gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙට රාත්‍රියේ නිවසින් එළියට එන්න එපා... ආවොත් අත්අඩංගුවට!

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව සහ ඡන්දය ගණනයකිරීම් සිදුවන අවස්ථාවේ කිසිම හේතුවක් නිසා තම නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහාමාර්ගයේ රැඳී නොසිටින ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළේ,

“ඡන්ද විමසීම් දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව හා ඡන්දය ගණනයකිරීම් සිදුවන අවස්ථාවේ කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහාමාර්ගයේ රැඳී නොසිටින ලෙස ඉල්ලා සිටිනවා.

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටීවී හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසලට මහජනතාව එක්රැස්වෙලා රූපවාහිනී වැඩසටහන් නැරඹීම, ප්‍රතිඵල විකාශනය වන අවස්ථාවේදී කණ්ඩායම් වශයෙන් එක්රැස්වෙලා රතිඤ්ඤා පත්තුකරලා, පාරවල්වල විනෝදවීම, ආලෝකය සහිත බැලූන් ගුවනේ පාකරහැරීම, ඒවා සියල්ල නීතියෙන් තහනම්.

එවැනි එක්රැස්වීම් සියල්ල අයුතු ජනරාශිය වරදට ගැනෙනවා. ඒවා ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා”.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka