණි.

ඔහු ඊබේ වෙබ් අඩවිය හරහා එය අලෙවි කරන්නටත් යොමුකර තිබී ඇත.නව රජය මුදල් අච්චුගසා පෙර රජයන් ගිය පාරේම ගමන් ගන්නා බව ඇඟවීමට රජයට විරුද්ධ පාර්ශ්ව පසුගියදා උත්සාහයක නියැළිණි.

මීට පෙර, මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජිත හේරත් අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටුව නිර්මාණය කර සංසරණය කළ අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය කරන අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ඔහු එම අවස්ථාවේ පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka