gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රමාද විය හැකියි.. රටේම ජනතාවට විශේෂ දැනුම්දීමක්!

ඡන්දපොළක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුණොත් එම ඡන්දපොළේ ස්ථානාධිපතිවරයා නිකුත් කරන වාර්තාව අනුව එහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කරයි.

එලෙස ඡන්දය ශූන්‍ය කිරීම නිසා රටේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත්, නැවත අදාළ කොටසේ ඡන්ද විමසීමක් පවත්වන බවත් ඒ වනතෙක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවද සදහන් කරයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තවදුරටත් සදහන් කළේ,

“ඡන්දපොළක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුණොත් ඒ ඡන්දපොළෙහි ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව එහි ඡන්දය ශූන්‍ය කිරීමට අවශ්‍ය වුවහොත් ඒක ශූන්‍ය කරන්න මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනවා.

එම ශූන්‍ය කිරීම සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපානාවා නම්, නැවත ඡන්ද විමසීමක් පවත්වලා ඒ ඡන්දපොළවත්වල ඡන්දය පවත්වා අවසන්වන තුරු සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

එනිසා ඡන්දපොළවල් අතර ගැවසීමෙන්, ප්‍රචණ්ඩ ක්‍රියාවල නිතරවීමෙන්, ඡන්ද විමසීම කඩාකප්පල් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා ඇති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින් තබා තිබෙනවා.”

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka