gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයිපිගේ මෝටර් රියෙන් ඇල්ලු ගිනිඅවිය ක්ලබ් වසන්ත මරන්න ගෙනා එකක්ලු!

පොලිස් විශේෂ කාරිය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සිය මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබියදී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අව්ය අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය සදහා යොදාගත් අනෙක් ගිනි අවිය බවට සැක කරන බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.ඒ සම්බන්ධයෙන් සැක හැර දැනගැනීම සඳහා ගිනි අවිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

ටැටු කලාගාරය තුළ අපරාධයත් සමග විසිරි තිබූ හිස් පතුරම් කොපු මෙම ගිනි අවියෙන් නිකුත් වූ ඒවා දැයි වැඩිදුරටත් සොයා බැලීමට නියමිතය.මෙම ගිනි අවිය යොදාගෙන ගම්පහ ඔස්මන්ඩ් නමැත්තා ද ඝාතනය කිරීමේ සූදානමක් අනාවරණය වී යැයි පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකු බව පොලිසිය කියයි.ඉකුත් ජුලි මස 8 වැනි දින සිදු කළ එම වෙඩි තැබීමෙන් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු, එම ස්ථානයේදීම මියගිය අතර ජනප්‍රිය ගායිකා කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ ඇතුළු සිවු දෙනෙක් බරපතළ සිවුදෙනෙක් තුවාල ලැබූහ.

පුද්ගලයකු අපරාධයක් සිදු කිරිම සඳහා ඔහුට අයත් මෝටර් රථයෙන් ගිනි අවියක් ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටින බවට ලද තොරතුරකට අනුව බුද්ධි හා ආවේෂණ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සම්පත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැලි පැන්ත පොලිස් වසමට ගොස් බුද්ධි ආවේෂණ රාජකාරි සිදු කිරීමෙන් පසු සැකකරු පදිංචි දර්ගා නගරය, මිගම, තල්ගස්ගොඩ නිවස වෙත ගොස් පරීක්ෂණ සිදුකර ඇතැයි පොලිසිය කියයි.

එහිදී නිවස අසල නවතා තිබූ මෝටර් රථයේ අසුන තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ ටී 56 ගිනි අවිය සහ 7.62-39 ප්‍රමාණයේ ජීව පතුරම් 30 සොයා ගැනීමත් සමගම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.තවදුරටත් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේදී ඔහුට අයත් බැංකු ගිණුමක් හරහා ඉකුත් මාස කීපය තුළ රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවට අනාවරණය විය.

මොහු පාතාලයේ ගිනි අවි ප්‍රවාහනය කරමින් අපරාධකරුවන් අතට පත් කරමින් ඉකුත් කාලය පුරා මුදල් උපයා ඇති බවට එමගින් තහවුරු වෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය. 37 හැවිරිදි සැකකරු පැය 72 රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka