gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝකයම කළඹමින් පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ ඡායාරූප නිකුත් කරයි (PHOTOS)

2023 වසරේ ජූනි (18) වැනි දින ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට අත්ලාන්තික් සාගරයේ ගැඹුරු මුහුදේ මෙහෙයුමක යෙදී සිටින විට හදිසියේම පුපුරා ගිය “ටයිටන්” සබ්මැරීනයේ ඡායාරූප සහ වීඩියෝ එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් නිකුත් කර ඇත.

ගැඹුරු මුහුදේ මෙහෙයුමක යෙදී සිටින විට හදිසියේම පුපුරා ගිය “ටයිටන්” සබ්මැරීනය සොයා දුරස්ථව ක්‍රියාත්මක වන උපකරණයකින් ලබාගත් ඡායාරූප මාධ්‍ය හමුවක් පවත්වමින් එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් එලෙස නිකුත් කර ඇත.

එම වීඩියෝ මඟින් එහි ගමන් ගත් සාමාජිකයින් පස් දෙනාගේම මරණය පිළිබඳ අවසාන සාක්ෂිය ලබාදෙන බවත් පුපුරාගිය “ටයිටන්” සබ්මැරීනයේ අන්තර්ගතය මුහුදු පත්ල හරහා මීටර් 3,776 (අඩි 12,000) ගැඹුරට විසිරී ඇති බව වෙරළාරක්ෂක බලකාය සදහන් කරයි.

මෙම සබ්මැරීනයේ සිට ජීවිතක්ෂයට පත්වූයේ, බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති ගවේෂකයෙකු වන හේමිෂ් හාඩින්ග්, පකිස්ථාන ව්‍යාපාරිකයෙකු සහ කෝටිපතියෙක් වන ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලෙයිමාන්, සාගර විද්‍යාඥ හා ගවේෂක පෝල්-ඕන්රි නාජලෙට්, ඕෂන්ගේට් ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka