gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතා භයානක නව කොවිඩි ප්‍රභේදයක් පැතිරෙයි... අනතුරු අඟවයි!

මේ වනවිට “XEC” නම් දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් එම ප්‍රභේදය ඉතා ඉක්මණින් ප්‍රධාන ප්‍රභේදයක් විය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවයි.

“XEC” ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් පැවත එන්නක් බවත් නව විකෘති කිහිපයක් එම ප්‍රභේදය සතුව පවතින බවත් එම ප්‍රභේදය වැළඳුනහොත් එය උත්සන්න වීමේ අවස්ථාව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් පුද්ගලයන්ට අවම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව “XEC” ප්‍රභේදය ප්‍රථම වරට පසුගිය ජූනි මාසයේදී ජර්මනියෙන් හඳුනාගෙන ඇති අතර එතැන් සිට එක්සත් රාජධානිය, ඇමෙරිකාව සහ ඩෙන්මාර්කය ඇතුළු රටවල් කිහිපයකින් ආසාදනය වූ කොවිඩ් රෝගීන් හඳුනාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් මේ වනවිට සාම්පල 500 ක් එකතු කර ඇති බවත් එම සාම්පලවල “XEC” ප්‍රභේදය තිබෙන ‌බවට තහවුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka