gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුගේ කෝටි 10ක දේපළ රාජසන්තකයි

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම්කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින, විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පලනි ශිරාන් ක්ලෝයන් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 10කට ආසන්න දේපළ මුදල් විශුද්ධ කිරීමේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර තහනමට ලක් කිර්මට පියවර ගත් බව පොලීසිය කියයි.

එම ජාවාරම්කරු ප්‍රබල මත් ජාවාරම්කාර්යක් වන කුඩු සෙල්විගේ පුත්‍රයෙකි. එම සංවිධානාත්මක අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් විශාල දේපළක් උපයාගෙන ඇති බවට ලද තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලදී එම දේපළ තහනම සිදුකර ඇත.

එම අපරාධකරු 2013 වසරේදී වත්තල හැඳල බලගල පාරේ ඉඩමක් මිලදී ගෙන 2018 වසරේ ඉදිකර තිබූ සුඛෝපභෝගී දෙමහල් නිවස, 2022 වසරේදී මිලදී ගෙන තිබූ රුපියල් ලක්ෂ 90ක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක්, රුපියල් ලක්ෂ 70ක රන් භාණ්ඩ මෙන්ම, ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනාට මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායාම සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් වැය කර හලාවත පුද්ගලයෙකුගෙන් මිලදී ගෙන තිබූ බෝට්ටුව සහ එන්ජිමද තහනම් කළ දේපළ අතර වන බව පොලීසිය සඳහන් කරයි.

ඉකුත් ජූලි මස 8වෙනි දින ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව, දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පැටි අරඹගේ අපිත් රෝහණ නමැති හිටපු හමුදා සෙබළාගෙන් සිදුකළ ප්‍රශ්න කිර්මේදී, එම අපරාධයට සම්බන්ධ තවත් පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය පනත ප්‍රකාරව රැඳවුම් නියෝග මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකළ බව පොලීසිය කියයි.

මේ අනුව ක්ලබ් වසන්ත ඝාතනය විදේශගතව සිට මෙහෙයවා ඇත්තේ මොහොමඩ් ඉම්රාන් නොහොත් කන්ජිපානි ඉම්රාන්, ලන්දුවා හන්දි සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටි, පලනි ශිරාන් ක්ලෝර්යන් හා පලනි ඊමෝශන් යන්න සිවුදෙනා බවට අනාවරණය විය. පලනි ශිරාන් ක්ලෝයන් නමැත්තා මත්ද්‍රව්‍ය චෝදනාවකට මේ වන විට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින බව පොලීසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග පරිදි එම දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් හා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ හා ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ නිලධාර් කණ්ඩායමක් මුදල් විශුද්ධකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කර, එම විමර්ශන අනුව පලනි ශිරාන් ක්ලෝරියන් නමැත්තා විසින් මිලදී ගෙන තිබූ අනාවරණය කරගත් බව පොලීසිය කියයි. ඊට අමතරව අතුරුගිරිය ටැටූ කලාගාරයේ තුළ සිදුවූ අපරාධයෙන් අනතුරුව වෙඩික්කරුවන්ට පලායාම සඳහා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පලනි ක්ලෝර්යන් නමැත්තා ඔහුගේ නැගණිය වන පලනි කෞශල්‍යා හා මස්සිනා වෙත රුපියල් ලක්‍ෂ 5ක මුදලක් ලබා දී හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙක්ගෙන් මිලදී ගෙන සූදානම් කර තිබූ බෝට්ටුවද හලාවත වට්ටක්කුලිය කවටයාවත්ත කලපුවක සඟවා තිබියදී විමර්ශන නිලධාර්න් සහ වෙරළාරක්ෂක නිලධාර්න් එක්ව සිදුකළ මෙහෙයුමකදී සොයාගත් පොලීසිය එයද තහනමට ලක් කළේය. ඊට අමතරව පලනි කෞශල්‍යා නමින් හලාවත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක උගස් හා සේප්පුගත කරන ලද රුපියල් ලක්ෂ 70කට ආසන්න රන් භාණ්ඩ තොගයකටද ක්‍රියාවිරහිත කිරීමේ නියෝග ක්‍රියාත්මක කළ බව විමර්ශන නිලධාරියකු වැඩිදුරටත් පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් , නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ හා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාන්ද එම පක්ෂණවලට එක්වූහ.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka