gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හීන් මල් වැස්සක කෝපි කෝප්පයක් එක්ක මේ වගේ පොතක් ලැබුණොත් ඒ රස අමුතුම එකක් (PHOTOS)

ශලනි තාරකා.. ඒ නම කිව්වාම ඇයව නොදන්නේ කවුද..? 

ඇය මේ දවස්වල ගොඩක් දෙනෙක් කතාවෙන චරිතයක්.. ඒ ශලනි රංගනයෙන් ඈත් වුණ නිසාම නෙවෙයි, මේ දවස්වල ශලනි ගොඩක් නිදහසේ ඇගේ කාලය ගත කරන නිසා කියලාත් කියන්න පුළුවන්..

ඒ විතරක් නෙවෙයි, ඒ සතුට ඇ සමාජ මාධ්‍යයේ පළකරන්නේ ඇගේ රසිකයින්ට දැකගන්නත් එක්කමයි...

මේ දවස්වල කැනඩාවට වෙලා ගොඩක් සුවපහසු විදිහට කාලය ගෙවන ඇයට නම් සැමියා එක්ක ගෙවෙන හැම තත්පරයක්ම හරිම ආදරණීය වෙන්න ඇති.. මෙන්න බලන්නකෝ ඇය ඒ වගේ ගෙවපු තවත් සුන්දර හෝරාවක්..

කෝපි කෝප්පයක් සීතල මොහොතක් අපූරු පොතක් එක්ක ශලනි ජීවිතේ විදිහ අපූරුව ඇය මෙන්න මේ විදිහට ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

දෙමටගොඩ රුවන්ගේ පවුලටම නීතිපති නඩු දමයි!

නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් පාතාල නායකයකු බව කියන දෙමටගොඩ රුවන් ඔහුගේ බිරිද සහෝදරිය සහ පුතාට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

මින් කලතට පෙර ප්‍රසිද්ධවූ දෙමටගොඩ චමින්දගේ සොයුරා මොහුය.

වසර 10ක කාලයකදී නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල්වලින් ලෑන්ඩ් කෲසර්, බී.එම්.ඩබ්ලිව්. රේන්ජ් රෝවර් වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගෙන ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවල සඳහන් කර තිබේ.භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී මරණීය දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සහෝදරයකු වන සිරිනායක පතිරණගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ඔහුගේ බිරිඳ වන ජෝන් පීටර්ලාගේ ශානිකා ලක්මිණී, සහෝදරිය වන සිරිනායක පතිරණගේ සමන්ති නිර්මලා සහ පුතා වන සිරිනායක පතිරණගේ තරිඳු මධුශංක නමැත්තන්ය.

2011 වසරේ සිට 2021 වසර දක්වා කාලයේ දී නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට සියලුම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා ඇත. 2011 ජනවාරි පළමුවැනිදාත් 2015 ජනවාරි 26 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල්වලින් රුපියල් 1,72,00,000/- ක මුදලක් වැය කර සී.ඒ.ඩී. 6362 දරන ලෑන්ඩ් කෲසර් වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීම, 2017 සැප්තැම්බර් 18 වැනිදාත් 2021 ඔක්තෝබර් 29 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල් වලින් රුපියල් 2,06,79,650/- ක මුදලක් වැයකර රන් ආභරණ මිලදී ගැනීම සහ 2019 ජනවාරි පළමුවැනිදාත් 2021 මාර්තු 23 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල් වලින් රුපියල් 4,50,00,000/-ක මුදලක් වැය කර සී.බී.කේ. 1010 රේන්ජ් රෝවර් රථය සහ රුපියල් 2,80,00,000/-ක මුදලක් වැය කර සී.බී.ඕ. 1010 දරන බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීම යන චෝදනා යටතේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා තිබේ.

නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල් වලින් අදාළ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගැනීමට සහ රන් ආභරණ මිලදී ගැනීමට ඔහුට ආධාර අනුබල දුන් බවට අනෙකුත් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා ඇත.

(මනෝප්‍රිය ගුණසේකර)

අඩු මිලට සුපිරි වාහන ගන්නේ බලාගෙනයි – පොලීසියෙන් රතු එළියක්!

නීති විරෝධී ලෙස එකලස් කර තිබෙන වාහන හා එහි පොත් ඉතා අඩු මිලකට විකිණීම සම්බන්ධයෙන් තොරතුරු පළ කර තිබෙන ෆේස්බුක් ගිණුම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය. ඒ පිළිබඳ තොරතුරු තිබෙන්නේ නම් 1997 අංකයට දැනුම්දෙන ලෙස හෙතෙම කීවේය.

නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

“වර්තමානයේදී ෆේස්බුක් හා සමාජ මාධ්‍යයන්හි වාහන හා එහි පොත් විකිණීමට පළකර තිබෙනවා. එම ෆේස්බුක් වෙනමම අධ්‍යයනය කරලා ඒවා සම්බන්ධව විමර්ශන කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ කාරණය සම්බන්ධයෙන් සොයා බලන්න කියලා උපදෙස් දුන්නා.”

ඒ ආකාරයට වාහන අත්අඩංගුවට ගෙනත් තිබෙනවා. ඉදිරියේදී විශේෂ විමර්ශන විදියට ඒවා ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තමයි දුරකතන අංකයක් පවා හඳුන්වා දුන්නේ 1997 කියලා. ෆේස්බුක් සම්බන්ධව අදාළ පොලිසිවල බුද්ධි අංශ සහ විමර්ශන නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විශේෂ අවධානයක් යොමු කරනවා නීති විරෝධී ලෙස එකලස් කර තිබෙන වාහන සම්බන්ධයෙන්.

නිසි පරිදි ලියාපදිංචි කර නොමැති හා නීතිවිරෝධී ලෙස එකලස්කරන ලද වාහන වැටලීමට රජය ක්‍රියාකිරීම නිසා සමහර පුද්ගලයන් විසින් අඩු මිලට ඒවා විකිණීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

කබඩ් එකේ ඉබියතුරු කඩලත් නෑ... අස්ථානගත වූ පොත් ගැන පැමිණිල්ලක්.. වාහන ලියාපදිංචි හිස් පොත්වලට මොකද වුණේ...?

කාලයෙක් කාලයට රාජ්‍ය ආයතනවල විවිධ අක්‍රමිකතා ගැන අහන්න ලැබෙනවා.. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක් ගැන ඇසෙන කතාවක්.. 

මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබූ මුද්‍රණය නොකරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 12ක් අස්ථානගත ව ඇතැයි බොරැල්ල පොලිසිය පවසනවා..

මෝටර් වාහන හිස් පොත් 12ක් අස්ථානගත වී ඇති බවට වෙළඳ වාහන පැවරුම් අංශයේ නිලධාරිනියක එම පැමිණිල්ල සිදුකර ඇති අතර, අස්ථානගත වූ පොත්වල අංකයන්ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර පිළිවෙලින් තිබෙන අංක එම පොත්වල සඳහන්ව ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබෙන බවටයි වාර්තා වෙන්නේ..

එසේම එම පොත් කහ පාටින් මුද්‍රණය කළ පොත් බවට වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා..

වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගේ නිල කාමරයේ කබඩ් එකක අලුතින් මුද්‍රණය කරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 1000 ක් තබා තිබී ඇති අතර ඒ අතරින් මෙම පොත් අස්ථානගතව ඇතත් කබඩ් එකේ ඉබියතුරු කඩා නැතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා..

එම කාමරයට ප්‍රවිෂ්ට වන දොර දර්ශනය වන ආකාරයෙන් සීසීටීවි කැමරාද ක්‍රියාත්මක වන බැවින් ඒ ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, එකි පැමිණිල්ල අනුව වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.. 

දෙවියනේ...පොලිසියෙත් එහෙම වෙනවද? අලුත් පීසීලා 3න් දෙනෙක්ව නිරුවත් කර අමුතු විදිහේ රැග් එකක් දුන් කොස්තාපල්ට වැඩ වරදී!

ආධුනික පොලිස් නිලධාරීන් තිදෙනකු නිරුවත් කර නවක වධය දුන් බව කියන තිස්සමහාරාම පොලිසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.


තිස්සමහාරාම පොලිසියේ තනිකඩ නිල නිවාසයේ දී මෙම නවක වධය ලබාදී ඇති බව පරීක්‍ෂවලදී අනාවරණය වී ඇත.

චෝදනා කිහිපයක් මත සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සිද්ධියට මුහුණ පෑ ආධුනික කොස්තාපල්වරුන් තිදෙනා ප්‍රකාශ කර ඇත්තේ සැකකාර කොස්තාපල්වරයා සිය විරෝධය නොතකා තමන් නවක වධයට ලක්කළ බවයි.

ආදරය කවදාවත් පරණ වෙන්නේ නෑ.. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩවසම් ක්‍රීඩක ධනංජයගේ විවාහයේ නොදුටු දසුන් මෙන්න (PHOTOS)

ඔහු අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර අතිශ්‍යය ජනප්‍රිය තරුවක්.. මොහුගේ ඇති කඩවසම් බව නිසාම කාගේත් අවදානය දිනාගත් ක්‍රීඩකයෙක් විදිහටත් ධනංජය හඳුන්වාදෙන්න පුළුවන්.. 

පිතිහරඹයට දස්කම් දක්වන කවුරුත් ආදරය කරන මේ සුපිරි ක්‍රිකට් තරුව ඊයේ යුගදිවියට එළඹුනා..

ඔහුගේ අත ගන්න වාසනාවන්ත වුණේ සුමුදු..  මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. ගොඩක් දෙනෙක් ආදරය කරන ධනංජය ලක්ෂාන්ගේ විවහ මංගල්‍යයයේ ඔබ නොදුටු දසුන් මෙන්න..

තමන් ආරක්ෂා කරගනිමින් ගමනක් යන ශෙහාන්.. හැමෝම කතාවෙන ශේහාන් ගේ ෆොටෝ එක (PHOTOS)

ශෙහාන් මිහිරංග කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය ගායකයෙක්. 

ඔහුට මීට වසර ගණනාවකට පෙර තිබු ජනතා ආදරය වැඩි වුණද අඩුවෙලා නම් නැහැ. එලෙස ජන ආදරය පවත්වා ගන්නට හැකියාව පවතින්නේ සීමිත පිරිසකට පමණයි. 

 එලෙස ආදරය දිනා ගත්ත ශෙහාන් ට මිනිස්සු ආදරේ කරන්නේ ඇයි ?

ඔන්න මේ වන විට නැවතත් ඔහුට ආදරය කරන අය අතර කතා බහට ලක්වෙන්න ශෙහාන් සමත් වෙලා. ඒ ඔහු තරුණියක් එක්ක ගත්ත ජායාරූපයකදි ඔහු එම ජායාරූපයට පෙනී සිටින ආකාරය නිසා.  

කෑගල්ලේ කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි ඇඳේ ම ඝාතනය කරලා!

කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි ඇඳේදී ම අත් ගැට ගසා ඇඳ සිටි සරම ගලවා ගෙල සිර කර ඝාතනය කොට තිබියදී ඊයේ (ඔක්. 28) පෙරවරුවේ සොයා ගත් බව කෑගල්ල පොලිසිය පැවසීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කෑගල්ල, හෙට්ටිමුල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ පදිංචිව සිටි  ක්‍රිෂාන්ත පුලස්ති මාරපන නමැති 75 හැවිරිදි දෙදරු පියෙකි.

ඝාතනයට ලක්ව ඇති දෙදරු පියා එකොළොස් දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් සහෝදරයා බව ත් ඔහුගේ එක ම පිරිමි දරුවා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව ත් එක ම දියණිය කලකට ඉහතදී මිය ගොස් ඇති බව ත් පොලිසිය පැවසීය.

ඝාතනයට ලක්ව ඇති ඔහු කෑගල්ල හෙට්ටිමුල්ල, බණ්ඩාරනායක විද්‍යාලය, කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලබා ඇති බව ත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස වැටුපක් නොගෙන සේවය කර ඇති බව ත් පොලිසිය පැවසීය.

ඝාතනයට ලක්ව ඇති මෙම පුද්ගලයා එක්තැන්ව සිටින වයෝවෘද්ධ බිරිය සමග නිවසේ පදිංචිව සිට ඇති බව ත් අසල්වැසියෙකු වන මහගම ආරච්චිගේ තිලකරත්න නමැත්තෙකු කලක සිට නිවසේ රාජකාරි කටයුතු මෙන් ම මුර කටයුතු ද සිදු කරමින් සිට ඇති බව ත් පොලිසිය පැවසීය.

ඔහු දින කිහිපයකට ඉහතදී වලව්වේ කුඹුරුවලට බිත්තර වී රැගෙන ඒමට පොළොන්නරුව ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය පැවසීය.

ඊයේ පෙරවරු 7:30ට පමණ ආණමඩුව ප්‍රදේශයේ ලොරි රථයක් වී මිලට ගැනීමට කෙම්පිටිය වලව්වට පැමිණීම නිසා පෙරවරු 8ට පමණ නිවසේ රාජකාරි කටයුතු කරන මුරකරුගේ පිරිමි දරුවා ද වලව්වට පැමිණ වයෝවෘද්ධ යුවළට කතා කොට තිබේ.

ශබ්දයක් නොමැති තැන ඇර දමා තිබුණු වලව්වේ ප්‍රධාන ‍ෙදාරටුවෙන් ඇතුළතට ගොස් බලන අවස්ථාවේදී එක් ඇඳක ගෙහිමියාගේ කටේ ප්ලාස්ටර් ගසා අත් දෙක බැඳ ඇඳ සිටි සරම ගලවා ගෙල සිර කර ඇති අයුරු දැක තිබේ.

එක්තැන්ව සිටි ගෙහිමි කාන්තාවට පහර දී ඇය බිමට වැටී සිටින අයුරු දැක ඝාතනයට ලක්ව ඇති දෙදරු පියාගේ සහෝදර සහෝදරියන්ට දන්වා ඔවුන් විසින් කෑගල්ල මූලස්ථාන පොලිසියට දන්වා තිබුණු බව පොලිසිය පැවසීය.

පසුව පොලිස් කණ්ඩායමක් නිවසට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කිරීමේදී අනාවරණය වී ඇත්තේ, යම් පිරිසක් හෝ පුද්ගලයෙක් නිවසට පැමිණ විදුලි මීටරය විසන්ධි කර නිවසට රිංගා නිවස ඇතුළත බඩු මුට්ටු පෙරළා දේපොළ සොයා ඇති බව පොලිසිය පැවසීය.

පසුව වයෝවෘද්ධ යුවළ සිටි කාමරයට ගොස් ගෙහිමියාගේ අත් දෙක ගැට ගසා කටට ප්ලාස්ටර් ගසා ඇඳ සිටි සරම ගලවා ගෙල සිර කර ඝාතනය කොට ඇති බව ත් එක්තැන්ව සිටි වයෝවෘද්ධ කාන්තාවගේ කටට ප්ලාස්ටර් ගසා පහර දී කාමරයේ දමා නිවසේ සවි කර තිබුණු සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ රෙකෝඩරයත් රැගෙන නිවසේ පිටත තිබුණු මෝටර් රථය රැගෙන පළා ගොස් ඇති බව ත් පොලිසිය පැවසීය.

නිවසේ එක්තැන්ව සිටි වයෝවෘද්ධ කාන්තාව පසුව ඥාතීන් විසින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සිදු කෙරිණි.

මෝටර් රථය කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ පිංදෙණිය පොලිස් වසමේ දමා ගොස් තිබියදී පිංදෙණිය පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන තිබුණු බව කෑගල්ල පොලිසිය පැවසීය.

පසුව කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර මහතා සහ අධිකරණ වෛද්‍ය නිලධාරිනී නිරංජලා කුලතුංග මහත්මිය ද අදාළ නිවසට ගොස් දේහය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද සිදු කෙරිණි.

ඝාතනය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් මැල්කම් මචාඩෝ අදාළ නිවසට ගොස් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේ ය.

දේහය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර මහතා වෙත භාර දී පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණි.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ, පොලිස් අධිකාරි චන්දන කන්දේවත්ත නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර රණසිංහ, උප පොලිස් පරීක්ෂක ලාල් ප්‍රියන්ත, පොලිස් සැරයන්වරුන් වන මාරසිංහ (48683), පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (78617), නවරත්න (79840), චානක (90427) කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ, පොලිස් සැරයන් වසන්ත (34165) ඇතුළු නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කළහ.

චමින්ද ජයලත් – දමුණුපොළ

බිරිඳ ඉදිරියේ 27 හැවිරිදි කපුවාගේ යකා එළියට පැනලා... බිරිඳ කැලෑ පැනලා!

තම තරුණ බිරිඳට අතින් පයින් අමානුෂික ලෙස පහරදී නිවසේ තිබූ ගෘහ භාණ්ඩ පොළොවේ ගසා විනාශ කළ සැමියකු අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිතලේ යාය දෙක ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන විසිහත් හැවිරිදි කපුවකු බවද පොලිසිය කියයි.

ලද දුරකථන ඇමතුමක් මත පොලිසිය එම ස්ථානයට යන විට පහර කෑ තරුණ බිරිඳ කැලෑ පැන සැඟවී සිට ඇති අතර ඇගේ සැමියා නිවසේ සිට ඇත.

සැකකරු හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.

මින්නේරිය පොලිස් ස්ථානාධිපති සචී දුමින්ද ප්‍රනාන්දු මහතාගේ මඟපෙන්වීම මත සැරයන් විජේකෝන් (36983) සහ සැරයන් දිනේෂ් (69602) යන මහත්වරුන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

දෛවෝපගත ලෙසින් ඇය ඒ රෝහලේදීම අවසන් ගමන් ගිහින්... සියල්ලන් හඬවමින් නික්මගිය විදුහල්පතිනියක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න

ඇය මේ වගේ ඉරණමකින් අවසන් ගමන් යයි කියලා නම් කවුරුත් හිතන්න නැතුව ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අනුවේදනීය කතාවයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අන්තර් හුවමාරුව ආසන්නයේ දී ඊයේ පස්වරුවේ සිදු වූ මාරාන්තික රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා..

අනතුරට ලක්ව ඇත්තේ, මත්තල දෙස සිට කරාපිටිය රෝහල වෙත ගමන් කරමින් තිබූ මෝටර් රථයක්..

රියදුරාට පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීයෑමෙන් සිදුව ඇති මෙම අනතුරින් මෝටර් රථයේ පැමිණි දෙදෙනෙකු මාර්ගයේ පැමිණි ගිලන්රථයකින් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ..

රෝහල්ගත කිරීමෙන් පසුව කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

ජීවිතක්ෂයට පත් වූ කාන්තාව විදුහල්පතිවරියක් බවද සඳහන්..

දහස් ගණනක් පිරිමි සහ ගැහැණු පාලමක් උඩ නිරුවත් වෙති! (VIDEO)

රූගත කිරීමකට සහභාගීවීම සඳහා දහස් ගණනක් පිරිමින් සහ කාන්තාවන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බ්‍රිස්බේන් ගංගාව හරහා ඉදිකර ඇති සුප්‍රකට Story Bridge පාලම මත නිරුවතින් සිට තිබේ.

විදෙස් ජනමාධ්‍ය පැවසුවේ ඔවුන් සියලුදෙනා ඡායාරූප සඳහා විවිධ ඉරියව් අනුව එක ලෙස පෙනීසිටි බවයි.

නිව් යෝර්ක් චිත්‍ර ශිල්පී ස්පෙන්සර් ටියුනික් විසින් මෙම අපූරු දර්ශනය සංවිධානය කර තිබූ අතර එම කාන්තාවන් හා පිරිමින් සියලුදෙනා පාලම මත නිරුවතින් පෙනීසිටිමින් ඇවිද යන අයුරු දැක්වෙන වීඩියෝ ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අවස්ථාව සමලිංගික සංස්කෘතිය සමරන Melt උත්සවයේ කොටසක් ලෙස පවත්වා ඇති බව ද විදෙස් ජනමාධ්‍ය පවසයි.

ඡායාරූපකරණය අවසන් වන තෙක් පාලම මගීන් සඳහා වසා තැබුණු බව ද සඳහන් වේ.

ඡායාරූප මගින් පාලම නිරුවත් පුද්ගලයින්ගෙන් වලින් පිරී තිබෙන අයුරු ද දිස්වේ.

බොරු ගණන්වලට රැවටෙන්න එපා – ලංකාවේ වාහනවල ඇත්ත මිල ගණන් AMW හෙළිකරයි

මෙරට වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීම අපේක්ෂිත පසුබිමක, ආනයනය කරනු ලබන නව වාහන සඳහා අසත්‍ය මිල ගණන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා පුවත් රාශියක් මේ වන විට සංසරණය වෙමින් පවතියි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශිෂ්ට සන්නාමයක් මෙන්ම Suzuki ඇතුළු අනෙකුත් ප්‍රමුඛ පෙළේ මෝටර් රථ සන්නාම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම, මෙලෙස සංසරණය වන ව්‍යාජ තොරතුරු පිළිබඳව සිය අවධානය යොමු කර ඇත.

AMW සමාගම නව වාහනවල මිල ගණන් ගණනය කිරීම සඳහා වෙළඳපල මිලෙහි වෙනස් වීම් සමීපව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව මෙම වාහන මිල ගණන් ආනයන බදු, අනෙකුත් බදු, විනිමය අනුපාත, ප්‍රවාහන සහ විවිධ සේවා ගාස්තු වැනි සාධක මත පදනම් වේ. අවාසනාවකට මෙන්, මේ වන විට සමාජ මාධ්‍යවල මෙම ව්‍යාජ මිල ගණන් සංසරණය කිරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ පාවිච්චි කරන ලද වාහන සඳහා පවතින වෙළඳපොල අගය පහත හෙලීමයි. මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනු ලබන්නේ ‘ලියාපදිංචි මෝටර් රථ අලෙවි මාෆියාව’ ලෙසින් හඳුන්වන පුද්ගලයන් විසින් බව අපගේ විශ්වාසයයි. මෙම පාර්ශවයන් ලියාපදිංචි වාහනවල වටිනාකම ව්‍යාජව පහත හෙළීමට උත්සාහ දරමින් සිටියි.

AMW සමාගමෙහි අධ්‍යක්ෂ විරාන් ද සොයිසා අදහස් දක්වමින්, “මෙලෙස අසත්‍ය තොරතුරු සංසරණය වීම ඉහළ යාම පිළිබඳ අප කණගාටුවට පත් වනවා. විශේෂයෙන්ම මෙරට වාහන ආනයනය කිරීමට අවකාශය ඇති පසුබිමක, මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්හි ගොදුරක් බවට පත් නොවී සිටීමට අපගේ පාරිභෝගිකයන් වග බලාගත යුතුයි. මෙසේ සංසරණය වන තොරතුරු විශ්වාසදායක හෝ බලයලත් පාර්ශ්වයක් විසින් තහවුරු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

AMW සමාගම විසින් සිදුකළ ගණනයන්ට අනුව පහත සඳහන් වාහන, අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් යටතේ ඉදිරියේදී, සමාගම වෙතින් පමණක් පාරිභෝගිකයන්ට මිලදීගත හැක. ඒ අනුව Suzuki Alto K10 1L, Automatic රු. 6,700,000, Suzuki S-Presso 1L, Automatic රු. 6,900,000, Suzuki Celerio, 1L, Automatic at රු. 7,100,000, Suzuki Fronx, 1L Turbo Automatic රු. 10,750,000 එමෙන්ම Nissan මාදිලියේ වාහන වන Nissan Magnite, 1L, Automatic රු. 7,600,000, Nissan Magnite 1l Turbo, Automatic රු. 8,500,000, Nissan Almera, 1L, Turbo, Automatic රු. 12,600,000 සහ Nissan Urvan (15-seater) රු. 16,100,000 යන මිල ගණන් යටතේ ලබාගත හැකිය.

ඉහත සඳහන් කළ වාහන මාදිලි තෝරාගැනීම සහ ඒවායේ මිල ගණන් කොන්දේසිවලට යටත් බවත්, වාහන ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳව රජය නිල වශයෙන් නිවේදනය කරන තෙක් AMW සමාගමෙන් වාහන වෙන් කරවා ගැනීම සඳහා පාරිභෝගිකයින් රැඳී සිටිය යුතු බවත් සමාගම අවධාරණය කරයි.

සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන මෙම නොමඟ යවන තොරතුරු පිළිබඳව විමසිලිමත්ව සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස AMW සමාගම සියලුම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි. වඩාත් නිවැරදි තොරතුරු පාරිභෝගිකයන්ට ලබාදෙමින් ඔවුන්ව දැනුවත් කිරීමට AMW සමාගම කැප වී සිටියි. සිය සමාගම සහ අනෙකුත් බලයලත් බෙදාහරින්නන් විසින් සත්‍ය බවට තහවුරු කරන ලද තොරතුරු මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තැබීමේ වැදගත්කම AMW සමාගම පවසන අතර, අපේක්ෂිත වාහන මිල ගණන් හා සසදා වාහන මිලදී ගැනීමේදී මෙය ඉතා වැදගත් වෙයි.

තවද, ඩිජිටල් මාධ්‍යයන්හි අසත්‍ය තොරතුරු මෙලෙස සිතාමතා පැතිරවීමට එරෙහිව බරපතල නීතිමය පියවර ගත හැකි බව අවබෝධ කරගැනීම ඉතා වැදගත් බව සමාගම පවසයි. මෙරට නීතියට අනුව, මහජනතාව රැවටීමේ චේතනාවෙන් ව්‍යාජ තොරතුරු හුවමාරු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වෙයි. සමාජ මාධ්‍යවල මෙලෙස තහවුරු නොකළ තොරතුරු බෙදාගැනීමේදී වගකීමෙන් ක්‍රියා කරන ලෙස AMW සමාගම සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි. සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබඳව සැකයක් ඇත්නම්, බලයලත් බෙදාහරින්නන් වැනි විශ්වාසදායක මූලාශ්‍ර මඟින් ඒවා තහවුරු කර ගන්නා ලෙස සමාගම මහජනයාගෙන් ඉල්ලා සිටියි.

"සුමුදු කම්මුල් පිරිමදින දින සිහින දිලි දිලි..." - කුළුඳුලේම අත්විඳින ජීවිතේ සුන්දරම අත්දැකීම ගැන ඒ දෙන්නා කියූ කතාව මෙන්න

මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර කියන්නේ අද වෙනකොට බොහෝ දෙනෙක් ආදරේ කරන චරිත ද්විත්වක්.

පසුගිය දවස්වල මේ දෙන්න ගැන ගොඩක් කතාබහට ලක් වුනේ කසුන්ගේ අලුත්ම කෙටිකතා පොත හින්ද කිව්වොත් හරි.

සීනි මුරක්කු අති සාර්ථක අලවියෙන් පස්සේ, අද ආයෙත් ඒ දෙන්න සුපුරුදු ජීවිතයත් එක්ක කාර්යබහුල වෙලා.

කලා කටයුතුවලට අමතරව මේ දවස්වල ගොඩක් වේදෙන්න කාර්යබහුල වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ චූටි පුතා නිසා.

ඉතින් ඔන්න අලුතෙන් ඒ දෙන්නගෙ ළඟට එන මේ පුංචි මැණික පිළිගන්න මාධවී වගේම කසුනොත් ලහි ලහියේ සූදානම් වෙනවා.

මේ ඒ අතරතුර කසුන්ට ලියවෙච්ච තවත් ලස්සන පද කිහිපයක්.

සුමුදු කම්මුල් පිරිමදින දින සිහින දිලි දිලි
සිනිඳු පා පොඩි සිපගන්නතුරු නෙතේ ඉවසිලි
නිරිඳුවන් සඳ නුඹ වඩින ලොව මවමි සැරසිලි
එකදු සුවයක් අනේ වෙන නැත පුතේ සැනසිලි !

ඇගේ ලස්සන නම් කියාගන්න බැරි තරම්... සඳනි හදිස්සියේම ලන්ඩන් නුවර තනිවෙයි (PHOTOS)

ඇය ඇත්තටම සුන්දර යුවතියක්.. සඳනි ප්‍රනාන්දු කියන්නකොට කවුද ඉතින් ඇයව නොදන්නේ..

කියාගන්න බැරි තරම් ලස්සන මේ සොඳුරු රුවැත්තිය ඔන්න හදිස්සියේම ලන්ඩන් නුවර තනි වෙලා.. ඒ විතරක් නෙවෙයි, කොහේ ගියත් වෙනස් වෙනස් අත්දැකීම්වලට කැමැත්තක් දක්වන ඇය , මේ කරලා තියෙන්නේත් ටිකක් වෙනස් වැඩක්..

ෆොටෝ ෂූට් කියන්නේ සඳනිට අලුත් දෙයක් නොවුනත් ටිකක් වෙනස් විදිහේ වැඩක් එක්ක තමයි ඇය මේ එකතු වෙලා ඉන්නේ.. ප්‍රසාද් ප්‍රනාන්දුගේ කැමරා කාචයට හසුවුනු මේ ඇගේ වෙනස් ඡායාරූප පෙළ දැකගන්න ඔබත් කැමති වේවි..

මෙන්න බලන්නකෝ, සඳනිගේ ලස්සන.. 

‍රංගනය නිසා කා අතරත් ජනප්‍රිය නදීෂාට එදා ගොඩක් විශේෂ දවසක්... මෙන්න බලන්නකෝ ඇගේ සතුට.. ඇගේ සතුටට හේතුව ඔහුද..?

තවමත් එක වගේ සුරූපී මේ තාරකාව කාගේත් මතකයෙන් නොමැකෙන චරිතයක්..

ඒ විතරක් නෙවෙයි, ඇය බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත සුරූපී කාන්තාවක්...

රංගනය නිසාම බොහෝ දෙනෙක් අතර  ජනප්‍රිය වුණ නදීෂා හේමමාලිට පසුගියදා විශේෂ දවසක් වුණා.

ඇය ගොඩක් ආදරය කරන නිතරම ඇයත් එක්ක දුක සැප බෙදාගන්න දිනේෂ්ගේ උපන්දිනය යෙදි තිබීම ඊට හේතුවයි..

මෙන්න බලන්නකෝ ඔහු වගේම ඒ පවුලේ සමීපතමයින් එක්ක නදීෂා ඔහුගේ උපන්දිනය සමරලා තිබුණ අපූරුව.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka