gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

54 දෙදරු මව දාහතරේ පිරිමි දරුවාව දර කඩන්න රැගෙන ගොස් අපයෝජනය කරලා!

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඉලන්තිඅඩිය, කසකැලේ ප්‍රදේශයේදී මීට දින කිහිපයකට පෙර වයස අවුරුදු 14 හැවිරිදි පිරිමි දරුවකු  බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ සැකකාර කාන්තාවක මේ මස 26 වැනි දින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත  කරන ලෙස පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ කල්පිටිය, කන්දකුලිය පදිංචි 54 හැවිරිදි දෙදරු මවක් බවත්, ඇය මීට දින කිහිපයකට වින්දිත පිරිමි දරුවා කැටුව කසකැලේ ප්‍රදේශයේ දර සෙවීම සඳහා ගොස්, එහිදී  පිරිමි දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර පසුව, ඇගේ නිවෙසටද දරුවාව රැගෙන ගොස් කිහිප වතාවක්ම අපයෝජනයට ලක්කර ඇති බවට දරුවාගේ මව විසින් කල්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දරුවා මේ වන විට පුත්තලම මූලික රෝහලට ඇතුළත්  කර විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතව තිබිණි.

සැකකාර කාන්තාව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස  26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබිණි.

කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඊ.ඩබ්ලිව්.එස්.  එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මිල්රෝයි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වන්නියාරච්චි ඇතුළු නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබිණි.

පුත්තලම – කේ. ප්‍රියංකර කළුපහන
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka