පාසලේ 8 සහ 9 වසරවල සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජන සිදුකළ කතරගම ප්‍රදේශයේ පාසැලක විදුහල්පතිවරයෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අදාල සිසුන් දෙදෙනා ක්‍රීඩා කටයුතු වලට පාසැලට පැමිණී විට ආහාර ගැනිමට වෙන්කර ඇති කාමරය තුලදී මෙම ලිංගික අපයෝජනය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පොලීසිය සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී සිසුන් පවසා ඇත්තේ ඒ අතරින් එක් සිසුවෙකුට 2021 වසරේ සිටත් අනෙක් සිසුවාට 2023 වසරේ සිටත් විදුහල්පති වරයා ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවයි.
සැකකාර විදුහල්පතිවරයා 49 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.