ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් ඊයේ (20) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් නැවත සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කළේය.
එහිදී කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරන ලෙසයි.
මේ වනවිට ඝාතනයට සම්බන්ධ වූ 11 දෙනෙකු අත්අඩංගුවේ පසුවන අතර එම සැකකරුවන් හට ජීවිත තර්ජන ඇති බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළ බව සඳහන්.
අතුරුගිරිය පොලීසිය ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කළ අතර එහිදී අදාළ වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් අනාවරණය කරගත් කරුණු රැසක්ද ඉදිරිපත් කළේය.
ක්ලබ් වසන්තගේ සහ ඝාතනයට ලක් වූ අනෙක් පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය වෙත ලැබී තිබූ අතර ඒ පිළිබඳව වැඩිදුර විභාගය සැප්තැම්බර් 2 වනදා සිදු කිරීමට නියමිතයි.